09/05/2021
ඔබ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පිඨය තුළට ගොස් ඇත්නම් එහි අධ්‍යනය සඳහා තබා ඇති සුවිශාල රොකට් එංජිමක් දැකිය හැක. රොකට් තාක්ෂණය හීනයක් වන් රටකට මේසා විශාල රොකට් එංජිමක් ලැබුනේ කෙසේද ??? මේ.. එම රොකට් එංජිම මෙරට ඉංජිනේරු ශිෂ්‍යයන් ගේ අධ්‍යනය සඳහා ලබාදිමට කටයුතු කළ මෙරට බිහිකළ විශිෂ්ඨතම මහාචාර්යවරයකුගේ කතාවයි.
Dr.Mahalingam නාමය ඔබ බොහෝ දෙනෙකුට ආගන්තුක වනවාට සැකයක් නැත. නමුත් පෙර කී රොකට් එංජිම ,පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයට ලබාදීමට මුලිකතවය ගත්තේ ඔහුය.1926 ජනවාරි 16 දින යාපනේදි සිය පවුලේ වැඩිමහලු පිරිමි දරුවා ලෙස උපත ලැබූ ඔහූ සිය මූලික අධ්‍යාපනය ලැබුවේ, මැලේසියාවෙනි. පසුව 1946 වසරේ දි අවුරුදු විස්සක තරුණයකු ලෙස නැවත මෙරටට පැමිණි එතුමන් සිය ඉංජිනේරු උපාධිය Ceylon technical university හැදෑරුවේ ය. සිය මුලික උපාධිය 1950 අවසන් කළ ඔහූ 1950 දි එංගලන්තයේ ලන්ඩන් නුවරදි Bsc සිවිල් ඉංජිනේරුවකු ලෙස සිය අධ්‍යාපනය හමාර කළ ඔහූ 1952 දි Ceylon university හි සහාය කථිකාචාර්යවරයකු ලෙස වැඩ ආරම්භ කෙරිනි. ළමුන් සමඟ ඉතා සමීපව ගනුදෙනු කළ Mahalingam මහතා සිය ආචාර්ය උපාධිය Sheffield හි අවසන් කළ අතර 70 දශකයේ මුල් යුගයේ සිට 1991 දි සිය විශ්‍රාම යෑම දක්වා Dr.Mahalingam පේරාදෙණිය සරසවියේ සේවය කළේ ය.
Dr.Mahalingam ඉගැන්වීමේ ශූරත්වයක් දැක්වූ අතර ඔහුගේ දේශන ඉතා රසවත් වූ බව සැලකේ.විශේෂයෙන්ම සිද්ධාන්ත වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික මට්ටමේ ඉගැන්විමේ රටාවක් අනුගමනය කළ එතුමන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ වර්තමානයේ මහාචාර්ය මහාලිංගම් විද්‍යාගාරය ,එකල ඉතා අඩු මුදලක් වැය කොට ආරම්භ කෙරිනි. එතුමන් නිතරම පවතින සම්පත් වලින් සිය ඉගැන්වීමේ කටයුතු සාර්ථකව සිදුකල විශිෂ්ඨ මහාචාර්යවරයෙකි.
Dr.Mahalingam ගේ ප්‍රායෝගික ඉංජිනේරු දැනුම නිසාවෙන් බොහෝ විදේශීය සමාගම්වලින් ඇරයුම් ලැබුනද, එතුමා නිතරම ආචාර්යවරයෙක් වීමේ අවස්ථාව තෝරාගත්තේ ය. වරක් Avro jet engine හි හටගත් දෝෂයක් පිළියම් කිරිමට ඔවුනට Dr.Mahalingam ගේ සහය ලැබුන අතර වරක් Rolse Royce පෞද්ගලිකව ප්‍රධානය කෙරූ ජෙට් එංජ්ම තවමත් සිසු අධ්‍යනය සඳහා පේරාදෙණිය සරසවියේ ඇත.
ඉතා සරල දිවිපෙවෙතක් ගත කෙරු එතුමන් විශ්‍රාම යෑමෙන් පසුව සෛද්ධාන්තික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රචනා කරමින් සරල දිවිපෙවෙතක් ගත කළේ ය. අදටත් ඔබ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසුවකුගෙන් Dr.Mahalingam පිළිබඳ ඇසුවිට ඔබට නිසැකව ඔහු පිළිබඳ බොහෝ කරුණු පවසනු ඇත.
සිය ජිවිතයම සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කළ, අනෙකුත් ලාභ ප්‍රයෝජන නොතැකූ ,ගතින් කුඩා වුවද සිතින් විශාල මේ මිනිසා 2015 නොවැම්බර් 3 වන දින යාපනේ උතුර රෝහලේ දි අභාවප්‍රාප්ත විය.
දේශපාලකයන්ට ගුණ ගායන වැයෙන සමාජයක Dr.Mahalingam වැන්නවුන් තව තවත් සිහිකළ යුතු නොවේ ද ??
(තොරතුරු : perabeats බ්ලොග් අඩවියෙනි.)