Lanka E-reporter

  • Home
  • Lanka E-reporter

Lanka E-reporter Lanka E-reporter is an online Sri Lanka latest, entertainment, political, world, sports and gossip news portal published in Sinhala and Englsih language.

We are committed to deliver the most reliable, accurate and timely information to the public.

25/12/2023
ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි.. අද සිට ප්‍රදේශ රැසකට තද වැසි..අද (29) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද...
29/11/2023

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි.. අද සිට ප්‍රදේශ රැසකට තද වැසි..

අද (29) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, අන්දමන් දූපත් ආශ්‍රිත අඩු පීඩන කලාපයේ බලපෑම මීට හේතුවී ඇති බවය.

ඊසාන දිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් ඇති බව ද ඔහු පැවසුවේ ය.

නැගෙනහිර, මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්වේ.

අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමේදී විමසිලිමත් විය යුතු බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ය.
(News 1st)

නෙදර්ලන්ත භාරයේ තිබූ පුරා වස්තු 6ක් මෙරටට භාරදෙයිවසර 150කට අධික කාලයක් නෙදර්ලන්ත භාරයේ තිබූ මෙරටට අයත් පුරා වස්තු 6ක් අද...
29/11/2023

නෙදර්ලන්ත භාරයේ තිබූ පුරා වස්තු 6ක් මෙරටට භාරදෙයි

වසර 150කට අධික කාලයක් නෙදර්ලන්ත භාරයේ තිබූ මෙරටට අයත් පුරා වස්තු 6ක් අද අලුයම යළිත් ශ්‍රී ලංකාවට භාර දී තිබේ.
(News 1st)

12 more Gaza hostages and 30 more Palestinian prisoners released under truceuesday was the first of a two-day extension ...
29/11/2023

12 more Gaza hostages and 30 more Palestinian prisoners released under truce

uesday was the first of a two-day extension to a break in fighting that will run out in 24 hours’ time.

But there is a good chance, I think, that we will then see another 48-hour extension agreed by the two parties.

It’s clear that both sides seem to want that, as long as we have this process going more or less according to plan – with very little in the way of interruptions or challenges.

We don’t know the state of the negotiations that have been going on, but we know they’ve been going on. Efforts to keep this truce going will be intense.

But don’t forget that when this process is over, Israeli Prime Minister Benjamin Netanyahu says his troops are planning to continue their operations in Gaza with what he calls “full force”.
BBC

ICC to deliberate on SLC’s suspension, hosting of U-19 World Cup todayThe International Cricket Council (ICC) is slated ...
21/11/2023

ICC to deliberate on SLC’s suspension, hosting of U-19 World Cup today

The International Cricket Council (ICC) is slated to make a decision in respect of the temporary ban imposed on the national cricket governing body today (Nov.21).

Sri Lanka Cricket (SLC) was suspended by the ICC on November 10, on account of the failure to manage its affairs autonomously and ensure that there was no government interference in its governance, regulation and administration.

Foreign media reported that the ICC’s board meeting scheduled for today in Ahmedabad would deliberate the suspension of SLC, the future of ODI cricket and the revival of a high-performance program aimed at the top Associate nations and some Full Members.

During the meeting, the ICC board members will also deliberate on the conditions for lifting the suspension and whether Sri Lanka should remain hosts of the Men’s Under-19 World Cup in January and February.

The opinion of ICC’s Deputy Chairman Imran Khwaja, who visited here in May on a fact-finding mission, is said to be highly influential at this meeting.
Adaderana

Fairly heavy showers are expected in parts of the islandThe Meteorology Department says showers or thundershowers will o...
21/11/2023

Fairly heavy showers are expected in parts of the island

The Meteorology Department says showers or thundershowers will occur at several places in most island provinces after 01.00 p.m.

Fairly heavy showers above 75 mm are likely at some places in Central, Sabaragamuwa, North-western and Uva provinces.

Showers may occur at some places in Northern and Eastern provinces and in Hambantota district during the morning too, it said.

Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, and Uva provinces during the morning.

The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.

Sea Areas:

Showers or thundershowers will occur at several places in sea areas around the Island particularly during the afternoon or night.

Winds will be South-easterly in direction or Variable over the sea areas around the island. Wind speed will be 20-30 kmph.

The sea areas around the island will be slight.

Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.. සභාව විනාඩි 5කට කල් තැබේ..විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අ...
21/11/2023

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.. සභාව විනාඩි 5කට කල් තැබේ..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බාධා එල්ල වීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 5 කට කල් තබා තිබේ.
විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් සිටියේ, රටේ ආර්ථික බංකොළොත්භාවය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳවයි.

එහි වැරදිකරුවන්ට දෙන දඬුවම කුමක්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ ය.
-News 1st

මහඔයේ ජල මට්ටම ඉහළට... මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්...අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්...
20/11/2023

මහඔයේ ජල මට්ටම ඉහළට... මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්...

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රදේශවලට මහ ගංවතුර මට්ටමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි.

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ප්‍රථමික අංශය සහ කෑගල්ල ශාන්ත මරියා දෙමළ විද්‍යාලය අද (20) වසා තැබීමට තීරණය කර තිබේ.

නායයෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 2ක් රථ වාහන ධාවනය සඳහා තාවකාලිකව වසා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදයකුමාර මහතා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබද රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, අරණායක සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම රතු නිවේදනය නිකුත් කළ බවයි.

ඊට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අදියර එක සහ අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
(News 1st)

Speaker issues special statement on outsiders attending parliamentary committee meetingsThe Speaker of Parliament Mahind...
20/11/2023

Speaker issues special statement on outsiders attending parliamentary committee meetings

The Speaker of Parliament Mahinda Yapa Abeywardena informed the House in a special statement this morning (20) that no outsiders are allowed to enter the meeting rooms during the parliamentary select committee meetings.

Thus, Abeywardena pointed out that except for the members of the committees or other MPs who are not committee members but attend the meeting with proper approval of the committee’s chairman and the officials of external institutions summoned before the committees, if an outsider is to attend any Parliamentary Select Committee meeting prior written approval of the Speaker must be obtained.

The Speaker, who expressed that he has received information regarding various occasions of committee chairpersons going beyond their scope of work in the respective committee, emphasized that all committee chairpersons are bound by parliamentary standing orders to act in a manner that preserves the long-standing traditions of the Parliament.

Furthermore, he informed that it must be ensured that the press releases are issued include only the matters approved by the relevant committees, and in a manner that the government officials of various ministries, departments, and statutory or non-statutory bodies called before the committees, are not inconvenienced.

The Speaker of the House further affirmed that official letterheads should not be utilized for any personal or political errands under any circumstances.

The Speaker’s special statement comes in the aftermath over the controversy surrounding the participation of COPE chairman Prof. Ranjith Bandara’s son, Kanishka Bandara, during the recent Committee on Public Enterprises (COPE) meeting held with Sri Lanka Cricket (SLC) officials.
Adaderana

ඉන්දියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ඔස්ට්‍රේලියාව 6වැනි වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක පහස ලබයිලෝක කුසලාන ක්‍රිකට් තර...
20/11/2023

ඉන්දියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ඔස්ට්‍රේලියාව 6වැනි වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක පහස ලබයි

ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව යළිත් සනාථ කරමින් 6 වැනි වරටත් ක්‍රිකට් ලෝක කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ඒ, වත්මන් ක්‍රිකට් පිටිය තුළ නම් දරා සිටින ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය කඩුලු 6කින් ජය ගනිමිනි.

ලෝක ශූරයින් තීරණය වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ආරම්භ වුණේ ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

ඒ, එක්ලක්ෂ තිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙනි.

අද තරගයේ සමාරම්භය ගුවන් යානා සංදර්ශනයකින් වර්ණවත් විය.

තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව රෝහිත් ශර්මා සමග ශුබ්මන් ගිල් ඉන්දීය ඉනිම ආරම්භ කළේ ය.

පළමු කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් ලකුණු 4කට දැවී ගියේ ය.

නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් රැස් කළේ ය.

ඔහු දැවී ගියේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේයි.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 4යි.

විරාත් කෝලි ලකුණු 54ක් රැස් කර තිබේ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලෝකේෂ් රාහුල් ලකුණු 66යි.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් දවා ගත්තේ ය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240කි.

ඉන්දීය ඉනිම අතරතුර කිසියම් පුද්ගලයෙක් ක්‍රීඩා පිටිය තුළට ඇතුල් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ආරක්ෂක අංශ එක්ව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඔහුගේ කමිසයේ පලස්තීනයට සහය පළ කරමින් සටහනක් දැක්වුණි.

මේ වනවිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිමට පෙර ගායන සහ නර්තනාංගවලින් අවසන් මහා තරග රාත්‍රිය වර්ණවත් විය.

ලකුණු 241ක ඉලක්කයකින් ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ්.

වෝනර් ලකුණු 7කට පිටියෙන් ඉවත් වුණි.

මිචෙල් මාෂ් ලකුණු 15කට දැවී ගිය අතර ස්ටීවන් ස්මිත්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 4ක් පමණි.

තුන්වැනි කඩුල්ලට එක්වූ ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලැබුෂේන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් එක්දින පිටියේ පස්වැනි ශතකය රැස් කළේ ය.

ඔහු ලකුණු 137ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් පමණක් අවශ්‍ය මොහොතේදීයි.

ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකාගාරය නිහඬව බලා සිටියදී ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 2 සම්පූර්ණ කරමින් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට දිනා දුන්නේ ය.

1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියා අද විජයග්‍රාහී 6වැනි ලෝක කුසලානය තමන් සතු කර ගෙන තිබේ.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ඔස්ට්‍රේලියාව එකම වසරක් තුළ ලෝක ටෙස්ට් කිරුළ සහ එක්දින ක්‍රිකට් කුසලානය යන දෙකම දිනා ගැනීම විශේෂතවයකි.

එම අවසන් මහා තරග ද්විත්වයේම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේද ඉන්දියාවයි.
(news 1st)

ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අදත්.. ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තය සමිති ක්‍රියාමාර්ගය අද 11 ...
11/11/2023

ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අදත්..

ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තය සමිති ක්‍රියාමාර්ගය අද 11 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ ජන හා නිවාස සංගණයේදී එක් ගෘහයක් සඳහා ලබා දෙන රුපියල් 30 දීමනාව 65 ක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලමින් ය.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිය ගැටලුව විසඳීම සඳහා මෙතෙක් මැදිහත්වී නොමැති බවයි.

ග්‍රාම නිලධාරින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි, ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
(News 1st) –

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka E-reporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka E-reporter:

  • Want your business to be the top-listed Media Company?

Share

Lates and hot news in Sri Lanka

Lanka E-reporter is an online Sri Lanka latest, entertainment, political, world and sports news portal published in Sinhala and English languages. We are committed to deliver the most reliable, accurate, and timely information to the Sri Lankan people all over the world, and it includes Ethnic, Government, Politics, Sports, Education, Health, Environment, Economy, Whether forecast, Business, Fashions, Entertainment as well as quirky, or unusual events. The portal will reside of sections addressing different information needs. It informs, provides extensive resources and services online for the public. Lanka E-reporter provides you with the latest breaking news and videos straight from Sri Lanka and other parts of the world.

#lankaereporter

https://lankaereporter.com