05/09/2025
💔 Accident එක වුණු වෙලාවෙම එතනට ගියපු යාලුවෙක් Call කරලා ඒ අත්දැකීම කිව්වා. ඒ කියපු ටික ඇහුවම මාවත් ෂොක් වෙලා ගියා. කොහොමහරි මේ වෙද්දි බස් එක ළග හිටපු තුවාල කරුවෝ ඔක්කොමලා අරගෙන ඉවරයි. 16 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ සංඛ්‍යාව තවත් වැඩි වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළත් තුවාල වුණු අයගෙත් තත්ත්වය නම් ඒ කියපු විදියට ගොඩාක් බරපතළයි. ඒ නිසා මිය ගිය ගණන තව ඉහළ යන්න ඉඩ තියෙනවා, උඩහින් ආපු බස් එක පහළින් ආපු රේන්ජ් රෝවර් එකක වැදිලා තමයි විසි වෙලා තියෙන්නේ පහළට, ආරක්ෂිත වැටවල් තිබුණත් ඒවත් උඩින් ගස් කඩාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. බස් එක පාරෙන් පහළට වැටුණු තැනින් කාටවත් යන්න බෑ, ඒ වෙලාවේ පට ගාලා ආපු මිනිස්සු කැලේ කඩාගෙන වෙන දුර තැනකින් පාරවල් හදාගෙන තමයි පහළට බැහැලා තියෙන්නේ, ඒ කියපු විදියට මෙතනදී ගොඩාක්ම උදව් කරලා තියෙන්නේ ඒ අවට වීල් පාර්ක් වල සහ අවට ගම්වල ඉන්න තරුණ කොල්ලෝ, ඒ මිනිස්සු ඉක්මනට එතනට ගිහින් තමන්ගේ ජීවිත පවා අවදානමේ දාලා ඒ අනතුරට පත් වුණු අය උඩට නොගත්තා නම් මිය ගිය ගණන තව වැඩි වෙන්න ඉඩ තිබුණා. අනතුර වුණු තැන ඉදන් පහළට ගිහිල්ලා බස් එක වැටිලා තියෙන ප්‍රපාතයට යන්න අනිවාර්යයෙන් කඹයකින්ම බහින්න ඕනිලු, ඉතින් හිතාගන්න පුලුවන්නේ තත්ත්වය, තුවාල වුණු අය බේරගන්න කඹෙන් පහළට බහැලා කඹේ කඩාගෙන පහළට වැටිලා නැති වුණු තරුණයා නම් මාර පවු. මාර විශ්වාසයකින් පට ගාලා පහළට බැහැගෙන බැහැගෙන යද්දි තමයි කඹේ ගල් වලට කැපිලා කැඩිලා තියෙන්නේ. මොනවා වුනත් ඒ කොල්ලා නම් එකෙන්ම වීරයෙක් 🫡😞💔. කඹේ අල්ලන් ඉදපු මිනිසුන්ගේ ඇස් ඉස්සරහම වැටිලා මැරෙද්දි ඒ ෆීලින් එක එතන හිටපු අයම තමයි දන්නේ. පහළට යද්දි සමහර අයගේ ශරීරයේ කොටස් කෑලි තැන තැන තමයි තිබිලා තියෙන්නේ . එච්චර පහළට ගිල්ලත් එක කෙනෙකුගේ ඇග බස් එකේ රෝදෙටම යට වෙලා. ඔහුගේ කර්මය මොන තරම් නම් බලවත්ද 💔 ඒ කෙනාගේ නම් ශරීරයේ කොටස් විතරයි තිබුණා කිව්වේ. සමහර තුවාල වුණු අයගේ බොකු බඩවැල් පවා එළියට ඇවිදින් 💔🙁 පොඩි ළමයි දෙන්නගෙන් එක් කෙනෙක්ගේ කන පොඩ්ඩක් තුවාල වෙලා. අනෙක් කෙනාට නම් ටිකක් තුවාලයි කිව්වා. බේරගන්න ගියපු අයගෙනුත් තව කිහිප දෙනෙක්ට තුවාල වෙලා. එක් කෙනෙකුගේ ඔලුවට ගලක් වැටිලා උඩින් පෙරලිලා ආපු එකක්. ඒ වගේම කතා
කරපු යාලුවා විශේෂයෙන් කියන්න කියපු දෙයක් තමයි උදව් කරන අය අතරේ කිසිම උදව්වක් නොකර පෝන් අතට අරන් තුවාල වුණු අයගේ පොටෝ වීඩියෝ ගන්න පිරිසක් ගැන. තුවාල වෙලා, නැති වෙලා උඩට ගන්න සමහරක් ගැහැණු අයගේ ඇගේ ඇදුම් නැති අවස්ථාවල පවා මේ අය වීඩියෝ පොටෝ අරන් තියෙනවා කිසිම සදාචාරයක් නැතුව. තුවාල වුණු අය ගොඩ ගන්න පාර පවා මේ පිරිස අවහිර කරලා තියෙනවා. ඉතින් කරදරයක් වුණු වෙලාවට එක් රැස් වෙන මිනිස්සු මේ හැමදේම ගැන හිතන්න ඕනි. මොකද අද ඒ අයට හෙට අපිට මේ දේ වෙන්න පුලුවන්, කොහොම නමුත් මේ ඛේදවාචකයෙන් මිය ගිය සියලු දෙනාටම අපි නිවන් සුව පතමු 💔🥺 තුවාල වුණු අයට ඉක්මන් සුව පතමු. ආයේ මේ වගේ දේවල් අහන්න දකින්න නොලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශපාලනිකව වෙන් වෙන්ව තර්ක කරත් ගහමරා ගත්තත් මේ වගේ වෙලාවක එකම අරමුණක් වෙනුවෙන් දිවි හිමියෙන් උදව් කරපු ඒ හැමෝටම ගොඩාක් පිං සිද්ධ වෙන්නත් ඕනි 🙏🏻🤍
Copied