Wayamba Media kuliyapitiya

  • Home
  • Wayamba Media kuliyapitiya

Wayamba Media kuliyapitiya 0775015919

10/10/2024
10/10/2024

හතුරු අධිරාජ්‍ය කුමන්ත්‍රණයෙන් ජනපති අනුරව බේරා ගන්න විමල් පෙරට එයි! මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණයක්!
19 mins ago 2.1 K
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා “දෙවන – ගෝඨාභය” බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.

එහෙත් තම පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වීරවංශ මහතා සිය නිවේදනයේ පිටපත් මහා සංඝරත්නය, මැතිවරණ කොමසමේ සභාපති සහ සියලු දේශපාලන පක්ෂ වෙත යොමුකර ඇති බව සඳහන් ය.

10/10/2024
10/10/2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක්! පත් කළ සාමාජිකයින් මෙන්න!
16 mins ago 27
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.

නව අධ්‍යක්ෂ මණ්ඩලය,

1. සරත් ගනේගොඩ (සභාපති)
2. බුද්ධික හේවාවසම්
3. සුගත් රාජපක්ෂ
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
5. ඩී අරන්දර
6. ආනන්ද අතුකෝරළ
7. ලක්මාල් රත්නායක
8. නිරංජන් අරුල්ප්‍රගාසම්

08/10/2024
07/10/2024

හිටපු ජනපති මහින්ද දේශපාලනයෙන් සමුගනී
3 mins ago 29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවදින බව වාර්තා වේ.

මැතිවරණයට තරග නොකළඳ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දරන තනතුරුවලින් ඉවත්වීමක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබුණි.

ඔවුන් දෙදෙනාට අමතරව, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්රී යන අයද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොවදින බව වාර්තා වේ.

29/09/2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සදහා වූ ඉල්ලීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා වෙත ඉදිරිපත් ව තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන D/PSD/18763/09/2024 අංක දරන ලිපිය යටතේ බව මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා හෙළි කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ආරක්ෂාව සදහා නිළධාරීන් 163
ගිනි අවි 25 ක්
උණ්ඩ 525
වාහන 16
වෝකි ටෝකි 25
ගෑස්ක් මාස්ක් 02 ක්
කුඩ 30 ක්
ඩ්‍රැගන් ලයිට් 10 ක්
සූපවේදීන් 16 ක්
වෛද්‍ය නිළධාරීන් 08 ක්

29/09/2024

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට! ප්‍රතිඵල බැලිය හැකි ආකාරය මෙන්න!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024) අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නැරඹිය හැකිය.

23/09/2024

එයාර් වයිස් මාර්ෂල්වරයෙකුට! මහජන ආරක්ෂක ලේකම් වැඩ බාර ගනී!

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

මේ අතර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩ භාරගනු ලැබුවා.

22/09/2024

ඊයෙ රාත්‍රී 1.00ට පැනවූ ඇදිරිනීතිය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කෙරේ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba Media kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share