Open Heart

Open Heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Open Heart, Digital creator, .

මේ දවස් වල හොල්මං මන්දිරයකට රිංගපු පොඩි එකෙක් බය කරන ආතල් වීඩියෝ එකක් ශෙයා වෙනවා. හැබැයි පොඩි එකා අම්බානෙක බය වෙලා "...
19/06/2025

මේ දවස් වල හොල්මං මන්දිරයකට රිංගපු පොඩි එකෙක් බය කරන ආතල් වීඩියෝ එකක් ශෙයා වෙනවා. හැබැයි පොඩි එකා අම්බානෙක බය වෙලා "ඉතිපිසෝ භගවා" කිය කිය අඬනවා.

⭕ සාමාන්‍යයෙන් දෙමව්පියෝ පොඩි ළමයින්ව හොල්මන්, ගෝනිබිල්ලො, අඳුර, හප්පො, මකුළුවො වගේ සත්තුන්ට බය කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේවා කරන්නෙ බත් කවාගන්න, නිදි කරවගන්න, අඬන එක නවත්තගන්න, ළමයව පාලනය කරගන්න වගේ හොඳ චේතනාවෙන්. නමුත් මෙහෙම කරන බය කිරීම් සමහර වෙලාවට ළමයගේ ජීවිත කාලයටම බලපාන්න පුළුවන්.

1. සිම්පල් ජෝක් එකක් විදිහට පටං ගන්න මේ බය කිරීම් ළමයා වැඩිහිටියෙක් උනත් තියෙන්න පුළුවන්. Nyctophobia හෙවත් අඳුරට බිය වීම, Arachnophobia හෙවත් මකුළුවන්ට බිය වීම වගේ Phobia නිසා වැඩිහිටියන් උනත් එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු අවුල් වෙන තරමටම මේවට බලපෑම් කරන්න පුළුවන්.

2. Generalized Anxiety (සාමාන්‍යකරණය වූ කාන්සාව) නිසා විවිධ තත්ත්වයන් හෝ වස්තූන් ගැන ඕනෑවට වඩා කනස්සල්ලට පත්වෙන්න පුළුවන්. ලෝකය සැබවින්ම පවතිනවාට වඩා භයානක ස්ථානයක් ලෙස දැනෙන්න පුළුවන්. ජීවිත කාලෙම බයෙන් ඉන්න පුද්ගලයින් නිර්මාණය වෙන්න පුළුවන්.

3. අධික ලෙස බිය වීම නිසා යම් කලක් ගතවී හෝ Panic Attacks තත්ත්වයන් හැදෙන්න පුළුවන්. Prank Attacks නිසා හුස්ම ගැනීමට අපහසුව, පපුවේ වේදනාව, අධික බිය නිසා කලන්තය වැනි රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්.

4. සමහර රිසච් වලින් හොයාගෙන තියෙනවා අධික බිය නිසා වර්ධනය සඳහා අත්‍යවශ්‍යය හෝමෝනයක් වෙන Melatonin ශ්‍රාවය අඩු වෙනවා කියලා. මේ නිසා දිගු කාලීන සෞඛ්‍යය ගැටළු ඇති වෙන්න පුළුවන්.

5. අඳුරට බිය, හොල්මන් වලට බිය නිසා නිදාගැනීමේ ගැටළු, තනියම නිදාගත නොහැකි වීම, බියකරු සිහින පෙනීම, වයසින් වැඩි වුවද නින්දෙන් මුත්‍රා පිටවීම වැනි ගැටළු ඇති වෙන්න පුළුවන්. නින්ද නොමැති වීම සෘජුවම මොළේ වර්ධනය අඩු වෙන්න, මතකය අඩු වෙන්න, විවිධ සෞඛ්‍ය ගැටළු වලට බලපානවා.

6. චිත්තවේග හැසිරවීම දුර්වල වීම නිසා ළමයින් තුල අධික කෝපයට පත්වීම වගේ හැසිරීම් මතු වෙන්න පුළුවන්.

7. ආත්මාභිමානය අඩු, පෞර්ෂත්වය දුර්වල වැඩිහිටියන් බිහිවෙන්න පුළුවන්. මේ නිසා අධ්‍යාපන ගැටළු, රැකියා ගැටළු, සාමාජීය ගැටළු, ආදර සම්බන්ධතා වල ගැටළු වගේ බොහෝ ගැටළු වලට මුහුන දෙන්න සිදු වෙන්න පුළුවන්.

8. තමා බිය කිරීමට හේතු වූ දෙමව්පියන් කෙරෙහි විශ්වාසය, ආදරය අඩු වෙන්න පුළුවන්.

9. බිය නිසාම පරිසරය පිළිඹඳ කුතුහලය නැති වීම නිසා ඉගෙනීමේ ක්‍රියාවලිය නැවතීම, තීරණ ගැනීමේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්.

📌 බය කරල ආතල් අරං ඒක එතනිං ඉවරයි කියලා හිතුවට, ළමයින්ට ඉවර නෑ, අමතක වෙන්නෙත් නෑ. එයාලා ඒක එක්ක ජීවත් වෙනවා, චිත්තරූප මවනවා, නපුරු හීන දකිනවා.

📌 අපේ අම්මලත් අපිව බය කලා අපිට මුකුත් උනේ නෑ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. එක එක්කෙනා බියට දක්වන ප්‍රතිචාර වෙනස්. රෑ වෙලා තනියම ගමනක් යන්න බය, වෙස්මූනු වලට බය වැඩිහිටියො මම දන්නවා. එයාලා කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

⚠️ මේ වීඩියෝ එක පැහැදිලිවම Child Abuse එකක්. මේ පොඩි ළමයව මෙතනට ගෙනාපු වැඩිහිටියන් සහ හොල්මන් විදිහට ඇඳගෙන ළමයව බය කරන වැඩිහිටියන් මේ Child Abuse එකට සෘජුවම සම්භන්ධයි. වීඩියෝ කරන පුද්ගලයින්, වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරපු පුද්ගලයින්, රීච් වෙනුවෙන් වීඩියෝ එක පේජ් වල පල කරපු පුද්ගලයින්ද මේ Abuse එකට සම්භන්ධයි.

✅ වගකිවයුතු බළධාරීන් ඉදිරිපත් වී, ඉදිරියේදි මෙවන් සිදුවීම් නොවෙන්නට නම් TV Channel වලින් මෙම සිදුවීම ප්‍රචාරය කර මොවුන් නීතිය හමුවට ගෙන ආ යුතුයි.

ප.ලි. මේ සිදුවීම සිදු වූ ප්‍රදේශය, මේ සිදුවීමට සම්භන්ධ වීඩියෝ එකේ සිටින පුද්ගලයින් පිළිඹඳ තොරතුරු දන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මේ සම්බන්ධ නීතිමය කටයුතු සඳහා අවශ්‍යය පුද්ගලයින් සම්භන්ධ කරගනිමින් පවතිනවා.

Hiran Kavishka 🦇
Seek! Think! Know! Share!

Copied 💟

අපේ page එක follow කරන්නත් අමතක කරන්න එපා

Photo-Sparkle by Rashmi

කුඩු කන්ටේනර් ගනන් ගේන ඒත් ඇස නොගැටෙන.. දුක් මහන්සියෙන් හම්බකරන පිටරට ඉන්න අම්මලා තාත්තාලා කොල්ලෝ කෙල්ලෝ  යවන මීටරේ පෙට්...
09/06/2025

කුඩු කන්ටේනර් ගනන් ගේන ඒත් ඇස නොගැටෙන.. දුක් මහන්සියෙන් හම්බකරන පිටරට ඉන්න අම්මලා තාත්තාලා කොල්ලෝ කෙල්ලෝ යවන මීටරේ පෙට්ටියේ තියෙන ගෙදර මිනිස්සු ට දරුවන්ට ගෙනියන ටොපි චොකලට් ටිකේ ඉදල හොරකම් කරන ,සොජු බෝතලේ ඉදල හරිම ලොකුවට පේන..
අමුතු ඇටේ #රේගුව

මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..ටිකක් නැවතිලා කියවන්න.අපි මොනවද මේ කන්නේ..?1) චිකන්ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වො...
22/05/2025

මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..

ටිකක් නැවතිලා කියවන්න.
අපි මොනවද මේ කන්නේ..?

1) චිකන්

ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

කවුද මේවා නියාමනය කරන්නේ.?

මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ.?

2) ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

👉 මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.
හැකිතාක් ෂෙයාර් කරන්න. ආහාර මාෆියාවෙන් ගැලවෙමු.! ෂෙයාර් කරන්න. මිනිස්සුන්ව දැනුවත් කරමු.

ඉස්සර ලුණු කුඩු ටිකක් එලියට අරන් ටිකක් වෙලා යතිබ්බම තෙත් වෙනව දැන් එම වෙන්නෙ නැ හෙතුව ලුණු වලට කල්වම් කරන්ව. සිලිකන් පව්ඩර්..

තවත් අය වෙනුවෙන් Share කරමු..
Credits gos to Ashan Fernando

ඉස්සර කාලෙක ගැමියෙක් කැලේ අතරමං වුන පුංචි මුගටි පැටියෙක් හුරතලේට හදා ගන්නවා.ටිකෙන් ටික මුගටියා ලොකු වෙනකොට ඌ ගැමි ගේ අසල...
02/11/2024

ඉස්සර කාලෙක ගැමියෙක් කැලේ අතරමං වුන පුංචි මුගටි පැටියෙක් හුරතලේට හදා ගන්නවා.ටිකෙන් ටික මුගටියා ලොකු වෙනකොට ඌ ගැමි ගේ අසල වන ලැහැබටත් යන්න එන්න පුරුදු උනා. ඒ අමතර කෑමක් හොයාගෙන කාලා එන්න.ඉතිං ඔය වනයේ හිටපු නාගයෙක් සහ පොලගෙක් මේ මුගටියාගෙ හොඳම යලුවො වෙනවා. ඒ ගැමි ගෙදරම පොඩි ළමයෙකුත් ඉන්නවා. ඔන්න ඉතිං මේ කියන කාලයේ තිබුනලු ලොකු නියඟයක්, කැලේ සතාසිව්පාවෙකුටවත් බොන්න දිය පොදක් හොයා ගන්න නැති තරමට. දවසක් හවස් වරුවේ ළමයව වතුර බේසමට දාලා ගේ මැද්දෙ තියල ගැමියා හේනට ගිහින් එන්න යනවා. ගැමියා මුගටියට කියනවා මං එනකල් ළමයා බලා ගන්න කියලා...මේ අතරෙ යාලුවා අද කැලේ පැත්තෙ ආවේ නැති නිසා නයා යනවා ගැමි ගෙදරට මුගටි යාලුවා හම්බවෙන්න. ඒ වෙලාවේ බේසමේ වතුර දකින නයා මුගටියගෙන් අහල වතුර බොනවා. නයා නැවත කැලේට යන අතරේ පොලොං යාලුවා මුනගැහෙනවා. පොළගා නයාගෙන් අහනවා බොන්න වතුර ටිකක් කොහෙද තියෙන්නේ කියලා.නයා කියනවා මුගටි යාලුවා ඉන්න ගැමි ගෙදර පුංචි ළමයෙක් වතුර බේසමක ඉන්නවා, හැබැයි ළමයට කරදර කරන්නෙ නැතුව වතුර බීලා එන්න කියලා. පොළගා ගිහින් බලද්දී මුගටියා පේන්න හිටියේ නෑ,ළමයා බේසමේ සෙල්ලම් කර කර ඉන්නවා. හෙමින් හෙමින් ගිහින් බේසමෙන් වතුර බොනකොට ළමයගෙ කකුලක් පොලගගෙ වදිනවා. ඒ වෙලාවෙ කෝප වුණු පොළගා ළමයට දශ්ඨ කරනවා. පොළොං විෂ ශරීර ගත වුණු ළමයා සිහි මුර්ජා වෙලා ඉන්නවා.මේ අතරෙ කොච්චර හොද යාලුවෙක් උනත් පොළොං යාලුවට පොඩ්ඩ ඇත්නම් කේන්ති යන බව හොදටම දන්න නයා ආපහු සැරයක් ළමයා ඉන්න තැනට එනවා. ඇවිත් බලද්දී ළමයට දශ්ඨ කරලා පොළගා හෙමීට යන්න හදනවා, මේක දැක්ක නයා කෝපයෙන් පහර දී පොළගව මරා දාලා ළමයගෙ ඇගේ විෂ උරන්න පටන් ගත්තා, මේ අතරෙ කෑමක් කන්න ගිහින් හිටපු මුගටියා ළමයා බලන්න එනවා, මුගටියා හිතනවා නයා ළමයව සපා කනවා කියල, එහෙම හිතපු මුගටියා කෝපයෙන් නයාට පහර දෙනවා. නයා කියනවා මං නෙවෙයි පොළගයි මේ වැඩේ කරේ කියල. ඒත් කේන්ති පිට හිටපු මුගටියා නයාව මරා දාලා ළමයා ලගට ගිහින් බලද්දි නිසොල්මනේ ඉන්න ළමයා දැකලා ගැමියා ගිය පාර දිගේ දුවගෙන යනවා ගැමියට කියන්න. ඇග පුරා ලේ පෙරාගෙන දුවගෙන එන මුගටියා දැකපු ගමන් ගැමියා හිතුවෙ ළමයා සපාකාලා තමයි මේ දුවගෙන එන්නේ කියල . ගැමියා තරහෙන් අතේ තිබුන කෙවිටක් වගේ ලීයකින් ගහලා මුගටියා මැරුවා. ඔහු හෙදර ගිහින් බලද්දී දොරලග මැරුනු පොළගා සහ ළමයා අසල මැරුනු නාගයාද විෂ මුර්ජා වී මැරුන ළමයාද දකිනවා.ඊට පසු තමයි ගැමියා මේ සිදුවී ඇති දේ තේරුම් ගන්නේ. අදටත් මුගටියට නයෙක් පොළගෙක් පේන්නබෑ. ගම්බද නම් අදටත් කිරිදරුවන් ඉන්න ගෙවල් වලට නයි එනවා. අදටත් නයාට පොළගෙක් පේන්න බෑ,අදටත් මිනිහට පොළගෙක් පේන්න බෑ, අදටත් මිනිස්සු දකිද්දි මුගටියා කැලේට දුවනවා. මේ කතාව වැරැදි නම් නනිවැරැදි කරන්න.(අපේ සීයා කියා දුන් කතාන්දරයක් ඇසුරිනි )

19/10/2024
26/05/2024

වෙසක් කූඩු නම් .මෙන්න

කැනඩාවේ අගනුවර ඔටාව හිදී ශ්‍රී ලංකික තරුණයෙකු විසින් තමන් රැදී සිටි නිවසේ  ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු  කුරිරු ලෙස ඝාතනය ...
08/03/2024

කැනඩාවේ අගනුවර ඔටාව හිදී ශ්‍රී ලංකික තරුණයෙකු විසින් තමන් රැදී සිටි නිවසේ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර ඇත ..
මුළු මහත් කැනඩාව සේම ඔටාව අගනුවර වාසින්ද දැඩි කම්පනයට ලක් කරමින් 35 හැවිරිදි මව හා එම පවුලේ මාස දෙකේ කුඩා සිගිති දියණිය සේම හත් හැවිරිදි පුතා ද හතර හැවිරිදි දියණිය ද දෙහැවිරිදි දියණියද කුරිරු ලෙස ඝාතනය කර ඇත ..
ඊට අමතරව ඔවුන් සමග විසු 40 හැවිරිදි ශ්‍රී ලංකිකයෙකුද මෙලෙස ඝාතනය වී ඇත ..
එම පවුලේ පියාටද ඝාතකයා විසින් පිහි පහර එල්ල කර ඇති අතර පොලිසිය එම ස්ථානයට ලගා වනවිට තුවාල සහිතව ඔහු විසින් උදව් ඉල්ලමින් කෑගසමින් සිට ඇත .,..පසුව පියාව [පොලිසිය රෝහල් ගත කර ඇත
ඔටාව පොලිසියේ හදිසි ඇමතුම් අංශයට බදාදා දින රාත්‍රී 10.52 පළමු ඇමතුම හා ඒ සමග තවත් ඇමතුමක් ලැබී මෙසේ අපරධයක් සිදු වී ඇතැයි දැනුම් දී ආධාර ඉල්ලා ඇත .. කඩිනමින් ක්‍රියත්මක වූ පොලිස් නිලධාරීන් මිනිත්තු කීපයක් ඇතුලත නිවසට ලගා වනවිට පියා කෑ ගසමින් ලේ ගලන තුවාල සහිතව නිවසට ආසන්නයේ මාර්ගයේ වැටී සිට ඇත .. වහාම ඔහුට ප්‍රතිකාර ලබා දෙන අතරතුර තවත් කණ්ඩයමක් නිවසට ඇතුළු වී ඇති අතර ඔවුන් දුටු දෙයින් පොලිස් නිලධාරීන් ද දැඩි කම්පනයට පත්ව ඇත ..
එනම් 35 හැවිරිදි මව හා මාස දෙකේ සුරතල් දියණියත් එම පවුලේ හත් හැවිරිදි පුතා හා 4 හැවිරිදි හා වයස 2 ක් වූ දියණියද කුරුරු ලෙස කපා කොටා ඝාතනය කර තිබීමයි ...
ඒ වන විටත් නිවසේ රැදී සිටි 19 හැවිරිදි ෆෙබ්රියෝ ඩි සොයිසා නම් ඉගෙනුම් කටුයුතු සදහා කැනඩාවට මැතක පැමිණි එම නිවසේ කාමරයක රැදී සිටිමින් සිටි ඝාතකයාව ද වහාම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත ...
මෙසේ අවසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ
35 හැවිරිදි දර්ශනී ඩිලන්තික ඒකනායක නම් මව
7 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ නම් පුතා
4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ දුව
2 හැවිරිදි රින්යාන වික්‍රමසිංහ දුව
මාස දෙකක් වූ කෙලි වික්‍රමසිංහ නම් සුරතල් දියණියයි
එසේම ඔවුන් සමග එම නිවසේ වාසය කරමින් සිට ඈති 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ද මෙම කුරිරු ඝතකයා විසින් ඝාතනය කර ඇත ..
එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද පිහි ප්‍රහාර වලට ලක්ව ඇති අතර පොලිසිය විසින් ඔහු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බවට වාර්තා වේ ,,,
මෙම වික්‍රමසිංහ පවුලේ මැතක ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ ඔටාව ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔවුන්ගේ මාස දෙකේ දියණිය ඉපදී ඇත්තේ කැනඩාවේදී වන අතර ඉතිරි දරුවන් ශ්‍රී ලංකාවේ සිට දෙමාපියන් සමග කැනඩාවට පැමිණ ඇත
ඝාතනය වූ ගාමිණී අමරකෝන් ද කුලී පදනම ද එම නිවසේ වාසය කර ඇත ,,,
එසේම මෙම ඝාතන සිදු කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ෆෙබ්රියෝ ඩි සොයිසා ඉගෙනුම් කටුයුතු සදහා කැනඩාවට මැතක පැමිණි ඇති අතර මෙම නිවසේ කුලියට වාසය කර ඇත ,.,,
මෙතෙක් ඔහු විසින් මෙම කුරිරු ඝාතන සිදු කිරීමට අදාල හේතුව සදහන් කර නොමැති අතර ඔහු ඝාතනයන් සිදු කිරීමට යොදාගත් ආයුධය පොලිසිය ඔහු සමග අත්අඩංගුවට ගෙන තිබුණි ..
පොලිසිය විසින් ඔහුව බ්‍රහස්පතින්දා සවස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇති අතර එසේම පොලිසියේ ඉල්ලීම පරදී පුද්ගලයින් 5 දෙනෙකු සමග සබදතා කුමන අයුරුකින් හෝ පැවැත්වීම තහනම් කර ඇත ,....
අහිංසක පවුලකට සිදු වූ වූ මෙම අවසනාවන්ත සිදුවීම සම්බන්ධව තමන්ගේ දැඩි ශෝකය ප්‍රකාශ කරමින් කැනඩා අගමැති වරයා සේම ඔටාව නගරාධිපති වරයාත් නිවේදන නිකුත් කර තිබුණි .,..
එසේම මෙම සිදුවීම ඔටාව ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ දැඩි ශෝකයට හේතු වී ඇත
ශ්‍රී ලංකාවට වඩා කැනඩාව වේලාවන් පැය 12 ක් පමණ පසුපසින් බවට කරුණාවෙන් සලකන්න
ජෝසප් ඩයස්
2024 මාර්තු මස 8 දින අලුයම 3.00
JSD Newsline

උපුටාගැනීමකි -

වැඩේ ගොඩ දැන්මා එහෙනම් ..
05/03/2024

වැඩේ ගොඩ දැන්මා එහෙනම් ..

ඔයිට වඩා හොද වැඩකාරයෝ වර්ල්ඩ් රෑන්කින් ප්ලේයස්ලා ගහද්දිත් ලංකාවට ඔහොම වෙලා තීනවා.. මොනා උනත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි.දින...
18/09/2023

ඔයිට වඩා හොද වැඩකාරයෝ වර්ල්ඩ් රෑන්කින් ප්ලේයස්ලා ගහද්දිත් ලංකාවට ඔහොම වෙලා තීනවා.. මොනා උනත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි.

දිනනකොට හුරේ දාලා පරදිනකොට Team එක Joke එකට ගන්න, ඊයේ පෙරේද ක්‍රිකට් බලන්න ගත්ත අයට

මේ 2012 දි, Ultra Legends ලා හිටපු Team එකක්, 43 කට All Out උනා

ඒ Team එක 2014 World Cup එකක් ඉස්සුවා!

Criticise, but keep supporting them!
ලෝක කුසලානයේ පෙරලියක් කරමු කොල්ලනේ... ❤

09/07/2022

වෙපන් එක අත් හැර තවත් තරුණ විශේෂ කාර්ය බලකා නිළධාරියෙක් අරගලයට එකතුවෙයි 💪

ලක් අම්මේ අපි නුබට ආදරෙයි ♥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Open Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share