30/08/2023
සෙංකඩගල පෙරහැර මංගල්‍යය ඉතිහාසය
ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ වාර්ෂිකව පවත්වන්නාවූ සම්ප්‍රදායික මහෝත්සවයකි, සෙංකඩගල පෙරහැර මංගල්‍යය. මෙම මංගල්‍යය ශ්‍රී දළදා මාළිගාව සහ හතර මහා දේවාල මගින් සංවිධානය කෙරේ. වැලිවිට සරණංකර හිමි විසින් සෙංකඩගල දේවාල පෙරහැර සහ දළදා පෙරහැර එක්කර තනි පෙරහැරක් සංවිධානය කිරීමෙන් මෙය ආරම්භවිය.
ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.
- උපුටා ගැනීමකි -