See TV

See TV මේ දේශයේ සිහනදයි..!!!

https://www.youtube.com/watch?v=fAnqgDYIgrw
26/08/2024

https://www.youtube.com/watch?v=fAnqgDYIgrw

අනුර කුමාර දිසානායක 2024 මැතිවරණ ගීතය - Anura Kumara Dissanayake Campaign Song 2024මහා මේඝයක වලා තීරයක සැඟවුන හිරු කිරණයි..හදේ ගලා ගිය සුනිල් සි.....

25/08/2024

"දිනුම අනුරයි.."

මහා මේඝයක වලා තීරයක සැඟවුන හිරු කිරණයි..
හදේ ගලා ගිය සුනිල් සිහිල් දිය වියලුනු මගෙ දෙරණයී..
බලාපොරොත්තුව හදේ කොනක හිඳ හිනැහෙනයුරු අරුමයි..
අපේ සිහිනයට අපේ දේශයට සිනහව තව උරුමයි..

අරුණේ අවදිවන බලාපොරොත්තුව ජන හදවත පුබුදයි..
දෙරණේ සිව් දෙසම මදහස නන්වන රන් මුතුපොට අමුණයි..
උරුමේ අරුණ කිම ජයදද නන්වන ජන පදනම අරුමයි..
දිනුමේ පෙනුම ඔබ ජනහද රන්දන රටම සොයුර ඔබටයි..

දැයම අරුණයි..
පැතුම තරුණයි..
කිරුළ උරුමයි..
දැනුන අනුරයි..

දැයම අරුණයි..
පැතුම තරුණයි..
කිරුළ උරුමයි..
දිනුම අනුරයි..

මහා ජන ගඟක උදාර පැතුමක ඉදිවන නව යුගයයි..
උදා ඉරෙන් පිපි සදා කුසුම වැනි පින්බර ලක් දෙරණයි..
ඉන්ද්‍රඛීලයක නොසැලෙන ගමනක සවි බල ඇති යුගයයි..
රම්‍ය තීරයක ස්වර්ණ ‍රාජයක අරුණලු නැගෙන හෙටයි..

අරුණේ අවදිවන බලාපොරොත්තුව ජන හදවත පුබුදයි..
දෙරණේ සිව් දෙසම මදහස නන්වන රන් මුතුපොට අමුණයි..
උරුමේ අරුණ කිම ජයදද නන්වන ජන පදනම අරුමයි..
දිනුමේ පෙනුම ඔබ ජනහද රන්දන රටම සොයුර ඔබටයි..

දැයම අරුණයි..
පැතුම තරුණයි..
කිරුළ උරුමයි..
දැනුන අනුරයි..

දැයම අරුණයි..
පැතුම තරුණයි..
කිරුළ උරුමයි..
දිනුම අනුරයි..

සංකල්පය සහ පද රචනය - විමුක්ත පත්මසිරි

Address


Alerts

Be the first to know and let us send you an email when See TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share