04/04/2025
පොහොසත් රටක් හදනවානම් අලි ඇත්තු ටික බේරගන්න වෙයි.!
අලි මිනිස් ගැටුම ගැන අතීතයේ ඉදලා වර්තමානය වෙනකල් විසඳුම් හොයලා තියෙනවා, කතා කරලා තියෙනවා, පැවති රජයන් සියල්ලම පාහේ මේ ප්‍රශ්නයට විසඳුම් හොයල තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නයට තවමත් හරි පිළිතුරක් නැති නෑ. ලංකාවට ඉතිරි වෙලා හිටපු අවසන් සද්දන්තයන් ටිකත් දවසින් දවස මියැදෙනවා මේ ප්‍රශ්නය නිසා. ඉතින් කොහොමද මේක විසදන්නේ ? වනජීවී දෙපාර්තමේන්තුවට විතරක් පුලුවන්ද අලි මිනිස් ගැටුම නවත්වන්න ? අපි මුලින්ම කරන්න ඕනි දෙයක් තියෙනවා.. ඒ තමයි අලි ඇතුන් වෙසෙන ප්‍රදේශවල ජිවත් වන ප්‍රජාවගේ ආකල්ප වෙනස් කිරීමක් අත්‍යාවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ මිනිස්සුත් අලියන්ට ආදරේ කරන දවසක් එනතුරු මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න අමාරු වෙයි.
කොහොම ආදරේ කරන්නද මේ ප්‍රජාවට මෙච්චර කරදර තියෙද්දී අලියන්ගෙන් ! අන්න ඒ කොටස තමයි මෙතන වැදගත්ම කොටස. ලංකාවේ සංචාරක කර්මාන්තය දැන් දිනෙන් දින ඉහල යන අවදියක අපි ඉන්නේ. විදේශික හා දේශීය සංචාරකයින් අලි බලන්න ඉතාම කැමැත්තක් දක්වනවා. සමහර විදේශිකයන් එනවා එයාල ජිවිතේ දකින පළවෙනි අලියා දකින්නේ ලංකාවේදී.. අලි බලන්නම විතරක් එන සංචාරකයොත් ඉන්නවා. ඉතින් අපි මේ කියන්නෙත් ලංකාවේ සංචාරක කර්මාන්තයයි අලි බැලිල්ලයි එකතු කරන්න ඕනි සහජීවන මොඩ්ල් එකක් ගැන.
ගමේ ඉන්න අහිංසක ගොවියට සංචාරක කර්මාන්තය නිසා අතට මුදලක් ලැබෙන විදිහක් ගැන. එය "Ecosystem Service Payment" කියලා හඳුන්වන්න පුළුවන්. හැමදාම අලියා ඇවිත් කුඹුර කාලා ගියා කියල කියන දේ වෙනුවට අලි නිසා ගමේ මිනිස්සුන්ට ආර්ථික වාසියක් ලැබෙන ක්‍රමයක් ගැන. අපි මේ ගැන කතා කරන්න එකතු කරගත්තේ ආචාර්ය සුමිත් පිලපිටිය මහතා. එතුමා හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙක් සහ මේ වනවිට ලෝක බැංකුවේ වනජීවී සංරක්ෂණය පළිබඳ උපදේශන මණ්ඩලයත් නියෝජනය කරනවා. wildskope අපි ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සමඟ කරපු වැඩසටහන තමයි මේ. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් අපිට ලියන්න..
ඉතින් අපි මේ රජයටත් යෝජනා කරනවා මේ ක්‍රමය දෙස අවදානය දක්වන ලෙස, අපි හැමදාමත් කැඩුණු අලි වැට අලුත් වැඩියා කර කර හිටියා මිසක් එතනින් එහාට හිතලා තිබුනේ නෑ... හැබැයි දැන් තමයි වෙලාව මේක ක්‍රියාත්මක කරනවානම්.. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වැදගත් කරණු සහිතව ආචාර්ය සුමිත් මහතා ඉදිරිපත් කරන්නේ.. වෙලාවක් තිබුනොත් බලන්න.. ලංකාවේ අවසන් අලි ඇත්තු ටික අපි ඔක්කොම එකතු වෙලා රැකගමු..
අපේ රටේ වනජීවී සම්පත වෙනුවෙන් Wild Skope අපි.
අලි වැටෙන් එහා | Beyond The Fenceඅලි මිනිස් ගැටුම ගැන වෙනම කෝණයකින් බලමුද ? Elephant - Human conflict in Sri Lanka is a pressing issue that impacts both loca...