Thrividha Puwath

  • Home
  • Thrividha Puwath

Thrividha Puwath ත්‍රිවිධ පුවත් / Thrividha Puwath

28/05/2024
06/12/2023
කාබනික පොල් වගාව නගාසිටුවීම සඳහා රණවිරු සේවා අධිකාරියෙන් වැඩසටහනක්අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් සදහා ...
03/01/2022

කාබනික පොල් වගාව නගාසිටුවීම සඳහා රණවිරු සේවා අධිකාරියෙන් වැඩසටහනක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් සදහා පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී පසුගියදා පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී තරනි නිවර්තිකාගේ විශේෂ ආරාධනයෙන් මෙම වැඩසටහන සදහා අම්පාර දිස්ත්‍රික් පොල්වගා කිරීමේ මණ්ඩලයෙහි සහකාර ප්‍රාදේශීය කලමනාකරු මෙන්ම ගොවිපල සැලසුම් නිලධාරී හා මහඔය පොල්වගා සංවර්ධන නිලධාරී ද සම්පත් දායකයින් වශයෙන් මෙම වැඩසටහන සඳහා එක් විය.

මේ සඳහා සහභාගි වූ රණවිරුවන් පනස් දෙනෙකු අතරේ බඳුන් පොල් පැළ සියයක් නොමිලේ බෙදා දීම ද වැඩසටහන අවසානයේ සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී, ආචාර්ය ඒ.වී. කේ මාධවී හේරත් මහත්මිය විසින් මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා ගනීශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද ...
24/12/2021

69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා ගනී

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා (SLAF) කාන්තා කණ්ඩායම පසුගියදා (දෙසැ 18) ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී සමත් විය.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය තහවුරු කර ගත් බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් පහක් (05) රිදී පදක්කම් තුනක් (03) ලෝකඩ පදක්කම් තුනක් (03) දිනා ගනිමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක් (03) ලෝකඩ පදක්කම් පහක් (05) ලෝකඩ පදක්කමක් (01) ලබා ගනිමින් අනුශූරතාව දිනා ගන්නා ලදී.

ගුවන් හමුදාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිග් 27 වර්ගයේ ගුවන් යානයක් මොරටුව වි...
24/12/2021

ගුවන් හමුදාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ගුවන් යානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිග් 27 වර්ගයේ ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගුවන් යානය මොරටුව විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා වෙත මෙම යානය සඳුදා (දෙසැම්බර් 20) දින පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශ්වවිද්‍යාලයේ ගගන ඉංජිනේරු උපාධි වැඩසටහන ආරම්භ කිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇති අතර, අතීතයේ දී ජාතික අවශ්‍යතා ඉටු කරන ලද මෙම ගුවන් යානා, ගුවන් ඉංජිනේරුවන් සඳහා වටිනා අධ්‍යාපනික ආධාරකයක් ලෙස ප්‍රයෝජනයට ගනු ඇති බව ගුවන් හමුදාව පවසයි.

විශේෂයෙන්ම "ලිහිණියා" දේශීය නියමුවන් රහිත ගුවන් යානය සංවර්ධනය කිරීම වැනි පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගුවන් හමුදාව සහ විශ්වවිද්‍යාල නිලධාරීන් එකඟ වී ඇති බව ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල නිලධාරීන් ද එක්ව සිටියහ.

නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාර දෙයිතැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා...
17/12/2021

නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාර දෙයි

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම 2021 දෙසැම්බර් 15 නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.

තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් ශරීරය තුළ එක්රැස් වන රුධිරයේ අඩංගු යකඩ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර තැලිසීමියා රෝගීන් හට අත්‍යාවශ්‍ය වන අතර, වෙළඳපොලෙහි ඇති තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මිළදීගැනීමේ හැකියාවක් නොමැති රෝගින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු වියදමකින් මෙම යන්ත්‍ර නිශ්පාදනය කර රජයේ රෝහල් වෙත බෙදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලබයි.

ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 23 ක් නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම සිදු කෙරුණු අතර, එම යන්ත්‍ර භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කේඒඩීඩීවීඑල් කුමාරපේලි මහත්මිය සහභාගී විය.

තවද, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මේ වන විට නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2397 ක් නිෂ්පාදනය කර බෙදා දී ඇති අතර, අවශ්‍යතාවය අනුව මෙම යන්ත්‍ර ඉදිරියටත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවනු ලබයි.

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නික්ෂේපණ යන්ත්‍ර නිල වශයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමේ අවස්ථාව සඳහා නාවික හමුදා වැඩබලන/ අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැළසුම් කපිතාන් නිමල් රණසිංහ ඇතුළු නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතු ශ්‍රී ලංකා භට පිරිස් වෙත ගෞරව පදක්කම්ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්හ...
17/12/2021

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතු ශ්‍රී ලංකා භට පිරිස් වෙත ගෞරව පදක්කම්

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්හි ආදර්ශමත් කැපවීම වෙනුවෙන් ලෙබනනයේ සාමසාධක රාජකාරින් හි නියුතු භට පිරිස් වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පදක්කම් පෙළපාලියේදී පදක්කම් ප්‍රදානය කරන ලදී.

ලෙබනනයේ සාමසාධක රාජකාරින්හි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සඳහා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එස් බටගල්ල ගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ප්‍රධානී මේජර් ජෙනරල් ස්ටෙෆානෝ ඩෙල් කෝල් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ලෙබනන් ජනරජයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න, ලෙබනනයේ සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම උත්සවයට සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රමුඛ නියෝජිත පිරිසක් ද උත්සවයට සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ප්‍රධානී විසින් ශ්‍රී ලාංකික නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව යුද හමුදාව සඳහන් කරයි.

කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා වෙරළ තීරය පිරිසිදු කෙරේශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය ස...
14/12/2021

කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා වෙරළ තීරය පිරිසිදු කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ශිෂ්‍යභට බළකාය සිවිල් ප්‍රජාව සමඟ එක්ව කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා කිලෝමීටර් 4ක් පමණ වෙරළ තීරය පසුගියදා පිරිසිදු කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 231 බලසේනාව විසින් ‘CERI’ සංවිධානයේ ජාතික වැඩසටහන් අධ්‍යක්‍ෂකගේ සහයෝගයෙන් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලද බව යුද හමුදා මාධ්‍ය සඳහන් කළේය.

උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස් - එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම ...
14/12/2021

උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස්

- එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් …
- කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පිරිස …
-16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව
-12 -15ත් අතර දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අවධානය …
-විදෙස් සංචාරකයන්ට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කෙරේ …

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබීය.

දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරයි. ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.

සිදු කළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති. කොවිඩ් ආසාදිතව අසාධ්‍ය වීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය. මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබිණ.

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ගෙන තිබේ. එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කළේය.

වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩිකර ඇත. සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

71 වන නාවික දිනය අභිමානයෙන් සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට අපගේ උණුසුම් සුභ පැතුම් ....
09/12/2021

71 වන නාවික දිනය අභිමානයෙන් සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට අපගේ උණුසුම් සුභ පැතුම් ....

මිලියන 82 ක ගංජා තොගයක් නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රද...
09/12/2021

මිලියන 82 ක ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ රුපියල් මිලියන 82ක් වටිනා ගංජා තොගයක් දෙසැ 06 සොයා ගෙන ඇත.

උතුරු නාවික විධානය විසින් යොදවන ලද නාවික හමුදා යාත්‍රාව විසින් මුහුදේ තිබී කිලෝග්‍රෑම් 275 බරැති කේරළ ගංජා ගෝනි හතක් සොයා ගෙන ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේදී ගංජා මිටි 110ක් සොයාගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන ලදි.

සැකකරුවන් දෙදෙනා ඩිංගි යත්‍රාවද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා අවධානය මේ සඳහා යොමු වීමත් සමග මෙම ගංජා තොගය ගොඩබිමට ගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් ගංජා තොගය මුහුදට දමන්නට ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සැක පළ කරයි.

ජාවාරම් කරන ලද ගංජා තොගයේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 82 ක් යැයි විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම සම්පූර්ණ මෙහෙයුම සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කළ අතර වයස අවුරුදු 25 ත් 37 ත් අතර වයස්වල පසුවන මාදගල් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්, ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලෙයි පොලිස් ස්ථානය වෙත භාර දුන් බව නාවික හමුදාව පවසයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Thrividha Puwath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share