Lahiru Sankalpa

  • Home
  • Lahiru Sankalpa

Lahiru Sankalpa Family + Travel = Happiness. Traveller

🫶
28/09/2025

🫶

වෙල්ලා 🥺
19/09/2025

වෙල්ලා 🥺

පැතුමා 😍
16/09/2025

පැතුමා 😍

06/09/2025
25/06/2025
ලේ වල සීනි සහ කොලෙස්ට්‍රොල් තියන අය ඉන්නවා නම්, මෙන්න මේක කරලා බලන්න.එහෙම අයට වැදගත් වෙයි කියලා හිතුනා.අවුරුදු කිහිපයකට ...
02/03/2025

ලේ වල සීනි සහ කොලෙස්ට්‍රොල් තියන අය ඉන්නවා නම්, මෙන්න මේක කරලා බලන්න.

එහෙම අයට වැදගත් වෙයි කියලා හිතුනා.

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හේතුව ඔහුගේ,

▫️රුධිර සීනි මට්ටම
▫️කොලස්ට්‍රෝල් මට්ටම
▫️ට‍්‍රයිග්ලිසරයිඩ් මට්ටම
▫️ලිපිඩ මට්ටම

හොඳටම වැඩි වෙලා තිබුණේ. කොච්චර වැඩි වෙලා තිබුණ ද කියනවා නම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුණා. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පළවෙනි ප‍්‍රශ්නෙ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි වුණේ කියලා.

ඒක අහලා හිනාවෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහළ බැහැලා තිබුණා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුණේ පළවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ. මේක කොහොමද වුණේ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද? මම නැවතත් ඇහුවා.

ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුණොත් විතරක් අවුරුද්දකට එක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා

මෙන්න ඒ රහස් වට්ටෝරුව 👇

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න. ග‍්‍රෑම් 100 ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර ටිකක් එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න. ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්.

උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන. මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න. ප‍්‍රතිඵලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි. මේ ප‍්‍රථිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.

මේකේ තියෙන වටිනාම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක. මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රථිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණිවත් දාන්න එපා.

අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කාවල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංඝටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුණා. වට්ටක්කාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැන්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.

උපුටා ගැනීමක්.

01/03/2025
⛔ පමාව පසුතැවීමට මුලයි    අනිවාර්යයෙන්ම කියවන්න     වටිනා ලිපියක් අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ...
01/03/2025

⛔ පමාව පසුතැවීමට මුලයි
අනිවාර්යයෙන්ම කියවන්න
වටිනා ලිපියක්
අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ. මගේ බඩ හොඳටම වේලලා. ටොයිලටි ගිහාම ලේ ටිකකුත් පිටවෙනවා.

ඒක බල බල ඉන්න හොද ලෙඩක් නෙවෙයි ඉක්මනටම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු.

අනේ මට මේ වැඩ එක්ක වෙලාවක් නෑ. හැමදාම හවසට දූවට ටියුෂන් තියෙනවා. හොඳට පළතුරු කාලා වතුර බීල හිටියම ඕක හරි යයි.

එසේ හය මාසයක් ගත විය.

සිරි දැන්නම් මට හොඳටම අමාරුයි වගේ. කෑම කාපු ගමන් බඩ පුරවලා දානවා. ටොයිලට් යනවා හොඳටම හොරයි. තවම ලේත් පිටවෙනවා.

මම ඔයාට කිව්වනේ ශීලා. අදම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යමු.

ආ,මිසිස් පෙරේරා, මොකක්ද අමාරුව?

අනේ doctor දැන් හය මාසෙක විතර ඉඳලා, මගේ බඩ වේලනවා, ලේත් යනවා. ඉක්මනින්ම බඩ පිරෙනවා. කෑම පිරියත් අඩුයි.

ආ එහෙමද මල පහ වල හැඩයේ වෙනසක් තියෙනවද? ටොයිලට් ගියාට පස්සේ ආයෙත් යන්න ඕනේ වගේ ගතියක් එනවද?

එහෙමයි doctor.

ඇයි ඉතින් මෙච්චර දවස් ආවේ නැත්තේ? මාස හයක් කියන්නේ කොච්චර කාලයක් ද?

අනේ ඩොක්ටර් මගේ දුවගේ විභාගේ තිබුණා.එන්න වෙලාවක් තිබුනෙ නෑ.

මිසිස් පෙරේරා කොච්චර වැඩ තිබුණත් තමන්ගේ සෞඛ්‍ය ගැන බලන්න ඕන නේද?

අනේ doctor දැන් මොකද කරන්නේ?

මම දැන් බඩවැලේ පරීක්ෂාවකට (colonoscopy) ඔයාව ඇතුළත් කරගන්නවා. මේ මම දෙන බෙහෙත් ටික අරගෙන කියන දවසට ශල්‍යාගාරයට එන්න.

සති දෙකකට පසුව ශීලා, පරීක්ෂණයේ ප්‍රතිඵල බැලීම සඳහා වෛද්‍යවරයා හමුවට ගියාය.

ආ එන්න එන්න මිසිස් පෙරේරා. ප්‍රතිඵල නරකම නෑ. මම මහ බඩවැලේ ගෙඩි කීපයක් අරන් දැම්මා. එයින් ගෙඩි දෙකක් පසුවට පිළිකාවකට එන්න තිබුණු ගෙඩි. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඒත් ඔයා තව අවුරුදු තුනකින් පමණ මේ පරීක්ෂණයට නැවත එන්න ඕනේ.

අනේ ඩොක්ටර් ට බොහොම ස්තූතියි.මම හොඳටම බයේ හිටියේ. මට මේ බඩවැලේ පිළිකා ගැන තව ටිකක් දැනගන්න පුලුවන්ද?

ඔව්,ඔව් මම කියලා දෙන්නම්.

මහ බඩවැලේ පිළිකා ලෝකයේ පිළිකා වලින් තෙවැනි තැන ගන්නවා. ඒ වගේම මරණය ගෙන දෙන පිළිකාවලින් දෙවැනි තැන ගන්නවා.

එතකොට doctor මොන වගේ අයටද වැඩිපුර මේ පිළිකාව හැදෙන්නේ?

1. වයස පනහේ සිට 75 දක්වා, බඩවැලේ පිළිකා සැදීමේ අවදානම වැඩි වෙනවා.

2. පවුලේ ළඟම ඥාතීන්ට පිළිකාව තිබුණා නම් අවදානම වැඩියි.

3.ulcerative colitis, Crohn's disease වගේ මහා අන්ත්‍රයේ ඇතිවන රෝග ඇති අයට අවදානම වැඩියි.

4. බඩවැලේ ගෙඩි තිබුණු අයට

5. පරම්පරානුගත පිළිකා රෝගයෙන් පෙළෙන අයට.

6. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට ( diabtes type 2) අවදානම වැඩියි.

තවත් වළක්වා ගත හැකි අවදානම් තත්ත්ව තිබෙනවා

1. තරබාරු බව

2. දුම්බීම

3. මධ්‍යසාර පානය

4. ඌරු මස් හරක් මස් ආදී මාංශ සහ සොසේජස් වැනි පිළියෙල කරන ලද මාංශජනක ආහාර වැඩිපුර ගැනීම.

5. ව්‍යායාම නොකිරීම.

ඉතින් doctor මේ රෝගය වළක්වා ගන්න පුළුවන් කම තියෙනවා ද?

ඔව්

1. දිනපතා ව්‍යායාම වල යෙදීම.

2. දිනපතා පලතුරු වර්ග සහ එළවළු ආහාරයට ගැනීම

3. කොහිල වැනි කෙඳි අධික ආහාර නිතර ගැනීම.

4. කිරි ආහාර කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයෙන් ගැනීම.

5. ෆෝලික් ඇසිඩ් සහිත ආහාර ගැනීම.

6. ශරීරයේ විටමින් ඩී පදාර්ථය අවශ්‍ය ප්‍රමාණයෙන් තබාගැනීම.

ඒ වගේම අවුරුදු 50 ට පසු අවුරුදූ දෙකකට සැරයක් FOBT(fecal blood test) පරීක්ෂණය කර ගැනීම.

පවුලේ ලඟම ඥාතීන් අතර අවුරුදු 45 ට පෙර බඩවැලේ පිළිකා තිබුණේ නම් ඔවුනට පිළිකා හැදුණු වයසට අවුරුදු දහයකට කලින් සිට තමන් colonoscopy පරීක්ෂාව කර ගත යුතුයි.

මහා බඩවැලේ පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් අවුරුදු පහක් පිලිකාවෙන් තොරව ජීවත්වීමේ අවස්ථාව 90% වේ (5yr survival rate).

අනේ doctor ඔබතුමාට බොහොම ස්තුතියි. මම මේ තොරතුරු මගේ පවුලේ අනිත් අයටත් යහළු යෙහෙළියන් හැමෝටමත් දන්වන්නම්. ඒ වගේම වැසිකිළි යාමේ වෙනසක් ඇත්නම් පුළුවන් ඉක්මනින් වෛද්‍යවරයෙකු හම්බ වීමේ වැදගත්කම අවධාරණය කරන්නම්.

වෛද්‍ය හිමානි අබේරත්න.

උපුටා ගැනීමකි

මම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙළා ඉන්න කොට ඉන්දියාවෙ දොස්තර කෙනෙක් මගේ ලෙඩ පරීක්ෂණය කරල මගේ රට කොහෙද කියල ඇහුවා.මම කිව්වා ශ්‍ර...
28/02/2025

මම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙළා ඉන්න කොට ඉන්දියාවෙ දොස්තර කෙනෙක් මගේ ලෙඩ පරීක්ෂණය කරල මගේ රට කොහෙද කියල ඇහුවා.
මම කිව්වා ශ්‍රී ලංකා කියලා. ඒ පාර දොස්තර මහත්තයා කිව්වා ඔයාලාගෙ රටේ හොදම බෙහෙත් වතුරක් තියාගෙන ඔයාල රොඟවලින් දුක් විඳනවා කිය මෙන්න මෙහෙම කතාව ආරම්භ කලා.

ඔබ දන්නවද ලංකාවට ආවේනික පානයක් තියෙනවා ඒ සුපිරි පානය තියාගෙන ඔබලා ලෙඩ වෙනවා කියල ලෝකෙ හොඳම පානය ලංකාවෙ තියෙන තැඹිලි වතුරේ හා ලොඳ බවත් පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් හා ස්වාභාවික පැනිරසය හා
මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, වගේ දේවල තියෙන නිසා හාට් ❤එකේ ඇතිවෙන අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර ❤හාට් එකට අවශ්‍ය හොද තෙල් නිපැයුම තැඹිලි වතුරේ කෙරෙන බවද දැන් අලුත්ම පර්යෙෂණයේ වලින් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද.

තැඹිලි වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ නිසා හෘදයාබාධ හා අධික ප්‍රෂර් එක වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් සොයාගෙන අති බවත් කිව්වා.

ඒ විරක් නෙවෙයි වකුගඩුවේ හා මුත්‍රාෂයේ රැඳෙන රොඩු ඉවත් කිරීමෙන්ම මත්පැන් පානය කරන අයගේ වස විස ඉවත් කර වකුගඩු ආරක්ෂා කිරීමේ ශක්තිය මේ තැඹිලි වතුරේ තියෙනවා වගේම රෝගීන් හා මහලු අය ගන්නා බර අධික ආහාර ඉක්මනින්දි දිරවීමේ ශක්තියක්ද තියෙන බවත් වයසට යාම වළක්වා තරුණ තම රැක දෙන ශක්තියක්ද තැඹිලි වතුරේ ඇති බවත් දියවැඩියාව, ප්‍රෙෂර් , මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වන බවත්
මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය කුරුම්බා වතුරේ සහ තැඹිලි වතුරෙහිද තියෙන බවත් ලෝකේ ස්තරම්ම පානය තැඹිලි වතුර බව සඳහන් කලා..

ඉතිම් ඇයි අපි කෘතිම පිලිකා කාරක බොන්නේ.. තැබිලි බොන්න පුරුදු වෙමු..👍

හැකිනම් බෙදාහරින්න 🙏

උපුටා ගැනීමකි....

අද විවෘත වන කොළඹ දැවැන්තයා,කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටලය.මීට අවුරුදු 4 ...
15/10/2024

අද විවෘත වන කොළඹ දැවැන්තයා,
කාමර 687කින් සමන්විත Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටලය.

මීට අවුරුදු 4 කට කලින් සෑම බිම් අඟලකම දින දෙකක් ඇවිද්දා, ඒක වෙනම ලෝකයක් 👌

09/10/2024

මෙච්චර සරලව පැහැදිලි කරලත් තේරුම් ගන්න බැරිනම් 😒

මිලියන තුනට තවත් ප්‍රශ්න 4 යි ලයිෆ් ලයින් 4 ම තියෙනවා.පට්ටම ටැලන්ට් එකක් තියෙන ලමයෙක් 🧡
06/10/2024

මිලියන තුනට තවත් ප්‍රශ්න 4 යි
ලයිෆ් ලයින් 4 ම තියෙනවා.

පට්ටම ටැලන්ට් එකක් තියෙන ලමයෙක් 🧡

Address


Telephone

+94715142536

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Sankalpa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Sankalpa:

  • Want your business to be the top-listed Media Company?

Share