stupid monkey

  • Home
  • stupid monkey

stupid monkey Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from stupid monkey, Digital creator, .
(1)

කිසිදිනෙක දේවල් මත, මිනිසුන් මත, ස්ථාන මත යැපෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සොයායන මිනිසුන්ගේ අවධානය සිඟමන් යදින හීනමානයෙ...
09/12/2025

කිසිදිනෙක දේවල් මත, මිනිසුන් මත, ස්ථාන මත යැපෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සොයායන මිනිසුන්ගේ අවධානය සිඟමන් යදින හීනමානයෙන් පිරි මිනිසෙකු නොවන්න.

එසේ වූවොත් ඔබ දිගින් දිගටම හිස්ව පවතීවි.

අනවශ්‍ය ලෙස මිනිසුන් සමග බැඳීම් ඇතිකරනොගන්න. අනවශ්‍යලෙස අනෙක් අයගෙන් දේවල් බලාපොරොත්තු නොවන්න.

ඔබ සෑමවිටෙම හුදකලාව තනිව ශක්තිමත්ව ජීවත්වීමට හුරුවිය යුතුය. සෑම දෙයක්ම ඔබ හරහා ගමන් කරාවි. සෑම මිනිසෙකුම ඔබ හරහා ගමන් කරාවි. කිසිවෙකු කිසිදිනෙක ඔබතුල ස්ථිර ලෙස ලැගුම් නොගනී.

එම නිසා අවශ්‍ය වූ විටෙක සමීප වන්න. නමුත් තවදුරටත් කිසිවෙකු සමග සංයෝග වීම අවශ්‍ය නොවන විටදි ශක්තිමත්ව සියල්ලට සමුදෙන්න. සියල්ලෙන් ඉවත්වන්න. ගැලවීමට නිදහසට පත්වන්න.

ඔබ සියල්ල විසඳාගත යුත්තේ ඔබ සමගිනි. එම නිසා ඒ වෙනුවෙන් පවතින්න. ඔබට ඔබ වෙනුවෙන් පැවතිය නොහැකිනම්, ඔබට ඔබ වෙනුවෙන් පෙනී සිටිය නොහැකිනම්, ඔබට ඔබවම දරාගත නොහැකිනම් ඔබ ගෙවන්නෙ ව්‍යාජ ජීවිතයකි. ඔබේ සමස්ථ පැවැත්මම වංචනික වූ එකකි.

එම නිසා එම ව්‍යාජ අනන්‍යතාවයෙන් නිදහස් වන්න. සංයෝගය වින්දනය කිරීමෙන් ඉවත්වන්න. අනවශ්‍යලෙස බලාපොරොත්තු වීමෙන් ඉවත්වන්න.

ශක්තිමත් මිනිසෙකු ලෙස සෑමවිටෙම නිදහස්ව පවතින්න. හදවතට අවංකව ජීවත් වන්න. එවිට ඔබ කිසිදිනෙක අතරමන් නොවනු ඇත.

සෑමවිටෙම නිහඬව නිශ්චලව ඔබේ අභ්‍යන්තර විභවය ආරක්ෂා කරගන්න. එහි ආලෝකය පවත්වාගන්න!

දරුවො මේ විදියට ඔයාගෙ අතේ හිරවෙලා ඉන්නෙ හරිම පොඩි කාලයක්. ඔයාගේ කර බදාගෙන නිදාගන්නේ හරිම පොඩි කාලයක්...අම්මේ කියාගෙන හැම...
08/12/2025

දරුවො මේ විදියට ඔයාගෙ අතේ හිරවෙලා ඉන්නෙ හරිම පොඩි කාලයක්.
ඔයාගේ කර බදාගෙන නිදාගන්නේ හරිම පොඩි කාලයක්...
අම්මේ කියාගෙන හැම තිස්සෙම පස්සෙන් එන පුංචි අඩි තියෙන්නෙ පොඩි කාලයක්.

ඒ හින්දා

පුලුවන් හැම වෙලාවෙම එයාලව බදාගන්න.
එයාලව ඉඹින්න.
ආදරෙන් තුරුල් කරගන්න.
ආදරේ ගොඩාක් දැනෙන්න දෙන්න.

"කට වහගෙන පාඩුවේ ඉන්න ළමයෝ" කියන වචන ටික වෙනුවට,
දවසක් ඒවි
"ඇයි පුතේ සතියකින් කතා කරේ නැත්තෙ කියලා අහන"

📷 Thilina Ruhunage

🪱🪱🪱නාග ලෝකෙන් මනුස්ස ලෝකෙට හොරෙන් ගෙනාපු මල -🪱🪱🪱🌝🌝🌝ඔයා දන්නවද? කඩුපුල් කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති මලක් න...
08/12/2025

🪱🪱🪱නාග ලෝකෙන් මනුස්ස ලෝකෙට හොරෙන් ගෙනාපු මල -🪱🪱🪱

🌝🌝🌝ඔයා දන්නවද? කඩුපුල් කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති මලක් නෙමෙයි. මේ මලේ ඇත්ත අයිතිකාරයෝ තමයි "නාගයෝ".

ජනප්‍රවාදවල කියවෙන විදියට මේ මහා පොළොව යට තියෙනවා හරිම විසිතුරු, මැණික් වලින් දිලිසෙන පාතාල ලෝකයක්. ඒ තමයි "නාග ලෝකය". මේ නාග ලෝකයේ තියෙනවා කවදාවත් පර වෙන්නේ නැති, පුදුම ලස්සන මල් වත්තක්. අන්න ඒ වත්තේ පිපෙන පූජණීයම මල තමයි කඩුපුල් කියන්නේ.🌸

අපේ මේ පොළොව යට තියෙන නාග ලෝකය කියන්නේ හිරු එළිය කවදාවත් වැටෙන්නේ නැති, හැබැයි නිල් පාට මැණික් එළියෙන් බබළන හරිම සිසිල් ලෝකයක්. මේ ලෝකයේ පාලකයෝ තමයි නාගයෝ. ඔයා දන්නවා ඇති පුරාවෘත්තවල හැටියට "සූර්යයා" (ගුරුළා/හිරු) සහ "නාගයා" කියන්නේ ජාති ජාති වෛරක්කාරයෝ.☀️😱

​සූර්යයා කියන්නේ ගින්දර. නාගයා කියන්නේ සිසිලස. මේ දෙන්නට එකට ඉන්න බෑ.

​ඔන්න දවසක්, නාග ලෝකයේ හිටපු හරිම භක්තිවන්ත නාග කුමාරිකාවකට ඕන වුණා තමන්ගේ ශාස්තෘන් වහන්සේට (බුදුරජාණන් වහන්සේට) පූජා කරන්න වටිනාම දෙයක් අරගෙන මනුස්ස ලෝකෙට එන්න.

​ඇය තීරණය කළා නාග ලෝකයේ තියෙන ලස්සනම වස්තුව, ඒ කියන්නේ නාග ලෝකයේ රැජින වෙච්ච "ජය සුමන" (කඩුපුල්) මල අරගෙන යන්න. මේ මල හැදිලා තිබුණේ පාතාලයේ සිසිලසෙන් සහ සඳ එළියෙන් විතරයි. මේ මල කවදාවත් ගිනියම් ඉර එළිය දැකලා තිබුණේ නෑ.

​නාග කුමාරිය මේ මල නෙලන්න අත තියද්දිම, මල ඇයට කතා කළා.

"කුමාරියනි, මම අයිති අඳුරට. මම කොහොමද ඔයත් එක්ක උඩ ලෝකෙට එන්නේ? උඩ ලෝකේ පාලනය කරන්නේ අපේ හතුර වෙච්ච සූර්ය දිව්‍ය රාජයා...

ඔහුගේ බැල්ම (ඉර එළිය) මගේ ඇඟට වැටුනොත් මම පිච්චිලා මැරෙයි." 🌸🥺

​එතකොට නාග කුමාරිය හරිම බැගෑපත්ව ඉල්ලීමක් කළා.

"බය වෙන්න එපා... අපි යන්නේ රෑට. සූර්යයා නිදාගත්තට පස්සේ අපි මේ මල අරගෙන ශ්‍රී පාද කන්දට නගිනවා."

හැබැයි මට පොරොන්දු වෙන්න, ඉර එළිය වැටෙන්න කලින් අපි පූජාව තියන්න ඕනේ.
කියල මල බැගෑපත්ව නාග කුමරියගෙන් ඉල්ලීමක් කලා.

​ඔන්න ඉතින් මේ ගිවිසුම පිට, නාග කන්‍යාවියන් රෑ මැදියමේ අහසින් සමනල කන්දට බහිනවා. ඒ වෙලාවට කඩුපුල් මල තමන්ගේ මුළු සුවඳම දීලා පිපෙනවා.

​හැබැයි, ඔතනදි තමයි නොහිතපු ඛේදවාචකය වෙන්නේ.😱

​එදා නාග කන්‍යාවියන් මල් පූජා කර කර ඉද්දි වෙලාව ගත වුනා තේරුණේ නෑ. එකපාරටම නැගෙනහිර අහස රතු පාට වුණා. සූර්ය දිව්‍ය රාජයා පායන්න පටන් ගත්තා! 🌅

බය වෙච්ච නාග කන්‍යාවියන් කලබලෙන් ආපහු අහසට නැග්ගා පාතාල ලෝකෙට පලා යන්න. අන්න ඒ කලබලේදී එක නාග කන්‍යාවියක් අතින් "කඩුපුල් මල් ගහේ පත්‍රයක්" (කොළ කෑල්ලක්) පොළොවට ගිලිහිලා වැටුණා.🌵

​එයාලට ඒක ගන්න ආපහු එන්න වෙලාවක් තිබුණේ නෑ. එයාලා වලාකුළු අස්සෙන් හැංගිලා යන්න ගියා.

​දැන් අර කොළ කෑල්ල මේ පොළොවේ තනි වුණා...

හැබැයි ඒක මැරුණේ නෑ. ඒකේ තිබුණේ නාග ලෝකයේ අමරණීය ජීවය. ඒ වැටුණු කොළ කෑල්ල වේගයෙන් මුල් ඇද්දා. (ඒකයි අදටත් කඩුපුල් ගහ කොළෙන් පවා බෝ වෙන්නේ).

​නමුත්, සූර්ය දෙවියන් මේක දැක්කා.

තමන්ගේ හතුරන් (නාගයන්) ගෙනාපු මේ දේ තමන්ගේ රාජධානියේ (මනුස්ස ලෝකයේ) පැළ වෙනවා දකිනකොට සූර්යයාට කේන්ති ගියා. ඒත් ගහ මුල් ඇදිලා තිබුනෙ පොලවෙ නෙවෙ ගස් බෙනයක සූර්යාට මෙ නිසා ගහ විනාශ කරන්න බැරි වුණා.

මොකද? සූර්යාට පොලවෙන් උඩ දේවල් වලට මැදිහත් වෙන්න බැරි උනා එහම උනොත් භූමි මාතාවගෙ ශාපයට සූර්යාට ලක් වෙන්න වෙන නිසා.

​ඒ වෙනුවට සූර්යයා ඒ ගහේ පිපෙන මලට දරුණු ශාපයක් කළා.🔥

​"මාගේ රාජධානියේ (මනුස්ස ලෝකයේ) උ-ඹට පැළ වෙන්න පුළුවන්. හැබැයි, මගේ හිරු එළිය යටතේ ජීවත් වෙන්න මම උ-ඹේ මලට කවදාවත් ඉඩ දෙන්නේ නෑ!"

​ඒකයි කඩුපුල් මලට තියෙන ශාපය.

පාන්දර 5 වෙද්දි, නැගෙනහිර අහසින් පොඩි හරි හිරු එළියක රේඛාවක් වැටෙනකොටම කඩුපුල් මල ගැහෙන්න ගන්නවා. සූර්යයාගේ රස්නය ඒ මලට දරාගන්න බෑ. ඒ ශාපය නිසා මල එතනම හැකිලිලා, පර වෙලා, මැරිලා යනවා.🥀

​නාග කන්‍යාවියන්ට සිද්ධ වෙනවා ඉර පායන්න කලින් ඉක්මනට ආපහු පාතාල ලෝකෙට පලා යන්න. මොකද එයාලටත් සූර්ය රස්නය දරාගන්න බෑ.

​ඒ නිසා තමයි අපි කියන්නේ, කඩුපුල් මලක් පිපෙනවා කියන්නේ "ප්‍රේමයක සහ පරිත්‍යාගයක එකතුවක්" කියලා.❤️

​තමන් මැරෙන බව දැන දැනම, බුදුන් වදින්න ඕන නිසාම, එක රෑකට විතරක් මනුස්ස ලෝකෙට ඇවිත් ජීවිතේ පූජා කරන ඒ පුංචි මල කවදාවත් පූජා නොකරනම් ඉන්න එපා

​ඊළඟ පාර ඔයා කඩුපුල් පැළයක් හිටවද්දි මතක තියාගන්න, ඔයා ඒ හිටවන්නේ අර අතීතයේ අහසින් වැටුණු නාග ලෝකයේ කෑල්ලක්. ඒ වගේම ඒ මල තාමත් සටන් කරන්නේ සූර්යයාගේ ශාපය එක්ක.

ඉර පායන්න කලින් ඒ ලස්සන බලලා හිත පුරවගෙන බුදුන්ට එ මල පූජා කරන්න.

මොකද හෙට උදේට එයා නෑ...🌸💔

කොඳු ඇට පෙළ අනන්තයට යන මාර්ගයයි   ඕනෑම ජීවියෙකුට කොඳු ඇට පෙළක් පවතින අතර,මිනිසාට ද එය පවතී.නමුත් මිනිසුන් නොදන්නා අධ්‍යා...
07/12/2025

කොඳු ඇට පෙළ අනන්තයට යන මාර්ගයයි

ඕනෑම ජීවියෙකුට කොඳු ඇට පෙළක් පවතින අතර,මිනිසාට ද එය පවතී.නමුත් මිනිසුන් නොදන්නා අධ්‍යාත්මික රහසක් මේ කොඳු ඇට පෙළෙහි සැමදා ගැබ් ව පවතින අතර,එය සොයා ගන්නා සහ අවධි කර ගන්නා තැනැත්තාගේ ජීවිතය සම්පූර්ණ ලෙස වෙනස් වීමක් ද සිදු වේ.

කොඳු ඇට පෙළ යනු,විඥානයේ කුළුණ ය.පුරාණ සම්ප්‍රධායන් තුළ එය අක්ෂය මුණ්ඩි / ලෝක අක්ෂය ලෙස හැදින් වූ අතර,එයට ඔවුන් මේ නම භාවිතා කර ඇත්තේ ද මේ කොඳු ඇට පෙළ ජීවින් තුළ අහස සහ පොළව සම්බන්ධ කරන බැවිනි.කොඳු ඇට පෙළෙහි සෑම කශේරුකාවක් ම ඉණිමගක පඩි පෙළක් වැනි වන අතර,එය පෙළගස්වා ඇති විට ශක්තියේ පාදමේ සිට එනම්,පැවැත්ම සහ බිම් සැකසීම ඔටුන්න නැතිනම් හිස් මුදුන දක්වා ( ඔටුන්න = අනන්ත දැනුවත්භාවය ) නිදහසේ ගලා යයි.

මෙය කුණ්ඩලිනී ශක්තිය ලෙස නම් දරන අතර,මෙම කුණ්ඩලිනී ශක්ති ධාරාව නැතිනම් මේ ජීව බල ශක්තිය කොඳු ඇට පෙළෙහි පාදමේ රැඳී පවතී.මෙය අවධි වූ විට කොඳු ඇට පෙළ හරහා නැගී මෙම ශක්තියේ ගමන් මාර්ගය දිගේ ගමන් කරමින් සවිඥානික මධ්‍යස්ථාන අගුළු හරින අතර,එය හරහා ශරීරයේ ප්‍රධාන චක්‍ර 07 ද අවධි වීමක් සිදු වේ.බොහෝ ගුප්ත විද්‍යාඥයින් අනන්තයට යන මාර්ගය ඔබ තුළ මිස පිටත පවතින්නේ නැති බව සදහන් කරන්නේ ද මේ හේතු නිසා ය.

ශරීරය ගත්තොත් එය බන්ධනාගාරයක් ලෙස බොහෝ දෙනා සිතනවා ඇති.නමුත් ඇත්තට ම ශරීරය කියන්නේ දෙව් මැදුරක්.සෑම හුස්මක් ම සුවඳ දුම් වන අතර,සෑම හෘද ස්පන්දයක් ම බෙරයක් ලෙස ක්‍රියා කරයි.සෑම සෛලයක් ම යාඥා පබළුවක් වන අතර,පූජනීය ගෘහ නිර්මාණ ශිල්පයේ මහා කුළුණු මෙන් කොඳු ඇට පෙළ දේව මාලිගාවේ මධ්‍ය ම කුළුණ යි.ඔබ මේ දේව මාළිගාව හුස්ම ගැනීම, නිරාහාරව සිටීම,චලනය සහ දැනුවත්භාවය හරහා පිරිසිදු ව තබා ගන්නා විට දිව්‍යමය දේවත්වය යනු දුර සිට නමස්කාර කළ යුතු දෙයක් නොවේ.එය ඔබ මූර්තිමත් කරන දෙයයි.

දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් සෑම ජීවියෙකුගේ ම ශරීරය තුළ පවතින බවට ශුද්ධ ලියවිල්ල,ගුප්ත විද්‍යාව සහ යෝග දර්ශනය තුළ එකග වන දෙයකි.

ක්‍රිස්තූන්,ක්‍රිෂ්ණා හෝ බුද්ධ ස්වභාවය වෙනත් තැනක නැත - එය ඔබේ ම පැවැත්මේ නිශ්ශබ්දතාවය තුළ සාක්ෂාත් කර ගැනීමට බලා සිටින ස්වභාවයයි.

කෙනෙකු තමන්ගේ ජීවිතය තුළ දෙවියන් ව අවබෝධ කර ගැනීම යන නමින් හදුන්වන්නේ අනන්තය දුරස් නොවන බව සොයා ගැනීමයි.එය ඔබේ ස්නායු,රුධිරය සහ හුස්ම හරහා ගලා යන සාරයයි.ඔබේ කොඳු ඇට පෙළ කෙළින් සහ ජීවමාන වූ විට ශක්තිය ස්වභාවිකව ම ඉහළ නැඟීමක් සිදු අතර දෙවියන් සහ ඔබ කියන්නේ එක්කෙනෙකු බව පෙන්වීම සිදු කරයි



අධ්‍යාත්මික ගුරු උපදේශිකා දිලු අප්සරා The Divine Truth

05/12/2025
අපේ ආත්මයේ purest state එක, එහෙම නැත්නම් "අති ශ්‍රේෂ්ඨ ස්වභාවයට" තමයි දිව්‍ය සංඛ්‍යාතය ( Frequency of God) කියලා කියන්නේ...
05/12/2025

අපේ ආත්මයේ purest state එක, එහෙම නැත්නම් "අති ශ්‍රේෂ්ඨ ස්වභාවයට" තමයි දිව්‍ය සංඛ්‍යාතය ( Frequency of God) කියලා කියන්නේ.

මේ ස්වභාවයට පත්වෙන්න,

– judgement/ විනිශ්චය කිරීම් නැතිවෙලා
– comparison/ සංසන්දනය කිරීම් නැතිවෙලා
– anger dissolve/ තරහව අඩු වෙලා
– love expand/ ආදරය වැඩි වෙන
– ego soften/ මමත්වය ලිහිල් වෙන , අවස්ථාවකට එන්න ඕන.

කවුරුහරි මේ state එකේ ඉන්නකොට, එයාගෙන් එන energy එක හොඳටම feel කරගන්න පුළුවන්. ඒකට වචන අවශ්‍ය නෑ. එයාගෙන් ඔයාට ගොඩක් නිදහස පිරුණු සතුටුදායක සැනසීම් සහගත හැඟීමක් දැනේවි. ඔයාගේ මුළු නියුරෝන පද්ධතියම සන්සුන් වෙනවා විතරක් නෙවෙයි ඒක ඔයාට හොඳටම දැනෙනවා.

මේ වගේ කාලයක නම්, මේ වගේ ලස්සන ආත්ම ඔයාට හමුවෙන්න තියන ඉඩ වැඩියි 😊❤️

එතකොට සුසර වීම කියන්නේ "surrender" නැත්නම් යටත් වීම/අනුගත වීම කියන එක.

High frequency එකකට යන එක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම බලෙන් push කරන්න බැහැ.
ඔයාලා දන්නවද, musical instruments tune කරන විදිහ?
ඒවාත් gentle adjustments.
ඒ වගේ තමයි අපේ ආත්මයේ ඒ vibe එකත්.

අවසානයේ?

දිව්‍ය සංඛ්‍යාතය කියන්නේ අහසේ තියෙන mysterious code එකක් නෙවෙයි.
ඒක තියන්නේ අපේ ඇතුළේ.

අපේ තරහා අඩු කරන දවසට,
අපි අවසන් වතාවට forgive කරන දවසට,
අපි හදවතෙන් “හරි මං ආපහු love කරනවා ” කියන දවසට, ඔයාට මේ ස්වභාවය දැනේවි.

අන්න ඒ දවසේ දී ඔයාට තේරෙයි ඔයා ඔයාගේ ඇත්තම ගෙදරට ආවා කියලා. ඉක්මනටම ඔයාගේ නිවසට එන්න කියන මතක් කිරීම කරන ගමන්,

ඔයාට දිව්‍යමය දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏💛🌱

මේක හැමතැනම දකින තියරියක් ! ඔයා වැඩිපුර ආශ්‍රය කරන කෙනාගේ බොහෝ ගතිගුණ ඔයාටත් බෝ වෙනවා !කාලෙකට කලින් හරි ලස්සන ගතිගුණ තිය...
04/09/2025

මේක හැමතැනම දකින තියරියක් ! ඔයා වැඩිපුර ආශ්‍රය කරන කෙනාගේ බොහෝ ගතිගුණ ඔයාටත් බෝ වෙනවා !
කාලෙකට කලින් හරි ලස්සන ගතිගුණ තියෙන කෙනෙක් මගේ ජීවිතේ හිටියා. එයා මගේ හොඳ යාළුවෙක්. කාලයත් එක්කම එයා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තේ එයාට වඩා හාත්පසින්ම විරුද්ධ ගතිගුණ තියෙන කෙනෙක්. මාස කිහිපයක් යනකොට අර ළමයා සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. කොයි තරම් වෙනස් වුනාද කියලා කියනවනම් , එයා ඉස්සර අප්පිරියාවෙන් කතා කරපු දේවල් එයා අර අළුත් යාළුවා එක්ක කරන්න පටන් ගත්තා. සම්පූර්ණයෙන්ම එයා වෙනස් වුණා. එයා අර ළමයා වගේම වෙනස් වුනා.

මම මේක බොහෝ තැන්වල නෝට් කරලා තියෙන දෙයක්. අපි ආශ්‍රය කරන කෙනා වගේ අපෙත් ගතිගුණ සමහර වෙලාවට වෙනස් වෙනවා. ඔයාට මතක ඇති අපි පුංචි කාලේ ඉගෙන ගත්ත ගිරව් දෙන්නගේ කතාව. එක ගිරවෙක් හොරු ගාවට වැටුණා අනිත් ගිරවා පන්සලකට වැටුනා. ඒ තියරි එක ඇත්තටම හැමදාටම වලංගු කතාවක් !

ඔව් ආශ්‍රය කරන මිනිස්සු පරිස්සමින් තෝරගන්න !
එයාලගේ වයිබ් එක බෝ වෙනවා ! සමහර වෙලාවට ඔයා කොයිතරම් අකමැති වුනත් කාලයත් එක්ක ඔයා එයත් එක්කම ඉන්නකොට එයාගේ වයිබ් එක ඔයා තුළට එනවා ! ඒක හොඳ දෙයක් උනොත් ගොඩක් හොඳයි ! ඒත් බොහෝ තැන්වල මම දැකලා තියෙනවා නරක බොහෝ ඉක්මනට බෝ වෙනවා කියලා...

ඉතින් නිතරම ඔයා ඔයාව පරිස්සම් කරගන්න ! ඒකයි මං නිතරම කියන්නේ හොයලා බලලා තෝරලා බේරලා කොලිටි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කියලා !

උපුටා ගැනීමකි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when stupid monkey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share