Doctor Magazine
- Home
- Doctor Magazine
The Pioneer Health & Medical Journal in Sri Lanka ශ්‍රී ලාංකීයය ප්‍රථම වෛද්‍ය සඟරාව මෙන්ම,
පාඨක හදවත් තුල නම රැන්දූ සාර්ථකම මාසික වෛද්‍ය තොරතුරු කලාපය
Address
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Doctor Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Business
Send a message to Doctor Magazine:
Shortcuts
- Address
- Telephone
- Alerts
- Contact The Business
- Claim ownership or report listing
-
Want your business to be the top-listed Media Company?
මෙතෙක් කතාව
“වෛද්‍යවරයා” සඟරාව මේ රටේ ආරම්භ කරන ලද ප්‍රථම මාසික වෛද්‍ය සඟරාවයි. (ආරම්භය 1995) රටේ ජනතාවගේ සුව සම්පත සාක්ෂාත් කරණූ රිසියෙන් කීර්තිමත් විශේෂඥ වෛද්‍ය උපදේශක මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වන “වෛද්‍යවරයා” විසිතුන් වසරක් පුරා මේ රටේ ජනතාවගේ වෙද, විදු පවස නිවන්නනට අනුපමේය මෙහෙයක් සිදු කරන ලද අතර එය නිබඳ මේ රටේ බුද්ධිමත් ජනතාවගේ ආදරය, ගෞරවය දිනූ සඟරාවක් මැ විය. අද අපේ රටේ ජනතාව විශාල සෞඛ්‍යමය අවදානමකට ලක්ව සිටින යුගයකි. අප කනබොන දෑ නොපිට පෙරළී තිබෙන අතර, ව්‍යායාම මඳකම, සංකීර්ණ මනෝ ලතැවුල් ඇසුරේ බෝ නොවන රෝග රාශියක් ඇති වීමේ විශාල අවදානමකට සමස්ත ජනතාවම ලක්ව සිටී. අප, ඔබතුමන්ලා මෙන්ම අපේ ආදරණීය නොදරුවන්ද මේ අවදානමේ ගොදුරු බවට පත් වෙමින් සිටී. අද දවසේ අප ඉදිරියේ ඇති මේ විශාල අභියෝගය ජය ගැනීමට “දැණූවත් වීම හා ඒ ඇසුරේ ජීවන රටාව වෙනස් කර ගැනීම” මිස වෙනත් විකල්පයක් අප වෙත නොමැත. දිවයිනේ ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශන ආයතනය වශයෙන් අපේ අදිටන වන්නේ මේ රටේ ජනතාව මේ අනතුර සම්බන්ධයෙන් දැනුවත් කරමින් මතුව එන අවදානමෙන් අපේ ජාතියේ වටිනා මානව සම්පත වෙත ආරක්ෂාව ලැබීමට මාර්ගෝපදේශණයක් සැලසීමයි. “වෛද්‍යවරයා” සඟරාවේ අප ඒ අරමුණ පෙරදැරි කරගෙන මේ රටේ කීර්තිමත් වෛද්‍යවරුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සුව සේවා සපයන්නන් හා ඒකාබද්ධව ඔබේ සුව දැණූම ප්‍රවර්ධනයෙහිලා මාසිකව දැණූම සමුච්ඡයක් ගෙන ඒන්නෙමු. “වෛද්‍යවරයා” - අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥ සම්පත් දායකයින්ගෙන් සමන්විත පරීක්ෂක මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කිරීමෙන් පසුව දිවයිනේ පාසැල් සිසුන්ගේ පරිශීලනයට සුදුසු සඟරාවක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමන් විසින් අනුමැතිය ලබා දී තිබේ. :යොමු අංක ED/1/21/7/19 හා 2018.09.19
අප දිවයිනේ කීර්තිමත් වෛද්‍යවරුන්ගේ සහයෝගය, මාර්ගෝපදේශණය ලබා ගන්නෙමු. දිවයිනේ ප්‍රමුඛ වෛද්‍ය ආයතන හා තොරතුරු හුවමාරු කර ගන්නෙමු. විශේෂයෙන්ම ඔබේ ජීවිත සුරකින වඩාත් නිවැරදි සුව දැණූම මේ රටේ ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රමාණික විදුදරයන් ඇසුරේ ලබාගෙන ඒවා නැවුම්ව, සරළ බස් වහරකින් ඔබ වෙත ගෙන එන්නෙමු. මේ සියල්ල ඇසුරේ සෑම මාසයකම ඔබේ ආරක්ෂාවට, සුව සම්පතට අවශය කෙරෙන ප්‍රමාණික සෞඛ්‍ය උපදෙස්, මාර්ගෝපදේශන හුරුබුහුටි “වෛද්‍යවරයා” සඟරාවෙන් ඔබ අතට පත් කරන්නෙමු.
අප මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේත්, ඔබේ ආදරණීය පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාවේ පණිවිඩයයි. ඔබේ අනාගත සුරක්ෂිතතාවයේ, වැදගත්ම ආයෝජනයේ පණිවිඩයයි. සෑම මාසයකට වරක් නිකුත් කෙරෙන මෙම වටිනා සෞඛ්‍ය වෛද්‍ය සඟරාව ඔබේ නිවෙසේ පරිහරනය පිණිස මිලදී ගන්නා ලෙස අප ඔබට ආරාධනා කරමු. මෙයින් සෑම මාසයකදීම ඔබේ බුද්ධියට ආමන්ත්‍රණය කරන වටිනා සුව දැණූම සමුච්ඡයක් සවියෙන් සන්නද්ධ වීමට අවස්ථාව සැලසෙන අතර නියත වශයෙන්ම එය ඔබේත්, ඔබේ පවුලේ සියළු දෙනාගේත් ආයු, ආරෝග්‍යය පිණිසම හේතු වනවා නිසැකය.