JustCric

JustCric 🙈💁‍♂️𝐶𝑟𝑖𝑐𝑘𝑒𝑡 𝑎𝑙𝑤𝑎𝑦𝑠 𝑚𝑎𝑑𝑒 𝑢𝑠 ℎ𝑎𝑝𝑝𝑦❤️😁

03/04/2025

අවතක්සේරු කරන්න හිතන්නවත් එපා 🤫🔥

02/04/2025

Beauty of 𝑇𝑒𝑠𝑡 𝐶𝑟𝑖𝑐𝑘𝑒𝑡 🔥

තරුණ පිතිකරුවෙකුගේ ක්‍රීඩාදිවියේ වැදගත් දින දෙකක් ඇත.පළමුවැන්න ඔහු තමන්ගේ මංගල තරගය ක්‍රීඩා කරන දිනයය. දෙවැන්න ඔහු තමන්ග...
13/12/2024

තරුණ පිතිකරුවෙකුගේ ක්‍රීඩාදිවියේ වැදගත් දින දෙකක් ඇත.
පළමුවැන්න ඔහු තමන්ගේ මංගල තරගය ක්‍රීඩා කරන දිනයය. දෙවැන්න ඔහු තමන්ගේ විභවය (True Potential) තමන් විසින්ම තේරුම් ගන්නා ඉනිම තමන් ක්‍රීඩා කරන දිනයය.

දකුණු ආසියාවෙන් බිහිවන තරුණ පිතිකරුවන් විසින් තමන්ගේ විභවය බොහෝවිට තේරුම් ගන්නේ දකුණු අප්‍රිකාවේදීය. මෙයට හේතුව දකුණු ආසියාවෙන් බිහිවන දක්ෂ පිතිකරුවන්ගෙන්, දකුණු ආසියාවෙන් බිහිවන අතිවිශිෂ්ට "Legendary” පිතිකරුවන් වෙන් කර හදුනාගත හැකි රාජ්‍යය දකුණු අප්‍රිකාව වීමය.

දකුණු ආසියාවේ තණතීරු වලට හුරුවී සිටින දකුණු ආසියානු පිතිකරුවන්ට දකුණු අප්‍රිකාවට පැමිණ දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් විසින් අලුත් පන්දුව දෙපැත්තටම දෝලනය කරමින්, තමන්ට තණතීරුවෙන් ලැබෙන "Extra Bounce” එක සමග, ක්‍රිකට් ක්‍රීඩාවේ "Corridor of Uncertainty” ලෙස හදුන්වන 4th stump එකට එක දිගට යොමුකරන පන්දුවලට සාර්ථකව මුහුණදීමට, විශිෂ්ට තාක්ෂණයක් මෙන්ම මනා ඉවසීමක් තිබිය යුතුය.

---------------------------------------

ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක 11ක් ඇතුළු ශතක 38ක් වාර්තා කර ඇති ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාර විසින් තමන්ගේ හොදම ඉනිම ලෙස සලකන්නේ 2001 වර්ශයේදී දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ලබාගත් ලකුණු 98යි.

බොහෝවිට සංගාගේ රසිකයන් පවා සංගා සමග මේ පිළිබද එකග නොවීමට ඉඩ තිබේ. මෙයට හේතුව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම් අතර සංගා විසින් ඩර්බන්, හෝබාර්ට්, ලෝර්ඩ්ස්, වෙලින්ග්ටන් ක්‍රීඩාංගණ වල ලබාගත් සමහර ටෙස්ට් ශතක බොහෝවිට දෙවෙනි වන්නේ කුසල් පෙරේරා විසින් ඩර්බන් වල දියත් කර සියවසේ ඉනිමට පමණි. එහෙත් සංගා විසින් දකුණු අප්‍රිකාවේදී දියත් කරන ලද ඉනිම තමන්ගේ හොදම ඉනිම ලෙස ඔහු නම් කිරීමට හේතු කිහිපයක්ම සංගාට තිබෙන්නට ඇත.

මෙම ඉනිම දියත් කරද්දී සංගාගේ වයස අවුරුදු 24ක් පමණි. ඔහු එම ඉනිම දියත් කරේ ඩොනල්ඩ්, පොලොක්, න්ටිනි, කලිස් වැනි ලොව බිහිවූ විශිෂ්ටතම පන්දුයවන්නන්ට එරෙහිව දකුණු ආසියාවේ පිතිකරුවන්ට ක්‍රීඩා කිරීමට අපහසුම රට ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේය. මෙය නායක ජයසූරිය ඇතුළු කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී ලබාගත් ඉනිමකි. ජේෂ්ඨ ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුණිදි කිවහොත්, අත්දැකීම් නැති සංගක්කාරව එකවරම ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් කර අලුත් පන්දුවට මුහුණ දීමට ඔවුන් ක්‍රීඩා පිටියට යවන ලදී. ඒ අනුව ඩොනල්ඩ්, න්ටිනි, පොලොක් අලුත් පන්දුවෙන් තම අණසක පතුරුවමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව අසරණ කරද්දි, සංගා අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් හුදකලා සටනක නිරත විය.

මේ සැමටමත් වඩා තමන්ගේ “True Potential” එක සංගා තේරුම් ගත්තේ මෙම ඉනිමෙන් පසුවය. ලොව හොදම පන්දු යවන්නන්ට එරෙහිව උරෙන් උර ගැටෙමින්, පිතිකරණයේ යෙදීමට අපහසු තණතීරු වලද හොදින් පිතිකරණයේ යෙදී දිනක ලොව හොදම පිතිකරු වීමට තමන්ට හැකිබව සංගා බොහෝවිට විශ්වාස කරන්නට ඇත්තේ එදා සෙන්චූරියන් ක්‍රීඩාංගණයේදීය. මෙම ඉනිමෙන් පසු සංගාට ඇතිවූ ආත්ම විශ්වාසය සමග ඔහු තමන්ගේ ක්‍රීඩා දිවිය නිමා කරේ ක්‍රීඩකයෙක්ට ලබාගත හැකි සියළුම සම්මාන, ගෞරව ලබාගැනීමෙන් පසුවය. ශතකයක් නොවුනත් ඔහු ලබාගත් ද්විත්ව ශතක වලටත් වඩා ඔහුට මෙම ඉනිම වටින්නේ මේ නිසාය.

----------------------------------------

පළමු ඉනිමේ පැතුම් නිශ්ශංක මුහුණ දුන් අවසාන පන්දුවේදී සිදුවූ "Brain Fade” එක වනතෙක්ම පැතුම් විසින් පසුගිය තරගයේදී ක්‍රීඩාකර පළමු ඉනිම තරුණ දකුණු ආසියානු පිතිකරුවෙකු විසින් තමන්ගේ පළමු දකුණු අප්‍රිකානු සංචාරයකදී ක්‍රීඩාකරන ලද අලංකාරම, විශිෂ්ටතම ඉනිම් වලින් එකකි. විශේෂයෙන්ම අලුත් පන්දුව පරණ වනතෙක් ඔහුගේ ඉවසීම සහා තාක්ෂණය සැබැවින්ම අගය කර යුතුය.

ඔහු මුහුණ දුන් පළමු පන්දු 50 ඇතුලත ඔහු ලබාගත්තේ ලකුණු 08ක් පමණි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය (Strike Rate) වූවේ 16කි. එක්දින තරගයක 151ක ලකුණු ලබාගැනීමේ වේගයක් පවත්වා ගනිමින් ද්විත්ව ශතකයක් ලබාගැනීමත්, ඉන්දියාව සමග T20 තරගයක 160ක ලකුණු ලබාගැනීමේ වේගයක් සමග අර්ධ ශතකයක් ලබාගැනීමත්, ටෙස්ට් තරගයක ඉවසීමෙන් 16ක ලකුණු ලබාගැනීමේ වේගයක් රදවා ගනිමින් ලකුණු ලබාගැනීමම පිතිකරුවෙක් ලෙස ඔහුගේ "Range” එක මැනවින් පෙන්නුම් කරන එක අවස්තාවකි. අවිවාදයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම පිතිකරු ඔහුය.

පැතුම් යනු දිනක කෝලි, සංගා, ලාරා ලෙවල් එකේ සිටිය යුතු තරම් දක්ෂතාවයක් තිබෙන පිතිකරුවෙකි. පැතුම්ගේ පියා, ශ්‍රී ලංකා පුහුණුකරු ජයසූරිය මෙන්ම මිලියන ගණනක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ද මෙය තේරුම් ගෙන ඇත. අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 40 ගාණක් ලබාගත්තත් ඔවුන්ට ප්‍රශංසා කරමින් හෑලි ලියන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විසින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරත් පැතුම්ගේ පහර විවේචනය කරන්නේ පැතුම් සිටිය යුත්තේ අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා ඉහලින් "World Class” ලෙවල් එකක බව ඔවුන් තේරුම් ගෙන සිටින බැවිනි. ජයසූරියත් පැතුම්ගේ "50 කෑලි" වලට අකමැති හේතුව පැතුම්ට ලේසියෙන්ම මේ ඉනිම් ශතක, ද්විත්ව ශතක බවට පරිවර්තනය කර හැකි ඉවසීම, තාක්ෂණය, මෙන්ම හැකියාව තිබෙන නිසාය. ඒ පහර සමග පැතුම්ට මගහැරුණේ ශතකයක් නොව ද්විත්ව ශතකයක් බව පැතුම්ද දන්නා කරුණකි.

දැන් පැතුම්ට ඉතිරිව ඇත්තේ එදා සංගා තේරුම් ගත්තා මෙන්ම, තමන්ගේ "True Potential” එක තේරුම් ගැනීමය. පැතුම් සෑම ඉනිමකම ශතක වාර්තා කර යුතු යැයි මෙයින් අදහස් කෙරෙන්නේ නැත. එහෙත් හොද ආරම්භයක් ලබාගත් දිනක සංගා තමන්ගේ ක්‍රීඩා දිවියේ "Peak” එකේදී මෙන්ම එම ආරම්භ ශතක වලට පරිවර්තනය කිරීමේ හැකියාව පැතුම් සතුය. පැතුම් දැන් ප්‍රගුණ කර යුත්තේ හොද ආරම්භයකින් පසුව එම ඉනිම කණ්ඩායමට ජයග්‍රාහී ඉනිමක් බවට පත්කිරීමට අවශ්‍ය ඉවසීමය.

දක්ෂ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාදිවිය අවසන් කරනවාද, පරම්පරා ගණනක් රසිකයෝ කතාවෙන සංගා, කෝලි, සචින්, ලාරා, අරවින්ද වැනි අතිවිශිෂ්ට "Legendary” පිතිකරුවෙකු ලෙස තම ක්‍රීඩාදිවිය අවසන් කරනවාද යන්න පැතුම්ට භාරය.

✍️ Sakun Sankalana

01/12/2024

🥰🥺

Address

Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when JustCric posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JustCric:

Share