New Born Eagle

New Born Eagle ~ Run Your Own Race ~
~New Born Eagle 🦅~

කව්ද අපිට බනින්නෙ කියල හොයන්න යන්න එපා.හැම එකාම බනිනව කියල හිතාගෙන ජීවත් වෙන්න 😌DevMenike
20/11/2025

කව්ද අපිට බනින්නෙ කියල හොයන්න යන්න එපා.
හැම එකාම බනිනව කියල හිතාගෙන ජීවත් වෙන්න 😌

DevMenike

දිවා රෑ වෙහෙසිලා ඇවිදින් ඇඳට වැටෙනව වහ       වහාසිකුරාද රෑ යාලුවෝ රැල  සෙට්වෙලා අඩියක්             ගහාපොඩිඑවුන් ලොකුවේවි...
18/11/2025

දිවා රෑ වෙහෙසිලා ඇවිදින් ඇඳට වැටෙනව වහ වහා
සිකුරාද රෑ යාලුවෝ රැල සෙට්වෙලා අඩියක් ගහා
පොඩිඑවුන් ලොකුවේවි හනිකට කාලයක් යන් නෑ මහා
ෆෝන් එක පැත්තකින් තියලා බලාපං උගෙ ඇස් දිහා

Spend Time, not only Money on your children !

~වාසනාවන්තයෝ~මම 👩 : මේ අර මිනිස්සුන්ට මේ ටිකේ ගොඩක් සල්ලි අමාරු ඇති ඔයා ලග තියෙනවනම් කීයක්හරි දෙමුද?මගෙ පර්ස් එකෙත් ඇති....
17/11/2025

~වාසනාවන්තයෝ~

මම 👩 : මේ අර මිනිස්සුන්ට මේ ටිකේ ගොඩක් සල්ලි අමාරු ඇති ඔයා ලග තියෙනවනම් කීයක්හරි දෙමුද?මගෙ පර්ස් එකෙත් ඇති.

එයා👨 : ආහ් ඒක හොදයි ඔයා කියපු එක.. මට මතක් උනේ නෑනෙ

👨-->👥 : ආහ් මේක තියාගන්න මේ ටිකේ එලියට යන්න විදියක් නැති නිසා වැඩිපුර ගානක්නම් නෑ..

👥-->👨: අනේ පිං සිද්ද වෙයි මහත්තයො අපිට මේක ලොකු දෙයක්..ගිහින් එන්නම් මහත්තයො..🙏

ටිකකින් ගේට්ටුවට එලියෙන්......

👥👥 : මේ අර මහත්තයගෙ නෝනා කවදාවත් එලියට ඇවිත් කතා කරන්නෙ නෑනෙ, සත පහක් දෙන්නෙත් නෑ. මහ අමුතු ගෑණියෙක්.. එයාගෙ වාසනාවට මහත්තයා වගේ කෙනෙක් හම්බෙලා තියෙන්නෙ..🤦🤷

2020 කොවිඩ් කාලේ සිරිලංකාවෙදී.....
මෙව්වා ඇත්ත කතා 😂

DevMenike
~New Born Eagle 🦅~

ලඟදි දවසක් මගෙ නැන්දම්මා කතා කරල ඇහුවා"ශ්‍රී ලංකාවේ ඉඳන් එවන්න ඕනෙ මොනවද පුතේ?"කියල. මං ඇහුවා "පොත් ටිකක් එවන්න පුළුවන්ද...
17/11/2025

ලඟදි දවසක් මගෙ නැන්දම්මා කතා කරල ඇහුවා
"ශ්‍රී ලංකාවේ ඉඳන් එවන්න ඕනෙ මොනවද පුතේ?"
කියල. මං ඇහුවා "පොත් ටිකක් එවන්න පුළුවන්ද අම්මි?" කියල.

මගේ නැන්දම්මා හරියට පොත් කියවන කෙනෙක් ! ඉතිං එයා මගෙං ඇහුවා "මොනවගේ පොත්ද පුතේ ඕනෙ?" කියල. මං ඉල්ලුවෙ සිබිල් නැන්දගෙ චිත්‍ර තියෙන හරි ලස්සන කතා පොත් !

මං ලංකාවෙන් එද්දි මගෙ දරුවන්ට කියවන්න සිබිල් නැන්දගෙ පොත් ගෙනාවා. ඒවගෙං එයාල ආසම පොත තමයි 'කුඩ හොරා' ඒ පොත ගැන පස්සෙ දවසක ලියන්නම්. කොහොමහරි අපිට ගේන්න පුලුවන් උන කිලෝ 120 න් වැඩි හරියක්ම තිබුනෙ පොත් !

හැම සති අන්තෙදිම මං එයාලව ලඟට අරං සිබිල් නැන්දගෙ කතන්දර පොතක් කියල දෙනවා. එයාලට තාම තනියම කියවන්න බෑ. ඉතිං එයාලගෙ හැම අතුරු ප්‍රශ්නෙකටම උත්තර දිදී ඕක කියවල ඉවර කරන්න පැය ගානක් යනවා. මොකද හැම සිංහල වචනෙකම තේරුම එයාල මගෙං අහනවා. ඉතිං මගෙ කටත් රිදෙනවා, කටේ කෙලත් හිඳෙනවා.

ඉතිං ඊලඟට එන සතියෙ හැම රෑකම නිදාගන්න ඇඳට ගියාම, මං කියල දීපු ඒ කතාව එයාල එයාලට පුළුවන් විදියට මට ආපහු කියල දෙනවා. මාත් අතුරු ප්‍රශ්න අහනවා. එයාල උත්තර දෙනවා.

මගෙ දරුවන්ට සිංහල පුළුවන් උනේ කොහොමද කියල සමහරු මගෙන් අහනවා. ඒකට හේතුව තමයි එයාලගෙ අම්මා කට කැඩෙනකම් දරුවන්ට සිංහලෙන් කියවන එක.

අපි විනාඩියට වචන පන්සීයක් විතර කතා කරන්න පුලුවන් වෙලා ඉපදුනා නෙවෙයි. අපෙ අම්මත්, කිරිඅම්මත් එදා ඉඳම්ම කලේ අපි එක්ක පැය ගණං කතා කරපු එක. අපිට කවි, සිංදු, රබන් පද, කතන්දර කියල දීපු එක. අපි ගිරව් වීමේ රහස තමයි ඒක 😁

ඉතිං දැං ළමා කතන්දර පොත් ටික එනකං අපි මඟ බලං ඉන්නවා. මෙදා සැරේ සිබිල් නැන්දගෙ විතරක් නෙවෙයි තවත් හැඩ පොත් පිංචවල් ගොඩක් අපිව හම්බවෙන්න බලං ඉන්නවා වගෙයි.

DevMenike
~New Born Eagle 🦅~

17/11/2025

උදේ ඉර පායන වෙලාවට ජනේලයක් ලඟ අව්වට වෙලා වාඩිවෙලා උණු කිරි කෝපි එකක් බොන්නම නෙවේ ඒක රස විඳින්න තරම් වෙලාවක් නිදහසක් තිබ්බ කෙනෙක් නෙවෙයි මම. ඒත් මං දැං දන්නව එහෙම දවසක, එහෙම උදෑසනක් උදා කරගන්නෙ කොහොමද කියල. මුලින්ම අපි අපිට ආදරේ කරල ඉන්න ඕනෙ, ඊට පස්සෙ අපිට පුළුවන් වෙනව අපි වටේට ඉන්න අයට ඒ ආදරේ බෙදන්න.

ආදරේ, නිදහස, සතුට තමයි ජීවිතේ කියන්නෙ. අවසානයේ වෙන්න ඕනෙ ඒකයි !

DevMenike
~New Born Eagle 🦅~

゚viralfbreelsfypシ゚viral ゚

Adress

Stockholm

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när New Born Eagle postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Kontakta Affären

Skicka ett meddelande till New Born Eagle:

Dela