Pro9 News

Pro9 News Pro9News.lk is a News Website Based in Sri Lanka.

🟥 වල් අලි පහරදීමකින් පියෙක් සහ දියණියක් මියයිවිල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස්...
15/05/2026

🟥 වල් අලි පහරදීමකින් පියෙක් සහ දියණියක් මියයි

විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ අද(15) උදෑසන පා පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 56 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 25 හැවිරිදි දියණිය බවද සඳහන් වේ.

🟥 වසර අග වනවිට ආර්ථිකය විපතකමෙම වසර අග වන විට ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු අර්බුදයකට ගොදුරු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැක...
15/05/2026

🟥 වසර අග වනවිට ආර්ථිකය විපතක

මෙම වසර අග වන විට ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු අර්බුදයකට ගොදුරු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි ඵළ කර සිටිති. නොනවත්වාම රුපියල අවප්‍රමාණය වීම මගින් පෙනී යන්නේ ද එම අනතුර පිළිබඳව බව ඔවුන්ගේ මතය වී තිබේ.

මැද පෙරදිග පවත්නා යුධමය වාතාවරණය විසින් මෙම වසරේ අපනයන ආදායම ද අවම තරමින් ඇ.ඩො. බිලියනයක තරමින් හෝ ඊට වඩා අඩුවනු ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම 40% ක පමණ බිඳ වැටීමක් සිදු වනු ඇතැයි ගණන් බලා තිබේ. විදේශ ප්‍රේෂණ තුළින් ලැබෙන ආදායම එලෙසම පැවතිය හැකි වුව ද ආනයන වියදම ඉහළයාම විශාල වශයෙන් වැඩි වී තිබේ.

දැනට ඩොලරයට ඇති ඉල්ලුමට සාපේක්ෂව මෙරට මූල්‍ය වෙළඳපොලෙහි සැපයීමක් සිදු නොවේ. ඒ හේතුව මත ඩොලරයේ අගය ඉහළ යාම නොනවත්වාම සිදු වේ. ඇතැම් බැංකු ප්‍රධානින්ගේ මතය වී ඇත්තේ මේ වසර නිමා වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 350 ඉක්මවන අගයක් හිමිකරගනු ඇති බවයි.

මෙම අවිනිශ්චිතතාව හේතුකොටගෙන අපනයනකරුවන් තමන් උපයන විදේශ විනිමය රට තුළට ගෙන ඒම කිරීම ද සිදු කෙරේ. එමඟින් ද බරපතල ඩොලර් හිඟයක් නිර්මාණය කරමින් තිබේ.

ජනප්‍රිය පුවත් බැංකු කඩා වැටීමේ අවධානමක්!!
2027 වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිමා වේ. වසර 4 ක් සඳහා බල පැවැත් වූ එම වැඩසටහන නිමා වන විට ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු අර්බුදයකට ගොදුරුව පැවතීම නියතයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

🟥 එරාන් හිරවේශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ කවර හෝ තණතුරක් දැරීමට කිසිදු දේශපාලන...
15/05/2026

🟥 එරාන් හිරවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ කවර හෝ තණතුරක් දැරීමට කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දරණ තැනැත්තකුට හැකියාව හිමි නොවේ.

පසුගිය දා ක්‍රිකට් අතුරුපාලන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද එරාන් වික්‍රමරත්න එම පත්වීම ලද අවස්ථාව වන විට මෙන්ම ඉන් පසුව ද සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැත. ස.ජ.බ. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද එරාන් වික්‍රමරත්න අමතා ලිඛිතව දැනුම් දී තිබුනේ ස.ජ.බ. තණතුරු වෙතින් ඉල්ලා අස් වූ පරිදි එහි සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙසය. එහෙත් එරාන් වික්‍රමරත්න මෙතෙක් ඊට අනුකූලව ක්‍රියා කර නැත.

මේ හේතුව මුල්කරගෙන එරාන්ගේ පත්වීමට එරෙහිව අධිකරණය වෙත යාමට විශේෂ කණ්ඩායමක් මේ වන විට පියවර ගනිමින් තිබේ. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව අධිකරණ විනිශ්චයකදී එරන් වික්‍රමරත්නට මෙම තණතුර අහිමි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය ඵළ කර තිබේ.

🟥 සරත් ෆොන්සේකාත් ආණ්ඩුවටපවත්නා අර්බුදකාරී තත්වයට මුහුණදීමට දැනට සිටින පිරිසගෙන් යුත් ඇමැති මණ්ඩලයට හැකියාවක් නැතැය‍ි පි...
15/05/2026

🟥 සරත් ෆොන්සේකාත් ආණ්ඩුවට

පවත්නා අර්බුදකාරී තත්වයට මුහුණදීමට දැනට සිටින පිරිසගෙන් යුත් ඇමැති මණ්ඩලයට හැකියාවක් නැතැය‍ි පිළිගනිමින් සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. කොළඹ බෞද්ධාලෝක මාවත හි වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේනමක් සමග ද ජනාධිපති අනුර කුමාර තමන්ගේ මෙම අදහස පිළිබඳව මෑතකදී ප්‍රකාශ කර ඇත.

ආර්ථික අර්බුදය වේගයෙන් උග්‍ර වන බැවින්, එමගින් එල්ලවන දේශපාලන අවධානම පහ කර ගැනීමට එවැනි පියවරක් අනුගමනය කරනු විනා, වෙනත් අන් පියවරක් නැතැයි ඔහු එහි දී එහිමියන් සමඟ පවසා තිබේ.

එහි තවත් පියවරක් ලෙස, තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ඉවත් කර, ඒ වෙනුවට ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව පාර්ලිමේන්තුවට ගෙන ඇමැති තණතුරක් දීම කෙරෙහි ද මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයම හෝ ඉන් තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා දායක කර ගැනීමට ද අදහස් කර තිබේ. පසුගිය මැයි රැළි වේදිකාවේ දී බිමල් රත්නායක සහ ලාල් කාන්ත අමාත්‍යවරුන් මේ පිළිබඳව ඉඟි පළ කරන ලදී.

🟥 කොටස් වෙළඳපොළ චටස් පටස් වේ !කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය පුද්ගලයන් විසින් සිදු කර තිබූ රු. බිලියන 25 කට වැඩි ආයෝජන ම...
15/05/2026

🟥 කොටස් වෙළඳපොළ චටස් පටස් වේ !

කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය පුද්ගලයන් විසින් සිදු කර තිබූ රු. බිලියන 25 කට වැඩි ආයෝජන මේ වන විට ඉවත් කරගෙන තිබේ. රුපියල නොනවත්වාම අවප්‍රමාණය වීම විසින් භාහිරව පෙන්නුම් කරන ආර්ථික අස්ථාවරබව මෙම මුදල් ඉවත්කර ගැනීමට බල පා ඇති ප්‍රධානතම හේතුව බව පැවසේ.

පසුගිය අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ආයෝජන හැසිරීම සහ දර්ශකයන්ගේ වෙනස්වීම් පිළිබඳ වාර්තාවක් මගින් මේ බව අණාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව පසුගිය අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 5.33 කි. එම මාසයේ ගනු දෙනු සිදු කරන ලද දින අතුරින් දින තුනකදී හැර අන් සෑම දිනක දීම විදේශීය ආයෝජන පිටතට ගලා යාම සිදුව තිබේ.

ඒ අනුව 2026 වසරේ මුල් මාස 4 අවසන් වන විට සමස්ත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලා යාම රුපියල් බිලියන 25.13 කි.

අප්‍රේල් මාසයේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,655 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 4,706 ක පිරිවැටුම හා සැසඳීමේ දී 22% ක පසුබෑමකි.

ඇම්බියොන් සිකියුරිටීස් සමාගම විසින් මෙම වාර්තාව නිකුත් කර තිබේ. මැයි මාසයේ තත්වය මීටත් වඩා බරපතල බව කොටස් හුවමාරුව හා සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ මතය වී තිබේ.

රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම මගින් පෙන්නුම්කර අවිනිශ්චිතබව මෙම තත්වය ඇතිවීමට බෙහෙවින් බලපා ඇතැයි පැවසේ.

Address


Telephone

+94716894319

Alerts

Be the first to know and let us send you an email when Pro9 News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pro9 News:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share