Uva News

Uva News ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎
👉ඔබේ ගමේ නගරයේ පුවත් තොරතුරු එවන්න අපට, 0719274788 whatsapp
(1)

18/08/2026
18/08/2026
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් හෙට...
17/08/2026

මහනුවර ඇසළ පෙරහැර
වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් හෙට (2026.08.18) සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

හෙටින් ආරම්භ වන කුඹල් පෙරහැර ලබන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලසීමාව පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීම මෙම වැඩපිළිවෙළට ඇතුළත්.

පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා 081 22 33 333 යන හදිසි දුරකථන අංකයද ස්ථාපිත කර තිබෙනවා.

මීට අමතරව, 071 859 1045 යන දුරකථන අංකය ඔස්සේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා සම්බන්ධ කරගත හැකි බවද පොලීසිය සඳහන් කළා.

මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 564ක් යෙදවීමට නියමිතයි.

මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙකුද ආරක්ෂක රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත බව පොලීසිය පවසනවා.

පොලිස් නිල සුනඛ අංශයේ සහායද ආරක්ෂක කටයුතු සඳහා ලබා ගැනීමට නියමිතයි.

මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කිරීමටද පියවර ගෙන තිබෙනවා.

පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ වාහන ගාල් කිරීම සඳහා රථවාහන ගාල් 13ක් සූදානම් කර තිබෙනවා.

ඉන් රථ ගාල් 6ක් සැහැල්ලු වාහන සඳහාත්, රථ ගාල් 7ක් බර වාහන සඳහාත් වෙන් කිරීමට නියමිතයි.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය මගහැර ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගද හඳුන්වා දී ඇති බැවින්, එම මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ගවරම්මාන ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල බස් ...
17/08/2026

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ගවරම්මාන ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල බස් රථයක් වංගුව දකුණට බරව ගැනීමට යෑමේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක ගැටීමෙන් පෙර දින(2026.08.16) පස්වරු 5.50 ට පමණ සිදුවූ අනතුර.

ඡායාරූප ස්තුතිය - Mhd Fahik
විශේෂ ස්තුතිය - Accident 1st

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎

තණමල්විල ගංජා හේන් හිමිකරුවෙකුගෙන් ලක්ෂ 5ක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවටතණමල්විල ප්‍රදේශයේ ගංජා හේනක හිමික...
17/08/2026

තණමල්විල ගංජා හේන් හිමිකරුවෙකුගෙන් ලක්ෂ 5ක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට

තණමල්විල ප්‍රදේශයේ ගංජා හේනක හිමිකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගත් බව කියන මොනරාගල පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎

බදුල්ල බණ්ඩාරවල ප්‍රධාන මාර්ගයේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹල්වෙල අසපුව මාර්ගය අසල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගැඹුරු බ...
17/08/2026

බදුල්ල බණ්ඩාරවල ප්‍රධාන මාර්ගයේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹල්වෙල අසපුව මාර්ගය අසල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගැඹුරු බෝක්කුවක තිබී ඊයේ දින (2026.08.16) පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තියෙනවා.

මොහු ඇල්ල පොලිස් වසමට අයත් කුඹල්වෙල බොරතුරු අරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මොහු පෙර දින (2026.08.15) රාත්‍රී නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර, කුඹල්වෙල ප්‍රදේශයේ වෙළඳසැලකින් කුකුල් මස් මිලදී ‍ගෙන පසුව රාත්‍රී නිවස දක්වා ගමන් කිරීමේ දී මෙම බෝක්කුවට වැටී මිය යන්නට ඇතැයි සැකකරනවා.

ඇල්ල පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎

15/08/2026

🔴 LIVE | රන්දෝලි මහා පෙරහැර 2026 | බෙල්ලන්විල රාජමහා විහාරයේ 76වන ඇසළ පෙරහැර මංගල්යය

15/08/2026

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේගේ ආදරණීය පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤ්ඤො පියාණන්ගේ අවමංල්‍යය උත්සවය වරකාගොඩ නිවාස පරිශ්‍රයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

14/08/2026

🔴 LIVE | රන්සිවිලි පෙරහැර 2026 | බෙල්ලන්විල රජමහා විහාරයේ 76වන ඇසළ පෙරහැර මංගල්‍යය

පුංචි දැරියකට අමානුෂික ලෙස පහර දී පාලු පාරක දමා ගිය මව අනියම් පෙම්වතා සමඟ බදුල්ල හාලිඇල මාවලගොඩ ප්‍රදේශයේ දී අද 2026 අගෝ...
14/08/2026

පුංචි දැරියකට අමානුෂික ලෙස පහර දී පාලු පාරක දමා ගිය මව අනියම් පෙම්වතා සමඟ බදුල්ල හාලිඇල මාවලගොඩ ප්‍රදේශයේ දී අද 2026 අගෝස්තු 14 දින අත්අඩංගුවට ගන්නා ලදි.

ඡායාරූප ස්තුතිය 👇
Rukshan Herath

ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ඌවේ සන්නාමය ⛎ UVA NEWS ⛎

Address

Welimada
Welimada
9200

Alerts

Be the first to know and let us send you an email when Uva News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva News:

Shortcuts

Share