14/08/2026
අක්කාගේ විවාහ මංගල උත්සවය අවසන් වී නිවස බලා යමින් සිටියදී වෑන් රථය අනතුරට පත්ව මල්ලි සහ මිත්තණිය මිය යයි.මව සහ පියාත් තුවාල ලබා රෝහලේ.
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මඟලෙගොඩ - නයිවල මාර්ගයේ ඊයේ (13) පස්වරු 5.00 ට පමණ වෑන් රථයක් මාර්ගය අසල විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ රිය අනතුරකින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් එම රියදුරුගේ මිත්තණිය මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසියපවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි නවෝද් චතුරංග නමැති 21 හැවිරිදි තරුණයකු සහ ඇගේ මිත්තණිය වූ w.A. වික්‍රමාරච්චි නැවති 80 හැවිරිදි කාන්තාවකි.
වැඩිමහල් සොහොයුරියගේ විවාහ මංගල උත්සවය අවසන් වී වේයන්ගොඩ හීන්දනීය ප්‍රදේශයේ පිහිටි සිය නිවසස කරා ආපසු ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මනමාලියගේ මල්ලි වෑන් රථය රියදුරු ලෙස කටයුතු කර ඇති අතර මනමාලියගේ මිත්තණිය ,මව සහ පියා ඇතුළු 9 දෙනකු වෑන් රථයේ ගමන් කරමින් සිට ඇත.
අනතුරින් පසු වෑන් රථයේ ගමන් ගත් සියලු දෙනා තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ මිත්තණිය මිය ගොස් ඇති බවත් සෙසු 7 දෙනා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වේයන්ගොඩ පොලිසිය පවසයි.
රියදුරට නින්ද යාම අනතුරට හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වීී ඇත.
සිද්ධිය සම්බන්ධ වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වති.
Ftp කර ඇත.
( ඡායාරූප වල දැක්වෙන්නේ මියගිය තරුණයා සහ මිත්තණියයි.)