18/03/2023
මොන වගේ කෙල්ලෙක්ද උබට ඕනෙ?
ඕක කාටහරි කෙල්ලෙක් සෙට් කරලා දෙන්න කිව්ව ගමන් අහන ප්රශ්නේ. එතකොට එක එකා තමන්ගෙ ඕනෙ එපාකම් කියයි. ඒ ඕනෙ එපාකම් අතර තියෙන්න ඕනෙ ලොකුම දෙයක් තමා කෙල්ලෙක් විදිහට තමන්ගෙ ලව් එක රැකගන්න වගේම කොල්ලට ජීවිතේ ගොඩගන්න හැකි පමණින් සප් එක දෙන එක. කොල්ලගෙ ඔලුව කන කෙල්ලො අතරෙ එහෙම කෙල්ලො මසුරන්. ඔන්න ඔය වගේ කෙල්ලෙක් ගැන කියවෙන අමුතු වයිබ් එකකට යන සිංදුවක් සෙට් උනා.
මෙන්න ලින්කුව https://youtu.be/KCaro2kxg3k
Melodyයයි lyricsසුයි පංකාදුයි. voice එක පංකාදු පහයි. එහෙන් මෙහෙන් Bollywood tune ටිකකුත් ඇහෙන එකෙන් අමුතුම ලල් එකක් ඇවිත් තියෙනවා 😍
මේකෙ lyrics වල ඇත්තේ ජීවිතේ වැටුන කාලවලදිත් ලග හිටපු උස්සල තියපු ආදරයක් දුන්න කෙල්ලෙක් ගැන. ලිව්ව යශෝධා කියන්නෙ එහෙම කතාවක්.
ඒක ගැන පදෙන් පදේ විචාර දෙන්න තරම් මගෙ සිංහල පොශ් මදි. මට ඊට වඩා ආතල් එකක් ගියෙ විශුවල් එකට (නෑ නෑ ඒකෙ ඉන්න කෙල්ල හින්දාම නෙවෙයි). හෙන calm පරිසරේක කරපු බලන් ඉන්න ආස වැඩක්. ඕක බැලුවම මට දැනුනේ මෙහෙම දෙයක්.
කොල්ලා පොඩ්ඩක් ජීවිතෙන් බැට කාල ඉන්නෙ කියල මූන දැක්කම පේනවා. හැබැයි ඒ දුක් අස්සෙ දැන් කොල්ල ඉන්නෙ පොඩි චිල් එකක. මූනේ ලාවට තියෙන හිනාව අගවන්නේ ඒක. 🙂 මොකද පොරට මරු කෙල්ලෙක් සෙට් වෙලා. ඒ කෙල්ල මූට මාර සප් එකක් වෙලා ජීවිතේට. ඒනිසා පොර දැන් ගැම්මෙන් ජීවිතේට මූණ දෙනවා කෙල්ල එක්ක.
මේ කෙල්ලම දර අහුලන් ගිනි ගොඩක් ගහනවා ඒ කෙල්ලම සාරිය අස්සෙ ගහන් ආව ගිනිපෙට්ටියකින් (ගිනි පෙට්ටිය මුල ඉදන්ම කෙල්ල ගාව තියෙනව හොදට බැලුවොත් පේනවා වීඩියෝ එක පුරාවට, ඒ detail එක miss නොකර පෙන්නන්න සැලකිලිමත් වෙලා director) පස්සෙ කසාද බදිනවා වගේ දෙන්නා කැරකෙනවා ගිනි ගොඩ වටේ.
ඔය සරලව පේන දේ අස්සෙ මට පේන්නේ කෙල්ල හෙන කාලයක් කොල්ල එක්ක දුක් විදගෙන මේ ගමන ඇවිත් ඒකෙ අග්ර ඵලය වෙන කසාදෙටත් කෙල්ලම තමා මහන්සි වෙලා පාර හදන්නේ වගේ එකක්. හැමදේම කෙල්ලම කරන එකෙන් ඒක පේනවා. හැබැයි කෙල්ල මේව කරන්නේ හරි අහිංසක සතුටක් එක්ක ආදරෙන්. කෙල්ල කොල්ල දිහා බලන බැල්මෙ ඒක තියෙනවා.
ඒවගේම කොල්ලා සෙරෙප්පු දෙකක් දාල ටිකක් පොඩිඋන ඇදුමක් ඇදන් ඉන්නේ. සෙරෙප්පු දෙකක් ගැලපෙන් නෑ ඒ ඇදුමට. මේවගෙන් කොල්ලගෙ ජීවිතේ අපිළිවෙල හා මේවෙනකන් කරගත්තු නොගැලපෙන ලව් සීන් ටික ගැන කියවෙනවදෝ කියලත් හිතෙනවා 🙂 කෙල්ලගෙ දෙපා නිර්වස්ත්රයි (යටිපතුල් picconta හොද කෑල්ලක් 😉). ඒකෙන් සමහර විට කියන්නේ කොල්ලට වඩා කෙල්ල තරාතිරමෙන් පහල කියන එක හෝ කෙල්ල මේ කොල්ල එක්ක ඇවිත් හෙන කට්ටකට නිරාවරණය වෙනවා කියන එක හෝ වෙන්න පුලුවන්.
කොල්ලා හැසිරෙන විදිහෙන් පේන්නෙ සමහරවිට පොර දෘශ්යාභාධිත වෙන්න පුලුවන් වගේ. නැත්තන් ඒකෙන් පෙන්නන්නේ ජීවිතේ කට්ට කාලා සමහරවිට toxic ලව් අස්සෙ වේදනා විදලා දැන් පොරගෙ හිත අස්සෙ ආදරේ හැංගිලා ගිහින්, මහන්සියි දැන්, පොරට තවත් කට්ට කන්න බෑ ආදරේ වෙනුවෙන්, ඒනිසා කෙල්ල තමා මේ බර දැන් ඇදන් යන්නේ කියන දේවල් වෙන්නත් පුලුවන්.
අන්තිමේ කොල්ලා කෙල්ලගෙ තියන තිලකෙන් දෙන්නගෙ අරමුණට ආවා කියන happy ending එකෙන් visual එක ඉවරවෙනවා.
ඉතින් මුලින් කෙලෝගෙන පස්සෙ හරි මේ වගේ කෙල්ලෙක් හම්බෙන කොල්ලො හරි lucky. එහෙමයි කියලා හැම කෙල්ලම මෙහෙම වෙන්න ඕනෙත් නෑ එහෙම වෙන්නෙත් නෑ. ඒත් මේ වගේ කෙල්ලෙක් මරු 🌚
මේ මට දැනෙන හරිම සොච්චම් ටික. වාද විවාදයෙහි කැමැත්තෝ කරත්වා!
රූමා ®️
✘ Artiste - Jayod Nawarathne✘ Lyrics - Yashodha Adhikari✘ Melody Composed - Lahiru De Costa✘ Music Produced - Lahiru De Costa✘ Mixed and Mastered - Lahiru De...