Janamathaya.lk

  • Home
  • Janamathaya.lk

Janamathaya.lk ජනතා මතයට ගරු කරන ප්‍රවෘත්ති වාර්ථාක?

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව ත...
08/05/2025

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබේ.

69වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වේ.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

ඒ පෙරදිනය දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට උන්වහන්සේ එක්වීමෙන් අනතුරුවය.

ජනපති හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් අතර හමුවක්--වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසා...
04/05/2025

ජනපති හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් අතර හමුවක්
--

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( To Lam) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

පාප් වහන්සේගේ ශුද්ධ වූ දේහය වතිකානයේ තැන්පත් කර ඇති අයුරු....
22/04/2025

පාප් වහන්සේගේ ශුද්ධ වූ දේහය වතිකානයේ තැන්පත් කර ඇති අයුරු....

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ...
11/04/2025

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබේ.

31/03/2025

අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 10 කින් පහළට. සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ. - ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ පකිස්ථානයේ අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණයක්?සියළු විස්තර මෙතන...
20/03/2025

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ පකිස්ථානයේ අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණයක්?

සියළු විස්තර මෙතනින් - https://janamathaya.lk/2025/03/20/ශ්රී-ලංකාවේ-ඉන්දියාවේ-ස/

අපගේ Whatsapp Group එකට Join වෙන්න - https://chat.whatsapp.com/EwR7abSoeFP40OsmIAQYCQ

Address


Alerts

Be the first to know and let us send you an email when Janamathaya.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Janamathaya.lk:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share