Trumps

Trumps Trumps is a social media community group, which provides entertainment
and latest news around the world

05/08/2022

රජ පුටුවේ මගේ ඉදගන්ට
උඹලා මොන නර පනුවන්ද
රජ බෙටි ලන තැන නරඹන්ට
බැලයිනි තොපිලට පුලුවන්ද
ඉදිරි දොරෙන් රජගෙට එන්ට
මගෙ කොඩියේ උඩ බුදියන්ට
මගේ වැසිකිලියේ. පහරන්ට
හැකිද බොලවු තෙපි. වහලුන්ට
මම කන මෙනු එක කියවන්න
ඒකට ජන කෙල. ගිලවන්ට
මගෙ පවුලගෙ හැට්ටය ගන්ට
ගිය වියදම. ගැන. පෙන්නන්ට
අපි ඉන්නෙ සැප. වලදන්ට
තොපි ඉන්නෙ.චන්දය දෙන්ට
අපි කියනා බන. පිලිගන්ට
අපේ සපත්තුව. ලෙවකන්ට

26/07/2022
26/07/2022

චීන ජන කථාවක තියෙනවා මෙහෙම...
ඔන්න එක වයසක පොරක් හිටියලු.... පොරට රෑට නින්ද යන්නෙ නෑලු.... හේතුව පොරගෙම නිදි ඇඳේ, ඇඳ පොලු ටික "කිරි කිරි " ගාන සද්දෙ ඇහෙනවලු....
ඔන්න ඉතින් ඩෑල් එක මේකට විසඳුමක් සොයාගන්න ගියාලු ගියැම් හුවෝ කියලා පඬිවරයෙක් ළඟට ...
"ගෙදරට බල්ලෙක් ගෙනෙන්" පඬිවරයා කිව්වලු...
අරූ බලු කුක්කෙක් අරගෙන ආවලු....ඔන්න එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව බල්ලත් බුරනවලු....කොහෙත්ම නින්ද යන්නෙ නෑලු....ආයෙ හැරෙන තැපෑලෙන් ගියා පඬිවරයා ළඟට...
"ගෙදරට පූසෙක් ගෙනෙන් " පඬිවරයා කිව්වලු...
අරූ පූසෙක් අරන් ආවා....දැන් එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසත් ඥාව් ගානවා... ලොවෙත් නින්ද යන්නෙ නෑ....
ගියා පඬිවරයා ගාවට...
"ජනේලෙ ගාව ටකයක් ගැට ගහපන් " උපදෙස් ලැබුණලු......
දැන් එදා රෑ, ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසා කෑ ගහනවා, හුළඟට අර ටකෙත් කඳු වලට දෝංකාර දෙන්න වදිනවලු....ආයෙ කන්දොස්කිරියාවේ බෑලු...
පොර ගියා පඬිවරයා ගාවට, පහුවදා උදේම....
"උඹ දැන් අද ගෙදර ගිහින්, ටකෙයි, බල්ලයි, පූසයි වෙන කාට හරි දීපන් " කිව්වලු....
අපේ ඩෑල් එකත් ආපු ගමන් බලු තඩියයි, පූසයි, අන්සතු කරලා, ටකෙත් ගලවලා විසික් කරලා දැම්මා....
එදා රෑ ඇඳ කිරි කිරි ගාන සද්දෙ විතරයි.....අරූට නින්ද ගියාලු යෑමක්, ආයෙ පහුවදාටත් දවල් කෑම ටයිම් එක අල්ලලා තමයි නැගිට්ටෙ....
අන්න ඒ වගේ, ආණ්ඩුවක් පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගෙ පිටේ නොසෑහෙන්න බර පටවලා, වාහන ගන්න මුදල් නාස්ති කරලා, පාරිසරිකව බිහිසුණු විනාශයක් කරළා, වසංගත අනාගෙන, අවිද්‍යාත්මක හූදු කෙළමාවල් වලින් උවමනාවෙන්ම මිනිස් ජීවිත වසංගතයට බිළි කරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බල්ලටම දාලා, අන්තිමට ඡන්දයක් ලංවෙලා, පරිප්පුයි සාඩින් ටින් එකයි, තව ඕන් නම් කීරි සම්බයි, පෙට්‍රල් රුපියල් දහයකිනුයි අඩු කළොත්,
"මොන තරම් සහනයක්ද?....බැලුවාම ඉතින් ඒ හැටි වරදක් නෑ අනේ..." කියාගෙන ගිහින් ඡන්දෙ දෙන මිනිස්සුත් නැද්ද බලාපල්ලා..
උපුටාගැනීමකි

23/07/2022

අම්මෝ සාන්ත 😁😁

21/07/2022

❤️❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Trumps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share