SriSaki FM

SriSaki FM Subhuthi School Media Unit

සුභූතියෙන් වටිනා ආදර්ශයක් !සාමාන්‍ය පෙළ අවසන් දිනයේ අද සුභූති ජාතික පාසලේ අපේ දරුවන් ගේ හැසිරීම පිළිබදව මා අප්‍රමාණ ලෙස ...
26/03/2025

සුභූතියෙන් වටිනා ආදර්ශයක් !

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ අද සුභූති ජාතික පාසලේ අපේ දරුවන් ගේ හැසිරීම පිළිබදව මා අප්‍රමාණ ලෙස සතුටු වෙමි.
ඔවුන් විභාගය අවසානයේ බුදු මැදුරට දනගසා වැද පන්සිල් සමාදම්
වී ඉතාම විනීත ලෙස සංවර ලෙස ,සතුටින් පාසල් පරිශ්‍රයෙන් නික්ම යන ලදි.

විභාගය අවසන් දිනයේ මතුවන අවිනය වෙනුවට ඔව්න් විසින් ඉතා ශිලාචාර විශිෂ්ට උපසංස්කෘතියක් පාසලට දායද කර ඇත.
මා මගේ අදරණීය දරුවන් වෙනුවෙන් පැතූ වෙනස ඉටුවෙමින් පවති....!
ඒ වෙනුවෙන් මගේ ආදරණීය දූදරුවන්ට
පාසලේ ගෞරවය හා ආදරය පිළිගන්වමි.

මෙම පරිසර නිර්මාණය කිරීමට වෙහෙසුන
විද්‍යාලයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාටද , නියෝජ්‍ය, සහකර විදුහල්පතිරුන්ටද, අංශ ප්‍රංධාන , පංති භාර, හා විෂය ඉගැන්වීම් කල ගුරුභවතුන් සැමටද, දරුවන්ගේ දෙමාපියන්ටද පාසලේ ගෞරවණීය ස්තුතිය හා සුබ පැතුම් පිරිනන්වමි.

මගේ ආදරණීය දූදරුවන්ට විභාගයෙන් විශිෂ්ට ජයක් පතමි!

විදුහල්පති .

🎥සකිTV
#ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය

👉ලබන 17 දා සාමාන්‍ය පෙළ විභාගය⁣ට පෙනී සිටීමට නියමිත දරුවන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් අද දින ගරුතර ස්වාමීන් වහන්සේලාගේ හා...
07/03/2025

👉ලබන 17 දා සාමාන්‍ය පෙළ විභාගය⁣ට පෙනී සිටීමට නියමිත දරුවන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් අද දින ගරුතර ස්වාමීන් වහන්සේලාගේ හා විදුහල්පතිතුමා ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පති තුමියන්ගේ මූලිකත්වයෙන් සුභූති විද්‍යාලයේදී පැවැත්විය.ඔවුන්ට ජීවිතයේ මෙම සුවිශේෂී කඩඉම ජය ගන්නට සුභාශිංසන පිරිනමමු💐

🎥සකිTV
#ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය

අද දින බත්තර මුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ හය ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදුවිය.ඒ සඳහා ආගමික වතාවත් සිදුකිරී...
06/03/2025

අද දින බත්තර මුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ හය ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදුවිය.ඒ සඳහා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ කෙටි උත්සවයක්ද පැවැත්විය

🎥සකිTV
#ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය

අව්ව නුඹ අනුකම්පා විරහිතව මහ පොළව පුච්චද්දි....හිත හයිය ගත හයිය අපේ දරුවන්උඹව සතේකටවත් මායිං නොකර පිට්ටනියට බැස්සා.වැස්ස...
04/03/2025

අව්ව නුඹ අනුකම්පා විරහිතව මහ පොළව පුච්චද්දි....
හිත හයිය ගත හයිය අපේ දරුවන්
උඹව සතේකටවත් මායිං නොකර පිට්ටනියට බැස්සා.
වැස්ස නුඹ අන්තිම මොහොතෙ ඇද වැටුනෙ
කොහොම හරි අපේ දරුවන්ගෙ හීන හෝදලා දාන්න. ඒත් අපේ දරුවන් උඹටත් අභියෝග කලා.... උඹට සිද්ද වුනා වතුර බිංදු අහසට ඇද ගන්න.
සොබා දහම උඹ අපේ ගුරුවරු වට්ටන්න හැදුවා ශාරිරික මානසික පීඩා ලබා දෙමින්...
ඒත් දරුවන්ට අප්‍රමාණ ලෙස ආදරය කරන
අපේ ගුරුවරු ආපහු හරවන්න උඹට බෑ. මේ සියළු බාධක කරදර ඉදිරියේ
අපි කොහොම හරි 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්තුවා.
උළලට ආපු ප්‍රධාන ආරාධිත අමුත්තා
අතිරේක විභාග කොමසාරිස් තිලක් වත්තුහේවා මහත්තයා කල ප්‍රකාශයක්
මගේ හිතට තදින්ම දැනුණා.
" කිසිම පාසලක් දුප්පත් නෑ. දුප්පත්ව වැලපෙන්නෙ අපේ සිතුවිලි පමණයි"

සර්ගෙ ඒ කථාවට වගේම කොච්චර වැඩ තිබුණත් ඒ සේරම පස්සට දාලා ක්‍රිඩා උළෙල අවසන් වන අවසන් තත්පරය දක්වාම අපිත් එක්ක රැදී ඉන්න තරම් නිහතමානි වුන තිලක් සර්ගෙ ඒ මනුස්සකම කවදාවත් අපිට අමතක වෙන්නෙ නෑ.

ඒ වගේම මෙත්සිලා මැඩම් අනුරාධා මැඩම්,
මහ වැස්සෙ හොඳටම තෙමිලා උත්සවයෙ සමාරම්භක අවස්ථාවේ අපිත් එක්ක ඉදලා
හිතට දුන්න හයිය හරිම ආදරණීයි.
ඒ ලෙන්ගතුකම සහෘද බව රාජකාරිටය එහා ගිය එකක්.

ඒ වගේමයි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති තුමා, ආනන්ද සාස්ත්‍රාලයේ විදුහල්පතිතුමිය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය පැමිණ
උත්සවය වර්ණවත් කිරිමට දුන්න හයිය
බොහොම වටිනවා.

අළුතින්ම පෙරදිග තූර්ය වදක කණ්ඩායමක් හදලා කලකට අමතක නොවන පෙර අපරදිග මිශ්‍ර හරි අපූරු තුර්ය වාදක සංදර්ශනයක් ඉදිරිපත් කරන්න මහා වෙහෙසක් ගත්ත කහඳව මිස්, සංඛ සර්, නෙරංජලා මිස් හා ඊට සම්බන්ධ වුන හැම දෙනාමත් ආදරයෙන් සිහිපත් කරනවා.
ඒ වගේම එහි බරපැන දරපු 91/94 ආදි ශිෂ්‍ය
කණ්ඩායමටත් කාෘතවේදීව ස්තුති කරනවා.

අපේ ආදිශිෂ්‍ය සංගමය මේ සඳහා
දැරු දහඩිය හා වත්කම් කොහොම අමතක කරන්නද . ඔබ නොවන්නට උත්සවය මේතරම් ලස්සන වෙන්නෙ නෑ. උත්සවය අවසානයෙ රාත්‍රි අහස විසිතුරු කල මල්වෙඩි සංදර්ශන අපි කාගෙත් වෙහෙස නිවන දර්ශනයක් වුනා.
ස්තුතියි ඒ සියල්ලට හා ඔබ සැමගේ පැමිණීමට!

මේ සියල්ල පිටුපස නිහඬවම ඉඳලා තඹ සතේක ලාභයක් අපේක්ෂා කරන්නැතිව
උපරිමයෙන් දරදිය ඇද්ද නියෝජ්‍ය විදුහල්පති( ක්‍රීඩා ) නදී වික්‍රමරත්න මහත්මිය
ක්‍රිඩා පරිපාලක විජිතා තලගල මහත්මිය ඇතුළු සමස්ත ඇදුරු මඩුල්ලට හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සැමට කෘතවේදී ප්‍රණාමය
පුද කරනවා.
උදව්කල සැමට ස්තුතියි !

චතුර වේලාරත්න
විදුහල්පති
සුභුති ජාතික පාසල - බත්තරමුල්ල

🎥සකිTV
#ශ්‍රී සුභූති මාධ්‍යජාලය

👉බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් "ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය" නිමිත්තෙන් සංවිධානය කර...
25/02/2025

👉බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් "ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය" නිමිත්තෙන් සංවිධානය කරන ලද ජාත්‍යන්තර "නිර්මාණාත්මක කෙටි චිත්‍රපට" තරගයේ
සමස්ත ලංකා මට්ටමේ
"තෙවන ස්ථානය" දිනා ගත්
ශ්‍රී සුභූති ජාතික පාසලේ
"LANGUAGE OF LOVE' කෙටි චිත්‍රපටයේ
රචනය අධ්‍යක්ෂණය රංගනය සහ
විවිධ පසුබිම් කාර්යයන් වෙනුවෙන් කැපවූ
සුභූති ගුරුබවතුන් වෙනුවෙන්
මෙසේ පාසලේ කෘතවේදීත්වය පිරිනැමුණු වගයි..

🎥සකිTV
ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය
බත්තරමුල්ල

👉බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් "ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය" නිමිත්තෙන් සංවිධානය කර...
21/02/2025

👉බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් "ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය" නිමිත්තෙන් සංවිධානය කරන ලද "නිර්මාණාත්මක කෙටි චිත්‍රපට" තරගයේ ලාංකීය පාසල් නියෝජනය කරමින් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපට නිර්මාණ අතරින්,
සමස්ත ලංකා මට්ටමේ "තෙවන ස්ථානය" දිනා ගැනීමට ශ්‍රී සුභූති ජාතික පාසල් "සකි TV" නාලිකාව මගින් නිර්මාණය කළ "LANGUAGE OF LOVE' කෙටි චිත්‍රපටය ට හැකි විය.
2025.02.21 දින නිදහස් චතුරස්‍රයේදී අග්‍රාමාත්‍ය තුමියගේ හා බංගලිදේශ මහ කොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ජාත්‍යන්තර මව් භාෂා උළෙලේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර සම්මානයෙන් පිදුම් ලැබූ බව සතුටින් දන්වා සිටිමු.

🎥සකි TV
ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය
බත්තරමුල්ල

21/02/2025

👉බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් "ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය" නිමිත්තෙන් සංවිධානය කරන ලද "නිර්මාණාත්මක කෙටි චිත්‍රපට" තරගයේ ලාංකීය පාසල් නියෝජනය කරමින් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපට නිර්මාණ අතරින්,
සමස්ත ලංකා මට්ටමේ "තෙවන ස්ථානය" දිනා ගැනීමට ශ්‍රී සුභූති ජාතික පාසල් "සකි TV" නාලිකාව මගින් නිර්මාණය කළ "LANGUAGE OF LOVE' කෙටි චිත්‍රපටය ට හැකි විය.
2025.02.21 දින නිදහස් චතුරස්‍රයේදී අග්‍රාමාත්‍ය තුමියගේ හා බංගලිදේශ මහ කොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ජාත්‍යන්තර මව් භාෂා උළෙලේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර සම්මානයෙන් පිදුම් ලැබූ බව සතුටින් දන්වා සිටිමු.❤️💐

🎥සකි TV
ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය
බත්තරමුල්ල

https://youtu.be/5wTxUR_m2L0?si=TvbCz7q0nerQY1An
24/01/2025

https://youtu.be/5wTxUR_m2L0?si=TvbCz7q0nerQY1An

👉" POLITICAL HITZ " (ගෙවුණු සතියේ දේශපාලන විත්ති සමාජයෙන් හදවතට) වැඩසටහන... සෑම සිකුරාදා දිනකම උදෑසන 8.00 ට රටේ පවතින දේශපාලන උණු...

👉අග්‍රාමාත්‍යතුමියගේ යෝජනාවක් මත එතුමියගේ මූලිකත්වයෙන් අධ්‍යාපන  ලේකම්තුමාගේ මැදිහත්වීමෙන්  සෞන්දර්ය අධ්‍යක්ෂක තුමාගේ සං...
23/01/2025

👉අග්‍රාමාත්‍යතුමියගේ යෝජනාවක් මත එතුමියගේ මූලිකත්වයෙන් අධ්‍යාපන ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් සෞන්දර්ය අධ්‍යක්ෂක තුමාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු සියලු වෘත්තිකයන් පාදක කරගනිමින් ප්‍රථම වරට පැවැත්වූ ඔවුන්ගේ දක්ෂතා කරළියට ගෙන ඒමේ "ඉසුරු Talents " වැඩසටහනේ මාධ්‍ය ආවරණය හිමි වූයේ "සකිTV" ශ්‍රී සුභූති මාධ්‍ය ජාලයටයි. ඊට අමතරව ඔලලට අයිතමයන් තෝරා ගැනීමේ සිටම සම්පත් දායකත්වය සැපයීමත් උළෙලෙහි සියලු වේදිකා ආලෝකකරන නිර්මාණ කාර්ය‍යත් සිදු කළේ අප විසින්.

එහිදී සකිTV මධ්‍ය ජාලය සංකල්පය, ගොඩ නැගීම හා භාවිතාව පිළිබඳ අගමැතිතුමිය සමග සුහද පිළිසඳරක යෙදීමට හැකි වූ අතර එහිදී ඇය විසින් පාසල් මාධ්‍යකරණයේ විශිෂ්ට භාවිතාවක් ලෙස සකිTV පිළිබඳව ඇගයීමක්ද සිදු කරන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු සේවකයාගේ සිට ඉහළම වෘත්තිකයා දක්වා මෙම ප්‍රසංගයට සක්‍රීයව දායක වූ අතර පැමිණ සිටි පන්සියයකට අධික පිරිස අතර සකිTV මාධ්‍ය භාවිතය පිළිබඳව කථිකාවතකට කරුණු පෙළ ගැසිණ.
"සකිTV" නාලිකාව සංකල්පය තුළ නොදන්නා සුභූතිය දන්නා සුභූතියක් බවට පත්වී විශිෂ්ට ව්‍යවහාර සම්මානයට පාත්‍රවීමෙන් පසුවත් සුභූතිය ගැන නැවත නැවත කතා කරන්නට අවකාශ සැලසෙන පසුබිම් නිර්මාණය වීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

🎥සකිTV
# ශ්‍රී සුභූති මාධ්‍ය ජාලය
බත්තරමුල්ල

👉"එකට එක" - Ep 07කලාව විෂය නිර්දේශයෙන් ඉවත් කල යුතු ද?
21/01/2025

👉"එකට එක" - Ep 07
කලාව විෂය නිර්දේශයෙන් ඉවත් කල යුතු ද?

සකී TV "එකට එක" කාලීන සංවාදය..සෘණාත්මක ප්‍රශ්න පහකට ධනාත්මක උත්තර 5ක්... සමාජයේ විවිධ පැතිකඩ යටතේ මිනිසුන්ගේ කතා බහට ල.....

👉" සකි POLITICAL HITZ " - ගෙවුණු සතියේ දේශපාලන විත්ති සමාජයෙන් හදවතට..NEWS EDITOR - ලලිත අතාවුද
08/01/2025

👉" සකි POLITICAL HITZ " - ගෙවුණු සතියේ දේශපාලන විත්ති සමාජයෙන් හදවතට..

NEWS EDITOR - ලලිත අතාවුද

👉" POLITICAL HITZ " (ගෙවුණු සතියේ දේශපාලන විත්ති සමාජයෙන් හදවතට) වැඩසටහන... සෑම සිකුරාදා දිනකම උදෑසන 8.00 ට රටේ පවතින දේශපාලන උණු...

05/11/2024

Address

Subhuthi School

Telephone

+94775337337

Website

Alerts

Be the first to know and let us send you an email when SriSaki FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share