04/10/2026
🇳🇿 නවසීලන්තයේ වැඩ කරලා අවුරුදු 2ක් බලාගෙන ඉන්න ඕන නැති Jobs තියෙනවා residency ගන්න 🙏🙏
ඔයාගේ රැකියාව New Zealand Green List එකේ Tier 1 නම්, New Zealand Residence එකට යන මාර්ගය ගොඩක් ලේසි වෙන්න පුළුවන්.
ඒකට හේතුව තමයි Tier 1 jobs සඳහා “Straight to Residence” pathway එක තිබීම. ❤️🇳🇿
ඒ කියන්නේ Tier 2 වගේ අවුරුදු 2ක NZ work experience එකක් එකතු කරගෙන ඉන්න අවශ්යතාවයක් නැතිව, අදාළ සියලුම සුදුසුකම් සපුරලා නම් Residence සඳහා කෙලින්ම apply කරන්න පුළුවන්.
Tier 1 යටතේ තියෙන වැදගත් රැකියා කිහිපයක්
Construction / Engineering
• Construction Project Manager
• Project Builder / Building Project Manager
• Quantity Surveyor
• Surveyor
• Civil Engineer
• Chemical Engineer
• Materials Engineer
• Geotechnical Engineer
• Structural Engineer
• Electrical Engineer
• Electronics Engineer
• Mechanical Engineer
• Environmental Engineer
• Aerospace / Aviation Engineer වැනි ඉංජිනේරු රැකියා
ICT පැත්තෙන්
• ICT Project Manager
• Software Engineer
• Developer Programmer
• Software Tester
• ICT Security Specialist
• Database Administrator
• Systems Administrator
• Multimedia Specialist වැනි රැකියාත් Green List එකේ Tier 1 යටතේ තිබෙනවා.
🩺 සෞඛ්ය ක්ෂේත්රය (Healthcare
• Doctors (වෛද්යවරුන්)
• Registered Nurses (ලියාපදිංචි හෙද හෙදියන්)
• Midwives
• තවත් ලියාපදිංචි සෞඛ්ය වෘත්තීන් ගණනාවක් Tier 1 pathway එකට ඇතුළත්.
👩🏫 ගුරු වෘත්තීන් (Teachers)
• ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ Green List එකේ Tier 2 (Work to Residence) කොටසටයි. ඒ කියන්නේ අවුරුදු 2ක NZ සේවයක් අවශ්ය වෙනවා.
• හැබැයි Secondary School STEM (Science, Maths, IT) වැනි විශේෂිත ගුරු වෘත්තීන් අතලොස්සක් Tier 1 එකට අයත් වෙනවා. ඒ නිසා Teacher කෙනෙක් නම් තමන්ගේ විශේෂඥතාවය අනුව නිවැරදි Tier එක බලන්න ඕන.
හැබැයි මෙතන වැදගත්ම දේ මේකයි!
Tier 1 job එකක් තිබුණා කියලා විතරක් Residence එක ලැබෙන්නේ නැහැ.
ඔයාට,
✅ අදාළ Green List qualification / registration requirements සපුරන්න ඕන
✅ Accredited Employer කෙනෙක්ගෙන් job offer එකක් හෝ අදාළ රැකියාවක employment එකක් තිබිය යුතුයි
✅ රැකියාවට අදාළ salary requirement එක සපුරන්න ඕන (Median Wage නිසි ලෙස පැවැතීම)
✅ සාමාන්යයෙන් full-time employment එකක් විය යුතුයි
✅ රැකියාව Green List එකේ සඳහන් occupation එකට සැබෑවටම ගැළපෙන්න ඕන.
ඒ නිසා “මගේ job title එක Green List එකේ තියෙනවා” කියලා විතරක් බලලා තීරණයක් ගන්න එපා.
❤️ තවත් වැදගත් දෙයක්…
Straight to Residence Visa සඳහා අයදුම් කරන විට වයස 55 හෝ ඊට අඩු විය යුතු අතර, අදාළ English, health සහ character requirements ද සපුරන්න ඕන.
ඒ වගේම Residence Visa එක ලැබුණාට පස්සේ, වසර 2ක් පුරා එම Resident Visa එක තබාගෙන සිටීමෙන් පසු Permanent Resident Visa (PR) සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබෙනවා.
ඒ නිසා ඔයා NZ යන්න හිතාගෙන ඉන්නවා නම්, “මට job එකක් හොයාගන්න පුළුවන්ද?” කියන ප්රශ්නය විතරක් නෙවෙයි…
👉 “මගේ profession එක Green List එකේ කොතැනද?” (Tier 1 ද? Tier 2 ද?)
👉 “මගේ qualification එක පිළිගන්නවද?”
👉 “Registration අවශ්යද?”
👉 “Salary requirement එක කීයද?”
කියන ටිකත් මුලින්ම බලන්න. 🇳🇿❤️
(මෙය Immigration New Zealand හි නිල Green List සහ Straight to Residence තොරතුරු පදනම් කරගෙන සකස් කළ අන්තර්ගතයකි.
නිල Green List තොරතුරු link එක පලමු comment එක බලන්න .
゚