Modern Heritage

Modern Heritage හිදී, අපි විශ්වාස කරන්නේ, සෑම නිවසක්ම එහි ජීවත් වන අයගේ කතාව කියන, කල්පවතින උරුමයක් විය යුතු බවයි. අපි, නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාරය, උසස්ම තත්ත්වයේ නිමාවන් සහ විශ්වාසවන්ත සේවාව සමග මුසු කර, ඔබගේ සිහින අවකාශය යථාර්ථයක් බවට පත් කිරීමට කැපවී සිටිමු.
අපගේ සේවාවන් (Our Services):
• 🎨 අලංකාර නිවාස සහ ගෘහ අලංකරණ අදහස් (Home & Decor Inspiration): ඔබගේ නිවසට නව පෙනුමක් ලබා දීමට, නවීන ස

හ ප්‍රායෝගික අදහස්.
• ✨ ටයිටේනියම් සහ අනෙකුත් බිම් නිමාවන් (Titanium & Floor Finishes): ඔබගේ නිවසට සුවිශේෂී, අලංකාර නිමාවක් ලබා දෙන, උසස් තත්ත්වයේ ටයිටේනියම් සහ වෙනත් නිමාවන්.
• 🔨 ගොඩනැගිලි අලුත්වැඩියා සහ පින්තාරු කිරීමේ සේවා (Renovation & Painting): කුඩා අලුත්වැඩියාවේ සිට, සම්පූර්ණ පින්තාරු කිරීම දක්වා, විශ්වාසනීය සේවාවක්.
• 🤝 විශ්වාසවන්ත වෘත්තිකයන් හඳුන්වා දීම (Contractor Referrals): ඔබගේ ව්‍යාපෘතිය සඳහා, අප විසින් තහවුරු කරන ලද, දක්ෂ සහ විශ්වාසවන්ත කාර්මික ශිල්පීන් සහ කොන්ත්‍රාත්කරුවන් සමග ඔබව සම්බන්ධ කිරීම.
අපගේ දැක්ම (Our Vision):
ශ්‍රී ලංකාවේ සෑම නිවසක්ම, එහි හිමිකරුවන් ආඩම්බර වන, අලංකාර සහ ගුණාත්මකභාවයෙන් යුතු උරුමයක් බවට පත් කිරීමට දායක වීම.
ඔබගේ සිහින නිවහන නිර්මාණය කිරීමට අදම අපව අමතන්න!
________________________________________
වැඩිදුර විස්තර සඳහා (Contact Information):
0779497349 / 0742672484

09/05/2025

ඔබේ ජීවිතේ ආදරණීයම තප්පර ගෙවුණේ කාත් එක්කද..
ඔබට අමතක කල නොහැකිම ආදරණීයම මතකය මොකද්ද..
ඔබේ හිත හොරකම් කරපු ආදරණීයම හිනාව කාගෙද..
ඔබේ ඇස් ඉවතට ගන්න බැරි ආදරණීයම ඇස්දෙක කාගෙද..

ඉතිං මට කියන්න ඔය උඩට ගත්තු හුස්ම ටික පහලට අරන් දැන් එයා ඔයා ලග නෑනේද....

මේ ගැඹුරුම ප්‍රේමයට මං ආසයි..
ඔබේ හදවතේ කතාව අහන්න දකින්න බලන්න විදින්න
හෙට උදේ නවයට ඔයා එනවද කියල විතරක්ම මට කියන්න..

එන්න අපි ප්‍රේමය සොයා යන්න. ලඟඳීම ඔබේ ගැඹුරුම ප්‍රේමය සොයාගෙන අපි එනවා.
09/01/2025

එන්න අපි ප්‍රේමය සොයා යන්න. ලඟඳීම ඔබේ ගැඹුරුම ප්‍රේමය සොයාගෙන අපි එනවා.

09/01/2025

අසංග කරුණාරත්න කියන්නෙ ගේම් කාරයෙක්..ඔව් එයා එක එක ගේම් වලදි එක එක විදියට ඉත්තො ප්ලේකරනවා..එයාට අමුතුම විදියෙ හිනාවක් එක්ක අමුතුම බැල්මක් උපතින්ම දීල තියෙන්නෙම අන්න ඒ ගේම් එකට..ටිකක් පරිස්සන් වෙන්න..අසංග කරුණාරත්න ඇසුරුකරන්න හැමෝටම බෑ..මං මේ කියන්නෙ ඒ ගැන..මොකද එයා එක එක තැන්වල මොනවිදියට සෙල්ලම් දැම්මත් මං එයාට බයනෑ..මොකද මාත් එයා වගේ..එච්චරයි..

දයාබර අසංග ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.....
♥️♥️♥️♥️♥️♥️♥️

08/31/2025

අයේෂා ලක්මාලිගේ ‘මේ ගැඹුරුම ප්‍රේමයට මං ආසයි’ 6 දා දොරට වඩී
ප්‍රේමය කවදා, කාට, කොයි මොහොතේ ඇතිවිය හැකිදැයි නිශ්චිතව කිව හැක්කේ කාටද? එවන් ගැඹුරු ප්‍රේමයක් මුණගැසුණු පසු ප්‍රේමවන්තියකගේ ලෝකය පෙරළෙන ආකාරය, හදවතේ උපදින දහසක් බලාපොරොත්තු, අභ්‍යන්තර ගැටුම් මෙන්ම, ආදරය වැඩිවන තරමටම දැනෙන ඊර්ෂ්‍යාව, අසරණකම සහ වේදනාව යන සංකීර්ණ මානයන් මෙම කෘතිය හරහා කතුවරිය ඉදිරිපත් කරයි.
ජනමාධ්‍යවේදිනී අයේෂා ලක්මාලි ලියනගේ විසින් රචිත, ඇගේ කුළුඳුල් නවකතාව වන ‘මේ ගැඹුරුම ප්‍රේමයට මං ආසයි’ ග්‍රන්ථය, එළඹෙන සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා දින උදෑසන 9.00 ට කොළඹ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්සවශ්‍රීයෙන් එළිදැක්වීමට නියමිතය.
මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය, ප්‍රවීණ නිවේදක ප්‍රසන්න චන්දන බණ්ඩාර මහතා විසින් මෙහෙයවනු ලබයි. ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් හේවාපන්න මහතාගේ කවර නිර්මාණයෙන් හැඩවී ඇති මෙම ග්‍රන්තයේ, ඇරයුම් පත් නිර්මාණය විශ්ව කනේශ් විසින් සිදුකර ඇති අතර, උත්සවයේ නිල ඡායාරූපකරණය සහන් විදුරංග විසින් සිදුකිරීමට නියමිතය.
සිරස TV, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය (91.7 / 91.9 FM), සහ Heritage Transmedia ආයතනය මෙහිදී මාධ්‍ය අනුග්‍රහය සපයයි.
සාහිත්‍ය, කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වීමට නියමිත මෙම උත්සවය, සාහිත්‍යයට ලැදි සියලු දෙනා සඳහා විවෘත වේ . තවද දක්ශ කතුවරුන් හට තම නිර්මාණ සමාජගත කිරීමෙ තවත් වැඩසටහන් ගණනාවක් මෙහිදී සිදු කිරීමද මෙහි ඇති විශේෂත්වයකි .
‘මේ ගැඹුරුම ප්‍රේමයට මං ආසයි’ ග්‍රැෆිකෙයා (Graphicare) ප්‍රකාශනයකි.

කවදාවත් නැති නොවන නෝට්ටුවක අයිතිකාරයෙක් වෙන්න කැමතිද... (1000/5000/500/100/50/20) .  හැබැයි හිත හයිය වෙන්න ඕනා ඉතින් 😏 ව...
08/30/2025

කවදාවත් නැති නොවන නෝට්ටුවක අයිතිකාරයෙක් වෙන්න කැමතිද... (1000/5000/500/100/50/20) . හැබැයි හිත හයිය වෙන්න ඕනා ඉතින් 😏
වැඩේ වෙන්නෙ මෙහෙමයි. (මුඛ පරම්පරාගත කතාවක් , මම නම් කරලා බලලා නෑ 😁)
අලුත උපන් බලු පැටියෙක් හොයාගන්න , හැබැයි සතා සම්පූර්ණ කලු එකෙක් වෙන්න ඕනා . කාටවත් නොපෙනෙන්න ,ලේ පිට මස් විතරක් කන්න දීලා ඌව මාස 8ක් හදා ගන්න ඕනා. ඊට පස්සෙ එන පළවෙනි කෙම්මුර දා රෑ 12ට විතර හතර මං හන්දියකින් යන්න ඕනා "බල්ලා විකුණනවා " කිය කිය. ඊට පස්සෙ පිටිපස්සෙන් කෙනෙක් අහයි උඹ බල්ලව දෙන්නෙ කීයකටද කියලා. ඊට පස්සෙ උඹ කියන්න ඕනා ලංකාවෙ පාවිච්චි වෙන තනි නෝට්ටුවක අගයක් . 5000ක් කිව්වා හිතමු . පිටි පස්සෙ කෙනා 5000 කොළයක් දෙයි ඒක අරන් බල්ලව අත් හැරපං හැබැයි පස්ස බලන්න එපා. පස්ස බැලුවොත් හරි ඔය උඩින් කියපු ඒවායින් එකක් හරි මිස් උනොත් උඹට අබ සරනයි.... හරි දැන් සල්ලිත් අරන් කෙළින්ම පලයන් ,එළි වෙනකල් කොහේ හරි ඉඳලා උදේට ගෙදර පලයන්..... හොඳම ටික මෙන්න . ඔය ටික හරියට කලොත් ඔයාට හම්බ වෙන නෝට්ටුව අරන් කඩේකට ගිහින් බඩු ගත්තා කියමු , අපි හිතමු 2000ක ගත්තා කියලා . ආයේ උඹ ගෙදර ඇවිත් සාක්කුව බලද්දි අර 5000 කොළේ උඹේ සාක්කුවෙ තියෙයි. දැන් බඩු ටිකත් ඔයාගෙ ඉතුරු 3000ත් ඔයාගෙ 5000 නෝට්ටුවත් ඔයාගෙ. 😏
ප. ලි. .... කරලා බලන්න තියා හිතන්නවත් එපා. 😬😱..

එන එන ජනාධිපති මේයකාව හිරේ යනවා. ඔන්න ආයෙ එන්නැතුව ඕකටම වෙලා ඉඳපන් බං
08/29/2025

එන එන ජනාධිපති මේයකාව හිරේ යනවා. ඔන්න ආයෙ එන්නැතුව ඕකටම වෙලා ඉඳපන් බං

08/28/2025

කෙහෙල් බද්දර පද්මේ අත් අඩංගුවට පෙර ගත් දර්ශන , සංවේදි දර්ශන සහිතයි , කුඩා දරුවන් නැරඹීමෙන් වලකින්න .

කොළුවෝ ඔය වැලේ තියන සිවුර ගනින් ඩිංගකකට... ආං සංස්කෘතිය කනවා..
08/28/2025

කොළුවෝ ඔය වැලේ තියන සිවුර ගනින් ඩිංගකකට... ආං සංස්කෘතිය කනවා..

නම්බරේ 60.. ටයර් පේනවද? මේ අනතුරින් එලියට ආ ඛේදවාචකය..ලංකාවේ පැරණිම Van, Bus  භාවිතා කරන්නේ School Service වලට. ඊට හේතුව...
08/28/2025

නම්බරේ 60.. ටයර් පේනවද? මේ අනතුරින් එලියට ආ ඛේදවාචකය..
ලංකාවේ පැරණිම Van, Bus භාවිතා කරන්නේ School Service වලට. ඊට හේතුව ඒ වගේ පරණ වාහනවල වැඩිහිටි මිනිස්සු ගමන් බිමන් යන්න කැමති නෑ.

මේවායේ ප්‍රමිතිය බලන්න නිසි ක්‍රමවේදයක් නෑ. අදාළ බලධාරීන් නිහඬයි.

දැන්වත්,
තවත් අහිංසක දරු පැටව් නැතිවෙන්න කලින්.

1. නිෂ්පාදිත වර්ෂයෙන් වසර දහයකට වඩා පැරණි වාහන school service වලින් ඉවත් කරන්න.

2. දැනට school service කරන අයට අලුත් van , Bus මිලදී ගැනීමට tax ලිහිල් කරන්න. විශේෂ Loan ක්‍රමයක් හඳුන්වලා දෙන්න.
මේ ක්‍රමයෙන් පුලුවන් පරණ වාහන ටික ධාවනයෙන් ඉවත් කරන්න.

3. School service කරන වාහන අනිවාර්යෙන් සෑම වසරකම fitness test එකකට මුහුණ දිය යුතුයි. හැබැයි ඒ fitness test එක වර්තමානයේ බර වාහන වලට දෙනවා වගේ බොරුවක් නොවිය යුතුයි. ලංකාවේ බොහොමයක් බර වාහනවලට fitness test දෙන්නේ වාහනේ දිහා බලන්නේවත් නැතුව.

4. සියලුම School Service වාහන එක වර්ණයකින් විය යුතු අතර. සියල්ල standardized විය යුතුය.

මෙහිදී standardized යටතේ.

1. Van වලට සියලුම සිසුන් ආවරණය වන පරිදි Dual Air bag, side curtain Airbag ආදිය තිබිය යුතුය.

2. Van , Bus වලට තිබිය හැකි seat ප්‍රමාණයට සීමාවක් තිබිය යුතුය.

3.Seat වලට ප්‍රමිතියක් තිබිය යුතුය.

4. සියලුම seat වලට Seat belts තිබිය යුතුය.

5. සියලුම රියදුරන් සෑම වසරකම medical test එකක් සමත් විය යුතුය

6. school service වාහන වලට උපරිම වේග සීමාවක් තිබිය යුතුය.

7. GPS with Camera අනිවාර්ය විය යුතුයි

8. රියදුරුට නිල ඇඳුමක් තිබිය යුතුය.

මෙතනින්වත් ආරම්භයක් ගන්න.
තවත් දරුණු ඛේදවාචකයන් ඉදිරියේදී සිදුවීම වළක්වන්න.

Nuwan N. Wijerathna .

ලේඛක ඔබට විශේෂ අවස්ථාවක් : ඔබේ පොතට නොමිලේම ප්‍රචාරයක්!ලේඛකයෙක් විදිහට හොඳ පොතක් ලියන එක එක දෙයක්. ඒත් ඒ පොත පාඨකයන් අතර...
08/27/2025

ලේඛක ඔබට විශේෂ අවස්ථාවක් : ඔබේ පොතට නොමිලේම ප්‍රචාරයක්!
ලේඛකයෙක් විදිහට හොඳ පොතක් ලියන එක එක දෙයක්. ඒත් ඒ පොත පාඨකයන් අතරට ගෙනියන එක ඊටත් වඩා අමාරු වැඩක් කියලා අපි දන්නවා. හොඳ නිර්මාණයක් වුණත්, හරියට ප්‍රචාරය කරගන්න ක්‍රමයක් නැති නිසාත්, ඒ වැඩේට ලොකු මුදලක් යන නිසාත් ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා.
මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට, ඔබේ පොත ජනතාව අතරට ගෙනියන්න උදව්වක් හැටියට, සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රචාරණ වැඩසටහනක් අපි ඔබට ලබා දෙනවා.
මේකට සහභාගී වෙන්න නම්:
• ඔබේ පොත මුද්‍රණය කරලා තියෙන්න ඕන.
• පාඨකයන්ට පොත මිලදී ගන්න ක්‍රමයක් (පොත් සාප්පු, ඔන්ලයින්) තියෙන්න ඕන.
වැඩසටහන සිදුවන ආකාරය:
තෝරාගන්නා ලේඛක ලේඛිකාවන්ට මේ නොමිලේ සේවාව අපි ලබා දෙනවා. රූගත කිරීම්, සංස්කරණය ඇතුළු හැමදේම ඇතුළත්.
• දිනය සහ වෙලාව: සැප්තැම්බර් 06 වෙනිදා, දවල් 12:00න් පස්සේ. කොලඹ ජාතික පුස්තකාල පරිශ්‍රය
• වෙන්කරන කාලය: එක් ලේඛකයෙක්ට පැය භාගයක කාලයක්.
• ගෙන ආ යුතු දේ: මුද්‍රණය කළ ඔබේ පොත අනිවාර්යයෙන්ම අරගෙන එන්න.
පැමිණීම තහවුරු කරන්න, දැන්ම කතා කරලා ලියාපදිංචි වෙන්න: 0742672484
මේ යෝජනා වලින් කැමති විදිහකට ඔබේ වැඩසටහන සකස් කරගන්න පුළුවන්.
• පොත ගැන කෙටි හැඳින්වීමක් (විනාඩි 5-10): පොතේ කතාව කෙටියෙන් සහ ඒකෙ තියෙන විශේෂත්වය ගැන කියන්න.
• පාඨක අදහස්: ඔබේ පොත කියවපු කිහිප දෙනෙක්ගෙන්ම අදහස් අරගන්න පුළුවන්.ඔවුන් පැමිණිය යුතුය .
• ඔබ ගැන හැඳින්වීමක්: ලේඛකයෙක් විදිහට ඔබ ගැන කෙටියෙන් කතා කරන්න.
• විශේෂ කොටස්: පොතේ හිතට වදිනම වචන ටිකක්, කවියක් හෝ වැදගත් කොටසක් කියවන්න.
• මිලදී ගන්නා තොරතුරු: පොත ගන්න පුළුවන් තැන් සහ විස්තර පැහැදිලිව කියන්න.
අපි ඔබට පොතේ ලස්සන ඡායාරූප කිහිපයක් සහ කෙටි වීඩියෝ පට දෙකක් ලබා දෙනවා.
වැදගත් කරුණු:
• ඔබ ඉදිරිපත් කරන දේවල් ගැන හොඳින් සූදානම් වෙලා එන්න.
• එකම දේ ආයෙ ආයෙ රූගත කරන්න වුණොත් ඔයාගෙ කාලය අපතේ යන නිසා, කියන දේ ගැන පිටපතක් හදාගෙන එන එක වඩා හොඳයි.
• ඔබට අවශ්‍ය නම්, රූගත කිරීම් වල 4K RAW Files ලබාගන්න පුළුවන්. ඒ සඳහා External Hard Drive එකක් හෝ 32GB Pen Drive එකක් අරගෙන එන්න.
මේ ලැබෙන හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන, ඔබේ නිර්මාණය සාර්ථකව ජනතාව අතරට ගෙනියන්න අපි සුබ පතනවා!
මේ වැඩසටහන කරන්නේ කවුද?
Founder: Madushanka Mahagama Arachchi
Radio announcer : Ayesha Lakmali liyanage
HERITAGE TRANSMEDIA NETWORK PRIME (Content Creator, Director, Program Producer | Experience: Swarnawahini, Hiru TV, Rupavahini, Sirasa TV)

අපේ අරමුණ: "දැනුමෙන් සහ තාක්ෂණයෙන් කතුවරයාට ශක්තියක්!"
හොඳ පොත් නිර්මාණය කළත්, ඒවට හරියට අලෙවිකරණයක් නැති නිසා සාර්ථක වෙන්න බැරුව ඉන්න කතුවරුන් ගොඩක් ඉන්නවා. අපේ ප්‍රධානම ඉලක්කය, ඒ ප්‍රශ්නෙට විසඳුම් දෙන එකයි. අපි කතුවරුන්ගේ පොත් වලට උසස් තත්ත්වයේ ප්‍රචාරණ අන්තර්ගතයන් (Content) හදලා දෙනවා.
පොතක සාර්ථකත්වය තීරණය වෙන්නේ කතාවෙන් විතරක් නෙවෙයි, ඒක මිනිස්සුන්ට ඉදිරිපත් කරන විදිහෙනුත් තමයි. ඒ නිසා අපි නවීන කැමරා, ලයිටින් සහ සවුන්ඩ් පාවිච්චි කරලා, පොතේ හරය දැනෙන විදිහේ සිනමාත්මක වීඩියෝ සහ ඡායාරූප නිර්මාණය කරනවා. මේක සාමාන්‍ය වෙළඳ දැන්වීමකට වඩා එහා ගිය ආකර්ෂණීය අත්දැකීමක්.
මේ ප්‍රශ්නය අපි අවුරුදු කිහිපයකට කලින් හඳුනාගත්තා. අපි රූපවාහිනී, ගුවන් විදුලි, සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රවල අත්දැකීම් ලබා ඇති , ඒ දැනුම කතුවරුන්ට සහ පාඨකයන්ට උදව්වක් විදිහට ලබා දෙන්න තීරණය කළා. ඒ අනුව, ඉතා අධික මිලක් වෙන සේවාවන්, ඔබට දරන්න පුළුවන් මිලකට, සමහර වෙලාවට නොමිලේම ලබාදෙන්න Heritage ආයතනය විදිහට අපි ඉදිරිපත් වුණා.
• මේ නොමිලේ වැඩසටහන අපේ ගමනේ පළමු පියවර විතරයි.
• Book Fair 2025 හිදී දවස් දහය පුරාම අපි මේ සේවාව ඔබ වෙනුවෙන් අරගෙන එනවා.
• ඉදිරියේදී, පොත්වල කොටස් ඇසුරෙන් කෙටි චිත්‍රපට (Short Films) හදලා, පොත් ප්‍රචාරය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

දෙකක් හොඳටෝම මදි..
08/27/2025

දෙකක් හොඳටෝම මදි..

Address

Los Angeles, CA

Alerts

Be the first to know and let us send you an email when Modern Heritage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Modern Heritage:

Share