Madu Sampatha මාදු සම්පත

  • Home
  • Madu Sampatha මාදු සම්පත

Madu Sampatha මාදු සම්පත The only choice of environmentalists
පරිසර හිතකාමීන්ගේ එකම තේරීම

භටයින් භට පිටිය බලපිටිය යනුවෙන් ව්‍යවහාර වූ අතර අභිමානවත් පුරවැසියන් බොහෝ දෙනෙකුගේ ජන්ම භූමිය බලපිටිය විය. බලපිටිය පුරවරය මාදු ගං කොමලියගේ සුන්දරත්වය හා පවතින ජෛව විවිධත්වය නිසා රැම්සා තෙත් බිම් පනත යටතේ අභය භූමියක් බවට පත්විය.

27/07/2025
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි  නම් අළුගෝසුවනේ එල්ලාපන්. කටු ඉඹුලේ අප එල්ලාපන්.අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් 💪🔥👌
26/07/2025

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අළුගෝසුවනේ එල්ලාපන්.
කටු ඉඹුලේ අප එල්ලාපන්.

අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් 💪🔥👌

බලපිටියට මාදු සම්පතෙන් තවත් පරිසර හිතකාමී  වැඩක්.මාදු සම්පත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කණ්ඩායම. බලපිටිය ප්‍රදේශය ආශ්‍රිත...
20/07/2025

බලපිටියට මාදු සම්පතෙන් තවත් පරිසර හිතකාමී වැඩක්.

මාදු සම්පත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කණ්ඩායම. බලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව එකතු වන , අපහරණය කරන ප්ලාස්ටික් බෝතල් සහ බීම කෑන් එකතු කිරීමේ වැඩසටහන.

අද දින දෙවන තොගය ලෙස කිලෝග්‍රෑම් 650 ට වැඩි ප්‍රමාණයනයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කළා.
මාදු සම්පත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කණ්ඩායමේ සාමාජිකත්වයට ජීවනෝපාය මාර්ගයක් වගේම පරිසරයට විශාල සේවාවක් මෙම ව්‍යාපෘතිය තුළින් සිදුකරනවා.
තැන තැන අක්‍රමවත් ලෙස බැහැර කරන දිරාපත් නොවන මෙම අපහරණ , ගිණි තැබුවේ නම් පරිසරයට විෂදුම එකතු කරන මෙම අපහරණ මෙලෙස ප්‍රතිචක්‍රීකරණයට යොමුකිරීමට හැකිවීම ජයග්‍රහණයකි.

මේ වෙනුවෙන් මාදු සම්පත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කණ්ඩායමට නෙප්චූන් ආයතනය මගින් ඉලෙක්ට්‍රික් බයිසිකලයක් , අත් කරත්තයක් , ජලය කාන්දු නොවන ජ්ම්බෝ බෑග් ලබාදී දිරිගැන්වීම සිදුකරයි. ❤👌💪🔥😍

05/07/2025

මාදු සම්පත පාවෙන අලෙවිසැල මෙහෙයුම් කටයුතු මට්ටමට ගෙන ආ මොහොත.

රුපියල් මිලියන 4කට අධික මූල්‍ය වටිනාකමක් එකතු වී ඇති මෙම කර්තව්‍යය සාර්ථකත්වය කරා ගෙන ඒමට කැපවුණු ,

සම්පත් බැංකුව ( නුවණ් මහත්මා / සම්පත් මහත්මා ඇතුළු කණ්ඩායම )
කොකාකෝලා ආයතනය ( හනන් මහත්මා ඇතුළු කණ්ඩායම )

සියළු කටයුතු සම්බන්ධීකරණය කරමින් , අපේ ව්‍යවසායකයන්ගේ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමේ සිට දායකත්වය දැක් වූ usaid ආයතනය ( රොෂාන් මහත්මා / දුල්මා මහත්මිය )

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය හා ආයතනික සම්බන්ධීකරණය සිදුකරමින් කටයුතු කළ නෙප්චූන් ආයතනය ( සංජීව මහත්මා ඇතුළු කණ්ඩායමට )

පාවෙන අලෙවිසැල යථාර්ථයක් කිරීමට තාක්ෂණික , කාර්මික සැපයුම් සේවා , අමුද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ සම්පාදන කරමින් සහයෝගය ලබාදුන් ආධාර උපකාර කළ ව්‍යවසායක චලන හෙට්ටියාහන්දි මහත්මා , සැලසුම් නිර්මාණ ශිල්පී රොෂාන් මහත්මා ඇතුළු ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවටත්

කාර්මිකයින් වෙනුවෙන් ආහාරපාන සැපයීමේ සිට කාලය , ශ්‍රමය කැපකළ මාදු සම්පත එකමුතුවේ ස්වයං ව්‍යවසායකයන් සියළු දෙනාටත්

නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබාදෙමින් කටයුතු කළ පූජ්‍ය කිරම දේවින්ද ස්වාමීන් වහන්සේ , මාදූවේ සුගතසෝම තිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත්

මෙම කටයුතු යථාර්ථයක් බවට පත් කිරීමට සහාය දුන් ගාල්ල දිසාපතිතුමා , බලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමා , අහුන්ගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු සියලු රාජ්‍ය ආයතන , සියළු නිළධාරීන්ටත්

මෙම කටයුත්ත සමාජ ගතකිරීමට දායක වන හිතවත් මාධ්‍යවේදීන් සියළු දෙනාටත්

මාදු ගඟේ සංචාරක බෝට්ටු ක්‍රියාකරුවන් සහ සංචාරක සැපයුම් සේවා සිදුකරන සියළු පාර්ශ්වයන් වලට සහ මාදූව ගම් වාසීන්ට හෘදයාංගම ස්තූතිය ඵලකර සිටිමු.

මාදු සම්පත පාවෙන අලෙවිසැල මාදුගඟ ආශ්‍රිත විදේශ විනිමය උත්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා අපට සහාය නිරන්තර සපයන සම්පත් බැංකුව , කොකාකෝලා ආයතනය , නෙප්චූන් ආයතනය සහ සියළු ආයතන වලින් ද , ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ සියළු රාජ්‍ය ආයතන වල බලධාරීන්ගෙන් මෙන්ම රටේ ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරිය හා සම්බන්ධ බලධාරීන්ගේ , සමාජ වගකීම දරණ මාධ්‍ය ආයතන , මාධ්‍යවේදී හිතවතුන්ගේ නොමද සහයෝගය අපේක්ෂා කරමු.
එම සියළු පාර්ශ්වයන්ගේ කාරුණික අවධානය දිරිය මිනිසුන් වෙනුවෙන් යොමු වේවා. 🔥👌❤

උත්සාහයේ සතුටු කඳුළු .....මාදු පුර ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අද වන විට තත්ත්වය  ❤👌☝
15/01/2025

උත්සාහයේ සතුටු කඳුළු .....

මාදු පුර ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අද වන විට තත්ත්වය ❤👌☝

සුන්දර සිහිනයක් මැව්වා .....සුන්දර සිහිනයක් මැව්වා .....මාදූ ගං තෙරේ .....මාදු ගඟ ආශ්‍රිතව පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචල...
05/01/2025

සුන්දර සිහිනයක් මැව්වා .....
සුන්දර සිහිනයක් මැව්වා .....
මාදූ ගං තෙරේ .....
මාදු ගඟ ආශ්‍රිතව පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ භාරදූර කර්තව්‍යය සඳහා උරදෙමින් මාදු ගඟ අභය භූමිය හැඩ ගැන්වීමට සැරසෙන " මාදු සම්පත " පාවෙන අලෙවිසැල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද දින සිදුකර ඒ සුන්දර මොහොත .....

මාදු සම්පත පාවෙන අලෙවිසැල බලපිටිය ප්‍රදේශයේ ස්වයං ව්‍යවසායකයන් 15කට වැඩි පිරිසකගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා නොබෝ දිනකින් සේවා සපයනු ඇත.

අවසාන ඡායාරූප පෙළ ස්වයං නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වන අතර පාසල් දරුවන් වෙනුවෙන් සකස් කරන ලද පරිසර හිතකාමී රෙදි බෑග් ඡායාරූප ද , ඇතුළත් වේ. ඇණවුම් පවතින්නේ නම් ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඔබ අතට පත්කිරීමට අප ව්‍යවසායන් සූදානමින් පසු වේ.

රටට බරක් නොවී ස්වයං ව්‍යවසායකයන් තුලින් විදේශ විනිමය මෙරට ගෙන ඒමට හා පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට වෙහෙසෙන බලපිටිය " මාදු සම්පත ස්වයං ව්‍යවසායකයන්ගේ එකමුතුව " වෙනුවෙන් ජය පතමි.

දිරිය මිනිසුන් වෙනුවෙන් ඔබේ අතහිත ලබාදීමට හැකි නම් .....
අමතන්න - 0715631146 ( දුමිඳු )

මාදු සම්පත ස්වයං ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා ගුණාත්මක නිමාවක් ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ දෙදින පුහුණු වැඩසටහන 2024/12/...
13/12/2024

මාදු සම්පත ස්වයං ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා ගුණාත්මක නිමාවක් ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ දෙදින පුහුණු වැඩසටහන 2024/12/12 සහ 13 දෙදින බේරුවල The palms හෝටල් පරිශ්‍රයේදී පැවැත් වූ අතර කැමරා කාචයේ සටහන් වූ එහි විශේෂ අවස්ථා. 👌❤

ප්ලාස්ටික් පොලිතීන් භාවිතය අවම කිරීම වෙනුවෙන් විකල්ප නිෂ්පාදන බලගැන්වීම අපගේ මූලික අරමුණයි. ☝👌❤

මාදු ගඟ අභය භූමියේ , සංචාරක කලාපය ආශ්‍රිතව ජීවිකාව ගෙවන දිරිය මිනිසුන්ගේ පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන අලෙවි කරගන්න අවස්ථ...
04/11/2024

මාදු ගඟ අභය භූමියේ , සංචාරක කලාපය ආශ්‍රිතව ජීවිකාව ගෙවන දිරිය මිනිසුන්ගේ පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන අලෙවි කරගන්න අවස්ථාව නිර්මාණය කරන්න , සකස් කරමින් පවතින " මාදු සම්පත " පාවෙන අලෙවිසැල ඉක්මනින් සාර්ථක කරගන්න ඔබේ කාරුණික සහයෝගය ලබාදෙන්න.

සරණක් ඇවැසි මිනිසුන් වෙනුවෙන් භාණ්ඩ මළු පරිත්‍යාග වෙනුවට , ඔවුන්ගේ දිරිය ශක්තියෙන් නිෂ්පාදන සිදුකර ඒවා අලෙවි කරගන්න අවස්ථා නිර්මාණය කර , ඔවුන්ගේ ජීවනෝපාය සරිකර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයයි.

මේ තුලින් ,
1. පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන අලෙවි අවස්ථා පුළුල් වීම.
2. ක්ෂුද්‍ර පරිමාණ ස්වයං ව්‍යවසායකයන්ගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බවට පත් කිරීමට හැකි වීම.
3. විදේශ විනිමය මෙරටට ලබාගත හැකි නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම.
4. සරණක් අවශ්‍ය මිනිසුන්ට භාණ්ඩ මල්ලක් වෙනුවට වසර පුරා අවශ්‍ය භාණ්ඩ මිලට ගත හැකි ආර්ථිකයක් නිර්මාණය වීම.
5. ප්ලාස්ටික් පොලිතීන් භාවිතය වෙනුවට විකල්ප නිෂ්පාදන බිහිකිරීම.
6. කාන්තා මූලික පවුල් රැසකට ස්ථීර ආදායම් මාර්ග උත්පාදනය.
7. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් නිර්මාණය කිරීම.

සුන්දර මාදු ගඟ අභය භූමිය ආරක්ෂා කරගෙන මිනිසුන් සහ ගහකොළ මෙන්ම සතා සිව්පාවුන්ගේ පැවැත්ම සමහන් කිරීමට කාලෝචිත වූ මෙවන් ව්‍යාපෘති තව තවත් බිහිකිරීමට ඔබේ මාහැඟි ආධාර උපකාර ලබා දෙමු.

වැඩිදුර තොරතුරු සඳහා ඇමතුම් 0715631146 Whtsapp / Contacts

නවතම බෑග් විලාසිතා. ☝අමුරෙදි ආශ්‍රයෙන් නිමැවූ බතින් සහ පින්තාරු බෑග්. මාදිලි රැසකින්. ☝පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන. පරි...
11/09/2024

නවතම බෑග් විලාසිතා.

☝අමුරෙදි ආශ්‍රයෙන් නිමැවූ බතින් සහ පින්තාරු බෑග්. මාදිලි රැසකින්.

☝පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන. පරිසර හිතකාමීන්ගේ එකම තේරීම.
" මාදු products " ❤🔥💪😘

☝කාන්තා මූලික පවුල් කිහිපයක දිරිය කාන්තාවන් අතින් නිමැවෙන දුෂ්කර එහෙත් සුන්දර මාදු පුරයේ නිෂ්පාදන ඉතා උසස් නිමාවක් සමඟ ඔබ අතට. ඔබත් ශක්තියක් වෙමු. 💪

☝හැඩට වැඩට අරන් යන්න 👌🔥❤

දැන්ම ඇණවුම් කරන්න. අමතන්න 0715631146 Whtsapp / Normal

Address


Telephone

+94715631146

Website

Alerts

Be the first to know and let us send you an email when Madu Sampatha මාදු සම්පත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share