Pro9 News

Pro9 News Pro9News.lk is a News Website Based in Sri Lanka.

🔴 ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක ආධාර ව්‍යාපෘති ලබා ගත් මාධ්‍ය පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි. -ජා.නි.පෙ නායක විමල් වීරවංශජනාධ...
10/02/2025

🔴 ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක ආධාර ව්‍යාපෘති ලබා ගත් මාධ්‍ය පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි. -ජා.නි.පෙ නායක විමල් වීරවංශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයෙන් පහකළ 2022 ඊනියා අරගලය ව්‍යාපෘතියට අමෙරිකානු මැදිහත්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (09) යළි ඉල්ලීමක් කළේය.

එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ මුදල් විදේශ ව්‍යාපෘති සඳහා නාස්ති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) විසුරුවා හැරීමට නව එක්සත් ජනපද පරිපාලනය ගත් තීරණයේ සෙවනැල්ලට මුවා වී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙම ප්‍රශ්නය පැත්තකට දැමිය නොහැකි බව හිටපු කැබිනට් අමාත්‍යවරයා පැවසීය.

"කාරණයේ හරය වන්නේ එක්සත් ජනපදය USAID සහ වෙනත් ආයතන හරහා අරගලයට අරමුදල් සැපයුවේද යන්නයි.ඒ නිසා පරීක්ෂනයක් අවශ්‍යයි.මේ අරමුදල් පිළිබඳ මෑත හෙළිදරව්ව ඊට පිටුවහලක් වනවා" ජාතික නිදහස් පෙරමුණේ නායකයා එසේ පැවසුවේ එලෝන් මස්ක් හා රිපබ්ලිකන් සෙනේට් සභිකයන් නොබෝදා හෙලි කළ කරුණු උපුටා දක්වමිනි.

විමල් වීරවංශ මහතා තවදුරටත් පැවසුවේ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ට "ද්විමය-ලිංගික භාෂාව" මග හැරිය යුතු ආකාරය ඉගැන්වීමට ඇ.ඩො. මිලියන 7.9ක් ලබා දී තිබීම, පුළුල් විමර්ශනයක හදිසි අවශ්‍යතාවය අවධාරනය කරන බවයි.

තවත් විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් වරයා ප්‍රකාශ කළේ එම අරමුදල් එසේ වර්ගීකරණය කර තිබුණද මෙහි රහසිගත ඇමෙරිකානු මැදිහත්වීම් රහසක් නොවන බැවින් සැබෑ අරමුණ දේශපාලනික විය හැකි බවයි.

- The Island (2025.02.12)

-----------------------------------------
Join Pro9 News Whatapp Group >>>
https://chat.whatsapp.com/CbzmUd18Y5RCMKe0eHdlQE

Address


Telephone

+94716894319

Alerts

Be the first to know and let us send you an email when Pro9 News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pro9 News:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share