29/05/2023
𝕊ℂℙ-𝟘𝟘𝟚 𝕋𝕙𝕖 𝕃𝕚𝕧𝕚𝕟𝕘 ℝ𝕠𝕠𝕞 ( පණ ඇති කාමරය )
--------------------------------------------
Scp-001 වගේම මෙයත් අයිති වෙන්නෙ Euclid ගණයට ඒ කියන්නෙ හදුනා නොගත් ගණයට 😌
SCP-002 , The Living Room නොහොත් පණ ඇති කාමරය ලෙසද හදුන්වයි. එය මිනිසුන් අවශෝෂණය (Absorb) කර මිනිසුන්ගෙ මස් ගෘහ භාණ්ඩ (Furniture) බවට පත් කරන විශාල , හිස් ( Hollow ) මාංශමය ( Fleshy ) බෝලයක් වැනි දෙයක් වේ.
Scp-002 ගෙ ඇතුලත මහල් නිවාසයක ( Apartment ) කාමරයකට සමාන වේ. පිටතින් කවුලුවක් ( Window ) පෙනෙන්නට නොතිබුනද ඇතුලතින් එකක් පිහිටයි. ඇතුලත ගෘහ භාණ්ඩ , අස්ථි සහ හිසකෙස් ඇතුලු මිනිස් කොටස් වලින් සෑදී ඇත. ඇතුලත ගෘහ භාණ්ඩ වලට පහන් දෙකක් , පාපිස්සක් , රූපවාහිනියක් , ගුවන් විදුලියක් , බීන් බෑග් පුටුවක් ( Bean Bag Chair ) , පොත් තුනක් , ළමා සෙල්ලම් බඩු සහ බදුන් ගත කල පැලයක් ඇතුලත් වේ. 😐
💎 පටන් ගැන්ම සහ සොයාගැනීම :-
Scp-002 ගෙ නිශ්චිත පටන් ගැන්ම නොදන්නවා උනත් අභ්‍යාවකාශයෙන් පැමිණි බව දන්නා කරුණකි. SCP-002 පෘථිවි වායුගෝලයට ඇතුලු වී උතුරු පෘතුගාලයට ගොඩ බසින ලදී. එය ගමක් අසලට ගොඩ බැස ඇති අතර ගොවියෙකු විසින් පලමු වරට සොයාගෙන එම ගමේ වැඩිමහල්ලාට ( Village Elder ) වාර්තා කර ඇත. වැඩි කල් යන්නට පෙර SCP Foundation එකේ Portuguese Branch එකේ Level 4 නියෝජිතයෙක් විසින් මෙය සොයාගෙන SCP Foundation එකට ගෙන්වා ගන්නා ලදී. 😌
💎 රැදවීම සහ මල්හවුසන් සිද්ධිය :-
Scp Foundation Protocol වලට පටහැනිව General මල්හවුසන් සහ ආරක්ෂක නිලධාරින් කණ්ඩායමක් පෘතුගාලයේ SCP-002 ගොඩ බසින ලද ස්ථානයට යවා විශාල කන්ටේනරයක සුරක්ෂිත කර ගම්වාසීන් යොදාගෙන විෂම ( Anomalous ) වස්තුව පරීක්ෂා කරන ලදී . SCP-002 ට ඇතුලු වූ ගම්වාසීන් එකින් එක අතුරුදන් වූ විට මල්හවුසන් විසින් අතිරි සාක්ෂිකරුවන්ට Level 4a මට්ටමේ අවසන් කිරීමේ ( Termination ) නියෝගයක් ලබා දී ඇත .
මෙම SCP ව ප්‍රවාහනය කිරීමට සූදානම් වෙමින් සිටියදී SD සාමාජිකයන් හතර දෙනෙකු SCP-002 වෙත ඇද ගන්නා ලදී . මෙම සිද්දියෙන් පසුව මල්හවුසන්ව Terminate කිරීමට නියෝග දෙන ලදී .
💎 SCP-002 ගැන පරීක්ෂණ :-
SCP-002 ව නැවත අල්ලගෙන SCP Foundation එකට ගෙන ආ අතර එහිදී පරීක්ෂණ කීපයක් සිදු කර ඇත . ඒ අතර සතුන් කීපයක් Scp-002 අසල දමා ඇති අතර සතුන් කාවවත් අවශෝෂණය කරගෙන නොමැති අතර එයින් SCP-002 විසින් මිනිසුන් පමණක් ගොදුරු කරගන්නා බව හෙලිවී ඇත. 😐
💎 SCP-002 හැසිරෙන ආකාරය සහ ගුණාංග :-
මිනිසුන් SCP-002 ගේ පරිශ්‍රයට ඇතුලු වන විට ඔවුන්ව අවශෝෂණය ( Absorb ) කර ඔවුන්ගේ ශරීර ගෘහ භාණ්ඩ බවට පරිවර්තනය කරයි. Scp-002 විසින් සතුන් ගැන සැලකිල්ලක් නොදක්වයි. එය Recharging State නොහොත් නැවත ආරෝපණය වන අවස්තාවේ සිටින විට SCP-002 විසින් Telepathy වලට සමාන සංජානන උපද්‍රව්‍යයක් ( Cognitohazard Lure ) භාවිතා කර මිනිසුන්ව SCP-002 ආශ්‍රයට ගෙන එයි.
මිනිසුන් සම්පුර්ණයෙන් අවශෝෂණය කර අවසන් වු විට ප්‍රමාණයෙන් විශාල වන අතර සංජානන උපද්‍රව්‍යය ( Cognitohazard Lure ) බලයද වැඩිවේ. SCP-002 ට තනිවම ගමන් කල හැකි අතර මිනිසුන් එය ආසන්නයට ගෙන ඒමට Husks ( මෝහණය කල මිනිසුන් ) යොදා ගනී.
විදුලියට සම්බන්ධ කල විට SCP-002 සැලකිය යුතු ප්‍රමාණයකින් කුඩා වන අතර " Recharging State " නැතහොත් නැවත ආරෝපණය වන තත්වයකට පත්වේ.
💎 මරා දැමූවන් :-
- ගම්වැසියන් තිදෙනෙක්
- D-1005
- SCP Foundation එකේ කාර්ය මණ්ඩලයේ හත් දෙනෙක්
- භාණ්ඩ ප්‍රවාහන නැවක සිටි සියලු දෙනාම Husks බවට හෝ අවශෝෂණය කර ඇත
SCP-003 ගැන Post එකෙන් හමුවෙමු 😌🔥