Nuradhika Serasinghe

  • Home
  • Nuradhika Serasinghe

Nuradhika Serasinghe artist

❤️❤️❤️
13/03/2026

❤️❤️❤️

🗼 අයිෆල් කුලුණ – පැරීසියේ හදවත, ප්‍රංශයේ ගෞරවයපැරීසිය කියනකොට අපේ මනසට මුලින්ම එන සංකේතය තමයි අයිෆල් කුලුණ (Eiffel Tower...
07/02/2026

🗼 අයිෆල් කුලුණ – පැරීසියේ හදවත, ප්‍රංශයේ ගෞරවය
පැරීසිය කියනකොට අපේ මනසට මුලින්ම එන සංකේතය තමයි අයිෆල් කුලුණ (Eiffel Tower). ආදරය, කලාව, ඉතිහාසය සහ සිහින එකට බැඳුණු මේ අද්භූත ව්‍යුහය අද ලෝකයම ආකර්ෂණය කරන අගනා ස්ථානයක්.
1889 වසරේ පැරීසියේ World Fair (Exposition Universelle) සඳහා ඉදි කරන ලද මේ කුලුණ නිර්මාණය කළේ ප්‍රසිද්ධ ඉංජිනේරු ගුස්ටාව් අයිෆල් (Gustave Eiffel) විසිනි. ආරම්භයේදී මෙය “තාවකාලික ව්‍යුහයක්” ලෙස සලකා තිබුණත්, අද එය ප්‍රංශයේ නොමැකෙන සංකේතයක් වී ඇත.
අයිෆල් කුලුණේ උස මීටර් 330ක් පමණ වන අතර, යකඩ කොටස් 18,000කට වැඩි ප්‍රමාණයක් එකතු කර ඉදි කර ඇත. එය මට්ටම් 3කින් සමන්විතයි.
🔹 පළමු සහ දෙවන මට්ටම් – රෙස්ටුරන්ට්, කෆේ, දර්ශන වේදිකා
🔹 තුන්වන (ඉහළම) මට්ටම – පැරීසිය මුළුල්ලේම දිස්වන අතිවිශාල දර්ශනයක්
රාත්‍රියේදී අයිෆල් කුලුණ ලක්ෂ ගණනක ලාම්පු වලින් දිලිසෙන විදිහ නම් වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. සෑම රාත්‍රියකම පැය කිහිපයකට එකවර සිදුවන එම “sparkling lights” දර්ශනය දකින එක ජීවිතේ අමතක නොවන අත්දැකීමක්.
අද වනවිට අයිෆල් කුලුණ වසරකට මිලියන 7කට අධික සංචාරකයන් ආකර්ෂණය කරන ලෝකයේ ජනප්‍රියම සංචාරක ස්ථාන අතරින් එකකි. සීන් නදිය අසල සිට, හෝ කුලුණ ඉහළින් සිට, පැරීසිය බලන විට “City of Love” කියන නාමය ඇත්තටම සාධාරණයි කියලා හැඟෙනවා.
✨ අයිෆල් කුලුණ කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි ඉතිහාසය එකට බැඳුණු සංකේතයක්.
පැරීසියට යන කෙනෙක්ට අයිෆල් කුලුණ දැක නොගිහින් ආවොත්, ඒ ගමන සම්පූර්ණ වෙන්නේ නැහැ 💙
❤️නූ❤️
2026/02/01

#අයිෆල්_කුලුණ

🏛️ Paris Opera House – Palais Garnier |  🇫🇷✨පැරීසියේ තියෙන ලස්සනම, වටිනාම ගොඩනැගිලි වලින් එකක් තමයි Palais Garnier කියන්...
02/02/2026

🏛️ Paris Opera House – Palais Garnier | 🇫🇷✨
පැරීසියේ තියෙන ලස්සනම, වටිනාම ගොඩනැගිලි වලින් එකක් තමයි Palais Garnier කියන්නේ. මෙය නිර්මාණය කර ඇත්තේ 1861 – 1875 අතර කාලයේදී, ප්‍රංශ අධිරාජ්‍යයෙක් වුණ Napoleon III ගේ නියෝගයෙන්. මේ අතිශය විශාල ව්‍යාපෘතියේ ප්‍රධාන ආර්කිටෙක්ට් වුණේ Charles Garnier. ඔහුගේ නමෙන්ම තමයි අදත් මේ ඔපෙරා හවුස් එක හැඳින්වෙන්නේ.
මේ ගොඩනැගිල්ල Beaux-Arts architectural style එකට අයත් එකක්. රන් වර්ණ අලංකාර, විශාල තීරු (columns), මූර්ති, චිත්‍ර, සහ විශාල දර්පණ – හැම දෙයක්ම එකට එකතු වෙලා මෙය සම්පූර්ණයෙන්ම රාජකීය හැඟීමක් දෙනවා 👑
ඇතුළට ඇවිත්ම මුලින්ම හමුවෙන්නේ Grand Staircase එක. මුලින් ම මෙහි පිවිසෙන්නෙකුට නම් මේ පඩිපෙළ එකිනෙක නගිද්දි ඇස් දෙකට නිදහසක් නම් ලැබෙන්නෙ නැහැ.එය එතරම් ම මනසකාන්ත දර්ශනයක්. ඒ නිසාම මෙය නාට්‍යයක් පටන් ගන්න කලින්ම සිනමා දර්ශනයක් වගේ 😍
🎭 Main Auditorium එක ඇතුළට ගියාම රතු සහ රන් වර්ණයෙන් සැරසුණු අති විශාල ශාලාවක් දකින්න ලැබෙනවා. මෙතන 2,000කට අධික ප්‍රේක්ෂකයින්ට එකවර නාට්‍යයක් නැරඹීමට පුළුවන්. ඉහළ තියෙන ceiling එක 1960 දශකයේදී ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වුණ Marc Chagall විසින් අඳින ලද්දක්. ඒ චිත්‍රයේ ප්‍රසිද්ධ ඔපෙරා සහ බැලේ කතා රූප වලින් දැක්වෙනවා.
මෙම ඔපෙරා හවුස් එකට සම්බන්ධ තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි “The Phantom of the Opera”. මේ කතාවට ආධාර වෙලා තියෙන්නේ Palais Garnier එකේ ඇතුළත තියෙන රහසිගත කොරිඩෝර්, බිම් යට වැව් (underground lake) සහ අද්භූත සිද්ධීන් ගැන පැරණි කතා. ඒ නිසාම මෙතනට ආවම ගුප්ත බවක් දැනෙනවා 🖤
අද වෙද්දි Palais Garnier භාවිතා වෙන්නේ ප්‍රධාන වශයෙන් ballet performances, special concerts සහ guided tours සඳහා. නාට්‍යයක් බලන්න බැරි වුණත්, ඇතුළට ඇවිත් මෙය නරඹන එකම ජීවිතේ එක වරක්වත් කරන්නම ඕන අත්දැකීමක් ✨
Paris කියන්නේ ආදරය, කලා, ඉතිහාසය එකට එකතු වෙච්ච නගරයක් කියලා සත්‍යයෙන්ම දැනෙන්නේ Palais Garnier ඇතුළට ඇවිත් එක මොහොතක් හිටියම ❤️

❤️නූ❤️
2026/2/2
🇫🇷✨

“Another dream checked off the list — Louvre Museum, Paris 🤍”
31/01/2026

“Another dream checked off the list — Louvre Museum, Paris 🤍”

28/01/2026
10/01/2026

🖤🩶🤍🩶🖤
10/01/2026

🖤🩶🤍🩶🖤

🌿🌳💚
10/01/2026

🌿🌳💚

05/01/2026
කිසිවෙකුට ඔබව රිදවිය නොහැකි වන තරමට ශක්තිමත් මනසක් ඇති කරගන්නට උත්සාහ දරන්න. මන්ද යත්  ජීවිතය සැම විටම අපට සාධාරණය ඉටු න...
22/12/2025

කිසිවෙකුට ඔබව රිදවිය නොහැකි වන තරමට ශක්තිමත් මනසක් ඇති කරගන්නට උත්සාහ දරන්න. මන්ද යත් ජීවිතය සැම විටම අපට සාධාරණය ඉටු නොකරයි..❤️❤️❤️❤️❤️

06/12/2025

Walking ❤️

❤️
19/11/2025

❤️

Address

Kottawa

300240

Telephone

+94768936227

Website

Alerts

Be the first to know and let us send you an email when Nuradhika Serasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share