Sonduru Sithuwili - "සොඳුරු සිතුවිලි"

  • Home
  • Sonduru Sithuwili - "සොඳුරු සිතුවිලි"

Sonduru Sithuwili - "සොඳුරු සිතුවිලි" Some thoughts of Dinusha Chaturanga Jayasinghe

21/04/2024
රතුම රතු හිත්....ඈ ආසම රතුපාට රෝස මල් වලට,හදිසියෙන්වත් මුණගැහුණු දවසක ඇගේ කම්මුල්වල රතට වඩා ගොඩක් රතු, රතු රෝස මල් වලට,හ...
28/11/2023

රතුම රතු හිත්....

ඈ ආසම රතුපාට රෝස මල් වලට,

හදිසියෙන්වත් මුණගැහුණු දවසක ඇගේ කම්මුල්වල රතට වඩා ගොඩක් රතු,
රතු රෝස මල් වලට,

හවස ඉර බැහැගෙන යනකොට, අහස රතුපාට වෙන හවස්.....

ඇයව මතක් කරනවා තාමත්

ඒත්,

රතු කියන්නෙ මහ නපුරු පාටක්

හරියට කිසි තෙතමනයක් නැති හිත් වගේ

එහෙම හිත් රතු පාටයි

තද රතු පාටයි!

~දිනූෂ (නොවැම්බර් | 2023)

ලීක් වෙච්ච ලින්ක් වගයක් තියෙනව, එවන්නද.....වළාකුළු බැම්ම පහුකර පක්ෂි වසුරුත් මගහැරඔබ මොබ යන අතරකොනිත්තපු තැන්තාමත් රිදෙන...
29/09/2023

ලීක් වෙච්ච ලින්ක් වගයක් තියෙනව, එවන්නද.....

වළාකුළු බැම්ම පහුකර
පක්ෂි වසුරුත් මගහැර
ඔබ මොබ යන අතර
කොනිත්තපු තැන්
තාමත් රිදෙනවද.....

ගුඩ්ෂෙඩ් එකේ කෙළවර
රතු පාට බස් එකක මුල්ලක
ගවුම් රැලි පොඩි වෙච්චි හවසක
හිරිකඩක්වත් නැතුවම
හිරිගඩු පිපුණු ලස්සන.....

කසුන් බණ්ඩාර සෙනෙවිරත්න
චාපා ගංගාදරී අබේනායක
අමතකව ගියාට
අමතක නෑ නේද
තුන් පාරක් බලපු
ආදරණීය වස්සානය.....

නොස්ටැල්ජීක සීතල මතක
ෆෝන් සීසී ටීව් නැතුවම
ලීක් වෙනව තාම ඉඳහිට.....
ඔයාටත් බලන්න
ලින්ක් එක මං එවන්නද....

දිනුෂ ජයසිංහ
2018.09.28

Address


Telephone

+94772073848

Website

Alerts

Be the first to know and let us send you an email when Sonduru Sithuwili - "සොඳුරු සිතුවිලි" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sonduru Sithuwili - "සොඳුරු සිතුවිලි":

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share