A Live News

A Live News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Live News, Media/News Company, 179 Hospital Road, .
(1)

A Live News our channel that collects and broadcasts all the information captured by the cameras of local journalists spread across the world, as well as all the information tracked and obtained by our organization's journalists.

13/05/2026

අධික වැසි තත්ත්වයෙන් ප්‍රදේශ රසකට බාධා
පානදුරේ පොදු වෙළඳපොළක් ජලයෙන් යටවේ

11/05/2026

බණ්ඩාරවලට අධික වැසි පදික වෙළෙන්දන්ට දැඩි අලාභ

“සුදීමා චාන්දනීගේ රුවට  බුලත් කෙළ  ප්‍රහාරයක්”ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශාඛා සංවිධාන පිහිටවීම සඳහා මහජනතාවට ආරාධනා කරමි...
11/05/2026

“සුදීමා චාන්දනීගේ රුවට බුලත් කෙළ ප්‍රහාරයක්”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශාඛා සංවිධාන පිහිටවීම සඳහා මහජනතාවට ආරාධනා කරමින් සුදීමා චාන්දනී ගේ රුව ඇති පෝස්ටර් ගණනාවකට බුලත් කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇත.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් පල්ලේගම හේමරතන හිමි 12 වැනිදා දක්වා රිමාන්ඩ් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජා...
09/05/2026

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් පල්ලේගම හේමරතන හිමි 12 වැනිදා දක්වා රිමාන්ඩ්
වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සදහා යොමු කරන ලෙස නියෝග

දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ...
09/05/2026

දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේදී අත්අඩංගුවට ගත් බවත්, අද (09) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත්, මහජන ආරක්ෂක ඇමති කියයි.

08/05/2026

Kurunegala Municipal Council කුරුණෑගල වැසිකිලි කොන්ත්‍රත්තූවට අල්ලස් ලබා ගැනීමට ගිය නියෝජ්ය්‍ය නගරාධිපති ලක්ෂ 30ක අල්ලසක් ලබා ගැනීමට ගිය මොහොතේ බත්තරමුල්ල හෝටලයකදී අල්ලස් කොමිසමේ දැලට කොටුවෙයි

අටමස්ථානාධිපති හේමරතන හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
08/05/2026

අටමස්ථානාධිපති හේමරතන හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයෙකුට අපහාස කළැයි, රාජාංගනයේ සද්ධාරතන හිමි මධ්‍යම අපරා...
08/05/2026

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයෙකුට අපහාස කළැයි, රාජාංගනයේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට.

යාපනයේ විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවට ස්වීස් කුමාර ඇතුළු 4 දෙනෙකුට ත්‍රිපුද්ගල මහා...
06/05/2026

යාපනයේ විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවට ස්වීස් කුමාර ඇතුළු 4 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි...

කුෂ් ගෙනා භික්ෂුන් 23 දෙනා මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට ! මාධ්‍යවේදීන්ට ‘ලකේ ගල හිමිගෙන්’ බාධා තායිලන්තයේ සිට “කුෂ්”...
04/05/2026

කුෂ් ගෙනා භික්ෂුන් 23 දෙනා මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට ! මාධ්‍යවේදීන්ට ‘ලකේ ගල හිමිගෙන්’ බාධා

තායිලන්තයේ සිට “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය ඊයේ (02) නියෝග කළාය.

රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු එම පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දිණි.

තායිලන්ත සංචාරයක නිරත වී අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 112ක් සොයාගැනීමත් සමඟය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව, අමිතානන්ද නම් චීවරධාරියා ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඔහුගේ මෙහෙයවීමෙන් මින් පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවත්, ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

මාධ්‍යවේදීන්ට බාධා

මෙම නඩුව විභාග වූ අවස්ථාවේ අත්අඩංගුවට පත් භික්ෂූන්ගේ සහායට අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි, “ලකේ ගල හාමුදුරුවෝ” ලෙස තමන් හඳුන්වාගත් භික්ෂුවක් එහි රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදීන්ට බාධා සහ හිරිහැර වන අයුරින් හැසිරුණු බව වාර්තා වේ.

එම භික්ෂුව සිය ජංගම දුරකථනයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතා අධිකරණ පරිශ්‍රයට ගෙන්වාගෙන, මාධ්‍යවේදීන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක යෙදුණු බවද දැකගත හැකි විය.

විවෘත අධිකරණ වාර්තාකරණය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියක් බවත්, ඊට බාධා කිරීම මාධ්‍ය නිදහසට එල්ල කරන ලද අභියෝගයක් බවත් මාධ්‍ය ක්‍රියාකාරින් පෙන්වා දෙති.

මේ දිනවල මෙරට සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති අටමස්ථානාධිපති හිමියන්ගේ නම සම්බන්ධ වී තිබෙන බාලවයස්කාර දැරියක් අ #යෝජනය ක...
03/05/2026

මේ දිනවල මෙරට සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති අටමස්ථානාධිපති හිමියන්ගේ නම සම්බන්ධ වී තිබෙන බාලවයස්කාර දැරියක් අ #යෝජනය කිරීමේ සිද්ධිය මේ වන විට පොලිසිය සහ ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පුළුල් විමර්ශනයකට ලක්වෙමින් පවතී. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක දැරියක අනුරාධපුර-කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙකු සමඟ නිට්ටඹුව ප්‍රදේශයට පැන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇයගේ මව විසින් නිට්ටඹුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම පුළුල් අපරාධ ජාලය අනාවරණය වී තිබේ.

පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කොන්දොස්තරවරයා සහ දැරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය මීට පෙර මුහුණ දුන් බරපතළ ලි #ගික අ #යෝජන සිදුවීම් පිළිබඳව තොරතුරු හෙළි කර ඇත.

අදාළ දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමා මීට පෙර පුද්ගලයින් දෙදෙනෙකු අතින් ලි #ගික අ #යෝජනයට ලක්ව ඇති බවත්, ඉන් එක් අයෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෙකු වන බවත් අනෙක් පුද්ගලයා අටමස්ථානාධිපති හිමියන් බවත්ය. තම මව විසින් මුදල් ලබාගැනීමේ අරමුණින් තමන්ව මෙම තත්ත්වයට පත් කළ බවටද ඇය වැඩිදුරටත් චෝදනා කර තිබේ. එමෙන්ම අපයෝජනයට ලක්වන අවස්ථාවේ තමන් හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් වත්තක වළලා ඇති බවටද ඇය පොලිසියට තොරතුරු ලබා දී ඇත.

දැරියගේ ප්‍රකාශය ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිසිය අනුරාධපුර ප්‍රදේශයට ගොස් වළලා තිබූ බව කියන එම ඇඳුම් ගොඩගෙන ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මීට අමතරව සැකකටයුතු අපරාධය සිදුවූවා යැයි කියන ප්‍රදේශයට ගොස් අපරාධ ස්ථාන පරීක්ෂණයක්ද සිදු කර ඇත. සැකකාර හිමිනමක් විසින් තමන්ට යවන ලදැයි කියන කෙටි පණිවිඩ සම්බන්ධයෙන්ද දැරිය ප්‍රකාශයක් ලබා දී ඇති අතර, මේ වන විට අධිකරණ නියෝග හරහා අදාළ දුරකථන දත්ත නැවත ලබාගැනීමට කටයුතු කරමින් පවතී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ මත පළවෙමින් තිබුණද, පොලිසියට හෝ විමර්ශන කටයුතුවලට කිසිදු දේශපාලන හෝ බාහිර බලපෑමක් එල්ල වී නොමැති බව තහවුරු වේ. වසර දෙකකට පෙර සිදුවූ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රබල ආගමික නායකයෙකුට බැවින්, හුදු වාචික ප්‍රකාශයක් මත පමණක් පදනම්ව අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම නීතිමය වශයෙන් ගැටලු සහගතය. එසේ විද්‍යාත්මක සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා පොලිසියට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානමක් පවතී. එබැවින් විමර්ශකයන්ගේ අරමුණ වී ඇත්තේ ඩීඑන්ඒ වාර්තා සහ දුරකථන දත්ත වැනි ප්‍රබල විද්‍යාත්මක සාධක මගින් මෙම චෝදනා තහවුරු කරගැනීමයි.

මෙහිදී විමර්ශනවලට දැඩි බලපෑමක් වී ඇත්තේ දැරිය සහ ඇයගේ මව විටින් විට තම ප්‍රකාශයන් වෙනස් කිරීමයි. තම දියණියට එවැනි කිසිදු අපයෝජනයක් සිදු නොවූ බව මව පවසන අතර, මේ වන විට මවටද තම කුඩා දැරිය විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මේ අතර අටමස්ථානාධිපති හිමියන්ගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, උන්වහන්සේ පවසා ඇත්තේ එම පවුලේ තිබූ දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් තමන් ඔවුන්ට මූල්‍යමය උපකාර පමණක් සිදු කළ බවයි. මව විසින්ද අදාළ මුදල්මය උපකාර ලබාගත් බව පිළිගෙන ඇත. තවද විහාරස්ථානය අසල පිහිටි පොලිස් මුරපොළේ නිලධාරීන්ද ප්‍රකාශ කර ඇත්තේ එවැනි කිසිදු සැකකටයුතු සිදුවීමක් තමන් නිරීක්ෂණය කර නොමැති බවයි.

මෙම අභියෝග මධ්‍යයේ වුවද පරීක්ෂණ කටයුතු කිසිසේත්ම අතරමග නතර කර නොමැති අතර, චෝදනාවට ලක්ව සිටින දඹුල්ලේ ව්‍යාපාරිකයාද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. නිට්ටඹුව පොලිසිය, ගම්පහ ළමා හා කාන්තා කාර්යාංශය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සියලු විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ. මේ වන විට අදාළ පැමිණිලි, සාක්ෂි සහ තොරතුරු සියල්ල වැඩිදුර නීතිමය අධ්‍යයනය සඳහා පොලිස් නීති අංශය වෙත යොමු කර තිබේ.

Address

179 Hospital Road

11600

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when A Live News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share