
30/06/2025
මාස දෙකහමාරකට පෙර විවාහ වුනු #ඉන්දීය #තරුණියක් සියදිවි හානි කරගැනීමේ පුවත ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. පොරොන්දු වුනු #දෑවැදි මුදලින් කොටසක් පමණක් ගෙනයාම හේතුකොටගෙන ස්වාමියාගේ නිවසින් දිගින් දිගටම ඇයට හිරිහැර සිදුව තිබෙනවා. එම හිරිහැර නිසා ඇය දෙවරක්ම ස්වාමියා අත හැර පියාගේ නිවසට ගියත් පියා නැවත ඇයව ස්වාමියාගේ නිවසටම පිටත් කර හැර තිබෙනව. ඇය ගෙනගිය දෑවැද්ද රන් #පවුම් 100ක් හා වෝල්වෝ රථයක්. රන් පවුම් 500ක් පොරොන්දු වූ නිසා විවාහය සිදු කල බව මනාලයාගේ පාර්ශවයෙන් කියවෙනවා.