02/06/2026
🏛️ Númenor හි නැගීම සහ බිඳ වැටීම
2 කොටස - අඳුරේ සෙවනැලි
පලමු නූමනෝර නෞකාව මධ්‍යම පෘථිවිය වෙත යාත්‍රා කෙරුවේ Tar-Elendil රජුගේ යුගයේදීයි. ඔහුගේ දියණිය Silmariën වුනු අතර ඇයගේ පුත් Valandil, Andúnië හි පලමු පාලකයා වුනා.
++++++++++++++++++++++++++++++++++++
⛵ Andúnië හි පාලකයන් පිලිබඳ:
Andúnië කියන්නෙ Numenor හි බටහිරින් පිහිටල තිබුන නගරයක්. Elf ල නිතරම පැමිණීම නිසා මේ නගරය Numenor හි විශාලම සහ වැදගත්ම නගරය වුනා. දෙ. යු. 630 වෙනි අවුරුද්දෙදි Tar-Elendil රජු විසින් ඔහුගේ මුණුබුරු Valandil ව මෙම නගරයෙහි පාලකයා ලෙස නම් කලා. ඔහුගේ වංශය සහ Andúnië හි ජනතාව නූමනෝර් බිඳ වැටුනු දිනය දක්වාම elf ලට පක්ෂපාතීව ජීවත් වුනා. Valandil ගෙන් තමයි ඉතිහාසයේ වැදගත්ම පුද්ගලයෙක් වුන Elendil (Isildur ගේ පියා) පැවත එන්නෙ.
++++++++++++++++++++++++++++++++++++
නූමනෝරයන් දිගින් දිගටම යුධ බලයෙන්, දැනුමෙන්, ප්‍රඥාවෙන්, කෞශල්‍යයෙන්, සහ සියලු සැප සම්පත් වලින් සශ්‍රීක රාජ්‍යයක් බවට පත් වුනා. 11 වෙනි රජු වුන Tar-Minastir ගේ පාලන සමයේදී තමයි Numenor මතට අඳුරේ බැල්ම වැටෙන්න පටන් ගත්තෙ. ඔහු තමයි මුල් වරට Middle Earth වෙත යුධ ආධාර ලබා දුන් Numenor පලකයා වුනේ. ඒ සෞරොන්ට විරුද්ධව Gil-Galad හට උපකාර කිරීමටයි. Tar-Minastir යනු elf ලව ප්‍රිය කල පුද්ගලයෙක් වුනත් elf ලගෙ අමරණීයත්වය නිසා ඔහු එල්ෆ් ලට ඊර්ෂ්‍යා කලා. දෙවන යුගයේ මැද බාගය වෙන විට විශිෂ්ට නාවික රාජ්‍යයක් බවට පත් වී සිටි නූමනෝරයන් නැගෙනහිර මුහුද සම්පූර්ණයෙන්ම පාහේ ගවේෂකණය කර තිබුනා. ඉන් නොනැවතුනු ඔවුන් බටහිර මුහුදේ ඔවුන්ට තහනම් ප්‍රදේශයන් වෙතටද බැල්ම යොමු කරන්න පටන් ගත්ත.
කාලයත් සමඟ Tar-Minastir බලය සහ ධනය වෙනුවෙන් කෑදර වෙන්නට වුනා. Middle Earth හි පිහිටුවා තිබුන Numenor වරායවල් කෙමෙන් බලකොටු බවට පත් වුනා. Tar-Atanamir ගේ පාලනය යටතේ නූමනෝරයන් විසින් Middle Earth හි ජනතාවගෙන් අධික ලෙස බදු සහ කප්පම් ලබාගැනීමට පෙලඹුන අතර මේ මගින් වසර ගණනාවක් පුරාවටම නූමනෝරයන් විශාල ධනයක් රැස්කර ගත්ත. Atanamir තමයි Valar වරුන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැංවූ මුල්ම පාලයකා වුනේ. Elf ලට උරුම අමරණීයත්වය ඔවුන්ටත් උරුම විය යුතු බවටත්, Valar වරුන් ඔවුන්ව පීඩාවට පත් කරන බවටත් ඔහු චෝදනා නැගුවා. ඔහුගේ මේ ක්‍රියා කලාපය නිසා Numenor හි ජනතාවගේ හදවත් තුල මරණය පිලිබඳ තිබුන බිය තව තවත් ගැඹුරු වුනා. මේ අනුව Numenor හි ජනතාව දෙපිලකට බෙදුන. එක් පසෙකින් රජුගේ වංශය සහ රජුව අනුගමනය කල ජනතාවත්, තව පසෙකින් වලාර් වරුන්ට සහ එල්ෆ් ලට පක්ෂපාතී ජනතාවත් වුනා. රජුගේ පක්ෂය ප්‍රසිද්ධියේම වලාර් වරුන්ට සහ එල්ෆ් ලට විරුද්ධ වුන අතර, අනික් පක්ෂය අවසානය තෙක්ම වලාර් වරුන්ට සහ එල්ෆ් ලට පක්ෂපාතී වුන නිසා මොවුන්ව "පක්ෂපාතීන්" (Faithful) ලෙස හැඳුන්වුනා.
රජවරුන් විසින් කෙමෙන් කෙමෙන් එල්ෆ් ල විසින් ඔවුන්ට ඉගැන්වූ Quenya භාෂාව භාවිතය අත හැරිය. Numenor හි විසි වෙනි රජු Quenya භාෂාව සම්පූර්ණයෙන්ම තහනම් කොට නූමනෝර් භාෂාවට අනුව Ar-Adûnakhôr යන නම ආරූඪ කරගත්ත. මේ නමේ අර්ථය වුනේ "බටහිර අධිපතියා" යන්නයි. පක්ෂපාතීන් විසින් රජු මෙවැනි නමක් ආරූඪ කරගැනීම මහා අභාග්‍යයක් ලෙසයි සැලකුවෙ. මොකද "බටහිර අධිපති" යන නම වලාර් වරුන්ගේ පාලකයා වුන Manwe සහ සියළුම එල්ෆ් වරුන්ගේ රජු වුන Ingwe ව හැඳීන්වීමට පමණක් භාවිතා වුන කීර්ති නාමයක් වුන නිසා. ඔවුන් බිය වුන ලෙසටම Ar-Adûnakhôr පක්ෂපාතීන්ව සහ Quenya භාෂාව භාවිත කරන ඕනම අයෙක්ව ප්‍රසිද්ධියේම ඝාතනය කරන්න තීරණය කෙරුව. මේ අනුව එල්ෆ් ල Numenor වෙත පැමිණීම සදහටම නතර කෙරුව.
කෙසේ නමුත් නූමනෝරයන් දිගටම බලයෙන් ඉහලට ගියා. නමුත් ඔවුන්ගේ සිත් තුල මරණයට ඇති බිය වැඩි වීමත් සමඟ ඔවුන්ගේ ආයු කාලය කෙමින් කෙමින් අඩු වන්නට වුනා. අතීත රජවරුන්ගේ පිලිකුල් සහගත පාලන ක්‍රමය පිලිබඳ කලකිරුනු Tar-Palantir රජු විසින් නූමනෝරයට වැදී තිබුන ශාපයෙන් රාජ්‍යය ගලවාගැනීමට උත්සාහ කලත් නූමනෝර් ජනතාවගෙන් බොහෝ පිරිසක් ඔහුට විරුද්ධ වී කැරලි ගැසීමට වුනා. මේ සියළු කැරලි වලට සුප්‍රසිද්ධියේ නායකත්වය සැපයූ මොලකාරයා වුනේ ඔහුගේම බෑණනුවන් වුන Ar-Pharazôn යි. Tar-Palantir ගේ අභාවයෙන් පසුව නූමනෝර් නීතියට අනුව ඔහුගේ දියණිය වුන Miriel හට කිරුළ හිමිවීමට තිබුනත් Ar-Pharazôn විසින් ඇයට උරුම බලය පැහැරගත්තා පමණක් නොවෙයි බලහත්කාරයෙන්ම ඇයව විවාහ කරහත්ත. "ස්වර්ණමය Ar-Pharazôn" (Ar-Pharazôn the Golden) තමයි ඔහුව හැඳුන්වුනු කීර්ති නාමය වුනේ. මිනිස් ඉතිහාසයේ වඩාත් ගාම්භීර සහ බලවත් රජු වුනේ ඔහුයි. මුළු ලෝකයටම රජු වීම තමයි ඔහුගේ එකම ආශාව වුනේ.
To be continued...
Part 1 - https://www.facebook.com/share/p/18p8eJEngo/
#වංශය