16/02/2023
දෙමාපියනි කරුණාකර මනුශ්‍ය දරුවන් හදන්න..
අන් අය ගැන සිතා සිතා එසේ කල නොහැකි නම්,
තමන්ගේ දරුවන් සහ තමන් ගැන සිතා තවකෙකුට ඇඟිල්ල දික් දික් කළ නොහැකි මට්ටමේ දරුවන් තනන්න...
ජයග්‍රහණය වගේම පරාජය දරාගත හැකි දරුවන් හදන්න...
තමන්ට ගැලපෙන තැන නොගැලපෙන තැන තෝරා බේරා ගත හැකි දරුවන් හදන්න...
තමන්ට හිතෛෂී තැන රැඳෙන්නත්,
තමන්ට හිතෛෂී නොවන තැනින් අනුන් නොරිදවා අයින් වන්නත් දරුවන් පුහුණු කරන්න...
වර්තමානයේ ජීවත් වන සියල්ලෝම ගුණැති වැඩිහිටියන් නොවුනත්,
ඒ සියලුම මනුෂ්‍යයන්ට ඇත්තේ එකම ප්‍රාණ වායුව බව දරුවන්ට උගන්වන්න...
නිවැරදිව ලබා දෙන ගුරුහරුකම් ලබා ගන්නත්,
මිතුරන් යහළුවන් නෑදෑයන් ලබාදෙන වැරදි ගුරුහරුකම් බැහැර කරන්නත් දරුවන් පුරුදු කරවන්න...
දරුවා වදන්න හදන්න වගේම නිර්මාණය කරන්න පුළුවන් ඔබට පමණයි...
ගුරුවරයෙකු දරුවාගේ වරදකට සුළු දඬුවමක් දුන් විට එය මේ ලෝකයේ ඇති ලොකුම වරද ලෙස නොදකින්න,
සමහරවිට ඔබ නිවැරදි කළ යුතු,
නමුත් ඔබට මගහැරුනු තැනක් ගුරුවරුන් විසින් නිවැරදි කලා විය හැකි බව අවබෝධ කරගන්න...
තවකෙකුට පීඩා දෙන,තවකෙකුගේ සතුට නසන,තවකෙකුගේ ජීවිත ජීවිත අවුල්කරන,දරුවන් නොතනන්න...
දරුවාට ලං වෙලා ආදරෙයී කියන්න..
ඔබට මම ආදරේ තරමටම අනිත් සියළුම සියලුම දෙනාට ආදරේ කරන අහිංසක හිත් තියෙන බව කියා දෙන්න...
ඔබට නොමැති කිසිදු දෙයක් අනෙකාට හිමි වූවාට උරණ නො වන්නට කියා දෙන්න,
දුවෙක් වගේම පුතෙකුත්,
රාත්‍රී හය හත වන්නට පෙර ගෙතුළට ගන්න යුහුසුළු වෙන්න..
එතෙක් නො පැමිණෙන දරුවන් මරුවන් විය හැකි බව තරයේ සිතේ තබාගන්න...
දරුවා පීඩනයෙන් මුදවාලන්න...
මානසික පීඩනය පිරි දරුවෙක් එක් දිනෙක මරුවෙක් විය හැකි බැවින්,
දරුවා මිනිසෙකු ලෙස හදන්න..
එසේ නොමැති නම් පින් සිදුවෙයි දරුවන් නොහදා ඉන්න...
මිනීමරුවෙකු ගේ දෙමව්පියන් වෙනවට වඩා,
දරුවන් නොමැතිවීම හිතට ගතට සහනයක් බව මතක තියාගන්න...
දරුවකු හදනවා නම් ඒ හුදෙක් ඔබේ වගකීම යුතුකම බව තරයේ සිත තබාගන්න...
ආත්මාර්ථකාමී දරුවන් ගෙන් මේ ලෝකයට කිසිදු පලක් නැහැ...
තමන් වගේම තමන්ගෙ වට පිටේ ඉන්න පුද්ගලයන් පිළිබඳව ආදරයෙන් විමසිල්ලෙන් බලන්න අහන්න පුළුවන් දරු පරම්පරාවක් හදන්න අපිට යුතුකමක් තියෙනවා...
ඒ යුතුකම වගකීම නැවත නැවත සිහි කැඳවා ගන්න...🙏
මරුවන් මෙන් දරුවන් නො හදන්න...
මල් මෙන් දරුවන් නො හදන්න...
ගල් මෙන් දරුවන් නොහදන්න...
දුකට කදුලු වැටෙන,අනෙකා හඬන විට හද පතුලෙන්ම දුක් විය හැකි දරුවන් හදන්න...
එකෙකු දිනන විට හද පතුලෙන්ම අත්පොලසන් නැගිය හැකි දරුවන් හදන්න...
මේ දුවන රේස් එකේ පය පැකිලී වැටෙන එකෙකු,
එක අතකින් දරාගෙන මේ රේස් එක දිවිය හැකි ශක්ති වන්ත දරුවෙකු හදන්න...
මනුස්සකම් පිරුණු දරුවෙකු හදන්න...
වචනයකින්වත් අනෙකාගේ සතුට නසන සිත රිදවන දරුවන් නො හදන්න...
ආයෙමත් කියනවා,
මිනීමරුවෙකුගේ දෙමව්පියන් වෙනවට වඩා,
තවකෙකුට ජීවිතය අහිමි කළ පාපතරයෙකු ගේ දෙමව්පියන් වනවාට වඩා,
තවත් පවුලක ප්‍රාණ වායුව අහිමිකරන ඝාතකයකුගේ දෙමව්පියන් වෙනවට වඩා,
ජීවිත කාලයටම දෙමව්පියන් නොවී සිටීම යහපත්...
වැදූ පමණින් දරුවන් නොහැදෙන බැවින්,
හදන්න බැරි නම් දරුවන් නොවදා ඉන්න.🙏