Tec Reboot-SL

Tec Reboot-SL "All Hardware & Software Solutions for your PC & Laptop. Trusted IT Support in SL. ��"

02/03/2026

Asus x540uar cleaning & upgrade

කම්පියුටර් එක ඉබ්බෙක් වගේද? HDD එකෙන් SSD එකකට මාරු වෙන්න වෙලාව හරි! 🚀💻 (ඒත් Windows ආයේ දාන්නෙ නැතුව!)​මචංලා, අපේ ගොඩක්...
30/01/2026

කම්පියුටර් එක ඉබ්බෙක් වගේද? HDD එකෙන් SSD එකකට මාරු වෙන්න වෙලාව හරි! 🚀💻 (ඒත් Windows ආයේ දාන්නෙ නැතුව!)

​මචංලා, අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පරණ HDD එක අයින් කරලා අලුත් SSD එකක් ගැහුවම, ආයේ මුල ඉදන් Windows ගහලා, සොෆ්ට්වෙයා දාලා, සෙටින්ග්ස් හදන්න ගියාම එපා වෙන එක. 😫

​අන්න ඒකට තමයි Hard Drive Cloning කියන සුපිරි ටෙක්නික් එක තියෙන්නේ.

​🤔 මොකක්ද මේ Cloning කියන්නේ?

සරලවම කිව්වොත්, ඔයාගේ දැනට තියෙන හාඩ් ඩිස්ක් එකේ (Source Disk) තියෙන ඔක්කොම දේවල් (Windows, ෆොටෝස්, ගේම්ස්, සොෆ්ට්වෙයා) අර ඒ විදියටම අලුත් හාඩ් එකට (Target Disk) ෆොටෝ කොපියක් ගැහුවා වගේ මාරු කරන එක.
​පරණ එක ගලවලා, අලුත් එක ගැහුවා, කම්පියුටර් එක ඔන් කළා. බඩු තිබ්බ විදියටම වැඩ! 🔥

​Cloning වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා:

​1️⃣ OS Cloning (System Clone):

ඔයාගේ පරණ හාඩ් එක ලොකුයි, හැබැයි අලුත් SSD එක පොඩියි නම් (උදා: 1TB HDD to 256GB SSD), ඔයාට පුළුවන් Windows තියෙන C: පාටිෂන් එක විතරක් අලුත් එකට දාගන්න. ලොකු ෆයිල්ස් පරණ එකේම තියන්න පුළුවන්.

​2️⃣ Disk / Partition Cloning:

මුළු හාඩ් ඩිස්ක් එකම හෝ ඔයාට ඕන කරන පාටිෂන් (D:, E: වගේ) විතරක් තෝරගෙන අලුත් එකට මාරු කරන එක.

​🛠️ මේ ගේම ගහන්න ඕන කරන Software (Tools):
​මේ වැඩේට ලෝකේ ප්‍රසිද්ධම ටූල්ස් ටිකක් මෙන්න. සමහර ඒවා ෆ්‍රී, සමහර ඒවා සල්ලි දීලා ගන්න ඕන.

​🟢 Free Software (නොමිලේ දෙන සුපිරි ඒවා):
​Macrium Reflect (Free Trial / Free Version): මේක තමයි ගොඩක් අය පාවිච්චි කරන පට්ටම ටූල් එක. ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. (මේකේ ෆ්‍රී වර්ෂන් එක දැන් නවත්තලා තිබ්බත්, ට්‍රයල් එකෙන් හෝ පරණ ෆ්‍රී වර්ෂන් එකකින් ගේම ගහන්න පුළුවන්).

​AOMEI Backupper Standard: මේකත් සෑහෙන්න හොඳ, යූසර් ෆ්‍රෙන්ඩ්ලි ටූල් එකක්. OS Clone කරන්න සමහර විට Pro එක ඉල්ලනවා, ඒත් Disk Clone ෆ්‍රී පුළුවන්.

​Clonezilla: මේක ටිකක් ඇඩ්වාන්ස්. පෙන් එකකින් බූට් කරලා කරන්න ඕන. වැඩ කෑලි ගොඩයි, හැබැයි පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕන. (Experts Only වගේ 💪).

​🟠 Paid Software (සල්ලි දීලා ගන්න ඒවා - More Features):
​Acronis Cyber Protect Home Office: ක්ලෝනින් ලෝකේ රජා තමයි මේ. කිසිම කට්ටක් නෑ, ක්ලික් දෙක තුනෙන් වැඩේ ගොඩ. ගාණ ටිකක් සැරයි හැබැයි වටිනවා.

​EaseUS Todo Backup Home: මේකත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ පේඩ් සොෆ්ට්වෙයා එකක්.

​⚠️ වැදගත්ම දේ (අනිවාර්යයෙන් කියවන්න):

Cloning පටන් ගන්න කලින් Source Disk (පරණ එක) සහ Target Disk (අලුත් එක) හරියටම තෝරගන්න. වැරදිලා හරි අනිත් පැත්තට කළොත් පරණ ඩේටා ඔක්කොම මැකිලා යන්න පුළුවන්! පරිස්සමින්! 🛑

​SSD එකකට මාරු වෙලා නැත්නම් අදම මාරු වෙන්න. ජීවිතේම වෙනස් වෙයි! 😎

​මේ ගැන දන්නැති යාලුවෙක්ට දැනගන්නත් එක්ක අනිවාර්යයෙන් Share පාරක් දාගෙන යමු! 👇
Tec Reboot-SL

💻 Computer එක Format කරන්න කලින්/කලාට පස්සේ Drivers ගැන දැනගන්නම ඕන දේවල් ටිකක්! 🛠️🚀​ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PC ...
27/01/2026

💻 Computer එක Format කරන්න කලින්/කලාට පස්සේ Drivers ගැන දැනගන්නම ඕන දේවල් ටිකක්! 🛠️🚀

​ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PC එක Format කලාට පස්සේ හරියට Drivers දාගන්න බැරි එක. එක්කෝ Sound නෑ, නැත්නම් Display අල වෙලා, එහෙමත් නැත්නම් Games ලැග් වෙනවා. අද අපි බලමු කොහොමද මේ වැඩේ හරියටම කරන්නේ කියලා. 👇

​🛑 මුලින්ම බලමු Drivers අවුල් වුනාම/නැති වුනාම වෙන දේවල් මොනවද?

​🖥️ Display: Screen Resolution එක අවුල් වෙලා අකුරු, Icon ලොකුවට පේන්න ගන්නවා. Brightness අඩු වැඩි කරන්න බෑ.
​🎮 Gaming: Graphic Driver නැත්නම් Games වල FPS බහිනවා, Slow වෙනවා.
​🔊 Audio: සින්දුවක් අහන්න විදියක් නෑ, Sound වැඩ නෑ.
​🌐 Internet: Wi-Fi හෝ Ethernet වැඩ කරන්නේ නෑ.
​USB Port, Touchpad වගේ දේවල් වැඩ නැතුව යනවා.

​සරලවම කිව්වොත් Driver එකක් කියන්නේ Hardware සහ Software (Windows) අතර තියෙන "Translator" එකට. ඒක නැතුව PC එකට හාඩ්වෙයාර් එකෙන් වැඩ ගන්න බෑ.

​💾 01. Format කරන්න කලින් Drivers Export (Backup) කරගන්නේ කොහොමද? (Supiri Trick එකක්)
​Format කරලා අලුතින් Drivers හොය හොය දඟලන්න ඕන නෑ. තියෙන ටික Backup කරගන්න පුළුවන් CMD එකෙන් පොඩි Code එකක් ගහලා.
​C drive එකේ Backup කියලා Folder එකක් හදාගන්න (නැත්නම් කැමති නමක්).
​Start menu එකේ CMD කියලා ගහලා, right click කරලා "Run as Administrator" දෙන්න.
​දැන් මේ Code එක Type කරලා Enter කරන්න:
dism /online /export-driver /destination:"C:\Backup"
​දැන් ඔයාගේ Drivers ඔක්කොම අර Folder එකට Save වේවි. Format කලාට පස්සේ Device Manager එකෙන් මේ Folder එක පෙන්නලා ලේසියෙන්ම Drivers ටික ආයේ දාගන්න පුළුවන්. 😎

​🛠️ 02. ලේසියෙන්ම Drivers දාගන්න/Update කරන්න හොඳම මෘදුකාංගය: Snappy Driver Installer (SDI) 🟢
​DriverPack Solution වගේ ඒව දාලා PC එකේ නැති ලෙඩ දාගන්න එපා. ඇඩ්ස් නැති, වෛරස් නැති, ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම Open Source Tool එක තමයි Snappy Driver Installer.

​✅ SDI විශේෂත්වය:
​සම්පූර්ණයෙන්ම නොමිලේ (Free & Open Source).
​Ads, Bloatware කිසි දෙයක් නෑ.
​ඉන්ටර්නෙට් නැතුව වුනත් Drivers දාන්න පුළුවන් (Full version එකේ).
​හරියටම ගැලපෙන Driver එක විතරක් පෙන්නනවා.
​⚙️ Snappy Driver Installer එකෙන් Driver Update කරන්නේ කොහොමද?

​1️⃣ Download: Google එකේ "Snappy Driver Installer Origin" කියලා Search කරලා මුලින්ම එන Site එකෙන් බාගන්න. (SDI Lite එක බාගන්න, ඒකේ Size එක පොඩියි. Data ඉතුරුයි).

​2️⃣ Run: Download වුන Zip file එක Extract කරලා, 64bit හෝ 32bit exe එක Run කරන්න. Access ඉල්ලුවොත් 'Allow' දෙන්න.

​3️⃣ Index Download: මුලින්ම Software එක ඕපන් වුනාම උඩින්ම "Click here to start download..." කියලා පෙන්නයි. ඒක Click කරලා "Indexes" විතරක් Select කරලා බාගන්න (මේකෙන් කරන්නේ ඔයාගේ PC එකට ඕන ඩ්‍රයිවර්ස් මොනවද කියලා අඳුරගන්න ලිස්ට් එකක් ගන්න එක විතරයි).

​4️⃣ Scan & Select: දැන් Scan වුනාට පස්සේ ඔයාගේ PC එකට දාන්න ඕන Drivers ටික ලිස්ට් එකක් විදියට පෙන්නයි. එතනින් අත්‍යවශ්‍ය Drivers ටික Select කරන්න (Graphic, Audio, Chipset, Network වගේ).

​5️⃣ Install: දකුණු පැත්තේ තියෙන "Install" Button එක ඔබන්න. දැන් ඉන්ටර්නෙට් එක හරහා අදාල Drivers ටික Download වෙලා ඉබේම Install වේවි.

​6️⃣ Restart: වැඩේ ඉවර වුනාම මැෂින් එක Restart කරන්න.

​දැන් ඔන්න ඔයාගේ PC එකේ Drivers ප්‍රශ්න ඔක්කොම ඉවරයි! 🔥 මැෂින් එකත් කලින්ට වඩා Smooth වෙලා තියෙයි.

​මේ වගේ තාක්ෂණික දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න! යාලුවන්ටත් දැනගන්න Share පාරක් දාගෙන යමු. 👇

Tec Reboot-SL

💻 Computer එක කැඩුනද? Windows ලෙඩ දෙනවද? බය වෙන්න එපා, Hiren’s BootCD එක තියෙනවා! 🛠️🚀​මචංලා, Computer එකක් පාවිච්චි කරන,...
26/01/2026

💻 Computer එක කැඩුනද? Windows ලෙඩ දෙනවද? බය වෙන්න එපා, Hiren’s BootCD එක තියෙනවා! 🛠️🚀

​මචංලා, Computer එකක් පාවිච්චි කරන, Tech ගැන උනන්දුවක් තියෙන ඕනම කෙනෙක් ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන "Swiss Army Knife" එක වගේ Tool එකක් ගැනයි අද කියන්න යන්නේ. ඒ තමයි Hiren’s BootCD PE. 🔥
​සරලවම කිව්වොත්, මේක Pen drive එකකින් කෙලින්ම Run කරන්න පුළුවන් Portable Windows OS එකක්. ඔයාගේ මැෂින් එකේ Windows කැඩිලා On වෙන්නේ නැති වුනත්, මේකෙන් මැෂින් එක On කරලා ඕනම ලෙඩක් ගොඩ දාගන්න පුළුවන්. 😎

​🛑 ඇයි මේක මෙච්චර වටින්නේ? (Review)
මේක සම්පූර්ණයෙන්ම FREE වගේම Windows 10/11 Base කරලා හදලා තියෙන නිසා පාවිච්චි කරන්න හරිම ලේසියි. ලෝකේ තියෙන හොඳම Recovery Tools සේරම එකම තැනකට ගෙනල්ලා තියෙනවා. IT field එකේ ඉන්න කෙනෙක් නම් මේක නැතුව වැඩක් කරන්න බෑ!

​🛠️ මේකේ තියෙන සුපිරි Tools සහ ඒවායේ ප්‍රයෝජන:

​✅ 1. Hard Disk & Partition Tools (AOMEI Partition Assistant, DiskGenius)
​හාඩ් ඩිස්ක් එකේ අලුතින් පාටිෂන් කඩන්න, තියෙන ඒවා එකතු කරන්න (Merge), Format කරන්න වගේම Hard Disk එකේ Health එක බලාගන්නත් පුළුවන්.

​✅ 2. Windows Password Reset Tools (Lazesoft Password Recovery, NT Password Edit)
​මේක නම් මාරම වටිනවා. Windows Login Password එක අමතක වුනාද? Format කරන්න ඕන නෑ. මේකෙන් විනාඩියෙන් Password එක කඩන්න හෝ Reset කරන්න පුළුවන්. 🔓

​✅ 3. Data Recovery Tools (Recuva, Puran File Recovery)
​වැරදිලා ෆොටෝස්, ෆයිල්ස් Delete වුනාද? Format වුනාද? බය වෙන්න එපා, මේ Tools වලින් ඒවා ආපහු ඇදලා ගන්න පුළුවන්. 📂🔙

​✅ 4. Backup & Imaging (Macrium Reflect, Acronis True Image)
​Windows අලුතින් ගහන්න කලින් හෝ හාඩ් එක මාරු කරන්න කලින් පරණ Data ටික හෝ මුළු OS එකම Clone කරලා Backup කරගන්න මේවා පට්ට.

​✅ 5. Antivirus & Security (ESET, Malwarebytes)
​මැෂින් එකට වයිරස් ගිහින් Windows Log වෙන්න දෙන්නේ නැද්ද? එහෙනම් Hiren’s එකෙන් Boot කරලා එළියේ ඉඳන්ම Scan කරලා වයිරස් ටික අයින් කරන්න පුළුවන්. 🦠🚫

​🚀 මේක පාවිච්චි කරන්න ඕන වෙලාවල්:

🔸 Windows Blue Screen (BSOD) ඇවිත් මැෂින් එක On නොවෙන වෙලාවට.
🔸 Hard Disk එකේ තියෙන වටිනා Data ටික එළියට ගන්න ඕන වුනාම.
🔸 අලුතින් Hard Disk / SSD මාරු කරනකොට.
🔸 වයිරස් ඇවිත් මැෂින් එක පිස්සු කෙළිනකොට.

​💡 අවසාන වශයෙන්:
Tech වැඩ කරන කොල්ලෙක් නම් අදම 4GB වගේ පෙන් එකක් හොයාගෙන Hiren’s BootCD එක දාගෙන ළඟ තියාගන්න. වෙලාවක ලොකු අමාරුවක වැටුනම මේක දෙයියෙක් වගේ පිහිටට එනවා ෂුවර්! 👌

​Download කරගන්න ඕන අය "Hiren’s BootCD PE" කියලා Google කරන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ! 👇

​කට්ටියගේ අදහස් පහළින් කොටාගෙන යන්න! 👇👇

🖥️ PC එකේ OS දෙකක් Run කරමුද? (Dual Boot Guide) - Partition කඩන්න ඕනෙත් නෑ! 🚀මචංලා, ඔයාලට Windows 10 තියෙද්දි Windows 11...
24/01/2026

🖥️ PC එකේ OS දෙකක් Run කරමුද? (Dual Boot Guide) - Partition කඩන්න ඕනෙත් නෑ! 🚀

මචංලා, ඔයාලට Windows 10 තියෙද්දි Windows 11 ටෙස්ට් කරන්න ඕන වෙලා තියෙනවද? නැත්තම් ලිනක්ස් ගහන්න ඕනද? හැබැයි තියෙන Data වලට කෙලවෙයි කියලා බයද? 🤯

අද කියලා දෙන්නෙ Dual Boot ගහන ක්‍රම දෙකක්. එකක් සාමාන්‍ය විදිය. අනිත් එක Partition කඩන්නෙ නැතුව File එකක් විදියට OS එක ගහන "Pro" විදිය (VHDX). 😎🛠️

1️⃣ Method 01: Traditional Way (වෙනම Partition එකකට දැමීම) 💿

මේකෙදි හාඩ් එකේ ඉඩ තියෙන තැනකින් අලුත් Partition එකක් හදාගන්න ඕන.

1. Disk Management එකට ගිහින් තියෙන Partition එකක් Shrink කරලා අලුත් ඉඩක් හදාගන්න.
2. Windows Setup එකට ගිහින් Custom Install තෝරලා අර අලුතෙන් හදපු Partition එක select කරලා Next කරන්න.
3. ඉතුරු ටික PC එකෙන් බලාගනී. Boot වෙද්දි OS දෙකම පෙන්නනවා. Simple! ✨

2️⃣ Method 02: VHDX Method (එකම Partition එකේ Virtual Disk එකක් ලෙස) 🔥

මේක තමයි සුපිරිම වැඩේ. හාඩ් එක ෆෝමැට් කරන්න ඕන නෑ. Data එහෙ මෙහෙ කරන්න ඕන නෑ. ඔයාගෙ C එකේ හෝ D එකේ .vhdx ෆයිල් එකක් ඇතුලෙ තමයි අලුත් OS එක රන් වෙන්නේ.

[කරන විදිය]
1. Disk Management ගිහින් Action > Create VHD දෙන්න.
2. ලොකේෂන් එක දීලා, Size එක දීලා (Ex: 50GB), .vhdx තෝරලා OK කරන්න.
3. දැන් ඒ හැදුනු Disk එක උඩ Right click කරලා Initialize කරලා New Simple Volume දෙන්න.
4. දැන් Windows Setup එකට ගිහින් බලද්දි අලුත් Hard Drive එකක් වගේ මේක පෙන්නනවා. ඒකට OS එක ඉන්ස්ටෝල් කරන්න.

🛑 වැදගත්ම ටික : CMD Commands 💻

සමහර වෙලාවට Setup එකේදි මේ VHDX එක පෙන්නන්නෙ නෑ, නැත්තම් පරණ VHDX එකක් ආයේ Boot කරන්න ඕන වෙනවා. අන්න එතකොට මෙන්න මේ Commands ටික ගහන්න ඕන.

👉 Step 1: VHDX එක Attach කරගැනීම (Diskpart)
Windows Setup එකේ ඉද්දි Shift + F10 ගහලා CMD ගන්න (නැත්තම් PC එකේ ඉද්දි CMD Admin run කරන්න).

diskpart
select vdisk file="D:\MyOS.vhdx"
attach vdisk
exit

(file path එකට ඔයාගෙ vhdx එක තියෙන තැන දෙන්න)

👉 Step 2: Boot Menu එකට ඇඩ් කිරීම (Bcdboot) ⚙️
දැන් අර අලුත් VHD එකට අදාල Drive Letter එක බලාගන්න (උදාහරණයක් විදියට ඒක Z: නම්). මේ Command එක ගහන්න. මේක ගැහුවම තමයි PC එක ඔන් වෙද්දි OS තෝරන්න එන ලිස්ට් එකට මේක ඇඩ් වෙන්නේ.

bcdboot Z:\Windows

(මෙතන Z කියන තැනට අර VHD එකේ Letter එක දෙන්න ඕන)

💡 පරණ VHDX එකක් ආයේ පාවිච්චි කරන්නේ කොහොමද? ♻️

ඔයා ගාව කලින් හදපු Windows තියෙන .vhdx ෆයිල් එකක් තියෙනවා නම්, ආයේ Install කරන්න ඕන නෑ.

1. උඩ කියපු විදියට diskpart එකෙන් ඒක Attach කරන්න (Mount කරන්න).
2. ඊට පස්සේ bcdboot command එක ගහන්න.
3. Restart කරාම කෙලින්ම පරණ OS එකෙන් වැඩ පටන් ගන්න පුළුවන්! 😍

ප්‍රශ්න තියෙනවා නම් Comment එකක් දාන්න. හැමෝටම දැනගන්න Share කරමු! 👇

23/01/2026

.

🛑 Windows ගහද්දි එන GPT vs MBR ප්‍රශ්නෙ සහ Data නැති නොවී Convert කරන හැටි! (Complete Guide) 🛑​ඔයාලත් කවදාහරි Windows in...
23/01/2026

🛑 Windows ගහද්දි එන GPT vs MBR ප්‍රශ්නෙ සහ Data නැති නොවී Convert කරන හැටි! (Complete Guide) 🛑

​ඔයාලත් කවදාහරි Windows install කරන්න යද්දි "Windows cannot be installed to this disk" කියලා error එකක් දැකලා තියෙනවද? 😫

ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ Hard Disk එකේ partition style එක (GPT/MBR) සහ BIOS settings (UEFI/Legacy) අතර මැච් එකක් නැති වෙන එක.

​සරලවම කිව්වොත් මේකයි තියරිය:

✅ UEFI Boot Mode නම් Disk එක GPT වෙන්නම ඕනේ.

✅ Legacy Boot Mode නම් Disk එක MBR වෙන්නම ඕනේ.

​මේ ගැන සම්පූර්ණ විස්තරේ සහ Format නොකර Convert කරන හැටි පහලින්. 👇

​1️⃣ Diskpart Command එකෙන් GPT ද MBR ද කියලා බලාගන්නේ කොහොමද? 💻

​Windows setup එකේ ඉන්නවනම් Shift + F10 ගහලා (නැත්නම් සාමාන්‍ය විදියට CMD open කරලා) මේ commands ටික ගහන්න.

​diskpart කියලා type කරලා enter කරන්න.
​list disk කියලා type කරලා enter කරන්න.
​දැන් ලිස්ට් එකක් එයි Disk 0, Disk 1 කියලා. එතන අන්තිමට තියෙන "Gpt" කියන column එක බලන්න.
​👉 එතන තරු ලකුණක් (*) තියෙනවා නම්, ඒ ඩිස්ක් එක GPT.
​👉 එතන තරු ලකුණක් නැත්නම්, ඒ ඩිස්ක් එක MBR.

​2️⃣ BIOS Settings හදාගන්නේ කොහොමද? ⚙️
​Computer එක on වෙනකොට F2, Del හෝ F10 ගහලා BIOS වලට යන්න. Boot menu එකේ "Boot Mode" හොයාගන්න.

​🔵 ඔයාගේ Disk එක GPT නම්: Boot Mode එක UEFI වලට දාන්න. (Windows 11 වලට අනිවාර්ය මේකයි).
​🔵 ඔයාගේ Disk එක MBR නම්: Boot Mode එක Legacy (හෝ CSM) වලට දාන්න.

​3️⃣ Windows Install වුණාම හැදෙන Partitions වෙනස් වෙන්නේ කොහොමද? 💾

​අපි Disk එක format කරලා Windows ගහද්දි, අපි හදන C partition එකට අමතරව System එක විසින්ම පොඩි partition කෑලි වගයක් හදාගන්නවා.

​🔸 MBR (Legacy) ගැහුවොත්:
System එකට අදාල ෆයිල්ස් තියාගන්න "System Reserved" කියලා පොඩි partition එකක් (50MB - 500MB වගේ) හැදෙනවා.

​🔸 GPT (UEFI) ගැහුවොත්:
අනිවාර්යයෙන්ම "EFI System Partition" කියලා එකක් හැදෙනවා. Boot file තියෙන්නේ මෙතන. මේක නැතුව UEFI boot වෙන්නේ නෑ.

​4️⃣ Computer Management එකෙන් මේක චෙක් කරන්නේ කොහොමද? 🖥️
​Commands ගහන්න අමාරු නම් ලේසිම විදිය මෙන්න:

​Desktop එකේ 'This PC' උඩ Right Click කරලා Manage යන්න.
​එතනින් Disk Management තෝරන්න.
​ඔයාට ඕන Disk එක උඩ (Disk 0, Disk 1 වගේ තැන) Right click කරලා Properties යන්න.
​දැන් Volumes tab එකට යන්න.
​එතන "Partition style" කියන තැන පෙන්නයි Master Boot Record (MBR) ද GUID Partition Table (GPT) ද කියලා.

​5️⃣ Format කරන්නේ නැතුව MBR ➡️ GPT මාරු කරන්නේ කොහොමද? (Bonus Tip) 🔥

​දැනට තියෙන Windows එකේ Data මුකුත් නැති වෙන්නෙ නැතුව, Disk එක Format කරන්නෙත් නැතුව MBR ඉඳන් GPT වලට මාරු වෙන්න පුළුවන්. (Windows 10/11 වල විතරයි).

​⚠️ වැදගත්: මේක කරන්න කලින් ඔයාගේ Motherboard එක UEFI Support කරනවාද කියලා අනිවාර්යයෙන් බලන්න. නැත්නම් Convert කළාට පස්සේ PC එක On වෙන එකක් නෑ.
​CMD එක Run as Administrator විදියට open කරගන්න.
​මුලින්ම මේ Command එක ගහලා Check කරගන්න:
mbr2gpt /validate /allowFullOS
​Validate Successful කියලා වැටුනොත් විතරක් මේ Command එක ගහන්න:
mbr2gpt /convert /allowFullOS
​වැඩේ හරිනම් තත්පර ගානකින් Convert වේවි. ඊටපස්සේ Restart කරලා BIOS වලට ගිහින් Boot Mode එක UEFI දාන්න අමතක කරන්න එපා!

​මේ වගේ වටින දේවල් දිගටම දැනගන්න Page එකට Like එකක් දාගෙන යමු! යාළුවන්ටත් දැනගන්න Share කරන්න. ❤️🔥

22/01/2026

Address

Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when Tec Reboot-SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share