KALU SUDU Athara

  • Home
  • KALU SUDU Athara

KALU SUDU Athara අඳුර විනිවිද

19/01/2024

මෙවැනි කාර්යමණ්ඩලයක් රට පුරා රෝහල් වලින් බිහිවේවා

08/04/2022

Adan Na... | අඬන් නෑ... | දූෂිත දේශපාලනයට එරෙහිව

පාට, පක්ෂ, ජාති ,ආගම් කුලවලට බෙදෙමින් දැන දැනම දේශපාලුවන්ගේ අලුත් නාටකවලට රැවටෙන යක්ඛ පුතුන් උදෙසාම නිර්මාණය කරන ලද්දකි..

Artist / Director - Jay (Jagath Karunajeewa)
Lyrics & Melody - Jay (Bee Music Band)
Music composed by Amith G Arachchi
Dop - Rajeewa BK
Edit & colourist - Manoj Wickramabahu

K Media Productions
Team of "Kalu Sudu Athara"

Kalu Sudu Athara - http://psce.pw/PQ3AT

__
👉 Email [email protected]
[email protected]

__
Follow Us
Facebook - https://www.facebook.com/kalusuduathara
Twitter - https://twitter.com/kalusuduathara
____________________________________________

#කළුසුදුඅතර #අඬන්නෑkalu sudu athara, lanka lanka,කලු සුදු අතර,news,sinhala,අඬන්නෑ,රුපියල,රුපියල පා කිරීම,sri lanka economic crisis,go home gota 2022, Na home gota 2022 in sri lanka songs #දේශාභිමානී ගීත TN News #

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සුමින්ද මහතා ඔහුගේ පුද්ගලික මුදල් සමග Go fund me අරමුදල හරහා එකතු කරගත් රුපියල්  37,200/- ක මුදලක් ...
31/05/2020

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සුමින්ද මහතා ඔහුගේ පුද්ගලික මුදල් සමග Go fund me අරමුදල හරහා එකතු කරගත් රුපියල් 37,200/- ක මුදලක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත එවා තිබිණි.එයින් අපට වතුකරයේ සහ ග්‍රාමවාසී තවත් අසරණ පවුල් 18ක් සඳහා බඩුමලු බෙදාදීමට හැකිවිය.මනාව සියල්ල සංවිධානය කළ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මා මිත්‍ර නාලක මිහිර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හිතවතුන්ටත්,ග්‍රාම නිළධාරි මහතුන්ටත් "කලුසුදු අතර" සිදුකරන මේ සමාජ සද්කාර්යයන්ට උරදුන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.තවමත් කොවිඩ් අහවර වී නැත.පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එය සාමාන්‍යකරණය කරමින් පවතින බව සිහි තබාගන්න.තවමත් අසරණ මිනිස්සුන් බඩගින්නේ සිටින බව නිරපරාදේ මහජන මුදල් තමන්ගේ මෙන් වියදම් කරමින් නාස්ති කරන සියල්ලන්ටම වැටහේවා.

"ගියවර ඉතිරි වූ මුදලින් තවත් අසරණ පවුල් පහක් සඳහා බඩුමලු ලබාදීමට අපට හැකි වුනා" (අනුග්‍රහය කළණ සමරසිංහ මල්ලීත් පව්ලේ සිය...
14/05/2020

"ගියවර ඉතිරි වූ මුදලින් තවත් අසරණ පවුල් පහක් සඳහා බඩුමලු ලබාදීමට අපට හැකි වුනා" (අනුග්‍රහය කළණ සමරසිංහ මල්ලීත් පව්ලේ සියලු දෙනාත් ගංගා නංගී ඇතුළු මිතුරු පිරිසත්) සියලුම දෙනාට අනේක වාරයක් පින්🙏🙏🙏

මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සමග එක්ව "කලුසුදු අතර" අපිට යලිත් හැකි වුනා අඩු ආදායම්ලාභී පවුල් 21ක් සහ ප්‍රදේශ...
30/04/2020

මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සමග එක්ව "කලුසුදු අතර" අපිට යලිත් හැකි වුනා අඩු ආදායම්ලාභී පවුල් 21ක් සහ ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක් සඳහා බඩු මලු බෙදාදෙන්න.මේ සඳහා විදෙස්ගතව සිටින කළණ සමරසිංහ මල්ලි සහ
ඉමාලි ගුණවර්ධන
මල්ලිකා ගුණවර්ධන
නදී කොරන්
ෂෙනානි කොරන්
හිරුන් බණ්ඩාර , ප්‍රධාන අනුග්‍රහය සැපයුවා.ඒ වගෙම කව්රුත් දන්න අපේ ආනන්ද මල්ලිගෙ සම්බන්ධීකරණය මත ගංගා නංගි සහ ඇයගේ හිත මිතුරන් ද ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත මුදල් එවා තිබුනා,ඒ සියල්ල එක් කර අපට මේ සද්කාර්‍යය කිරීමට හැකි වුනා.මුදල් එවූ දෙපළටම විනිවිදව අදාල භාණ්ඩ මිලදී ගත් බිල්පත් ලැබෙන්නට සැලස්වූ අතර එම මුදල්වලින් ඉතුරු මුදලෙන් තවත් බඩුමලු කීපයක් බෙදාදීමට නියමිතයි.කළණ මල්ලී අනේකවාරයක් පින් ඔබටත් පවුලේ සියලුම දෙනාටත්,ගංගා නංගී ,ආනන්ද මල්ලී ඔබ සියලුම දෙනාටත් අනේකවාරයක් පින්.අප සමග මේ ගමනට මානුෂිකත්වය මූලික කොටගෙන රාජකාරියෙන් එහාට ගොස් ගෙවල් ගානෙ ඇවිදිමින් අසරණ මිනිස්සුන්ගේ දුක සැප සොයාබලා උපකාර කරන යටවත්ත ප්‍රාදේශීය ලේකම්තුමිය සහ නාලක මිහිර ඇතුළු කාර්යමණ්ඩලයටත් අනේක වාරයක් පිං.වචනයකින් හෝ උදව් කළ නොකළ සියල්ලන්ටම මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏
"කලුසුදු අතර" අපි

17/04/2020

"උදව් කළ සැමට ස්තුතියි"🙏🙏

මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා එක්ව අසරණ පවුල් සඳහා හිත මිතුරන් ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් බඩුමලු නොමිලේ බෙදාදීම "කලුසුදු අතර" අපි ආරම්භ කළෙමු.එයට බඩුමලු මිළදී ගැනීමට අරමුදලක් රැස් කිරීමට අපට අකමැත්තෙන් වුවත් සිදුවිය.ආරම්භයේ අපගේ අරමුණ වූයේ ඩොලර් 2000ක අරමුදලක් ඒකරාශි කර සහන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත ලබාදීමයි.අප ඒ සඳහා go fund me හරහා අරමුදලක් ආරම්භ කළ අතර මේ වන විට ඩොලර් 320ක් එක්රැස් වී ඇත. අරමුදල රැස්කිරීමට විරුද්ධවූ මෙතෙක් අප සමඟ සිටි අපේ හිතවත් සහෝදර කණ්ඩායමක් පුද්ගලික අමනාපයෙන් තොරව ඔවුන්ගේ ප්‍රතිපත්තිමය තීරණයක් මත "කලුසුදු අතර" කණ්ඩායම හැර ගිය අතර දෙවන අදියර සඳහා බඩු මලු බෙදාදීමට කළණ සමරසිංහ මල්ලී සහ ඔහුගේ පවුලේ අය රුපියල් පනස්දහසක (50.000/-) මුදලක් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මිහිර නාලක මහතාට ලැබීමට සළස්වා ඇත.එම මුදලින් ප්‍රදේශයේ විහාරස්ථානයකට සහ අසරණ පවුල් 20ක් සඳහා බඩුමලු ලබා දීමට නියමිතය.Go fund me අරමුදලෙන් ඩොලර් 320ක් ලැබීමට නියමිත අතර දැනට මෙම මුදල් දෙවන අදියරේ බඩුමලු බෙදාදීම සඳහා ප්‍රමාණවත් බැවින් තුන් වන අදියර පටන්ගන්නා තෙක් කිසිවෙකුගෙන් කිසිදු මුදලක් අප භාරගන්නේ නැත.සියල්ල විනිවිදභාවයෙන් සිදුකරන බැවින් අදාල පරිත්‍යාග ලබාදුන් අයට එම බිල් පත් ලැබීමට සළස්වමු.කළණ මල්ලී කියන්නට වචන නැත බඩගින්නෙන් පිඩා විඳින අහිංසක මිනිස්සුන්ගෙ බඩවල් පුරවනවාට ඔබට සහ පවුලේ සියලුම දෙනාට අනේක වාරයක් පින්🙏🙏🙏
"කලුසුදු අතර" වෙනුවෙන්
ජගත් කරුණාජීව.

16/03/2020

17 Wild Elephants Chasing Safari Jeep
In Wasgamuwa National Park

Watch Video - https://bit.ly/2TUqbvm

Address


Alerts

Be the first to know and let us send you an email when KALU SUDU Athara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KALU SUDU Athara:

  • Want your business to be the top-listed Media Company?

Share