Sarasaviya Weekly Newspaper

  • Home
  • Sarasaviya Weekly Newspaper

Sarasaviya Weekly Newspaper ARUNA GUNARATHNA DAILY MOVIES poster aamir khan
after 7 years Award winning actress Anoja Weerasinghe became a cover photograph.

what;s the truth of pioneers film exbhitors in sri lanka. READ SARASAVIYA EVERY THURSDAY.VISIT SARASAVIYA WEB EVERYDAY

09/10/2024
මෙරට පුවත්පත්කලාව පිළිබඳ දැවැන්ත මෙහෙයක් කළ ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතා ගැන තොරතුරු ඇත්තේ අල්පයක්. සිළුමිණ පුවත්පතේ ප...
06/10/2024

මෙරට පුවත්පත්කලාව පිළිබඳ දැවැන්ත මෙහෙයක් කළ ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතා ගැන තොරතුරු ඇත්තේ අල්පයක්. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘධුරය දරූ ඔහු එය ඒකල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්‍යාලයක් බවට පත් කළා, බුදුසරණ,නවයුගය හා තරුණී පුවත්පත් ආරම්භ කරන ලද්දේ ඔහු විසින්. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගිය පසු යළි කිසිවිටෙක පුවත්පත් කලාවට එක් නොවූ ඔහු ගංගොඩවිල් ප්‍රදේශයේ ඉතා හොදින් කිසිවෙකුට අත නොපා ජීවත්වුණා. ඔහු ගේ ජනතා මෙහෙය නිසාම ඔහු ජීවත්වූ මාවත ශ්‍රිාලල් හික්කඩුව ලියනගේ මාවත නමින් කලක් නම් කළා, . කොටින්ම ප්‍රදේශයට අවශ්‍ය පාර සකසා දුන්නේත් ඔහු. හැබැයි පසුගිය කාලයේ මේ මාවත පුළුල් කිරිමටත් වෙන දේ කරන්නටත් මගපෑදු ඇතැමෙකු මේ පාරේ නම සහි.ත පුවරුව දැන් ගලවා දමා ඇති බව ආරංචියි. කොහොම උනත් ඔහු ගේ ජීවිතය පිළිබද පර්‌ේයෂණාත්මක අගනා ග්‍රන්ථයක් පසුගියදා එළි දුටුවා. එය රචනා කරන ලද්දේ ඔහුගේ මුණුබුරු වන 14 හැවිරිදි වියේ පසුවන දිල්නුක සිල්වා විසින්. නුදුටු මුත්තා නම් මේ ග්‍රන්ථය ගැන අප කළ සංවාදයක් දැන් යූටියුබ් ඔස්සේ දැක අසා ගත හැකියි.

සිනමා සක්විති ගාමිණී විසි වැනි සංවත්සරය. ප්‍රතිමාව අසල ප්‍රෂ්පෝහාරයට මදකට පෙර වැස්ස නැවතුණා. මේ පුෂ්පෝහාරයෙන් පසු. අහසේ ...
30/09/2024

සිනමා සක්විති ගාමිණී විසි වැනි සංවත්සරය. ප්‍රතිමාව අසල ප්‍රෂ්පෝහාරයට මදකට පෙර වැස්ස නැවතුණා. මේ පුෂ්පෝහාරයෙන් පසු. අහසේ දේදුන්නක් ද පායලා තිබුණේ මෙහෙමයි. ඡායාරූපය _ශෂික රුවන් මාරසිංහ

සුපිරි තරු රැසක් එක් කළ චිත්‍රපටයක්. Aruna Gunarathna යූටියුබ් නාලිකාව ඔස්සේ විමසමු.
08/09/2024

සුපිරි තරු රැසක් එක් කළ චිත්‍රපටයක්. Aruna Gunarathna යූටියුබ් නාලිකාව ඔස්සේ විමසමු.

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්‌ගේ  නාමාවලිය පිරික්සන්නෙකුට මුල්වරට චිත්‍රපට විස්සක් අධ්‍ය්කෂණය කළ සිනමාකරුවා ලෙස හඳුනාගතහැක...
03/09/2024

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්‌ගේ නාමාවලිය පිරික්සන්නෙකුට මුල්වරට චිත්‍රපට විස්සක් අධ්‍ය්කෂණය කළ සිනමාකරුවා ලෙස හඳුනාගතහැක්කේ කේ.ඒ්.ඩබ්ලිව්.පෙරේරාය. ඔහු සම අධ්‍යක්ෂණය කළ පිරිමියෙක් නිසා සහ සුහද සොහොයුරෝ හැරුණු විට තනිවම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 24 ක්. දෙබස් රචකයා ලෙස රේඛාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහුගේ චිත්‍රපට සඳහා මුල් යුගයේ සිට යොදා ගත්තේ කවදත් හරබර යමක් ඔබට කියන යන පාඨයයි. මධුරි චිත්‍රපටය සම්බන්ධව ඔහුත් සමඟ කළ සාකච්ඡාවකදී මම ඔහු හැදින්වූයේ සිංහල සිනමාවේ ජනකතාකරු යනුවෙන්. මේ පාඨය පළ වූදාට පසුදා මට කතා කළ ඔහු එය තමන්ගේ චිත්‍රපට හැඳින්වීමට යොදා ගැන්මට අවසර ඉල්ලා සිටීමට තරම් නිහතමානි වුණා. ඔහු තැනූ වතුර කරත්තය පිලිබඳ මෙවර මගේ ARUNA GUNARATHNA යූටියුබ් නාලිකවේ ඉඩ හසර වෙන්වුණා. පළමු කමෙන්ටුවෙන් හෝ වැඩ සටහන නරඹන ඔබේ ප්‍රතිචාරය අපට දිරියක්.

මෙරට ප්‍රමුඛ පෙළ ව්‍යවාසයකුව සිටි ඇන්තනි අශෝක්කුමාර් පේජ් පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත විය.  ඔහුට අශෝක්කුමාර් යැයි නම් ලැබු...
02/09/2024

මෙරට ප්‍රමුඛ පෙළ ව්‍යවාසයකුව සිටි ඇන්තනි අශෝක්කුමාර් පේජ් පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත විය. ඔහුට අශෝක්කුමාර් යැයි නම් ලැබුණේ මෙරට දෙවැනි කතානාද චිත්‍රපටය වූ අශෝකමාලා නිසායැයි වරෙක ඔහු මට පැවසුවේය. එය නිපදවූයේ ඔහු පසුකලක සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින්ය. දේශිය සිනමා කර්මාන්තයේ නියැලි ඔහු දන්න් බොහෝ දෙනා ඔහුව හැදින්වූයේ බබා යන ආදර නාමයෙන්ය. කොටින්ම ඇන්තනි පේජ් නමට වඩා ප්‍රචලිතව තිබුණේ බබා පේජ් නමින්ය. දේශිය සිනමා ව්‍යාපාරය ගොඩ නැගූ සීමාසහිත සිලෝන් තියටර්ස් සම නිර්මාතෘ චිත්තම්පලම් ඒ්.ගාඩිනර් ගේ මුණුබුරු ව උපන් ඇන්තනි ට බබාැයයි විරුදාවලිය ලැබුණේ ළමා වියේදීය. ඒ් තම මුත්තනුවන් වූ සර් ගාඩිනර් ගේ මෙන්ම පසුකලෙක සිලෝන් තියටර්ස් සභාපති පදවියට පත්ව සමාගම නව මාවතකට ගෙනා පියා වූ ඇල්බට් පේජ් ගේ අතේ එල්ලී කොළඹ 2 කොම්පඥ්ඥ වීදියේ ව්‍යාපාරික කාර්යාලයට පිවිසි කාලයේ සියල්ලෝම හරතලයට බබායැයි ඇමතීමෙනි. ඇන්තනි පේජ් නමින් බ්‍රිතාන්‍ය සිනමාකරුවෙකු මෑත භාගයේ බිහිවිය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‌ෆොබ්ඩ්න් නම් චිත්‍රපටය මා නැරඹුවේ චිත්‍රපට සංස්ථාවේ එවකට පැවැති මිනි සිනමාහලේ දීය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ගේ නම ඇන්තනි පේජ් යනුවෙන් සදහන් වෙද්දී මට යාබද අසුනේ සිටි චිත්‍රපට සංස්ථාවේ එ‍වක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතා මහ හඩින් පැවසුවේ බබා යනුවෙනි. ඇන්තනි පේජ් ට බබා යනුවෙන් හදුන්වනු මා දැන ගත්‌තේ එදාය. මට ඔහු දැන හඳුනාගන්නට ලැබෙනුයේ සිලෝන් තියටර්ස් සමාගමේ එවක ප්‍රචාරක කළමනාකරු ව සිටි තුසිත ද අල්විස් මාර්ගයෙනි. මේ හැඳුනුම්කම නිසාම වතාවක ඔහු සමග සරසවිය පුවත්පතට සාකච්ඡාවකට කැම‌ති කරවා ගන්නට මට හැකිවිය. ඒ් වනවිට පැරණි මැජස්ටික් සිනමාහල කඩා බිඳ දමා ඒ් මත මැජස්ටික් සිටි සාප්ුප සංකීර්ණය ඉදි කරන්නට පටන් ගත් සමයයි. සිනමාහල් පවත්වා ගෙන යෑම ඒහි යාවත්කාලිනවීම පිලිබද බොහෝ කරුණු පිලිබද මගේ මතවාද සියල්ලම පාහේ ඔහුගේ සංවාදය අතරතුර වෙනස්වෙමින් පැවතිණ. ඔහු ඉතා විශ්ෂ්ට අන්දමින් සංඛ්‍යාලේඛන අනුව කර්මාන්තයේ අර්බුදය විග්‍රහ කළේය. එය යාවත්කාලින කළ යුතු නම් ඒ් සඳහා ව්‍යවාසයකයකු හැටියට කළ යුතු දේ ද පැවසුවේය. ඒ් වනවිට කොටහේනේ පිහිටි සමාගමට අයත් සෙල්ලමහල් හා ගෙයිටි සිනමාහල් වෙනුවට ( ඒ් වන විටත් ගෙයිට් එක් වැසි දිනක මහ රාත්‍රියේ පොලවට සමතලා ව තිබිණ., ) ජී.එස්.ටවර් නමින් අලුත් සිනමා සංකීර්ණයක් සඳහා සූදානම් ව තිබිණ. සංවාදය අවසානයේ ඔහු මගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ් ලේක් හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියකු ලවා අලුත් ඡායාරූපයක් රැගෙන දෙන ලෙසටය. ඒ් කාර්යාල මේසය ට ඉහලින් ඒල්ලා තිබුණු සර් ගාඩ්නර් ගේ ඡායාරූපය ත් සමඟ ඔහු අසුන්ඔහු අසුන්ගෙ සිටියදී එ‍යට ඉ හලින් එල්ලා තිබුණු සර් ගාඩිනර් ‌ගේ ඡායාරූපය ද පෙනෙන එකකි. මම ඒ් ඉල්ලීම ඉ ටු කළෙමි. ඇන්තනි පේජ් සමඟ කළ සාවදය පළවූයේ එම ඡායාරූපය ඒක්කය. සී.ටී.,ෆිල්ම්ස් නමින් සිලෝන් තියටර්ස් අනුබද්ධිත නව නිෂ්පාදන සමාගමක් බීහ කළ ඔහු එමඟින් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළේය. එහි මුල් චිත්‍රපටය මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ස්ත්‍රි චිත්‍රපටයයිත දෙවැනුව ශ්‍රියාණි අමරසේන නිෂ්පාදනයක් වූ එ‍ච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ කුලගෙය චිත්‍රපටයයි. තෙවැන්න යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ප්‍රතිඥා ය. සිලෝන් තියටර්ස් සමාගමේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු සක්මන් මළුව නිෂ්පාදනය කරන ලද්දේ සුම්‍රිත්‍රා පීරිස් ගේ අධ්‍යක්ෂණයක් හැටියටය. කුලගෙය මෙන්ම සක්මන් මළුව ද හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය දිනා ගැන්මට සමත්විය. 2000 වසරේ දී මෙරට චිත්‍රපට ප්‍රදර්ශණය යළි පෞද්ගලික අංශයට පැවරීමේ කාර්යයේ දැවැන්ත මෙහෙයුමක් කළ අය අතර ඇන්තනි පේජ් ද එක් අයෙකි. ඒ් වෙනුවෙන් මෙරට මුල්ම චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් තුන (සිලෝන් ත්යටර්ස්, සිනමාස්, සිලොන් එන්ටර්ටේන්ට්මන්ට්ස් ) ඒ්කාබද්ධව ආරම්භ කළ සී.(සිනෙ) ඊ.(එන්ටටේන්ට්මන්ට්ස්)එල්,(ලිම්ටඩ් ) ආරම්භක කලමනාකාර අධ්‍යක්ෂ ධරුය දැරුවේ ද ඔහුය. ලොව සැබෑ ව්‍යවසායකයන් බොහෝ විට සරල ප්‍රසිද්ධිය සොයා නොයති. ඇන්තනි පේජ් ද ඒ් ජාතියේ කෙනෙකි. එකල ඇතැම් වෙලාවක සිලෝන් ත්යටර්ස් කාර්යාලය හා යාබද රීගල් සිනමාහල ඉදිරිපිට මහ මග යන මිනිසුන් දෙස බලමින් නිසොල්මනේ සිගරට්ටුවක් උරන සුදු ඇද ගත් මිනිසකු දැකිය හැකිය. බොහෝ දෙනා ඔහු අදුනන්නේ ද නැත. දන්නා කිසිවකු හෝ දුටු විට පැත්තකට හිස නමා හලෝ යැයි පවසා මද සිනහවකින් සංග්‍රහ කරන්නට ඔහු අමතක කරන්නේ නැත. . ඒ් ඇන්තනි පේජ් යැයි දන්නේ ටික දෙනෙකි. මෙයට එකොලොස් වසරකට පෙර සිදු වූ හදිසි අනතුරකින් පසු ගෙවුණු කාලයම ඔහු ගත කළේ මරණයත් ජීවිතයත් අතර කෙස් ගසක පරතරයක් තබා ගනිම්න්ය. ඒ් කාලය ඇුතළත ලෝකයේ බොහෝ දේ සිදුවුව ද ඔහු ඒ් ගැන දැන සිටියේ නැත. රීගල් අලුත් සිනමාහල් ඉදිවුණ වගක් හෝ ව්‍යාපාර පරිවර්තන ද ඔහුට දැනුනේ නැත. ඔහු තම දියනියට අංජලී ලෙස නම දැම්මේ ඇය උපන් දින වල මෙරට තිරගත වූ මනිරත්නම් ගේ අංජලී චිත්‍රපටය නිසාවෙන්ය. ක්‍රිකට් ලෝකයකු නිසාම පුත් අරවින්ද යැයි නම් ලද්දේය. 1948 වසරේ මාර්තු 21 වැනි දින උපත ලද ඔහු උපදින සමයේ ඔවුන්ගේ සමාගම මඟින් නිපද වූ දෙවැනි චිත්‍රපටය කපටි ආරක්ෂකයා තිර ගත වෙමින් තිබිණ.

31/08/2024

සිලෝන් තියටර්ස් හිටපු සභාපති සරසවිය සම්මාන දිනූ ඇන්තනී ඒ්.පේජ් (බබා ) මහතා අභාවප්‍රාප්ත වෙයි.

කාලයත් සමඟ අමතකව ගියත් අපේ මුල් යුගයේ බිහි වූ දක්ෂ නළුවන් අතර අශෝක පොන්නම්පෙරුම කැපී පෙනෙන නළුවෙක්. සිනමා‌වේ  විවිධ වර්ග...
30/08/2024

කාලයත් සමඟ අමතකව ගියත් අපේ මුල් යුගයේ බිහි වූ දක්ෂ නළුවන් අතර අශෝක පොන්නම්පෙරුම කැපී පෙනෙන නළුවෙක්. සිනමා‌වේ විවිධ වර්ගයේ චරිත සඳහා පණ දුන් අශෝක අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය ප්‍රදීපා. එය 1982 වසරේ තිරයට ආවා. මේ චිත්‍රපටයට පාදකවූයේ ඔහු විසින් ලියන ලද ඇයි මට මෙහෙම උනේ නම් නවකතාවයි. තමන්ගේම නවකතාවක් තමා අතින්ම සිනමාවට නැංවූ මෙරට මුල්ම සිනමා නළුවා ලෙස ඔහු එමඟින් අපේ සිනමා වාර්තාවක් ද තබනවා. මේ චිත්‍රපටය ගැන මෙවර ARUNA GUNARATHNA ‍යු ටියුබ් චැනලය ඔස්සේ තොරතුරු දැක ගත හැකියි. මේ වන විට 1947 වසරේ සිට 1981 වසර දක්වා මෙරට තිර ගත කළ සියලු චිත්‍රපට පිලිබඳ විස්තර මේ නාලිකාව පරිශිලනයෙන් ඔබට සොයා ගත හැකියි.

හැත්තෑවේ නව සිනමාවේ පෙර ගමන්කරු සුගතපාල සෙනරත් යාපා සමුගෙන  ගියේය.
25/08/2024

හැත්තෑවේ නව සිනමාවේ පෙර ගමන්කරු සුගතපාල සෙනරත් යාපා සමුගෙන ගියේය.

වැලිකතර චිත්‍රපටය නිර්මාණය කරමින් දේශිය සිනමාවේ විශිෂ්ටයකු බවට පත් වූ ඩී.බී.නිහාල්සිංහයන් සිය දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය...
24/08/2024

වැලිකතර චිත්‍රපටය නිර්මාණය කරමින් දේශිය සිනමාවේ විශිෂ්ටයකු බවට පත් වූ ඩී.බී.නිහාල්සිංහයන් සිය දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය තිරයට ගෙන ආවේ තවත් අවුරුදු 12 කට පසුවයි. එම අතර කාලය ඔහු ගත කරන ලද්දේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස එහි ස්වර්ණමය යුගය නිර්මාණයටය. ඔහුගේ දෙවැනි චිත්‍රපටයට පාදක වනුයේ කරුණාසේන ජයලත් ගේ සම්මානනීය නවකතාවයි. ඒ් රිදී නිම්නය යි. අපේ මේ මතකය අවදිකරනුයේ 1982 වසරේ තිරයට ආ චිත්‍රපටය ගැනයි. රිදී නිම්නය ට පිවිසෙන්නට ARUNA GUNARATHNA යූටියුබ් නාලිකාවට පිවිසෙන්න .

19/08/2024

වර්තමානයේ ප්‍රංශයේ ජීවත් වන ලක්ශාන්ත (ලක්ශාන් ) අබේනායක එරට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු ලව් ඉන් පැරිස් ටෙලි වෘත්තාන්තය ඇතුළු චිතපට හා ටෙලි නාට්‍ය ගණනාවකම කැපී පෙනෙන රංගනයක යෙදුණා. ඔහු මුල්වරට සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් අපේ සිනමාවට දායක වෙනවා. .1989- 90 කාලයේ භිෂණ සමයේ ජීවිතය රැක ගැන්මට පලා ගියේයැයි පවසන ඔහු එම අත්දැකීම් හා ඔහුගේ රංගනය පිලිබඳ පුළුල් කතාබහක යෙදුණා. මේ කතාබහ අපේ ARUNA GUNARATHNA යූටියුබ් නාලිකාව ඔස්සේ දැක ගන්නට පුළුවන්

Address


Alerts

Be the first to know and let us send you an email when Sarasaviya Weekly Newspaper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share