Fais blog

Fais blog money is not everything be a good humanity person

01/11/2025
මා දන්නෙ නෑ විපක්ශය මේ ප්‍රකාශය දෙස මොන ආකාරයේ කෝණයකින් බලාවීද කියලා.නමුත් මේ ප්‍රකාශයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සහ ...
31/10/2025

මා දන්නෙ නෑ විපක්ශය මේ ප්‍රකාශය දෙස මොන ආකාරයේ කෝණයකින් බලාවීද කියලා.

නමුත් මේ ප්‍රකාශයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සහ ඇබ්බැහි වූවන් වෙත ඉතාම සහෝදරාත්මක ආමන්ත්‍රණයක් ජනාධිපති අනුර සහෝදරයා විසින් ලබා දෙනවා. මන්ද ඔබ වැරදි නැති බවත් ඔබව මේ සමාජය විසින් ඒ තත්වය වෙත ඇද දමා ඇතිබ්බවත් ඔහු සතු සහකම්පනය නිසාම ඔහු හදුනගෙන තිබෙනවා . මම හිතන්නෙ එහෙම සහකම්පනයක් , ගැටලුවක හරිම තැන හදුනාගන්න පුළුවන් මිනිසෙක් මුල් පුටුවෙ දැන් සිටීම සහ ගැන අපි සතුටු විය යුතුයි.

ඒ වගේම ඒ ප්‍රකාශයේම දෙවැනි කොටසේ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන්ට යටත් වෙන ලෙස විධායක පන්නයේ තරවටුවක් සිදු කරනවා.. මන්දයත් මේ ජන සමාජයේ විවිධ ස්ථර අතර වෙලාගෙන ඇති විශ මත්ද්‍රව්‍ය ජාලයන්හී සැපයුම් කරුවන් වන්නෙ ඔවුන් නිසාවෙන්. ඔවුන් මේ සමාජයට කරනා හානියේ දිග පලලවත් අපිට මැනිය නොහැක. එය එතරම්ම මහා විනාශයක්.

නමුත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාතික ක්‍රියාන්වියතයක් ජනාධිපතිවරයෙකුගේ මැදිහත් වීම දායකත්වය යටතේ මෙරට දේශපාලන ඉතිහාසය තුල සිදු වී නැහැ. මෙය ලංකා දේශපාලනය තුල නොව ජාතික වශයෙන් වැදගත් සංදිස්ථානයක් වනුයේ ඒ නිසාය.

දේශීය වශයෙන් නිශ්පාදනය කෙරුනු මත්පැන් දුම්වැටි වෙනුවට අක්‍රමවත්ව මේ රට විවෘත කොට විවෘත ආර්ථිකය හරහා ලාබදායි ලෙස නිශ්පාදන පිරිවැය අඩු ලෙස පැමිණි මත්ද්‍රව්‍ය විශේෂයන් හී බලපෑම අවසාන වශයෙන් නැවතුනේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පවා මෙරට වෙලදපොල ආක්‍රමණය කොට ඇති පසුබිමකයි.

පසුකාලීනව මෙරට දේශපාලනයෙන් පෝශණය වූ කලු රාජ්‍ය හෙවත් පාතාලයට හරහා දේශපාලකයා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ වීම නිසා මෙරට නොනිල නමුත් රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුනු කලු ව්‍යාපාරයන් බිහි වීම ආරම්භ වුනා.

මහජන නියොජිතයෙකුගේ ලෙස වෙස් වලාගෙන මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් අතරත් ගොඩ් ෆාදර් වරයෙකු ලෙස එකල ප්‍රසිද්ධියට පත් ලන්සා ගේ නිවෙසට එක්තරා ඔත්තුවක් පදනම් ජරගෙන මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය විසින් හදිසි වැටලීමක් සිදු කරනා අවස්ථාවේදී පෙර සැලසුම් නොකරම හදිසියේම එකම විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එතැනට හෙලිකොප්ටරයකින් ගොඩ බසින්නෙ ලන්සාගේ ආරක්ශාව විධායකය තුලින් තහවුරු කිරීමටය. එකල මේ වැටලීම් අධෛර්යමත් කොට මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් ධෛර්යමත් කේරුනේ විධායකය හරහාය.

දැන් එම විධායක පුටුවෙ අසුන් ගත් එක් මිනිසෙක් ඒ කලු රාජ්‍යයට එරෙහිව තනිව සටන් වදින අතරතුර මුලු මහත් ජාතියටම ඒ සටන වෙනුවෙන් ආරාධනා කරනවා, ආයාචනා කරනවා සහෝදරත්වයේ දෑත් දිගු කරනවා. ඉතින් අපි පක්ශ දේශපාලනය මෙතැනදි ලපේ අත් හැර ඔහුව වැලදගත යුතු නොවේද?
මගේ මිතුරා , ඔබේ සහෝදරයා ඔබේ පියා වෙනුවෙන් සුරක්ෂිත දේශයක් ගොඩ නැගිය යුතු නොවෙද?

එය කල හැක්කෙ අපටම පමණයි. සියවස් ගණනාවකට පසු ඒ අත් හැර නොහැකි ස්වර්ණමය මොහොත දැන් අප ඇස් පනා පිට ඇත. මුලු රටක් එක්ව ගිගුම් දෙමින් පවතින්නෙ මේ විශ මත්ද්‍රව්‍ය තුරන් කරනා ලෙසටයි.

මේ සිදුවීම් සමුදායන් ඔබේ පෞද්ගලික ජීවිතයට ආදේශ කොට අනෙකා දෙස බලන්න. ඔබ ඔබ වෙනුවෙන් ඉදිරිපත් ව අනෙකා ට ජීවත් විය හැකි සුව පහසු සමාජයක් තැනීමට දායක විය යුතුය.

අපට බොහො කරුණු සම්බන්ධයෙන් වාද විවාද පැවතිය හැකිය. දේශපාලන , ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාද අවලාද පැවතිය හැකිය. ජාතිකත්ව ආගමිකත්වය සහ සංස්කෘතික පසුබිම මූලික කොට විවාදයන් පැවතිය හැකිය.
නමුත් මේ විශ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරවීම වෙනුවෙන් වාදයන් පැවතිය නොහැකිය.
ඊට ඇකමැති පාර්ශවය ඝෘජුව හෝ වක්‍රව සහය දෙන්නෙ අදිසි මත්ද්‍රව්‍ය හස්තයන්ටමය. එහි ගොදුරක් වීම හෝ තීරණය කල යුත්තේ ඔබය.

ඉවත් වෙමු , ඉවත් වන්නට බල කරමු

Good morning 🌄 🌄 🌄 මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන පොලිස් හා රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්"රටම එකට" ජාතික ම...
30/10/2025

Good morning 🌄 🌄 🌄 මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන පොලිස් හා රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්
"රටම එකට" ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මත්ද්‍රව්‍ය ජාලයන් හා සබඳතා පවත්වන පොලිස් නිලධාරීන්ට එම කටයුතුවලින් වහාම ඉවත් වන ලෙසට දැනුම් දෙන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට නම් පොලීසිය පිරිසිදු කළ (සුද්ද කළ) යුතු බවට ජනතාව අතර පවතින මතය සත්‍යයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තේය.

"වහාම මේ කාර්යයෙන් ඉවත් වන්න. එසේ නොමැතිනම් අපි ඉවත් කරනවා," යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම අනතුරු ඇඟවීම මත්ද්‍රව්‍ය ජාවාරමට පහසුකම් සපයන සියලුම රාජ්‍ය නිලධාරීන්ට ද එකසේ අදාළ බව වැඩිදුරටත් පැවසීය.

-

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන 'රටම එකට' ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී...
30/10/2025

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන 'රටම එකට' ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්වීමි.

මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව පාසල් දරුවන්ගේ මෙන්ම තරුණ ප්‍රජාවගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කර ගනිමින් බොහෝ අපරාධ සිදු වන බවටද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් එම ව්‍යසනයෙන් ගලවා ගන්නා බව මෙහිදී අවධාරණය කළ මම, වහාම එයින් ඉවත් වන ලෙස විෂ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන්ට සහ ඒ සදහා ඇබ්බැහි වූවන්ට දැනුම් දුන්නෙමි.

අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගම, ක්‍රීඩාව, කලාව සහ සංස්කෘතිය යන බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ 'රටම එකට' ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවන බව පැවසූ මම, එකී ජාතික කාර්යභාරය වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාට ආරාධනා කළෙමි.

கொழும்பு சுகததாச உள்ளக விளையாட்டரங்கில் இன்று (30) காலை நடைபெற்ற போதைப்பொருள் அச்சுறுத்தலைத் தோற்கடிக்கும் 'முழு நாடுமே ஒன்றாக' தேசிய செயற்பாட்டின் ஆரம்ப நிகழ்வில் நான் கலந்து கொண்டேன்.

தற்போது தேசிய பேரழிவாக மாறி பாடசாலை மாணவர்கள் மட்டுமன்றி இளைஞர் சமூகத்தின் உயிர்களை ஆபத்தில் தள்ளியுள்ள போதைப்பொருள் வர்த்தகத்தை மையமாகக் கொண்டு அநேகமான குற்றங்கள் நடப்பது அவதானிக்கப்பட்டுள்ளது. அதன்படி, போதைப்பொருட்களுக்கு எதிரான பரந்த பொதுமக்கள் இயக்கத்தை உருவாக்கி, நிச்சயமாக போதைப்பொருள் பேரழிவை நாட்டிலிருந்து ஒழித்து எதிர்கால சந்ததியினரையும் சமூகத்தையும் அந்தப் பேரழிவிலிருந்து காப்பாற்றுவோம் என்பதை நான் வலியுறுத்தினேன். போதைப்பொருள் விற்பனை செய்பவர்களையும் அவற்றுக்கு அடிமையானவர்களையும் உடனடியாக அகன்று விடுமாறு நான் அறிவித்தேன்.

கைது செய்தல், புனர்வாழ்வு, தடுப்பு, பொதுமக்கள் அழுத்தம், மதம், விளையாட்டு, கலை மற்றும் கலாசாரம் ஆகிய பலதரப்பட்ட துறைகள் மூலம் "முழு நாடுமே ஒன்றாக" தேசிய செயற்பாட்டை முன்னெடுப்பதாக தெரிவித்த நான், அந்த தேசிய பணியில் இணையுமாறு அனைவருக்கும் அழைப்பு விடுத்தேன்.

Attended the launch of the National Mission “A United Nation" to eradicate the drug menace this morning (30) at the Sugathadasa Indoor Stadium in Colombo.

At present, the drug trade has become a grave national concern, endangering the lives of school children, the youth and serving as the root cause of many serious crimes. Emphasizing the urgent need to eradicate this menace completely, I stated that a broad public movement will be established to eliminate the drug threat from our country and to protect both our future generations and society as a whole.

I also conveyed a firm message to all those engaged in or connected to the drug trade, urging them to withdraw from such activities immediately.

“A Nation United” - National Mission will be implemented through a multifaceted approach encompassing law enforcement, rehabilitation, prevention, public awareness, religion, sports, art and culture. I invited everyone to unite and actively contribute to this national endeavour.

Good morning 🌄 🔥දිවයින පුරා මහා මාර්ග ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීමට රජයේ අවධානයකොළඹ නගරය ඇතුළුව, රට ප...
30/10/2025

Good morning 🌄 🔥දිවයින පුරා මහා මාර්ග ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීමට රජයේ අවධානය

කොළඹ නගරය ඇතුළුව, රට පුරා පිහිටි ප්‍රධාන මාර්ග පද්ධතියේ ආරක්ෂාව තර කිරීම සඳහා නවීන ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීම කෙරෙහි රජයේ පූර්ණ අවධානය යොමුවී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන පරිදි, මෙම ව්‍යාපෘතිය සඳහා වන අවශ්‍ය පිරිවැය සහ ඊට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳව මේ වන විටත් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම තීරණයට හේතු වූ කරුණු:

මෑත කාලයේදී සිදු වූ අපරාධ රැසක් විමර්ශනය කිරීමේදී, විශේෂයෙන් පාතාල අපරාධකරුවන් සහ සෙසු සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේදී, ආරක්ෂිත කැමරා පද්ධති මගින් ලැබී ඇති ඉමහත් සහයෝගය රජය විසින් සැලකිල්ලට ගෙන ඇත.

ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම:

මෙම කැමරා පද්ධතිය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පළමු අදියර යටතේ, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත් මුල් කරගනිමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් පවතී.

එළඹෙන වසරේ (2026) ආරම්භයේ සිට මෙම නව කැමරා පද්ධතිය සක්‍රීය කිරීමට රජය අරමුණු කරගෙන සිටී.

Good morning 🌄 🌄 🌄 2024 සහ 2025දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් වර්ධනයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටිනවා - IMF  ...
29/10/2025

Good morning 🌄 🌄 🌄 2024 සහ 2025දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් වර්ධනයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටිනවා - IMF

ශ්‍රී ලංකා රජය රට පුරා තියෙන, භාවිතයට නොගන්නා හෝ අතහැර දමා ඇති රජයේ ගොඩනැගිලි 3,000කට ආසන්න සංඛ්‍යාවකට අලුත් අරමුණක් දෙන...
29/10/2025

ශ්‍රී ලංකා රජය රට පුරා තියෙන, භාවිතයට නොගන්නා හෝ අතහැර දමා ඇති රජයේ ගොඩනැගිලි 3,000කට ආසන්න සංඛ්‍යාවකට අලුත් අරමුණක් දෙන්න තීරණය කරලා තියෙනවා.
භාණ්ඩාගාරය විසින් රට පුරා කරපු සවිස්තරාත්මක සමාලෝචනයකින් පස්සේ, නිලධාරීන්ට රජය සතු ගොඩනැගිලි 2,972ක් හමු වෙලා තියෙනවා. මේවා හිස්ව, අඩක් නිම කරලා, නැත්නම් බොහෝම අඩුවෙන් භාවිත කරන ඒවායි. මේ ගොඩනැගිලි අතරේ පරණ කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන, සහ මහජන පහසුකම් වගේ දේවල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරාම විසිරිලා තියෙනවා.

අමාත්‍ය මණ්ඩලය කියන විදිහට, දැන් හැම අමාත්‍යාංශයක්ම සහ ආයතනයක්ම මේ දේපල නැවත භාවිත කිරීමට වැඩසටහන් හදන්න ඕනේ. ඒවාවලින් ප්‍රජා ව්‍යාපෘති, කුඩා කර්මාන්ත, හෝ පරිපාලන වැඩ කරන්න පුළුවන්.

💡 මේක වැදගත් වෙන්නේ ඇයි?

මේ පියවර අරගෙන තියෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විදිහට, නාස්ති වන සම්පත් හඳුනාගෙන ඒවා ඵලදායී ඉඩකඩ බවට පත් කරන්න කියලා භාණ්ඩාගාරයට උපදෙස් දීමෙන් පස්සේ. ජනාධිපතිවරයාගේ අරමුණ වෙන්නේ, නිෂ්ක්‍රීයව තියෙන වත්කම් ඵලදායී අවකාශ බවට පත් කරලා මහජන නාස්තිය අඩු කිරීමයි.

මේක හරියටම ක්‍රියාත්මක වුණොත්, රජයට කුලී සහ නඩත්තු වියදම් වලින් මිලියන ගණන් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා වගේම, ප්‍රාදේශීය සංවර්ධනයට අලුත් අවස්ථා විවෘත වෙනවා.

දකුණු ආසියානු මලල ක්‍රීඩා අනුශූරතාවය ශ්‍රී ලංකාවට.....❤️වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට🙏ඉන්දියාවට කරට කර තරගයක් දෙමින් ඊයේ ඉන්දි...
29/10/2025

දකුණු ආසියානු මලල ක්‍රීඩා අනුශූරතාවය ශ්‍රී ලංකාවට.....❤️
වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට🙏
ඉන්දියාවට කරට කර තරගයක් දෙමින් ඊයේ ඉන්දියාවේදී අවසන් වූ දකුණු ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. විශේෂය වන්නේ ලංකාව වගේ 60 ගුණයක් විශාල රටකට අභියෝග කිරීමට මේ පුංචි රටට වූ හැකියාවයි. විශේෂයෙන් වේගවත් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව , වේගවත් කෙටි දුර කණ්ඩායම් සියල්ලම අප ශ්‍රී ලංකාව සතු වීම විශේෂයකි. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ඉතාමත් හොදම මට්ටමකට ලගාවී ඇති බවත් ඉදිරියේදී නැවතත් සුසන්තිකා වැනි ඔලිම්පික් ක්‍රීඩිකාවන් මතු වීමේ පෙරමඟ ලකුණු මහනුවර මුස්ලිම් ජාතික ක්‍රීඩිකාවක් වන සෆියා යාමික්ක් මොහොමඩ් පෙන්නුම් කලේ නව තරග වාර්තා සමගින් රන් පදක්කම් 3 කින් ඈ ගෙල සරසාගෙනයි. කෙටි දුර මෙන්ම දකුණු ආසියාවේ දිගුදුර ශූරිය ලෙස මීටර් 10,000 රන් පදක්කම දිනා කිරුල පැලදුවේ අම්පාරේ රසාරා විජේසූරිය ක්‍රීඩිකාවයි.
කෝටි 146 ජනතාව ඉන්න අප රටට වඩා සම්පත් පහසුකම් සහිත ලොව ප්‍රබල රාජ්‍යක් බවට පරිවර්තනය වෙමින් පවතින ඉන්දියාවට මේ පුංචි දූපතේ යක්ෂ පැටව් ලබාදුන් සටන අනාගතයේ ශූරතාවය ලබාගෙන කෙළවර වනු දැකීම අපේ පැතුමයි......

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක  ඊයේ බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ...
29/10/2025

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට යොදාගැනීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්‍ෂණය කළා.

ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන දැනට ඌන උපයෝජනයක්ව පවතින, අතහැර දමා ඇති භූමි ප්‍රදේශය සංවර්ධනය කර මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙහි දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානයට, සති පොළට, හමුදා කඳවුරට සහ ඖෂධ ගබඩාවට නව භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමත් සමග පහසුකම් රැසක් සැලසෙනවා.

''ජනාධිපතිතුමා අය වැය යෝජනාවෙන් ඉදිරිපත් කළ ආකාරයට මෙරට පොදු ප්‍රවාහන සේවාව, භාණ්ඩ ප්‍රවාහන සේවාව විධිමත් කරන්න රජය පහසුකම් සකස්කර තිබෙනවා. එම වැඩපිළිවෙල යටතේ කොළඹ වරායට ආසන්න වේයන්ගොඩ ප්‍රදේශයේ මෙම නව බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.

ඒ සඳහා පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර එම වාර්තාව අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නවා. මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙළඳ අමාත්‍යංශය ඇතුලු ආයතනවල පූර්ණ දායකත්වය මේ සඳහා ලබා ගන්නවා. මෙම ස්ථානයට 1990 වසර වන තෙක් දුම්රිය සේවාව ක්‍රියාත්මක වී තිබෙනවා.

නමුත් පසුකාලීනව එය නතරවීම අපරාධයක්. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය දීර්ඝකර භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න සැලසුම් කර තිබෙනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියා.

ගරු ජනාධිපතිතුමනි. මේ රට ගොඩ ගන්න ඔබට විතරයි පුළුවන් අපි ඔබ සමඟයි
29/10/2025

ගරු ජනාධිපතිතුමනි. මේ රට ගොඩ ගන්න ඔබට විතරයි පුළුවන් අපි ඔබ සමඟයි

Address

Damam Abqaiq
Abqaiq
33241

Alerts

Be the first to know and let us send you an email when Fais blog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fais blog:

Share