21/08/2026
📖 :- Shades of Bond
✍🏻 :- දිලිනි ගයානි ගුණසේකර
🖨️ :- හිරුමලි ප්‍රකාශන
පාසල් ප්‍රේමයකින් ආරම්භ වෙලා, ආදරය, ගෞරවය, කැපවීම, පරිත්‍යාගය වගේම ජීවිතයේ අපිට හමුවෙන විවිධ බැඳීම්වල ගැඹුරත් කියාදෙන කතාවක් තමයි Shades of Bond. 🤍
කතාවේ මුල් කොටස් කියවගෙන යද්දි මට දැනුණේ ආයෙමත් මගේ ඉස්කෝලේ කාලෙට ගියා වගේ හැඟීමක්. ඒ තරමටම පාසල් ජීවිතය, ඒ වටපිටාව, ඒ හැඟීම් චිත්තරූප මැවෙන විදිහට ලියලා තිබුණා. විශේෂයෙන්ම Mixed School එකකට ගිය කෙනෙක් නම්, මේ කොටස් කියවද්දි තමන්ගේම පාසල් මතක එක්ක ආයෙත් ඒ කාලෙට යනවා වගේ දැනෙයි කියලා මට හිතෙනවා. 🥹
මේ කතාව ගෙතෙන්නේ අනුරාධ සහ නුරාවි වටා ගොඩනැගෙන ඔවුන්ගේ පාසල් ප්‍රේමයෙන්. හැබැයි මේක ආදර කතාවක් විතරක් නෙමෙයි. ආදරයකට එහා ගිය බැඳීම්, ඒ බැඳීම් වෙනුවෙන් කරන කැපකිරීම් සහ කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් දරන වගකීම් ගැනත් කතාව අපිට කියලා දෙනවා.
නුරාවි කියන්නේ මේ කතාව ඇතුළේ මට හරිම තදින් දැනුණු චරිතයක්. තමන් වටේ තියෙන හැම බැඳීමක්ම එක මිටකට අල්ලගෙන, ඒ බැඳීම් විසිරිලා යන්න නොදී ශක්තිමත්ව ඉන්න ගැහැනියක්. තමන්ගේම දරුවෙක් නොවුණත්, ඒ දරුවාව තමන්ගේම දරුවෙක් වගේ ආදරයෙන් බලාගන්න ඇය දරන උත්සාහය… ඒ බැඳීම කියවද්දි නම් හිතට දැනුණේ පුදුම විදිහට. 🥺🤍
හැබැයි මට අනුව මේ කතාවේ ප්‍රධානම චරිතය අනුරාධවත් නුරාවිවත් නෙමෙයි… ලක්මිණ වලිමුනි.
ලක්මිණගේ ජීවිත අත්දැකීම් එක්ක එයා ගුප්ත ජීවිතයකට හුරු වුණ එක ගැන මට කිසිම වෙලාවක එයාව විනිශ්චය කරන්න හිතුණේ නැහැ. මොකද සමහර මිනිස්සුන්ව තේරුම් ගන්න නම්, එයාලා ගෙවපු ජීවිතයත් තේරුම් ගන්න ඕනේ.
“දෙවියොත් අසාධාරණකම් කරන්නේම හිත හොඳ අයටමයි…” 🥺
ලක්මිණගේ ජීවිතය කියවද්දි ඒ වචන තවත් තදින් දැනුණා.
මේ කතාවේ තිබුණු සමහර අවස්ථා හරිම තාත්විකයි. චරිත එකිනෙකා එක්ක අදහස් බෙදාගන්න විදිහ, බැඳීම් වෙනුවෙන් තීරණ ගන්න විදිහ, ඒ තීරණවලින් ඇතිවෙන වේදනාව… මේ හැමදේම කියවද්දි සමහර තැන්වල මගේ ඇස්වලටත් කඳුළු ආවා. 🥺
ඔයාත් Shades of Bond කියවපු කෙනෙක් නම්, මං මේ කියන හැඟීම ඔයාටත් දැනෙන්න ඇති කියලා මට හිතෙනවා.
මේක ෆැන්ටසි ලෝකයක සිද්ධ වෙන කතාවක් නෙමෙයි. අපි ජීවත් වෙන සමාජයේම ඉන්න මිනිස්සුන්ගේ කතා මේ. නුරාවි වගේ අයත්, ලක්මිණ වගේ අයත් ඇත්ත ජීවිතේ අපි අතරම ඉන්නවා. ඒ නිසාම මේ චරිත හුදෙක් පොතේ චරිත විදිහට විතරක් නොදැනී, අපි දන්න කෙනෙක් වගේ හිතට ළං වෙනවා.
ඒ අතරින් ලක්මිණ වලිමුනි කියන චරිතය නම් මගේ මතකයෙන් කවදාවත් මැකෙන එකක් නෙමෙයි. සමහර චරිත පොතක් වහලා තියද්දි අමතක වෙනවා… හැබැයි සමහර චරිත අපේ හිත ඇතුළේ කොහේ හරි නතර වෙනවා. ලක්මිණ මට එහෙම නතර වුණු චරිතයක්. 🤍
Shades of Bond කියන්නේ ආදරය ගැන විතරක් නෙමෙයි…
බැඳීම් රැකගැනීම ගැන,
කැපකිරීම් ගැන,
පරාර්ථකාමී ආදරය ගැන,
අපිට නොපෙනෙන මිනිසුන්ගේ වේදනා ගැන,
ඒ වගේම කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙක් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක ගැනත් කියාදෙන කතාවක්. 🥺
ඉතින් ආදර කතාවකට එහා ගිය, හිතට දැනෙන බැඳීම් සහ මතක හිටින චරිත එක්ක සංවේදී වෙන්න පුළුවන් කතාවක් කියවන්න කැමති නම්…
🌸 Shades of Bond අරගෙන කියවලා බලන්න.
හැබැයි පොතේ අවසාන පිටුව වහද්දි හිතට දැනෙන හැඟීම ගැන නම් මං මුකුත් කියන්නේ නෑ…
ඔයාටම ඒ හැඟීම විඳින්න ඉඩ දෙන්නම්. 🥺🤍📖
මගේ මතකයේ දිගටම රැඳෙන චරිතයක් “ ලක්මිණ වලිමුනි “ 🤍
:
:
සටහන :- සචිනි ද සිල්වා 💗
:
:
Original Written Content © — Sachini’s Library
I own the rights to this original written content.
Copying, reproducing, editing, or reposting my writing on any social media platform without my permission is strictly prohibited. 🚫
Please respect the time, effort, and creativity behind my work. 🤍
Sachini De Silva Sachini’s Libraryනිහඬ සිතුවිලිDilini Gayani
:
:
゚viralシ