ඕ පියුම - O Piuma

  • Home
  • ඕ පියුම - O Piuma

ඕ පියුම - O Piuma ඕපියුම


ඕපියුම -සමාජ වෙනස පිණිස සහයෝ?

අංශක තුන්සිය හැටම සැකයි- ඇත්තේ එකම එක විශ්වාසය යි----------------සැකයි සැකයිඅංශක තුන්සිය හැටම සැකැයිදෑසීන් දකින එකසිය අස...
05/05/2024

අංශක තුන්සිය හැටම සැකයි- ඇත්තේ එකම එක විශ්වාසය යි
----------------
සැකයි සැකයි
අංශක තුන්සිය හැටම සැකැයි
දෑසීන් දකින එකසිය අසූව
පිටු පසට හැරෙද්දි
එ්කත්
ඒකත් ඡන්දයෙන් සැකයි

ඉහළින් පියාඹන කුරුල්ලන්
හිටි හැටියෙ කලු කරන වලාවන්
පැත්තකින් හමා යන සුළං
මිරිඟුවක් කියයි මට එ්කත් සැකයි

ඇසට නො පෙනෙන බීජ
නො දැනෙන්න දැවටෙන ලෙඩ රෝග
ලඟම ඔබ ඔබේ ඔය බැල්ම
හංගද්දි ඇස් පිය
හිනැහෙද්දි කට ඇර
මම බලා හිටියට
ඔබේ හිත ද්‍රෝන කැමරාව

ඔබත් නො දැනම ඔබට
නො පෙනෙනා දැළක් ඇද
වට කරන් කොටු කරන්
ගැට ගහන කොන් දෙක
මට සැකයි ! මට සැකයි !
මම ගැනත් මට සැකයි
මට නො දැන මම
ගැලවෙන්න බැරි
හීනි සැකයක්
ඔබ මගේ දෙස හෙළන බැල්මෙන්
සැක කරන බවමයි ඔබේ ඔය
කලු පාට බෝල මත
දර්පනෙන් පෙනෙන්නේ

වෙලි වෙළී ලවන රොන් උරා බී
දිවුරන්න දෙයක් නෑ
ඔබේය මගේමය
ශුක්‍රාණු ඩිම්බය
ඒත් මට කියන්නේ මගේ යැයි කියන්න ද

ප්‍රේමය අරන් එන
ප්‍රේමය කඩන් යන
පැරණි ගිවිසුම ඉරා
අනිත් කම්මුල පාන
ජූලියට් රෝමියෝ
සත්‍යය වෙනුවෙන් වස බොයි ද සොක්‍රටීස්

ඔබ ඔය දිවුරන දස අතේ
කෑවත් ඉඳන් මේ එක පතේ
මට සැකයි ඔබත්
ඔබත් මා ගැන සැකයි
දැන් ඉතින් ඉතිරිව ඇත්තේ එක දෙයයි
අවිස්වාසය පමණි විස්වාසය

අයිස් කඳු දිය වෙයි
භූමිකම්පා එයි
පොල් කුරුමිනියෝ
උඹත් හොඳ පුතයෙක්
හැව ඇරිය ගැරඬියත්
කරට අත දාගෙන පයනු නය්යත් පුල්ලි පොළඟත්
පරෙවියා දෙපා මුල
බොබ් ඩිලන්ගෙ සින්දු කීවම
ජෝන් ලෙනනුත් හීන දැක්කට
මට කියන්නේ මගේ හිත
විශ්වාස කරන්න ද

ඇඳ මත ඇස් ඇඳ කරගෙන
මොහොතක් හොයා ගන්නට
හිත නතර කර ඉන්න
ටිබෙට් මියුසික් ඇහුවත්
දලෙයි ලාමා මතක් වෙන කොට
හිත ඉතින් නතර වෙයි ද

වහළය කඩාගෙන
බිත්ති කන් යොමාන
අඳුරත් දෙකක් නෑ
එලියත් දෙකක් නෑ
සැකයි සැකයි මම ගැන සැකයි
එනිසා මටත් දැන් සැකයි
දිව්වට වැඩක් නෑ
ඉත්තෑවෙක් කබල්ලෑවෙක් වගේ බංකර් ගියත්
බිල් ලාඩන් සිහි වෙයි

ජීසස්ගේ නැගිටීමත්
බුදුන්ගේ නිවනත්
මාක්ස්ගේ පංති නැති ලෝකෙත්
තිබුණා නං පැණි බිඳක රසයක්

ඔය ඔය දැක්ක ද
ඉතින් මට කියන්නේ
වෙස් මූණු නෙවෙයි කියල ද

නෝ කබුකි බුන්රකු
වේදිකාවේ ඉන්න
අකිර කුරසාවටත් මට ෂුවර්
තිබුණේ මේ සැකේමයි
රෂෝමොන් තැනුවට
මිනිහත් මට සැකයි
‘මාව අරගන්න සිනමාවෙන් අඩු කරන්න උත්තරය බිංදුවයි’ කිව්වට
බින්දුවට අගයක් නෑ
කියලද මට කියන්නේ

ඩෙකාට්ස් නම් කියයි
‘ඇත්තට ලඟා වෙන්න හැම දෙයක්ම සැක කරන්න
ඒ හින්දමයි උඹවත් කලින්ම සැක

උදය ආර්. තෙන්නකෝන්
05.05.24
, , #විශ්වාසය,

05/03/2024

Address


Alerts

Be the first to know and let us send you an email when ඕ පියුම - O Piuma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share