
17/02/2024
#අනුංගේ_පස්න_ගිනි_අවුලන_මෝඩ_මිනිස්සුංට_උපහාරයක්_පිණිස😼👍
හැල්ලක් තමායි🥺😂 එ වුනාට සම්පූර්ණ විස්තරේ කියවන්න😼🥺😂
සම හරක් ඉන්නවා" සතුට "කියල කියන දේ මොකක්ද කියලාවත් දන්නෙ නැහැ, මොකද එයාල සතුටෙන් ඉඳලම නැහැ.
ඒකට හේතුව එයාලට තමන් දිනුවට සතුටක් දැනෙන්නේ නැහැ ,තමන්ට යමක් ලැබුනට සතුටක් දැනෙන්නෙත් නැහැ.
⭐️තමන් දිනන්න ඕනේ ඒ වගේම අනිත් එකා පරදින්නත් ඕනෙ, අන්න එතකොට තමයි එයාලට සතුටු.
⭐️මමත් ලස්සන වෙලා එයත් ලස්සන වුනොත් ඉතිං ඒ ලස්සනෙන් වැඩක් නැහැ,
මම ලස්සන වෙලා අනිත් හැම එකාම කැතම කැත වෙන්න ඕනෙ ,අන්න එතකොට හරි.
⭐️මම ධනවත් උනාට විතරක් මදි,
මම ධනවත් වෙලා වටේ ඉන්න ඔක්කොම හිඟමනේට වැටෙන්න ඕනෙ.
⭐️මම ගෙවල් හදලා වාහන ගත්තා වගේ අල්ලපු ගෙදර එකාටත් ගෙවල් වාහනතියනවා නම් වැඩක් නැහැ,
අපි මන්දිර වල ඉඳලා වාහන වල යනකොට අල්ලපු ගෙදර එකා බඩගාගෙන යන්න ඕනේ ,අන්න එතකොට තමයි සතුටු වෙන්න පුළුවන් .
⭐️කොටින්ම කිව්වොත්, තමන්ගෙ ළමයා විභාගෙ පාස් වුනාට මදි. තමන්ගේ එකා පාස් වෙලා එහා ගෙදර එකා වැඩ ඔක්කොම ෆේල් උනොත් තමා, හිතට හොඳ.
නැතුව අපේ එකයි අනිත් එකයි දෙන්නම පාස් නම් ඒ විභාග
පාස් විල්ලේ ඇති වැඩක් නැහැ.
සමාජෙ බහුතරයක් හදවතේ සතුටක් සාමයක් නැති ඇරියස් පිරිච්ච මිනිස්සු වෙන්න හේතුව ඔන්න ඕකයි .
තමන්ට නැත්තටම නැති දෙයක් වෙන කෙනෙකුට හරි ලැබෙනවානම් ඒක දැකලා හදවතෙන්ම සතුටු වෙන පිංවත්ත මිනිස්සු අතර තමන්ට මොන දේ ලැබුනත් , තමන් ළඟ සතුටු වෙන්න මොනතරම් දේවල් තිබ්බත් අනිත් කෙනා ඉන්නෙත් සතුටෙන් කියලා දැනගත්තම තමන්ගේ ලැබීම් ගැන හිතලා සතුටු වෙන එක පැත්තක තියලා අනිත් කෙනාගෙ ලැබීම් දැකලා දුක් වෙලා හූල්ලන දෙලොවටම නැති ආත්ම තමයි වැඩි.
තමන්ට කිරි කල හතම උතුරලා වටේ ඉන්න ඔක්කොටම කැඳ ත් නැති වෙන දවසට තමයි එයාලට නින්ද යන්නේ.
හැමදේම ලැබිලා ඒත් සැනසීම විඳින්න පිනක් නැති සමහරක් ට තමන්ට දෙයක් ලැබුනට සතුටක් දැනෙන්නේ නැහැ , එයාල තමන්ට පමණක් ම හැමදේම ලැබිලා අනිත් උන් ඔක්කොම සුන්නද්දුලි බවට පත්වෙන දවස වෙනකන් හූල්ල හූල්ල පුපුර පුපුර ඉන්නවා සතුටු වෙන්න හිතාගෙන ....
ඕන වෙලාවක රවාගෙන ඔරවාගෙන අනුන්ගේ වැරදි හොය හොයා අරයට අරෙහෙමලු,මෙයාට මෙහෙමලු, අරගොල්ලෝ එහෙමලු කියලා අනුන්ගේ වලු ගැනම හොය හොයා කේලම් ඕපාදුප කිය කිය රට පුරා දිහා නිකමට පොඩ්ඩක් ඇහ ඇරලා බලන්න, කාගේ හරි ජයග්‍රහණයක්, සතුටක්, දියුණුවක් කියද්දී ඒවා අහලා සතුටු නොවී හිමින්ම ලිස්සල ගිහින් කාගේ හරි දුකක්, කරදරයක්, ලෙඩක්, පරාජයක් දැක්කම හාර හාර අහ අහ අනුන්ගේ දුකට පුදුම සතුටකින් දායක වෙන්න උනන්දු මෙන්න මේ ඝන්දබ්බ ආත්ම තමයි.
කියන්න කණගාටුයි එහෙම මිනිස්සු ඉතින් මැරෙනකම්ම සතුට හොයනවා විතරයි ,
කවදාවත් හම්බෙන්නේ නම් නැහැ ...අපරාදෙ විඳවලම මැරිලා යනවා.
තමන්ට නොලැබෙන දේ අනුන්ට ලැබුනම කෙසේවෙතත්, තමන්ට යමක් ලැබුනම , තමන් දිනුවම වත් ඒක රසවිඳින්න ඉගන ගන්න.
⭐️අනිත් එකා ඔයාට වැඩිය ලස්සන උනාට කමක් නැහැ, ඔයා ලස්සන නම් ඒක ගැන සතුටු වෙන්න බලන්න.
⭐️අනිත් කෙනා කාර් එකේ ගියාට දුක් නොවී ඔයාගේ කකුල් දෙක ගැන සතුටු වෙන්න හිතන්න.
සතුටෙන් ඉන්න මිනිස්සු දැකල පිච්චි පිච්චි ඉන්නෙ නැතුව තමන්ට සතුටු වෙන්න පුළුවන් දේවල් තමන් ලඟින් හොයාගන්න.මොකද අපි කාටවත් වැඩි කාලයක් නැහැ...
අනිත් එකාගෙ හිනාව දිහා බල බල විඳවලා මැරෙන්නෙ නැතුව තමන් ගැන හිතලා සතුටු වෙන්න.
ජිවිතෙට කසාදයක් නොබදින ගැනුන්ද මේ අතර කැපි පෙනෙන ජිවින් කොඨ්ඨාසයකි..අනිවාරෙන් ම එ විදියට ජිවත් වෙන ගැනු අනික් අය ආදරේ කරනවාට වත් කැමැත්තක් නැති තරම්ය..තවද බහුතරයක් ගැහැනුං ගැහැනු ලමුන්ට ඇල්ම බැල්ම දැමිමෙන්,සමලිංගික ඇසුරද පවත්වා ගෙන යති.. එක ඇත්ත මම දන්න අයත් ඉන්නවා ,අනේ කාට කියන්නද මේවාගේ දෙවල් කියලා ඔයාටත් හිතෙන්න ඇති දැන්..
මොකද සතුට විඳින්න දන්න මිනිස්සු අනිත් එකාගෙ සතුටට කෙළ හල හල ඉන්නේ නැහැ,
හෙන ගහණ වැස්සේ සතුටෙන් තෙමෙන හැටි වගේම ගිණි ගහණ අව්වේ හිනා වෙවී පිච්චෙන හැටිත් එයාල දන්නවා,
හරියට පහල තියන පොටෝ එක වගේ සතුටෙන් ඉන්න දන්න කෙනා ට එක මලත් ඇති, සතුටුවෙන්න නොදන්න කෙනාට මල් වත්තකුත් මදි....💜