ඕපේ - Gossip

  • Home
  • ඕපේ - Gossip

ඕපේ - Gossip ලංකාවෙම ඕප දූප රස කතා අහන්න එකතු වෙන්න

 #කැබිනට්_එකේ_අතඋස්සන්න_විතරක්නම්_ඇමතිකම්_වැඩක්_නෑ_සීබීත්_ගේම_ඉල්ලයිසව් භාගයේ දැක්ම ආණ්ඩුවට වසර දෙකක් ගත වන විට, එහි ප්‍...
08/12/2021

#කැබිනට්_එකේ_අතඋස්සන්න_විතරක්නම්_ඇමතිකම්_වැඩක්_නෑ_සීබීත්_ගේම_ඉල්ලයි

සව් භාගයේ දැක්ම ආණ්ඩුවට වසර දෙකක් ගත වන විට, එහි ප්‍රභලතම ඇමතිවරු තිදෙනෙක් වන විමල්, වාසු සහ ගම්මන්පිල ආණ්ඩුවට විරුද්ධව උසාවියේ නඩු පවරද්දී එම කැබිනට් මණ්ඩලයේම සිටින අමාත්‍ය සීබී රත්නායකත් අනිත් උන් දෙකේ කොලයට දමා තමන් පමණක් මුදුනන් වීමට බලන රාජපස්සලාට එරෙහිව සිය කසය වැනීමට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුව තුලදීම රාජපස්සලා ඉදිරියේම සිය කසය ලාවට සොලවමින්, කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා සඳහන් කරන ලදී.

වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘සමහර විට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපට අමාත්‍යාංශ දාලා යන්න වුණත් යනවා ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියෙ ජනතාවට වග කියන්න ඕන. මම රටේ සමස්ත ජනතාවට වග කියන්න ඕනි’ යැයි ඒ මහතා තවදුරටත් එහිදී පවසන ලදී.

#ඕපේ....

 ්ෂයෙන්_ඉතිරි_වී_සිටින_ගණන_ජගත්_කුමාර_කියයිආණ්ඩුවට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් ජනතාවගෙන් පිරිසක් කලකිරී සිටින බව ශ්‍රී ලංකා ...
02/10/2021

්ෂයෙන්_ඉතිරි_වී_සිටින_ගණන_ජගත්_කුමාර_කියයි

ආණ්ඩුවට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් ජනතාවගෙන් පිරිසක් කලකිරී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

69 ලක්‍ෂයෙන් 69කට වඩා නම් තවමත් ආණ්ඩුව සමඟ සිටින බව පැවසූ ඒ මහතා ව්‍යාපාරික මාෆියාව විසින් සහල් මිල වී මිල තීරණය කරන විට ආණ්ඩුවක් අවශ්‍ය නැති වැනි හැඟීමක් එන බවද පැවසීය.

එනිසා වෙළඳන් ට උවමනා ලෙස රට හසුරුවන්න ඉඩ නොදෙන්නැයි වගකිව යුතු ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කී මන්ත්‍රීවරයා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමත් ඒයා යම් මට්ටමකට මිල පාලනය කිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බවද සදහන් කලේය.

#ඕපේ

 #විදෙස්_සංචාරකයන්_සඳහා_අනිවාර්ය_PCR_පරීක්ෂණය_ඉවත්කිරීමට_විශේෂඥ_දොස්තරවරුන්ගේ_විරෝධයවෛද්‍ය අසේල ගුණවර්ධනසෞඛ්‍ය සේවා අධ්‍...
01/10/2021

#විදෙස්_සංචාරකයන්_සඳහා_අනිවාර්ය_PCR_පරීක්ෂණය_ඉවත්කිරීමට_විශේෂඥ_දොස්තරවරුන්ගේ_විරෝධය

වෛද්‍ය අසේල ගුණවර්ධන
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ 10

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

විදෙස් සංචාරකයන් සඳහා හදිසියේ වෙනස් වු මාර්ගෝපදේශ මාලාව- අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම

විදෙස් සංචාරකයන් ආකර්ෂණය සදහා ඉක්මන් PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සහිත රසායනාගාරයක් රජය විසින් පසුගිය දා ඉතා විශාල වියදමක් දරා ලහි ලහියේ කටුනායක ගුවන් තොටුපොළ තුල පිහිටුවන ලදී.

සංචාරකයන්ට ඉතා පහසුවෙන් රටට ඇතුළු වීමට හැකි වීම මගින් වැඩි සංචාරකයන් පැමිණීමක් අපේක්ෂා කරන අතරම රටට නව කොරෝනා ප්‍රභේද ඇතුළු වීම අවම කිරීම මගින් රටේ කොරෝනා වසංගතය පාලනය විධිමත් කිරීම මෙහිදී බලාපොරොත්තු වූ ප්‍රධාන කාරණා දෙකය.

නමුත් සැවොම පුදුමයට පත්කරමින් යම් අදිසි හස්තයක් හරහා මෙම මාර්ගෝපදේශ මාලාව වෙනස්කර රජය විසින් නව සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් සංචාරකයන් සඳහා පනවා ඇත. මේ අනුව ඔවුන්ට රටට ඇතුළු වීම සඳහා පැමිණෙන මොහොතේ ගුවන් තොටුපලේදී සිදු කිරීමට නිර්දේශ කර තිබු අනිවාර්ය PCR පරීක්ෂණය අවලංගු කර ඒ වෙනුවට ඔවුන් විසින් ගෙනෙනු ලබන එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් බවට ඇති සහතිකය හා රටට ඇතුලුවීමට පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ ප්‍රතිඵල පමණක් ප්‍රමාණවත් බව නව නිර්දේශය යි.

විශේෂඥ වෛද්‍ය සංගමය ලෙස අප මෙය දැඩි ලෙස හෙළා දකින අතර මෙමගින් අප රටට සිදුවිය හැකි භයානක ප්‍රතිඵල ගැන අප ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. ඊට හේතුව වශයෙන් අප දකින්නේ මින් පෙරද අසත්‍ය මෙන්ම වැරදි PCR වාර්තා සහ අසත්‍ය එන්නත්කරණ වාර්තා ද මෙරට මෙන්ම වෙනත් දියුණු විදෙස් රටවලද වාර්තාවී ඇති බව අප දන්නා නිසාය. මෙසේ හෙයින් විශාල වියදමක් දරා ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම හා අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම කිසිම විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති තීරණයක් බව අපට නොහැඟේ.

තවද මෙම තත්වය නිසා නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමට ඇති හැකියාව වැඩි වීම මගින් අප සියල්ලන්ම පාහේ විසින් කළ විශාල කැපකිරීම් මගින් රෝග පාලනයේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම පාහේ යළි ගිලිහී යාමට ඇති අවදානම අවතක්සේරු කළ නොහැක.

එම නිසා අපගේ ආයාචනය වන්නේ මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට ගත් තීරණ සම්බන්ධව රටේ වගකිව යුතු පුද්ගලයින් විසින් අදාළ විශේෂඥයන් සමග සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය බවත් එමගින් ගන්නා මාර්ගෝපදේශන රටේ සුභසිද්ධිය සඳහා විය යුතු බවයි.

ස්තූතියි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 #රොෂාන්_සිරිසේන_අවුල_ඔඩුදුවයි_සිරිසේන_පවුලේ_ගෙවල්_හොටෙල්_සහ_ගල්_කොරි_ගැනත්_කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාග...
01/10/2021

#රොෂාන්_සිරිසේන_අවුල_ඔඩුදුවයි_සිරිසේන_පවුලේ_ගෙවල්_හොටෙල්_සහ_ගල්_කොරි_ගැනත්_කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලට අයත් ගල්කොරියක් පරාක්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාගේ නිවස තනා ඇත්තේ වැව් තාවුල්ලේ බවත් ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය හෝටලය ඉදිකර ඇත්තේ වැව් තාවුල්ල ද අත්පත් කරගත් බවත් අමාත්‍යවරයා පවසයි.

පරාක්‍රම සමුද්‍රය පූජනීය බව හිටපු ජනාධිපතිවරයා පවසන්නේ සද්භාවයෙන් නම් වැව් තාවුල්ලේ ඇති ඔහුගේ ඥාතීන්ගේ ගල්කොරි, හෝටල් සහ ගෙවල් ඉවත්කරගෙන වැවේ පූජනීයත්වය රැක දෙන්නැයි ඉල්ලා සිටියේය.

හටපු ජනාධිපතිවරයා තවදුරටත් කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක යෙදී සිටින බවත් එය තමන් හොදින් අවබෝධ කරගෙන සිටින බවත් ඔවුන්ගේ සහාය ඇතත් නැතත් ආණ්ඩුව පවත්වාගෙන යන බවත් එහිදී පැවසීය.

 #යුගදනවි_බලාගාරය_විකිණීමත්_MCC_ගිවිසුමේ_කොටසක්_ආණ්ඩවු_මේ_කරන්නෙ_MCC_ගිවිසුම_ක්‍රියාත්මක_කිරීමයුගදනවි බලාගාරයේ කොටස් ඇමර...
26/09/2021

#යුගදනවි_බලාගාරය_විකිණීමත්_MCC_ගිවිසුමේ_කොටසක්_ආණ්ඩවු_මේ_කරන්නෙ_MCC_ගිවිසුම_ක්‍රියාත්මක_කිරීම

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම එම්.සී.සී. ගිවිසුමේම කොටසක් බවත් වත්මන් ආණ්ඩුව ද ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම් සී සී ගිවිසුමේම කොටස් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

එක එක නම් වලින් ආණ්ඩුව එම ගිවිසුමේ කොටස් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් එය පරාජය කිරීමට නීතිමය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

අද ජාතික සම්පත් රැක ගැනීමට ජාතික සම්පත් වලට ආදරය කරන නායකයන් නැති වීම මහා ඛේදවාචකයක් බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

පත්වී සිටින සියලුම නායකයන් කරන්නේ රටේ සම්පත් කොටසින් කොටස ඉන්දියාව චීනය ඇමරිකාව වැනි රටවලට කුණු කොල්ලයට විකුණා දැමීම බවද උන්වහන්සේ පැවසූහ.

 #යුගදනවි_බලාගාරය_විකිණීමට_නිදහස්_පක්ෂය_බිලිබා_ගැනීමට_ගිය_බැසිල්_ඇනගනීආර්ථිකය ගොඩ ගැනීමට සිටින එකම මහා කෙරුමක්කාරයා යැයි...
26/09/2021

#යුගදනවි_බලාගාරය_විකිණීමට_නිදහස්_පක්ෂය_බිලිබා_ගැනීමට_ගිය_බැසිල්_ඇනගනී

ආර්ථිකය ගොඩ ගැනීමට සිටින එකම මහා කෙරුමක්කාරයා යැයි මහා හඩක් නංවමින් ඔහුගේම පක්ෂයේ ගෝල බාලයින් ලවා මොල හතානෝයැයි කියමින් ප්‍රතිරූප සාදවා ගනිමින් සිය වැඩිමල් සොයුරු මහින්ද සතුව තිබූ මුදල් ඇමති කමත් ඩැහැගෙන පාර්ලිමේන්තුවට පැමිණි මිස්ටර් 10% ලෙස නම කිව් සැනින් මෙරට අත දරුවන් පවා හදුනන අයිතිකරුවන් නොමැති ඉඩම් හා නිවාස මෙරටට හදුන්වා දුන් ඇමරිකන් පුරවැසි බැසිල් රාජපක්ෂ ඔහුගේ ඇමරිකන් ගැතිභාවය මොනවට පෙන්නුම් කරමින් කැබිනට් මණ්ඩලයේ පවා ඇස් වසා මධ්‍යම රාත්‍රී 12 ට ගිවිසුම් අත්සන් කරමින් මෙරට මර්මස්ථානයක් බදු වූ යුගදනවි බලා ගාරයට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ඇමරිකන් සමාගමකට පැවරීමට සියළු ගිවිසුම් අත්සන් කොට හමාරය.

එම ගිවිසුම හෝ එහි අන්තර්ගතයක් පිළිබදව කැබිනට් මණ්ඩලය හෝ අවශ්‍ය පරිදි දැනුවත් නොකල බවට චෝදනා එල්ල වද්දී, මධ්‍යම රාත්‍රී 12 ට ගිවිසුම් අත්සන් කිරීම පිළිබදව පාර්ලිමේන්තුවේ පවා එලියට ඇදෙද්දී ආණ්ඩුවේ හවුල් පක්ෂවල නායකකාරකාදීන්ට ඇස් කන් පියාගෙන නොසිටිය හැකි තත්වයක් ඇති විය. ඒ අනුව, යුගදනවි විකිණීමේ ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් සාකච්ඡා ආරම්භ කල අතර, සාකච්ඡා වට කිහිපයකින් පසුව අග්‍රාමාත්‍යවරයා මුනගැසී මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට ඔවුන් උත්සාහ කරන ආකාරය දක්නට ලැබුනි.

එහෙත්, අග්‍රාමාත්‍යවරයා හමුවීමට ගිය හවුල්කාර පක්ෂවලට සිය අදහස් දැක්වීමට සිදුවුනේ අග්‍රාමාත්‍යවරයාටනම් නොව බැසිල් රාජපක්ෂටය. අග්‍රාමාත්‍යවරයා පඹයෙකු මෙන් මැදින් වාඩි කරවා ගත් බැසිල් පක්ෂ නායකයන්ගේ අදහස් තඹ සතයකට මායිම් නොකල අතර, යුගදනවි විකිණීම සිදු කල යුතු බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ලදී. එලෙස අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණ යුගදනවි විකුණු හොරා සමග සාකච්ඡා කිරීමේ ප්‍රථිපලයක් නොමැති බව තේරුම් ගත් හවුල්කාර පක්ෂවල නායකයන් ජනපතිවරයා මුණ ගැසී මෙම ගැටලුව විසදා ගන්නා බව පවසමින් එලියට පැමිණ විසිර යනු දක්නට ලැබුනි.

ඔවුන් එලෙස පිටව ගිය පසු සිය න්‍යාය පත්‍රයට හවුල්කාර පක්ෂ දඩයම් කිරීම ආරම්භ කල බැසිල්, සිය මතයට අනෙක් පක්ෂ බිලිබා ගැනීම සදහා විවිධ සන්තෝෂම්, පඩුරු පාක්කුඩම් (මන්ත්‍රීවරුන්ට අයවැයෙන් කෝටියක්ද, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 40 බැගින්ද) හා දොල පිදේනීද පුදන බව පවසමින් එම පක්ෂ නායකයන් හමුවීම ආරම්භ කර තිබුනි.

ඒ අනුව, පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අවලංගු කර තිබේ. මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ ය.

නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර තිබේ.

මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ ය.

නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කර ඇති අතර, යුගදනවු බලාගාර ගිවිසුමට පක්‍ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්‍ෂය විසින් බැසිල් රාජපක්ෂට නැවත වරක් දන්වා ඇත.

#ඕපේ...

 #ජනතාව_ගොනාට_අන්දන්න_හිතන_නාමල්_බබාසිය පියා වූ මහින්ද රාජපක්ෂට ඇති ජනතා කැමැත්ත දඩමීමා කරගෙන දේශපාලනයට පිවිසි නාමල් රාජ...
20/09/2021

#ජනතාව_ගොනාට_අන්දන්න_හිතන_නාමල්_බබා

සිය පියා වූ මහින්ද රාජපක්ෂට ඇති ජනතා කැමැත්ත දඩමීමා කරගෙන දේශපාලනයට පිවිසි නාමල් රාජපක්ෂට මේ වන තෙක්ම ඔහුගේම වූ ඡන්ද පදනමක් පවා ඇති කර ගත නොහැකි වී ඇති නමුත්, සෑම අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදීම තමාට ඇති ඇමති ධූර සංඛ්‍යාව වැඩි කරගනිමින් බඩ වඩා ගැනීමේ නියායක් පමණක් ක්‍රියාත්මක කරනු දැකගත හැකිය.

එයට අමතරව සෑම කාර්ය සාධක බලකායකම ප්‍රධානියා, නියෝජ්‍ය ප්‍රධානියා නැතහොත් සාමාජික තනතුරක් හෝ දරමින් සිටින ඔහු මේ රටට සිදුකල එකදු හෝ ක්‍රියාවක් දැන්වත් පැවසිය හැකිනම් අගනේ නොවේද.

සෞඛ්‍ය අංශවල පුද්ගලය්න්හෝ ඒ පිළිබද දැනුම ඇති පුද්ගලයන් හෝ නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරන පුද්ගලයන් පමණක් සහභාගී කරගත යුතුව ඇති කොවිඩ් කාර්ය සාධක බලකායේ පවා සාමාජිකයෙක්ව සිටින මේ කියන නාමල් ඇමතිවරයා, බාර් ඇරීම පිළිබදව කිසිදු දෙයක් නොදන්න අයෙක් මෙන් තොත්ත බබා හැසිරීමක් පෙන්නුම් කරන ආකාරයක් දැකගත හැකිය. බාර් ඇරීම පිළිබදව මාධ්‍ය විමසූ විට ඔහු සදහන් කරනුයේ,

“සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කරගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. යනුවෙනුයි.

එහෙත්, ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනුයේ බාර් ඇරීම රජයේ තීරණයක් බවත්, කසිප්පු බී ජනතාව ලෙඩවන නිසා එවැනි තීරණයක් ගත් බවයි.

එලෙසම, එම රජයේ වෙනත් මැති ඇමතිවරුන් පවා සදහන් කරනුයේ රජයේ මූල්‍ය තත්වය අවදානම් සහගත නිසා වැඩි බදු ආදායමක් ලැබෙන බාර් විවෘත කිරීමට සිදු වූ බවයි.

එම ප්‍රකාශ කෙසේ වෙතත්, බාර් විවෘත කල මොහොතේ මෙරට ආයතනවල, ප්‍රධානවම පොලීසියේ හැසිරීම සලකා බලන විට එම විවෘත කිරීම පිටුපස රාජපක්ෂවරයෙකුගේ බලපෑමක් නැතැයි කාටනම් කිව හැකිද. රාජපක්ෂ වරයෙකුගේ කීමට පිටින් හුස්ම හෝ නොගන්නා නිලධාරීන් සිටින රටක රාජපක්ෂලාගේ නියෝගයක් නොමැතිව ඇදිරි නීතිය මධ්‍යයේ බාර් විවෘත කිරීමට කිසිවෙකු හෝ තීරණය කරනු ඇද්දැයි සලකා බැලීම නාමල් බබාගේ ගොං තර්ක වලට නොරැවටෙන සබුද්ධික ජනතාවගේ යුතුකම බව පමණක් අවසන් වශයෙන් සදහන් කල යුතුව ඇත.

#ඕපේ

 #බැදුම්කර_වංචා_සහ_කබ්රාල්ගේ_සම්බන්ධයබැදුම්කර වංචාව පිළිබදව එවකට පැවති විපක්ෂය (රාජපස්සවරුන්ගේ) මහා හඩින් කෑ මොර දෙද්දී ...
17/09/2021

#බැදුම්කර_වංචා_සහ_කබ්රාල්ගේ_සම්බන්ධය

බැදුම්කර වංචාව පිළිබදව එවකට පැවති විපක්ෂය (රාජපස්සවරුන්ගේ) මහා හඩින් කෑ මොර දෙද්දී එහි පාඩුව පිළිබද සොයා බැලීමට වෝහාරික විගණනයක් සිදුකල අතර, එහිදී 2005 වසරේ සිටම බැදුම්කර විකිණීමේදී මෙරට තුල සිදුවූ අයථා ක්‍රියාවන් පිළිබද සොයා බැලීමක් සිදු කරන ලදී.

එම වෝහාරික විගණනයේදී පැහැදිලි වූයේ යහපාලන රජයට පෙර පැවති රාජපක්ෂ රජය සමයේද බැදුම්කර වංචා සිදුව ඇති බවයි. එම බැදුම්කර වංචාවලටද අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම මැදිව තිබූ අතර, එයින් හෙලිවූ විශේෂිතම කරුණ වුයේ එවකට මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රා‍ල්ගේ නැගණියක හෝ ඥාති ස‍හෝදරියක් එම සමය වන විට ඇ‍ලෝෂියස්ගේ බැදුම්කර වංචා සිදුකල සමාගමේ අධ්‍යක්ෂ ධුරයක් දැරූ බව හෙලිවීමත්ය.

එම හෙලිවීම් සමග එවකට මහබැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ නමද බැදුම්කර වංචා සමග එකට බැදුණු අතර, එය හෙලිකරන ප්‍රධානම සාකෂිය වූයේ වෝහාරික විගණනයයි.

එවකටද එම විගණන වාර්තාව වෙනස් කිරීමට යම් යම් පුද්ගලයින් උත්සාහ කල නමුත්, එම වාර්තා වල වගකීම දැරූ නිලධාරිනිය එයට කිසිසේත්ම ඉඩ ලබාදීමක් සිදු නොකරන ලදී. තත්වය එසේ තිබියදී, කබ්රාල් නැවතත් මහ බැංකු අධිපතිධුරය භාර ගෙන දවසක් යෑමටත් පෙර එම නිලධාරිනිය තනතුරෙන් ඉවත් කරන ලද්දේ වෝහාරික විගණන වාර්තා ඇතුළු බැදුම්කර වංචාවලට අදාල අනෙකුත් සාක්ෂි විනාශ කිරීමට නොවේ යැයි පැවසිය හැක්කේ කාටද...

#ඕපේ

 #බන්ධනාගාරයේ_පිස්සු_නටා_ජාත්යන්තරයට_නම_ගෙනගිය_ඇමති_ඉල්ලා_අස්වෙයිරජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම ...
15/09/2021

#බන්ධනාගාරයේ_පිස්සු_නටා_ජාත්යන්තරයට_නම_ගෙනගිය_ඇමති_ඉල්ලා_අස්වෙයි

රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම සිදුවීම හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය කියා සිටි.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වරිය තම ට්විටර් ජාලය පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් රජයේ යුතුකමක් බවයි.

මේ අතර, අදාල සිදුවීමට නම කියවුනු, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

මෑතකදී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒ මහතා දරණ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇත.

ඒ සම්බන්ධව පෙර පලවූ පුවත්...

වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එම අවස්තාවේ රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඩේලි මිරර් වෙබ් පුවත්පත වෙත බන්නාධකාර ප්‍රකාශකයෙකු සඳහන් කර ගත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊට සම්බන්ධ වූ බවට වන තොරතුරු අසත්‍ය බවයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර ඇත්තේ තමන් වෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවෙකු නොදන්නා බවයි.

බන්ධනාගාරයට ගිය පිරිස අතර රූමත් තරුණියක් වූයේ යයිද සමාජ ජාලවල වාර්තා පලවෙයි.

පෙර පුවත්...

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව අද ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

ඒ ආකාරයෙන්ම ඔහු පසුගිය ඉරිදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින කොටි සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණ ගස්වා ඇතැයිද වාර්තා කරයි.

මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර ඇත. ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ලොහාන් රත්වත්තේ මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බවයි. එසේ නොවේ නම් රජය විසින් ඔහුගේ සියලුම ධුරයන් අහෝසි කළ යුතු බවත් ඔහු කියා ඇත.

රජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා සිටී.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් බන්ධනාගාර ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.

 #පවිත්රා_බිලි_පූජාවෙන්_ගැලෙව්වාට_ස්තුතියි_කියුවේ_රට_වසන්නැයි_කියද්දී_රට_නොවසා_ජනතාව_මිනී_කනත්තකට_ගෙනයන_ජනපතිටද=========...
17/08/2021

#පවිත්රා_බිලි_පූජාවෙන්_ගැලෙව්වාට_ස්තුතියි_කියුවේ_රට_වසන්නැයි_කියද්දී_රට_නොවසා_ජනතාව_මිනී_කනත්තකට_ගෙනයන_ජනපතිටද
===================================

තමාට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය ලබා දී ඇති බව දිවුරුම්දීමේ අවස්ථාවට යන තුරුම දැන නොසිටි බවත්, ජීවිතේ හැමදේම සතුටින් භාරගත යුතු බවත් කී අමාත්‍යවරිය හැමදේම වෙන්නේ හොඳට කියා හිත හදාගන්නවා හැර වෙන කරන්නට දෙයක් නැතැයි ද සඳහන් කළාය.
“එකපාරට මේ වෙනස වෙයි කියලා මම හිතුවේ නෑ. මම ඒත් යන්න ඉස්සෙල්ලා අමාත්‍යාංශ වෙනසක් වෙයිද දන්නෑ කියලා මම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාටත් කිව්වා. ඒත් කවුරුත් කිව්වේ එහෙම වෙන්නේ නෑ කියලයි. මේ කාලය තුළ ඔබතුමන්ලා මට හදවතින් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. අපි එක කණ්ඩායමක් ලෙස වැඩ කළා. පැවරුණු ඉලක්කය ජයගන්න අපි උත්සාහ කළා. මට ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගෙන් සියයට ලක්‍ෂ වාරයක් අවශ්‍ය සහයෝගය ලැබුණා.

ඒත් බලාපොරොත්තු නොවූ මොහොතක මට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය භාරදීලා තිබුණා. මං එතනට යනකම්ම ඇත්තටම මේ මාරුවීම සිද්ධවෙනවා කියලා දැනන් හිටියෙත් නෑ. කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් භාරගන්න ඕනේ.

අටුවා කතාවක මෙහෙම තියෙනවා. රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට රජ්ජුරුවො මුවෙකුට දුන්නෙන් විද්දලු. ඒත් කවදාවත් ඉලක්කෙ වරදින්නේ නැති එතුමාට ඉලක්කෙ වැරදුණාලු. රජතුමා වැරදුණාම පුරෝහිතයගෙන් ඇයි මට මෙහෙම වුණේ කියලා ඇහුවලු. එවිට පුරෝහිත ස්වාමීනි, වෙන්නේ හොඳට කියලා කිව්වලු. තව ටිකක් දුර යනකොට තවත් මුවෙකුට විදලා ඉලක්කෙ වැරදුණාම ඒක් වෙන්නේ හොඳට කියලා පුරෝහිත කිව්වලු. තවත් දුර යද්දී රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා පුරුකක් වෙන් වුණාලු. ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවාම ස්වාමීනි ඕක කැපුනෙත් හොඳට කියලා කිව්වලු. ඉතින් රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර අර පුරෝහිතයව වළකට දාලා රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනික් පැත්තට ගියාලු.

ඒ යද්දී ගෝත්‍රික කණ්ඩායමකට අහුවුණාලු. ඒ කට්ටිය බිලි පූජාවකට මනුස්සයෙක් හොයමින් සිටි පිරිසක්. ඔවුන් රජතුමා අරගෙන ගිහින් හොඳට නාවලා බිලි පූජාවට ගෙනිච්චා ලු. බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ මෙයාගෙ ඇඟිල්ලේ කෑල්ලක් නෑ කියලා රජතුමාව අතහැරියලු. ඒ ගමන රජ්ජුරුවෝ මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ. මේ වෙන්නේ හොඳට කියලා කිව්වා නේ.මම පුරෝහිතයා වළට දාපු එක අපරාදෙ. මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දා නේ කියලා කල්පනා කළා ලු. රජ්ජුරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයව ගොඩ අරගෙන සමාවෙන්න මට කියා කිව්වාලු.

එවිට පුරෝහිතයා රජතුමනි මාව වළට දාපු එක ගැනත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා කිව්වාලු.

#ඕපේ...

04/07/2021

#බැසිල්_පැමිණීම_ගැන_ජ්‍යෙෂ්ඨ #ඇමති_රැසක්_නොසතුටින්…

බැසිල් පැමිණීම ගැන ජ්‍යෙෂ්ඨ ඇමති රැසක් නොසතුටින්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තු පිවිසීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුම නොසතුටින් පසුවන බව වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මහතාට හිමිවන අමාත්‍යංශය සෑම අමාත්‍යාංශයකම මැදිහත්විය හැකි ආකාරයේ එකක් වනු ඇතැයි තොරතුරු හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට දැනට සූදානම් කර සිටින අතර ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස් වීමට නියමිතව ඇත.

මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇත.

 #ජනපති_ජාතිය_ඇමතූ_පසු_හර්ෂද_සිල්වා_ජනපතිගේ_ජාතිය_අමතයිජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සී...
26/06/2021

#ජනපති_ජාතිය_ඇමතූ_පසු_හර්ෂද_සිල්වා_ජනපතිගේ_ජාතිය_අමතයි

ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙනවා ජනාධිපතිතුමනි.

ගරු ජනාධිපතිතුමනි, ඔබ ජාතිය අමතා සිදුකළ කතාවේදී පැවසූ සුවිශේෂී කාරණාවක් වූයේ ඔබගේ රජය විසින් සිදුකරන හොඳ වැඩ පිළිබඳව ලැබෙන ප්‍රචාරය මදි බවයි. මේ නිසා, සත්‍ය යටපත් වී බොරුව උඩට එනබව ඔබ පැවසුවා. ඒ නිසා, මෙවැනි කතාවක් කිරීමෙන් ඔබ උත්සාහ කරන්නට ඇත්තේ ඒ ප්‍රචාරණ අඩුව මගහරවා ගැනීමට බව පැහැදිලියි. කතාව පුරාම තිබුණු අන්තර්ගතයන් දුටුවිට ඒ බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අනාගතයේදී සිදුවිය හැකි බලාපොරොත්තු ගොන්නක් එහි ඇතුළත් වුණා. එය බිඳවැටෙමින් තිබෙන ජනතා විශ්වාසය යළිත් උද්දීපනය කිරීමට සමත්වනු ඇතැයි ඔබ සිතනවා ඇති. ඔබ සඳහන් කළ කාරණා සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

අප විපක්ෂයේ සිටියද ඔබ අප සැම නියෝජනය කරන නායකයා නිසා ඔබ අසාර්ථක වුවහොත් අප සැම පසුපසට යනවා. මා එවැන්නක් කිසිදා බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත්, ඔබ පතන ගමන යාමට වැඩපිළිවෙළක් අවශ්‍යයයි. එවැනි පැහැදිලි වැඩපිළිවෙළක් ඔබගේ කතාව තුළින් මා දුටුවේ නෑ. 2015 දී හොඳට දුන්නු රටක් යහපාලන ආණ්ඩුව විනාශ කළැයි ඔබ චෝදනා කළා. ඒ පව් අපිට කරගහන්න වෙලාවගේ කතාවක් තමයි ඔබතුමා කිව්වේ.

නමුත්, ජනාධිපතිතුමනි, මේක දෛවයේ සරදමක් වගේ දෙයක්. යුද්ධය ජයග්‍රහණය කිරීම ගැන ඔබ අදත් අභිමානයෙන් කතා කළා. ඒ ගැන මගේ හිතෙත් අභිමානයක් තියනවා. නමුත්, යුද්ධය දින්නාට පස්සේ ඔබලාගේ ආණ්ඩුව නිසි ආර්ථික දැක්මකින් කටයුතු කළේ නෑ. ණය අරන් මොනවද කළේ? නෙළුම් කුළුණක් හැදුවා. හම්බන්තොට ගුවන්තොටුපොළක් හැදුවා, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා සහ වරායවල් හැදුවා. ඒවා කොතරම් තාර්කික ආර්ථික තීරණද? ණයට අරන් කරපු ඒ වැඩ වලින් අපිට ඉතුරු වුණේ ණය කන්දක් විතරයි. ඒ ණය යහපාලන ආණ්ඩුවත් කොහොම හරි ගෙව්වා. හැබැයි, හොඳම හරිය ගෙවන්න ඇවිල්ලා තියෙන්නෙ ඔබට.

ඒක නිසා, මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ 2015 ට කලින් ජනාධිපතිතුමනි. එදා හදපු නෙළුම් කුළුණු වලින් අද ප්‍රතිඵලයක් නෑ වගේම ඔබ අද කියපු බොහෝ දේවල් වලින් අනාගතයේ එතරම් වැදගත් ප්‍රතිඵලයක් ලැබේයැයි හිතන්න අමාරුයි.

ඔබ වැඩි බරක් යොදා පැවසූ සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමත් ඒ වගේ එකක්. ඇත්තටම ඔබේ සිතේ තිබෙන ධෛර්යට මා ගරු කරනවා. බොහෝ විශේෂඥයින් මෙය කළ නොහැකි කාර්යක් යැයි කියද්දී එය කිරීමට හැකියැයි ඔබ විශ්වාස කරනවා. නමුත්, එය කළ හැක්කේ ක්‍රමානුකූලව යැයි ඔබට කල්ගත වූ පසුව වැටහේවි. එවිට සාමාන්‍ය ගොවි සමාජය, අපගේ කෘෂි කර්මාන්තය දැවැන්ත බිඳවැටීමකට පත්වනු ඇති.

ඒ වගේම ඔබ දුන් පොරොන්දුවක් තමයි, එක් රටක්. එක් නීතියක්. ඒ ගැන අද ඔබ වැඩිපුර කතා කළේ නෑ. යහපාලන ආණ්ඩුව බිඳවැටෙමින් තිබෙන විට බොහෝ දෙනෙකු අපටත් පැවසුවේ අපේ ආණ්ඩුව කරන දේවල් හරියට සන්නිවේදනය නොකරන නිසා එම බිඳ වැටීම සිදුවූ බවයි. සන්නිවේදනයේ ඔස්තාර්ලා සිටි ඔබතුමන්ද අද ඒ කතාවම කියනවා. මට නම් වැටහෙන්නේ ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙන බවයි. ඒ නිසා, වැදගත් වැදගත් වන්නේ ක්‍රියාවයි ගරු ජනාධිපතිතුමනි.

– හර්ෂ ද සිල්වා

 #මිනිපිරියට_ඔබ_ගැන_කතාකරන්න_ඉතුරුවන්නේ_මොනවාද_හිරුනිකා_ජනපතිගෙන්_අසයිජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර...
24/06/2021

#මිනිපිරියට_ඔබ_ගැන_කතාකරන්න_ඉතුරුවන්නේ_මොනවාද_හිරුනිකා_ජනපතිගෙන්_අසයි

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන්, තම පියාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ ආරක්ෂක ලේකම්ව සිටි ස ගේ හැසිරීම පිළිබදවත් සිහිපත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති වරයාට ඉතා තද ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඇය පෙන්වා දෙන්නේ රටේ පවතින නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයින්ගේ වගකීම බවයි. විනිසුරුවන් හත් දෙනකු විසින් ලබාදුන් තීන්දුවක් කුණු කූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ජනාධිපති නම් මේ රටේ නීතියක් කුමටදැයි එම ලිපිය මගින් ප්‍රශ්න කරන හිරුනිකා, ජනපතිගේ මිනිපිරිය අනාගතයේ ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ කුමක් ගැනදැයි ප්‍රශ්න කරයි.

ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවද එම ලිපියේ සඳහන්ය.

එම සම්පූර්ණ ලිපිය පහතින්.

#ඕපේ

 #ආණ්ඩුවේ_පිරිසක්_විපක්ෂයට_කපුකම_ස්වාමීන්වහන්සේ_නමකගෙන්2015 දී යන එන මං නැතිව හතරගාතෙන් ඇද වැටුනු රාජපක්ෂ කල්ලියට නැගටීම...
22/06/2021

#ආණ්ඩුවේ_පිරිසක්_විපක්ෂයට_කපුකම_ස්වාමීන්වහන්සේ_නමකගෙන්

2015 දී යන එන මං නැතිව හතරගාතෙන් ඇද වැටුනු රාජපක්ෂ කල්ලියට නැගටීමට අත දීමට ඉතිරි වූයේ මෙරට සුළු පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනෙකු පමනි. ඔවුන්ගේ පිහිටෙන් මහින්ද නැවත දේශපාලනයට පිවිසි අතර, මහින්දගේ පිටුපසින් අනෙකුත් රාජපක්ෂලාත් නැවතත් දේශපාලන පිවිසියේය.

එලෙස නැවත දේශපාලනයට ආ රාජපක්ෂලා පිහිටුවා ගත් පොහොට්ටු පක්ෂය මෙරට ප්‍රධානම භික්ෂූන් වහන්සේලාගේත් පිහිට ඇතිව 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බලයක් සමග ජයගත් අතර, එම 2/3 බලය හේතුවෙන් සම-හරක් රාජපක්ෂලාගේ මනස විකෘති වන්නට විය. දැන් ඉතින් තමන්ට ඉහලින් කාක්කෙකුටවත් ඉගිලීමට ඉඩදිය නොහැකි බව සිතූ ඔවුන්, මහින්ද නැවත බලයට ගෙන ඒමට ඉතා සුවිශාල මෙහෙවරක් සිදුකල සුළු පක්ෂ නායකයින්ට මෙන්ම ඔවුන්ට උදව් උපකාර කල ස්වාමීන්වහන්සේලාත් පැත්තකට කර තමන්ට අවශ්‍ය ආකාරයට බලය හැසිරවීමට උත්සාහ ගන්නා ලදී.

එලෙස තිරය පිටුපස දිවූ ජවනිකා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට උත්සාහ කිරීමත් සමග කරලියට පැමිණි අතර, ඇල්ලේ හිමි, මුරුත්තෙට්ටුවේ හිමි ඇතුළු හිමිවරුන්ද, කාදිනල් හිමි ඇතුළු අනෙකුත් පූජ්‍ය පක්ෂත් එම උත්සාහයට එලිපිටම විරුද්ධ වූ අතර, මහින්ද දේශපාලනයට ගෙනා සුළු පක්ෂද එම උත්සාහයට විරුද්ධ විය. එයින් තිරය පිටුපසින් වේදිකාවට ඇදී ආ එම නාට්‍යයේ ජවනිකා කෙමෙන් කෙමෙන් මෙරට ජනතාවට පසුගිය කෙටි කල තුලදී දැකගත හැකිවිය. එය වරෙක විමල්ට එරෙහිවද, පසුව ගම්මන්පිලට එරෙහිවද ලෙස මෙරට දේශපාලන වේදිකාවේ රග දක්වනු දක්නට ලැබිනි.

ඒ ජවනිකාවේ උච්චතම තත්වයට මේ වන විට පැමිණ ඇති අතර, ඒ අනුව ඕපේට වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවටයි. .

ඔවුන් විපක්ෂයට ගොස් විපක්ෂයේ ස්වාධීන වෙනු ඇතැයි කොළඹ කේන්ද්‍රීය දේශපාලන කවයන්හි යම් මට්ටමක සාකච්ඡාවක් සිදු වෙමින් ඇති අතර, රාජපක්ෂලා බලයට ගෙන ඒමට ඉතා සුවිශාල කැප කිරීමක් කල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක හිමි හිමිනමක්ද මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

ඒ අනුව, එහි ජවනිකාද දිගහැරෙන ප්‍රමාණය අනුව ඉතා ඉක්මනින් හෝ යම් කලක් ගතවී හෝ මෙරට ජනතාවට දැකගත හැකිවනු ඇත.

#ඕපේ...

 #නාමල්ගේ_ක්‍රීඩා  #අමාත්‍යංශයේ  #ටෙන්ඩර්_මගඩියක්ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික ...
20/06/2021

#නාමල්ගේ_ක්‍රීඩා #අමාත්‍යංශයේ #ටෙන්ඩර්_මගඩියක්

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.

එ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් ද ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් මිලදී ගැනීමට අනුමැතිය පළ කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ආයතන දෙකෙන් එක සමාගමක් රුපියල් කෝටි 7.4 ක මිලක් ද, අනෙක් සමාගම රුපියල් කෝටි 6.6 ක මිලක්ද ඉදිරිපත් කළ ඇති බව දැනගන්නට තිබේ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඕපේ - Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share