06/09/2025
බිනර පෝය වැදගත්කම -
• කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලැබී කසාවත් දරා භික්ෂුණීන් ලෙස සම්බුදු සසුනේ නිවන් දොර විවර වීම ඇතුලූව ඉතාම වැදගත් සිදුවිීම් ගණනාවක් බිනර පොහොය දිනයේ සිදුවී ඇත.
• බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමකොට අප්‍රමාන සත්වගට සෙත සැලසූ සේක. විශේෂයෙන්ම රාහුල පුතා මෙන්ම නන්ද නම් සිය සොහොයුරාද පැවිදිවියට ඇතුලත් වූ පසු මහා ප්‍රජාපතී ගෝතමියටද ගිහිජීවිතයේ සිටීම පිලිබද කිසිදු කැමැත්තක් නොවීය. තමා මේ සංසාරයේ අතරමංවී දුක්විදින්නේ කුමකටදැයි ඕ තොමෝ කල්පනා කලාය.
• බුදුපියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැද එකත්පසෙකව සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද ඉල්ලා සිටියාය. බුදුපියාණන් වහන්සේ එහිදී බුදුපියාණන් වහන්සේ ” අලං ගෝතමී මා තෙ රුච්චි මාතුගම්මස්ස තථාගතප්ප වෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති ” අයුරින් ශාසනෙයෙහි කාන්තා පැවිද්ද තමන්වහන්සේට රුචි නොවන බැවින් එය අත්හරින්නයි වදාරමින් ප්‍රතික්ෂේප කල අතර මෙසේ තුන් වතාවක්ම ගෝතමී තොමෝ කල ඉල්ලීම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කල සේක.
• ඉක්බිති බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩිසේක. මේවනවිට බුදුහිමියන් රෝහිණී ගංතෙරේ සිය ශාක්‍ය කෝලිය නෑදෑයන් අතර අුැතිවන්නට ගිය මහා සටන සංසිදුවා දෙපසින්ම කුමාරවරු පන්සියය බැගින් දහසක් මහණකොටගෙන තිබූ සමය විය. ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුුද ගිහි ජීවිතය ගැන කලකිරී සිය සැමියන් මෙන් පැවිදි දිවියට ඇතුලත් වීමට සිත් පහලකරගෙන සිටි සමය විය. ප්‍රජාපතී තොමෝ ඒ කුමාරිකාවන් පන්සියය සමග කහවත් ඇද, හිසකෙස් කපා කිඹුල්වත් නුවරින් පිටත්ව යොදුන් පනස් එකක් දුර ගෙවා පා ගමනින්ම කූඨාගාර ශාලාව වෙත පැමිණියහ. කූඨාගාර ශාලාවෙහි දොරටුව වෙත පැමිණ පැවිද්ද අපේක්ෂාවෙන් බලා සිටියහ.
• ගමන අවසන් කරත්ම ඒ සියල්ලෝම මැලවී ගිය රත්පියුම් වනයක් මෙන් විය. සියල්ලෝම දූවිලිවලින් වැසී ගිය, දහදියෙන් තෙත් වූ, ඉදිමුණු ඉදිමුණු දෙපතුල් ඇතිව පීඩා විදිමින් සිටියහ.
මේ අවස්ථාවේ ආනන්ද හිමියන් විසින් පිටත කළමණා වත් පිලිවෙත් මොනවාදැයි සොයමින් දොරටුව සමීපයට වැඩි මොහොතේ දුක්මුසු අයුරින් බලා සිටින ගෝතමී ඇතුලූ පන්සියයක් කුමාරිකාවන් දැක සොවින් තැවුනු සිත් ඇත්තේ ආරාමය තුලට නොයන්නේ මන්දැයි විස්තර විචාල සේක. ඒ අවස්ථාවේ තමන් ඇතුලූ පිරිස පැවිද් අපේක්ෂාවෙන් පැමිණි බවත් එය නොලැඛෙන්නේනම් ආරාමය තුලට නොගොස් මෙතැනින්ම ආපසු හැරී යනබව හඩමින් ප්‍රකාශ කලාය.
• ඒ අවස්ථාවේ ආනන්ද හිමියෝ ඔවුන් මදකට සනසා බුදුහිමියන් හමුවට වැඩමවා ” ස්වාමීනී, යම් ස්ත්‍රියක් සසුනේ පැවිදිව විදසුන් වඩයිනම් සෝවාන් ආදී මගපලයන්ට පැමිණිය හැකි නොවන්නේදැ”යි විමසූහ.” ආනන්දය, යම් ස්ත්‍රියක් පැවිදිව වීර්යය වඩන්නේනම් ඇයගේ ස්‍ත්‍රීත්වය මගඵල ලබන්නට බාධාවක් නොවන්නේය “යි බුදුහිමියන් දේශනා කල සේක.
• මෙහිදී ආනන්ද හිමියන් මහා ප්‍රජාපතී ගෝතමියගේ මව්ගුන ගයා වර්ණනා කරමින් ඇදිලි බැද “ස්ත්‍රීන්ට ගිහිගෙයින් නික්ම සසුනේ සිව්ඵල ලබන්නට සමර්ථ වේනම් භික්ෂුනී පැවිද්ද අනුදැන වදාරන සේක්වා” යි ඇයැද දිටියහ.
එහිදී බුදුහිමියන් වහන්සේ අෂ්ඨ ගරුධර්මයන් දේශනා කල අතර ඒවා මහා ප්‍රජාපතී ගෝතමිය පිලිගන්නට සූදානම් දැයි අනද තෙරුන් ලවා අස්සවාලු සේ්ක.
එම අෂ්ඨ ගරු ධර්මයන් වන්නේ,
01. උපසම්පදාවෙන් වසර සියයක් ගිය භික්ෂුණියක් උවද එදිනම උපසම්පදා වූ භික්ෂුවට වැදුම් පිදුම් කල යුතුය
02. භික්ෂූන් නැති ප්‍රදේවල භික්ෂුණිය වස් නොවිසිය යුතුය
03. අඩමසකට වරක් භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
04. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය සිදුකල යුතුය
05. ගරු ඇවැතකට පැමිණි මෙහෙනක් උභතෝ සංඝයා (භික්ෂු/ භික්ෂුණී ) ඉදිරියේ අඩමසක් මානත පිරිය යුතුය
06. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
07. භික්ෂුවට අක්‍රෝෂ පරිභව නොකල යුතුය
08. භික්ෂුනිය භික්ෂුවට අවවාද නොකල යුතුය, භික්ෂුව භික්ෂුණියට අවවාද කල යුතුය, භික්ෂුණිය ඒවා පිලිපැදිය යුතුය.
• ආනන්ද හිමියෝ මේ ගරු ධර්‍ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්‍මයන් විස්තර කොට කියා “ඉදින් ඔබ මේ ගරු ධර්‍මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පිමිදි උපසම්පදාව වන්නේ යැ”යි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “ආනන්ද ස්වාමීනි, යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙ අතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්‍මයන් අට දෙන පිළිගනිමි” යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමග ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණ කම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.
• ඉතින් මේ වැදගත් කම් සිහිකරමින් සිත් පහදවා ගන්නා අතරම බුදුන් වහන්සේ පෙන්වා දුන් ප්‍රතිපදාව තුළ හැසිරෙමින් මේ උතුම් පොහොය දින බුදුන් වහන්සේ පුදන්නට අදිටන් කර ගනිත්වා !
තෙරුවන් සරණයි!
[ උපුටා ගැනීම - Galigamuwe Gnanadeepa Thero Facebook පිටුව ]