14/10/2025
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අවස්ථාවේ දීය.
චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පැවතින්නක් අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩ ව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේය.
මෙමගින්, වෙනස් රටවල් අතර, මිත්‍රශීලී හැසිරීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් නිර්මාණය කර තිබේ.
සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.
President Xi meets with PM Harini
Chinese President Xi Jinping met with Sri Lankan Prime Minister Harini Amarasuriya at the Great Hall of the People in Beijing today (Oct. 14).
Premier Amarasuriya is currently in China, attending the Global Leaders’ Meeting on Women.