ASP Root Ethical hacking

  • Home
  • ASP Root Ethical hacking

ASP Root Ethical hacking If u want to learn to ethical hacking join with us.

How To Activate Microsoft Office 365 Easily In 2021 On Windows 11 කොහොමද activation කර ගන්නේASP Roothttps://www.youtube....
08/09/2021

How To Activate Microsoft Office 365 Easily In 2021 On Windows 11 කොහොමද activation කර ගන්නේASP Root
https://www.youtube.com/watch?v=4e7WcV3etw4

2021 activation | how to activate office 2021 | Ms office Sinhala | Asp Root💀How To Activate Microsoft Office 36...

Open Your Terminal1 sudo apt-get update2 sudo apt-get install proxychains3 sudo apt-get install nanoor4 sudo apt-get ins...
07/12/2019

Open Your Terminal

1 sudo apt-get update
2 sudo apt-get install proxychains
3 sudo apt-get install nano
or
4 sudo apt-get install leafpad
5 sudo nano /etc/proxychains.conf
or
6 sudo leafpad /etc/proxychains.conf

the option of your choice
dynamic chain
strict chain
random chain

the option of your choice
this proxy server I use random chain
souks4 127.0.0.1 8080
souks5 127.0.0.1 8080

proxychains google chrome "you won't web site"
or
proxychains firefox "you won't web site"

Thank you, click the subscribe button

අයි.පී. ලිපිනයක් යනු කුමද?

සන්නිවේදනය සදහා අන්තර්ජාල කෙටුම්පත (ප්‍රටෝකෝලය) (Internet Protocol) භාවිතා වන පරිගණක ජාලකරණයේදී (computer network)පාවිච්චි කරන එක් එක් උපාංග (උදා. පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය) සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (අයි පී ලිපිනය) යනුවෙන් හැඳින්වේ. [1] අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම සහ අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි. ඒ කාර්යභාරය පහත පරිදි හඳුනාගනිමු. "නමක් අප සොයන දෙය දක්වයි. ලිපිනයක් ස්ථානය කොතනදැයි දක්වයි. මාර්ගයක් එතැනට කෙසේ ළඟා විය යුතුදැයි දක්වයි.

අන්තර්ජාල කෙටුම්පතෙන් අර්ථදක්වා ඇති පරිදි අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය බිටු (bits) 32ක සංඛ්‍යාවක් වන අතර තවමත් භාවිතා වන මේ ක්‍රමය අන්තර්ජාල කෙටුම්පත 4වන සංස්කරණය (IPv4) ලෙස හැඳින්වේ. කෙසේ වුවත් අන්තර්ජාලයේ අතිමහත් වර්ධනය සහ භාවිතා කළ හැකි ලිපිනයන් ප්‍රමාණය ක්‍ෂයවීම හේතුවෙන් ලිපිනය සඳහා බිටු 128 කින් යුත් අන්තර්ජාල කෙටුම්පතේ නව සංස්කරණයක් (IPv6) 1995 දී එළිදක්වන ලදි. 1998 දී මෙම IPv6, RFC 2460 ලෙස සම්මත කරගන්නා ලද අතර එය වර්ෂ 2000 මැද භාගයේ සිට සාර්ථකව භාවිත වේ.

අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය ද්විමය (binary) සංඛ්‍යාවක් වනමුත් ඒවා ගබඩාකර තබාගන්නේ අක්‍ෂර ගොනු (Text files) තුල වන අතර මනුෂ්‍යයන්ට කියවා ගත හැකි ආකාරයෙන් විදහා දක්වයි. උදා. 4වන සංස්කරණය (IPv4) සඳහා 172.16.254.1 ලෙසින්ද, 6වන සංස්කරණය (IPv6) සඳහා 2001:db8:0:1234:0:567:8:1 ලෙසිනි.

අන්තර්ජාල නොම්මර වෙන්කිරීමේ අධිකාරිය (IANA) විසින් ලෝකය පුරා අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය වෙන්කිරීමේ කාර්යය පාලනය කරන අතර ප්‍රාදේශීය අන්තර්ජාල පාලනාධිකාරීන් (regional Internet registries) පහකට ප්‍රාදේශීය අන්තර්ජාල රෙජිස්ටාර් කාර්යාල (local Internet registries) (අන්තර්ජාල සේවා සපයන ආයතන (Internet service providers) වලට අන්තර්ජාල කෙටුම්පත් ලිපින කාණ්ඩයන් වෙන්කිරීමේ කාර්යය පවරා ඇත

අයිපී සංස්කරණ

අන්තර්ජාල කෙටුම්පත් සංස්කරණයන් දෙකක් භාවිතයේ පවතියි. ඒවා නම් IP 4වන සංස්කරණය සහ IP 6වන සංස්කරණය වේ. (See IP version history for details.) එක් එක් සංස්කරණයේ දී IP ලිපිනය වෙනස් ආකාරයන්ට නියම කර ඇත. සාමාන්‍යයෙන් IP ලිපිනයයි තවමත් සැලකෙන්නේ 4වන සංස්කරණය IPv4 බව එහි පැතිරීම සැලකූවිට පෙනීයයි. මෙම සංස්කරණ අනුපිළිවෙල සැලකූවිට අතර මැද හිදැස වන 5වන සංස්කරණය 1979දී පර්යේෂණය කළ නොකැඩී ගලන අන්තර්ජාල කෙටුම්පත (Internet Stream Protocol) වුවත් එය කිසිදිනක එලෙස (IPv5 ලෙස) හඳුන්වා නොමැත.

අයිපී 4 වෙනි සංස්කරණයේ ලිපින

ලිපිනයයන්address space 4294967296 (232)ක් තරම් ආවේනික ඉඩකඩක් ඇති බීටු 32bitකින් යුත් ලිපිනයක් IPv4 හිදී භාවිත වේ. විශේෂ අවශ‍්‍යතාවන් සඳහා ලිපිනයයන් සමහරක් IPv4 හිදී වෙන්කර ඇත. උදා. පුද්ගලික ජාලයන් (private network) සඳහා ආසන්න වශයෙන් මිලියන 18 ලිපිනයන් ප්‍රමාණයක්, බහුවිකාශ (multicast address) සඳහා ආසන්න වශයෙන් මිලියන 270 ලිපිනයන් ප්‍රමාණයක්. සම්මතයක් වශයෙන් IPv4හි ලිපිනයක් තිත් දශක අංකනයක් (dot-decimal notation) ආකාරයට දැක්වේ. එහි 0 සිට 255 දක්වා වූ, තිතකින්වෙන්වූ දශක සංඛ්‍යාවන් හතරකින් සමන්විත වේ. උදා., 172.16.254.1 ලිපිනයේ එක් එක් කොටසක් බීටු 8 කින් යුත් අෂ්ටකයක් (octet) ලෙස දක්වයි. සමහර තාක්‍ෂණික ලියවිලිවල IPv4 ලිපිනය ද්‍විමය, (binary) අෂ්ටම (octal) හෝ ෂඩ්මය (hexadecimal) සංඛ්‍යාවක් ලෙස විවිධාකාරයෙන් දැක්විය හැක.

IPv4 අනුජාලකරණය (subnetting)

අන්තර්ජාල කෙටුම්පත සාදන මුල්පියවර වලදී IP ලිපිනය, ජාල කලාපය සහ සත්කාරක කලාපය යයි කොටස් දෙකක් ලෙස ජාල පාලකයන් [1]විසින් අර්ථ දක්වනු ලැබීය. ලිපිනයේ ඉහළම අෂ්ටකය (වැඩිම වටින බිටු 8) ජාල කලාපය ලෙසද, ඉතිරිය ශේෂ කලාපය හෝ සත්කාරක හඳුන්වන්නා ලෙසද නිර්මාණය කරන ලද අතර ජාලයක සත්කාරකයන් නම් කිරීමට භාවිත කරන ලදි.

මෙම මුල්ම ක්‍රමය දැනටමත් ජාල නොම්මරයක් හිමිව තිබූ තවත් අමතර ජාල වර්ධනයකට ඉඩක් නොමැති බව ඉක්මනින් වැටහීගිය කරුණක් වුණා. 1981දී අන්තර්ජාල ලිපිනගත කිරීමේ පිවිතරයන් වලට කාණ්ඩ ජාලකරණ (classful network) ව්‍යුහය හඳුන්වා සංශෝධනයකට ලක්කළා [2].

කාණ්ඩ ජාලකරණය නිසා වෙන්වූ ජාලයන් විශාල ගණනකට සහ ඉතා කුඩා අනුජාලයන් (subnetwork) නිර්මාණයට ඉඩසලසන ලදි. IP ලිපිනයේ ඉහළම අෂ්ටකයේ මුල් බිටු තුන ලිපිනය කාණ්ඩ කිරීමට යොදන ලදි. මෙම කාණ්ඩ තුන (A, B සහ C) පොදු ඒක විකාශ (unicast) ලිපිනගත කිරීම ලෙස සම්මත කෙරුණි.ජාලය හඳුනාගැනීම කාණ්ඩය නිගමනය කිරීම අනුව, මුළු ලිපිනයේ අෂ්ටක කොටසේ සීමාව තීරණය වේ. මෙසේ ඉහළ කාණ්ඩ වලදී (B සහ C) සත්කාරකයන් ගණන අඩුකර ගනිමින්, ජාලය හඳුනාගැනීමේ කොටසේ පිළිවෙළින් ඇති අනෙක් අෂ්ටක එක් එක් කාණ්ඩ භාවිත කරයි.

අන්තර්ජාලය පටන්ගැන්මේදී කාණ්ඩ ජාලකරණ නිර්මාණයේ අරමුණෙන් ඉටුකර ගැනීමට හැකි වුවත් 1990දී ජාලයේ හදිසි වර්ධනයට මුහුණ දීමට අපහසු විය. 1993දී මෙම කාණ්ඩ ක්‍රමය කාණ්ඩ රහිත අන්තර් වසම් මෙහෙයීම (Classless Inter-Domain Routing) (CIDR) නම් ක්‍රමයෙන් ආදේශ කරන ලදි. වෙනස්වන දිගින් යුත් අනුජාල ආවරණයකිරීම (VLSM) මත පදනම් වූ CIDR ක්‍රමය අවිනිශ්චිත දිගින් යුත් උපසර්ග (මුල් කොටස) අනුව වෙන්කිරීම සහ මෙහෙයවීම සඳහා ඉඩලබාදෙයි.

දැනට ඉතිරිව ඇති කාණ්ඩ ජාලකරණය අදහස ඉතා සීමාහිතව භාවිතා වේ. සමහර මෘදුකාංග සහ දෘඩකාංග වල ආවේනික අකෘතියෙ පරාමිතියනුත්, ජාල පරිපාලකයන්ගේ සාකච්ඡාත් මෙයට උදාහරණයන්වේ.

IPv4 පුද්ගලික ලිපින
ලෝකයේ කෙරවල් යාකරන අන්තර්ජාලයේ සෑම සත්කාරකයෙකු සමග හුවමාරු කරගැනීම් සඳහා දීප්තිමත් අනාගත දැකීමෙන්, පරිගණක හෝ උපකරණයන් සඳහා එවාටම ආවේනික IP ලිපිනයක් මුල් කාලයේ ජාල නිර්මාණ වලින් අපේක්‍ෂා කළා. කෙසේවුවත්, පුද්ගලික ජාලprivate network වලදී මෙන් ආවේනික IP ලිපිනයක් හැම විටම අවශ්‍ය නොවන බවත් පොදු ලිපින ඉඩකඩ ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවයත් වටහා ගත්තා. කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර වැනි TCP/IP මගින් ඔවුනොවුන් අතර පමණක් තොරතුරු හුවමාරු කරගන්නා අන්තර්ජාලයට සම්බන්ධ නොවූ පරිගණක සඳහා ලොවටම පොදු වූ එයටම අනන්‍ය වූ IP ලිපිනයක් අවශ්‍ය නොවේ. එනිසා RFC 1918 රෙගුලාසිය මගින් IPv4හි ලිපින පරාස තුනක් පුද්ගලික ජාල සඳහා වෙන්කරන ලදි. මෙම ලිපිනයන් අන්තර්ජාලයේ මෙහෙයවීම් නොකරන අතර ඒවා භාවිතයේදි IP ලිපින රෙජිස්ටර සමග සමයෝජනය වීම අවශ්‍ය නොවේ. දැනට එවැනි පුද්ගලික ජාල අවශ්‍යතාවයක් වුවහොත් ජාල ලිපින පරිවර්තකය (network address translation) (NAT) හරහා අන්තර්ජාලයට සම්බන්ධ වේ.
https://youtu.be/YBQuzv90t2o

How to Use proxy chains Any OS / Change Your IP/කොහොමද VPN නැතුව අයි.පී. ලිපිනය වෙනස් කර ගන්නේOpen Your Terminal1 sudo apt-get update2 sudo apt-get install p...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ASP Root Ethical hacking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ASP Root Ethical hacking:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share