23/05/2026
යුක්තිය වෙනුවෙන් තනිවම සටන් කරන කොන්ද පණ ඇති නිලධාරිනියකට මඩ ප්‍රහාර! 🚨😡
අනුරාධපුර අටමස්තානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ බාලවයස්කාර දැරියකගේ අපයෝජන නඩුවේදී, කිසිම බලපෑමකට යටත් නොවී ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරපු අධ්‍යක්ෂ (නීතිය බලාත්මක කිරීම) නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මියව ඉලක්ක කරගෙන දැන් දරුණු මඩ ප්‍රහාර මාලාවක් දියත් කරලා තියෙනවා.
ඇත්තම කතාව මේකයි, මුල ඉඳලම සැකකරුව බේරගන්න ලෙඩ ඇඳන් මවලා, DNA සහ දුරකථන වාර්තා මඟහැරලා, ඇප ගන්න පාර කපලා දුන්නේ ඉහළ බලධාරීන්ගේ මැදිහත්වීමෙන්.
නීතියේ සමානත්වය ගැන කියවන වත්මන් NPP ආණ්ඩුවවත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂවත් මේ වෙනුවෙන් කටයුතු නොකර, ආගමික සහ ධන බලය ඉදිරියේ නිහඬ වෙලා ඉන්නවා.
මේ හැමදේම අස්සේ අසරණ වින්දිත දැරිය වෙනුවෙන්, තමන්ට එන තර්ජන නොතකා අධිකරණයේ කෙලින්ම පෙනී සිටියේ මේ ධෛර්යවන්ත නිලධාරිනිය විතරයි. ඇයව මේ නඩුවෙන් ඉවත් කරන්නයි මේ මඩ ගහන්නේ.
රටේ මහජනතාවට කරන කාරුණික ඉල්ලීම තමයි,
ලේ පැල්ලම් සහිත ඇඳුම් වැළලෙන, සාක්ෂි විකිණෙන මෙවැනි දූෂිත පද්ධතියක් ඇතුළේ දරුවන් වෙනුවෙන් නැගී සිටින මෙන්න මෙහෙම නිලධාරීන්ව රැකගැනීම සමස්ත සමාජයේම වගකීමක්!
සංජීවනී අබේකෝන් මහත්මියනි, ඔබ අධෛර්යමත් වෙන්න එපා. යුක්තිය අගයන මේ රටේ සුවහසක් ජනතාව ඔබත් එක්ක ඉන්නවා! 💪🇱🇰