Dusha

Dusha This page is designed to provide people with a basic knowledge of IT and entertainment in both Sinhala and English. "An attempt to do something"

The page is maintained by Dushyantha Chandrasekara, an IT professional.

24/03/2024
🥺
10/02/2023

🥺

Boys happiness 🖤🙄

31/01/2023

Layoffs in 2023 - Tech Companies

2023 අවුරුද්දේ පළමු මාසය එහෙම නැත්නම් මුල් දින 31 අදින් අවසන්.මේ කෙටි කාලය තුල Jobs අහිමි වූ පිරිස ඔබට පහත list එකෙන් බලා ගන්නට පුළුවන්. මේවායෙන් බහුතරයක් IT jobs වන අතර ඊයේ දින ලැබුන අලුත්ම ආරංචිය උනේ Meta (Facebook,Instagram) සමාගමත් එක ලඟම තමන්ගේ දෙවන Layoff එකටත් සූදානම් වන බවයි.ඒ Manager level එකේ සිටින අයව ඉවත් කිරීමට.

January 4 - Salesforce - 8,000
January 5 - Amazon 18,000
January 10 - Coinbase 950
January 11 - Goldman Sachs 3,200
January 13 - SmartNews 120
January 18 - Microsoft 10,000
January 20 - Google 12,000
January 23 - Spotify 600
January 24 - Intel 544
January 25 - IBM 3,900
January 26 - SAP 3,000

මෙම Layoff එකට වැඩිපුරම අසු වී තියෙන්නේ IT Jobs කරපු පුද්ගලයින්. ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත් ඒ පිරිසටමයි. හේතුව මෙම සමාගම් වැඩිපුරම කේන්ද්‍රගත වී ඇත්තේ ඇමරිකාවේ වීම සහ ඇති වී තිබෙන ආර්ථික සංකෝචනයත් සමඟ එයට ඔරොත්තු දීමට ඔවුන්ගේ වැඩි වැටුපක් ලබන පිරිස් ඉවත් කිරීමට සිදු වීමයි. එම රටවල්වල තිබෙන standards එක්ක IT job එකක් කරන කෙනෙකුට ගෙවිය යුතු වැටුප සෑහෙන වැඩි මුදලක්. නමුත් එම සේවය වෙන රටක පුද්ගලයෙකුගෙන් අඩු වැටුපකින් කර ගැනීමට එම සමාගම් වලට හැකියාව තියෙනවා. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවටත් ලොකු වාසියක් පවතිනවා.බොහෝ නම ගිය ප්‍රධාන සමාගම්වලට ලංකාවේ සිට සේවය සපයන Software Engineers සෑහෙන ප්‍රමාණයක් සිටිනවා.

මම මෙතන කියන්න උත්සාහ කළේ මෙම Layoff එක නිසා රට යන්න එපා කියන එක එහෙම නොවේ.ලැබුන ඕනෑම අවස්ථාවකින් හැකි ප්‍රයෝජනය ගන්න එක ඉතාම වටින දෙයක්.ඒ සමඟම වෙන රටක රැකියාවක් ගැනීමේදී එම සමාගම් ගැන අධ්‍යනයක් කරන එක වැදගත් වේවි. Layoff එකක් දැනටමත් යන, මෑත ඉතිහාසයේ එහෙම එකක් කලින් කරපු සමාගමක රැකියාවක් ගන්නේනම් යම් අවදානමක් ඇති බව ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයකි.මේ Layoff එකේදී ඉවත් කරගෙන යන්නේ ලඟදි රැකියාවට බැදුන අත්දැකීම් අඩු අයව විතරක් නෙමේ. Google සමාගම ඔවුන්ගේ අවුරුදු 20 ක පළපුරුද්ද ඇති අයව පවා ඉවත් කර තිබුනා.

"I have some difficult news to share. We've decided to reduce our workforce by approximately 12,000 roles.
This will mean saying goodbye to some incredibly talented people we worked hard to hire and have loved working with. I'm deeply sorry for that" - Sundar Pichal (Google CEO)

මම දැක්කා කීප දෙනෙක්ම මෙම ක්‍රියාවලිය විවේචනය කර තිබුනා මෙපමණ වැඩ කරපු අයට අන්තිමට Sorry කියාද කියන්න තියෙන්නේ විමසමින්. මගේ පුද්ගලික මතයනම් අප ඕනෑම කෙනෙක් ඉගෙන ගෙන රැකියාවක් යම් සමාගමක කරන්නේනම් එයින් කවදා හෝ යන්න කියා කියනවානම් එය තමාගේ නිවස නොව එක් නැවතුම්පොළක් බව කළින්ම තේරුම් ගෙන සිටීමයි. එහෙම ඉවත් කරන්නේනම් ඊට පසුව වෙන ඕනෑම සමාගමක රැකියාවකට යාමට සුදුසුකම් හදාගෙන තිබිය යුතු බවයි.එහෙමත් නැතිනම් වෙන සමාගමකින් ඔබට කතා කර රැකියාවක් දෙන තරමට තමන්ගේ skills, network එක සාදාගෙන තිබිය යුතු බවයි.

විවිධ Certifications කරමින් අළුත් දේවල් ඉගෙන ගැනීම තවමත් කරගෙන යන වයස 40-55 අතරේ සිටින සෑහෙන පිරිසක් මට හමු වී තියෙනවා.ඒ සෑම දෙනාම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව, කැනඩාව වගේ රටවල IT/Networking Jobs කරන පිරිස. තාමත් ඉගෙන ගන්න ආස මොකද කියා විමසු විට ඔවුන් පවසන්නේ "දන්නවනේ මේ රටවල්වල jobs වලින් කොයි වෙලේ යන්න කියයිද කියන්න බෑ, update වෙන්නේ නැතුව හිටියොත් වෙන job එකක්වත් හොයා ගන්න බෑ" කියලයි.ඔවුන් අවධානම හොදින් දැනගෙන කටයතු කරනවා,

මේ පණිවිඩය ලංකාවේ ඉන්නේ තරුණ පිරිසටයි. ඔබ ලංකාවේ ඉන්න හෝ මෙහෙන් යන්න හෝ IT Field එක තෝරාගෙන ඉන්නවානම්, දැනටමත් job එකක් කරනවානම් එදිනෙදා කරන දේවල්ම විතරක් නැතුව අදාළ අනිත් හැම දේම හැකි ඉක්මනින් ඉගෙන ගන්න. ලෝකය මාර වේගයකින් ඉදිරියට යනවා. ලෝකයේ කතා කරන්නේ අත් විදින්නේ AI, Machine Learning, WiFi-6, 5G, SDWAN, Network Automation වගේ දේවල්. මේ දේවල් කීයෙන් කීයද ඔබට මෙහිදී implement කරන්න, test කරන්න ලැබෙන්නේ. තනියම වුනත් ඉගෙන ගන්න පුළුවන් Best Leaning Platform රැසක් ගැන මම video එකක් කරන්නම්.

උපුටාගැනීම - වෙනුර - Wenura Mendis

30/01/2023

Do you want? 😄😄

රට යන්න IT කිරීමමේක ලියන්නම හිතුනේ පහුගිය මාස කීපයේම මට ලංකාවේ විවිධාකාර ප්‍රදේශවලින් ආපු දුරකථන ඇමතුම් රැසක් නිසා.මේවා ...
26/01/2023

රට යන්න IT කිරීම

මේක ලියන්නම හිතුනේ පහුගිය මාස කීපයේම මට ලංකාවේ විවිධාකාර ප්‍රදේශවලින් ආපු දුරකථන ඇමතුම් රැසක් නිසා.මේවා විශේෂ වන්නේ ඒ කතා කරපු බහුතරයක් ඇහුවේ එක වරම තමන්ගේ ක්ෂේත්‍රයෙන් IT වලට මාරු වීමට මොකක්ද කරන්න ඕනි කියලයි.එසේ මාරු වීමට හේතුවත් විදේශ රටක රැකියාවක් සොයා ගැනීමට IT field එකට ඉල්ලුම ඇති බව කවුරුන් හෝ පවසා සිටීම.ඒ සැම දෙනෙක්ම වගේ කොහෙත්ම IT වලට සම්බන්ධ නැති HR,Marketing,Civil,Mechanical,Electrical,QS,Banking යන පැතිවල හොඳටම පළපුරුද්ද ඇති අවුරුදු 25-40 වයස් පරාසයේ සිටින අය. මේ තත්වය ගැන පුදුම වීමට හෝ රටේ අනාගතය ගැන තවත් කතා කිරීමට දෙයක් නැති බව ඔබ හැමෝම දන්නා නිසා මෙය කියවන ඔබේ කාලය ඒකට වැය නොකර එහෙම දෙයක් සාර්ථක කර ගන්නේ කෙසේද යන්න ගැන මෙයින් පොඩි උපදෙසක් දෙන්නයි මෙය ලිවීමට සිතුවේ. තව පිරිසක් ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනි.ඒ තමා දැනටමත් Software,Networking,Cyber Security,Telecommunication field එකේ අවුරුදු 5,10 එකම තැනකට කොටු වී එහි විශේෂ පළපුරුද්දක් තිබුනාට ලෝකයේ තියෙන Vacancies වලට apply කිරීමට යාමේදී ඒ අහන දේවල් සමඟ තමන් සුළු එකම වැඩ කීපයක් සමඟ මෙපමණ කල් මොකද්ද මේ කරලා තියෙන්නේ කියා තමන්ටම වැටහෙන පිරිස. සමාවෙන්න එහෙම කීවට. ලෝකයේ ඉදිරියට යන තාක්ෂණයත් එක්ක මෙහෙ අවුරුදු 10,15 experience තිබුනාට තමන් මෙච්චර කල් මෙහෙ කරලා තියෙන්නේ මොනවාද යන්න සමහර රැකියාවල් වල තිබෙන ප්‍රශ්ණයක්. එය තමන්ම තේරුම් අරගෙන මට කතා කරපු ළමයි පවා සිටියා.එසේ තේරුම් ගැනීමත් හොද තත්වයක්.

මුලින්ම ලෝකයේ තත්වය ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. 2023 ආරම්භයේදීම Google සමාගම වැඩ ඇරඹුවේ තමන්ගේ අවුරුදු 10,20 පළපුරුද්ද ඇති අය පවා සිටින 12000ක සේවකයන් පිරිසක් ඉවත් කිරීමෙන්.මේ ගැන මම වීඩියෝ එකකින් ළඟදීම කතා කරනවා.ඒ වගේම Amazon විසින් 18000ක්, Microsoft සමාගම විසින් 10000ක්, Meta විසින් 13000 ක් ලෙස සේවකයින් ඉවත් කරනු ලැබුවා. මෙහි වැඩිපුර බලපෑමට ලක් වී තිබුනේ ඇමරිකාව. යුරෝපා රටවලද මේ තත්වය එසේම පැන නැගී ඇත්තේ ලෝකයේම යම් ආර්ථික අර්බුදයක පෙරනිමිති පහල වී ඇති නිසාවෙනි. එහෙම තත්වයකදී යන රට ගැනද, රැකියාව කිරීමට යන සමාගම ගැනද research එකක් කිරීම වැදගත් වේවි.තමන් ගැන තමන්ටම විශ්වාසය, දැනුම, පළපුරුද්ද ඇති අය කොහේ ගියත් අදාල ඉලක්ක සපුරා ගන්නා බවත් එම අයට කොහෙන් හෝ රැකියාවක් ලැබෙන බවත් දන්නා නිසා ඒ අයට ප්‍රශ්නයක් නැති මුත් පළපුරුද්ද, දැනුම අඩු අය ඒ ගැන තේරුම් අරගෙන වැඩ කිරීම වැදගත් වේවි.

බොහෝ රටවල IT/Networking Jobs සඳහා apply කරන විදිහ, Interviews කරන විදිහ ගැන මේ group එකේම ඉන්න මගේ students එක්ක මම ඕනෑ තරම් කතා බහ කරලා තියෙනවා. ඒ හැමෝම කියන්නේ බොහෝ විට ඔබේ සහතික දිහාවත් නොබලා පැය ගණනාවක් ඔබෙන් ප්‍රශ්ණ කරනුයේ ඔබේ පළපුරුද්ද සහ දැනුම පරීක්ෂා කිරීම බවයි. Degree/Exam Certificates වගේ දේවල් වැදගත් වෙන්නේ ඔබේ CV එක Interview shortlist වීමට පමණක් නිසාවෙන් එම CV එක සකස් කිරීමේදී හැකි පමණින් එයට key words ඇතුලත් කිරීම වැදගත් වෙයි. Job එකට select වීමට වැදගත් වෙන්නේ ඔබේ දැනුම එතැන table එකේ දිග අරින විදිහ සහ ඔබ එතැන කියන මුල මැද අග ගලපපු කතන්දරේ මතයි. අන්න එතැනදී IT field experience නැති අයට තම වයසත් සමඟ කියා ගැනීමට දෙයක් නැති වීම මතු වෙන ප්‍රධානම ගැටළුවයි.

එම නිසා හොඳම දේ දැනටමත් ඔබට එම IT/Networking field එකේ experience නැතිනම් දැනට තමන් රැකියාව කරන ස්ථානයේම එම department එක සඳහා මාරුවක් ඉල්ලා ගැනීමයි. එහිදී වැටුප, සමාජ තත්වය, කලින් කරපු රැකියාව ගැන උදම් වී මේ දේවල් කිරීමට කොහෙත්ම නොහැකි අතර කොහොමත් ඔබට විදේශ රටකට ගිය විට ඒ උදම් වීම්, ඒ තත්වයන් නඩත්තු කිරීමක් ඒවායේ වෙන්නේ නැති බව ඔබේ විදේශ මිතුරන් මගින් දැනගෙන ඇතැයි සිතෙන නිසා එය ලොකු දෙයක් නොවේවි. දැනටමත් එසේ තම සාමාන්‍ය රැකියාව කර හවස 5න් පසුව එම IT section එකට ගොස් එහි මිතුරන් හා වැඩ කර එම දේවල් ගැන මහා රෑ වෙනකල් ඉගෙන ගන්න, කැප වුන සහ සාර්ථක උන ළමයි පවා මම දනිමි. සමහර විට ඔබට ඒ දේවල් වලට ගෙවීමක් එපා ලෙස කියන්නට සිදු වේවි. බොහෝ සමාගම් වල කළමනාකාරිත්වය රටේ තත්වය ගැන දැනුවත් නිසා නොසිතු ලෙස එහෙම අහපු අයට ඒවායේ අත්දැකීම් ගන්න ලබා දුන් අවස්ථාද ඕනෑ තරම් අසා තිබේ. එම නිසා ඔබ මෙපමණ කල් සාදාගෙන ඇති network බොහෝ වැදගත් අතර හැමෝම සමඟ සුහදව වැඩ කරන, ඇති තරම් යාලුවෝ හදා ගන්න හැකියාව ඇති අයට මෙය පහසු දෙයකි.
එහෙම පළපුරුද්දක් නොලබා IT jobs වලට හොඳ ඉල්ලුමක් ඇතැයි කියා මොනවා හෝ Certification එකක් කට පාඩම් කර කර සමත් වීමෙන් ඒ රටවල්වලට ගොස් අමාරුවේ වැටීමට හොඳටම අවස්තාව තිබේ. බොහෝ දෙනා Dubai පවා යන්නේ එහෙම අවස්ථාවන් ඇතැයි කියා මුත් ඔබට job seeker කෙනෙක් විදිහට තරඟයක් දීමට සිදු වන්නේ IT/Networking degree ඇති ඉන්දියන්, පකිස්ථාන්, පිලිපීන් වැනි රටවල තරුණ පුද්ගලයින් සමඟය.ඔවුන්ට භාෂාවේ වාසිය, රටේ වාසිය ලැබෙන නිසා Dirham 3000-5000 ක රැකියාවක් ලබා ගැනීමටත් සෑහෙන මහන්සියක් වීමට සිදු වේවි. එම රටවල් වල Networking field එකෙන් රැකියාවකට යන්නේනම් අඩු තරමේ Active Directory,Office 365,WiFi,Firewall, Load Balancer,Routers,Switches වගේ දේවල් config කර අත්දැකීම් ඇති අයගෙන් ඉගෙන ගන්න. තාමත් අඩු වයසකනම් ඉන්නේ අඩුම තරමේ 4 years IT degree එකක් කර ගැනීමට බලන්න. එවිට Master එකක් සඳහා හෝ හොඳ රටකට යාමට අවස්තාවක් ලැබේවි.

වයස 30ට වඩා වැඩිනම් IT field එකට දැන් ඒමට බලාපොරොත්තු වේනම් කරන දෙයක් ඉක්මනින්ම කල යුතු නිසා දිවා රෑ නොබලා පළපුරුද්ද ලබා ගැනීමට සිදු වේවි. තමන් රැකියාව කරන තැන එහෙම අවස්තාවක් නැතිනම් මොනවා හෝ හැඳුනුම්කමක් මත වෙන ආයතනයක සති අන්තයේ හෝ ඉගෙන ගන්නට අවස්ථාවක් ලබා ගැනීමට බලන්න. එහෙම අත්දැකීම ලැබෙන විට මොකද්ද තමන් කරන්න ඕනි Exams කියා ඔබට වැටහේවි.අසන්නට ලැබේවි.එතකොට ඒවා මහන්සියෙන් කර ගන්න. එහෙම නොමැතිව බොහෝ දෙනා අහන්නේ මොකද්ද මම කරන්න ඕනි Exam එක කියාය. අඩුම තරමේ Software හෝ Networking යන පැතිවලින් මොකක්ද කළ යුත්තේ යන්න ගැනවත් බොහෝ දෙනාට අවබෝධයක් නොමැත.

සුදුසුම දේ තව කාලය ටිකක් අරගෙන සුදානම් වීමය.එය අවුරුද්දක් වුවත් විය හැකිය.ඒ සුදානම ඕනෑම රටකට වැදගත් වේවි.

එසේ නැතුව වාසනාව වැඩ කරන අවස්ථාද නැත්තේම නැත.එහෙම සමහර පුද්ගල හැඳුනුම්කම් මතින් රටවල්වලට ගොස් කෙසේ හෝ රැකියාවේම ඉගෙන ගෙන ටික කලකින් හොඳ පළපුරුද්දක් අරන් දැනට හොඳ සමාගම් වල IT jobs කරන අයද සිටී.වැදගත් වන්නේ ඔබේ connections වන අතර ඕනෑම දෙයක් කටින් හරි ගේම ගහන හොඳට ඉංග්‍රීසි භාෂාව හැසිරිවිය හැකි පුද්ගලයන්ට එය පහසු වේවි.
දැනට ලෝකයේ බොහෝ රටවල IT/Networking Jobs ඉල්ලුමක් නිර්මාණය වී ඇත්තේ පහත දෑ වලටය.

DevOps
Cyber Security
Cloud Networking/Security
AI/IoT

1.DevOps
මේ සම්බන්ධයෙන් මුල සිට සරලව ඉගෙන ගැනීමක් කරන්නේනම් මම දැකපු හොඳම learning platform එකක් වනුයේ kodekloud එකයි. Mumshad Mannambeth එහි ඉන්න හොඳ famous trainer කෙනෙක් වන අතර එහි register වීමෙන් (USD 11.40/Month) මුල සිට ඉගෙන ගැනීමට අවස්ථාවක් ඇත. කෙසේ හෝ රැකියාවේ පළපුරුද්දක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේවි. Certificate level එකෙන් ඔබට යම් වාසියක් ලබා ගැනීමට CKA(Certified Kubernetes Administrator) වගේ exam එකක් කර ගැනීම වැදගත් වේවි.Youtube එකෙහිද ඕනෑ තරම් ඉගෙන ගැනීමට දේවල් ඇත - Edureka, Freecodecamp

2. Cyber Security
මෙහිදීනම් බොහෝ විට වැදගත් වන්නේ පළපුරුද්දයි.ඕනෑම සමාගමක් Cyber Security Engineer/Expert කෙනෙක් ලෙස බඳවා ගන්නේ ඒ ගැන හොඳ දැනුමක් ඇති පළපුරුද්දක් ඇති කෙනෙක්වයි. මොකද ඔහු තම network එක ගැන සම්පුර්ණයෙන් වග කිව යුතු නිසා ඔබේ සුළු අත් වැරද්දක් නිසා තම රැකියාව පවා අහිමි වීමට ලක් විය හැකිය.ඉගෙන ගැනීමට TryHackMe, Hackthebox වගේ වෙබ් අඩවි ඇති අතර Cyber Security වලින් degree එකක් හෝ master එකක් තිබේනම් ලොකු වාසියකි.Exams ගැන හිතනවානම් CISSP, eLearnSecurity Junior Pe*******on Tester වගේ exam එකක් කිරීම ලොකු වාසියක් වෙයි. මම මෙහිදී CEH exam එක ගැන කතා නොකරමි. වැය කරන මුදලත් සමඟ මේ වනකොට එයට ඇති පිළිගැනීම සෑහීමකට පත් විය හැකිද යන්න ඔබට Job vacancies search කිරීමෙන් අදහසක් ලබා ගත හැකිය. CISSP recommend කරන්නේ ඔබට එමගින් ලැබෙන දැනුම ඉතාමත් වටිනා බව දන්නා නිසාය. Cyber Security basics ඉගෙන ගැනීමට
https://youtu.be/Cf152evvw0s

3. Cloud Networking/Security
Cloud ගැන ඉගෙන ගන්න කෙනෙක්ට Azure හෝ AWS තෝරා ගත හැකිය. Udemy එකෙහි ඕනෑ තරම් courses ඇති අතර Azure Fundamentals AZ900 exam එක නොමිලේම ලබා ගැනීමට අවශ්‍යනම් පහත link එකෙන් වී register ඔවුන්ගේ Virtual Training Days - Fundamental event එකට දවස් දෙකම log වුවහොත් AZ900 Free exam voucher එකක් ලබා ගත හැකිය.

https://info.microsoft.com/AP-HCS-CATALOG-FY23-07Jul-13-Microsoft-Azure-Virtual-Training-Day-Fundamentals-Series-SRDEM115976_Catalog-Display-Page.html
මතක ඇතුව Microsoft Azure Virtual Training Day: Fundamentals select කර booking එකක් දා ගත් පසුව International time standards ගැන දැනුවත් වී ඉන්න. නැතිනම් ඔබට event එක miss වේවි.

4. AI/IoT/Data Science
මෙයනම් මම recommend කරන්නේ වයස අඩු, අලුතින්ම field එකට එන අයටයි.මොකද මේක ලංකාවට පවා අලුත් තවමත් ඉගෙන ගැනීමට resources මෙරට සොයා ගැනීමට ටිකක් අපහසු නිසාවෙනි. ඉගෙන ගැනීමට තැන්, උගන්වන පුද්ගලයින් සිටින අතර එම හරි දැනුමක් ලබා ගන්න.අනාගතයේ ලොකු ඉල්ලුමක් පවතින, job security එක අතින් ඉහල තැනක මෙය ඇති බව කිව යුතුමය.ඔබ AI based ChatGPT ගැන දැනටමත් අවබෝධයක් ඇතිනම් ඒ ගැන වැටහේවි. ඒ ගැන මම කරපු වීඩියෝව සහ අනාගතයේ මෙන්ම මේ කාලයේ ඉල්ලුමක් හැදෙන Network Automation/Network Developer job ගැන කරපු වීඩියෝ එකත් බලා දැනුවත් වෙන්න. IoT/Data Science ගැන ඉගෙන ගැනීම කවදාවත් අපතේ නොයන, රැකියාවන් ඔබව සොයා එන field එකක් බවට පත් වේවි.
ChatGPT - https://youtu.be/xk_N7wg1fjo
Network Developer - https://youtu.be/JNjVC0RLsXk

තව කතා කිරීමට දහසක් දේවල් ඇති මුත් මෙතනින් නවතන්නේ මේ field එකට එන්න ඉන්න අයට මුකුත්ම නොදැන එනවාට වැඩ යම් අදහසක් ගැනීමේ අරමුණින් පමණක් මම මෙය ලිවීමේ බලාපොරොත්තුව උන නිසාවෙනි. මෙහි ඇති මගේ Youtube link එකකින් පවා මම බලාපොරොත්තු වන්නේ ලංකාවේ යම් දරුවෙක් යම් අලුත් වැඩදායි දෙයක් ඉගෙන ගෙන තම ඉලක්ක සපුරා ගනීවි යන්නයි.

ඔබේ සිහින වලට යාමට සුබ පතමි.
~වෙනුර මෙන්ඩිස්~

Wenura Mendis

❤❤
01/01/2023

❤❤

Literally a gaming chair hahaha 😄😄
24/12/2022

Literally a gaming chair hahaha 😄😄

Sampath Tilakumara on stage of Devfest Sri Lanka 2022 👏 LSEG in Sri Lanka
11/12/2022

Sampath Tilakumara on stage of Devfest Sri Lanka 2022 👏 LSEG in Sri Lanka

Devfest Sri Lanka 2022 with Sajeetharan Sinnathurai 👏
11/12/2022

Devfest Sri Lanka 2022 with Sajeetharan Sinnathurai 👏

කොක්ටේල් with   Sri Lanka 2022  👏👏
11/12/2022

කොක්ටේල් with Sri Lanka 2022 👏👏

මේ ජාතියේ කෙල්ලෙක් කීයක් විතර වෙයිද.. 😥
25/11/2022

මේ ජාතියේ කෙල්ලෙක් කීයක් විතර වෙයිද.. 😥

Address


Alerts

Be the first to know and let us send you an email when Dusha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share