U Productions

  • Home
  • U Productions

U Productions Thanks 🙏🏼 everything

19/06/2024
18/06/2024
18/06/2024

U production

18/06/2024
18/06/2024

U production

මාලිණී ,සංගීතා, යශෝධා වගේම අයිරාංගනී ආන්ටිත් සිගරට් බිව්වේ සල්ලි වලට ද? 🤔මේ දවස්වල ITN එකේ යන " take care" නාට්ටියේ දිනක...
18/06/2024

මාලිණී ,සංගීතා, යශෝධා වගේම අයිරාංගනී ආන්ටිත් සිගරට් බිව්වේ සල්ලි වලට ද? 🤔

මේ දවස්වල ITN එකේ යන " take care" නාට්ටියේ දිනක්ෂි කෙල්ල 🚬 එකක් බොන සීන් එකට ගොඩක් සංවේදී හිත් ඇති පිරිසකට කොහේදෝ සිත් තැවුලක් මොදු වෙලා එහෙම දේවල් පෙන්නන එකෙන් සමාජය පිරිහෙන්වාය කියලා හෙන හෑලි ටිකක් දැක්කා.. (සිගරට් බොන එක සිරාවටම හොඳ නෑ හොදේ 👍)

ඒත් 🚬 එකක් බොන දර්ශයක් දැක්කාම ඒක සිඟරට් කම්පැනියේ ඇඩ් එකක් කියලා කියන්න අපේ රටේ මිනිස්සු පෙළඹිලා ඉන්නවා..මේකට හේතුවකුත් තියෙනවා ඉස්සර සුරුට්ටුව සහ බීඩියෙන් පස්සේ ජනප්‍රියම දුම්පාන පොල්ල වෙන්නේ ත්‍රීරෝසස් සිගරට් එක. මේ සිඟරට් එක පට්ට පේමස් වෙනකාලේ දැනට භාවිතාවන ඉංග්‍රීසි නම් තියෙන පොෂ් විදිහට බොන්න පුළුවන් සිගර්ට් දෙකක් ලංකාවට හඳුන්වා දෙනවා.. මෙන්න මේ සිගර්ට් ප්‍රමෝට් කරන්න උපායක් විදිහට මේ සමාගම් ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපට වල ප්‍රධාන නළුවන්ට මේ සිගරට් බොන දර්ශන සදහා අනුග්‍රහය දැක්වූවාය කියන සීන් කෝන් එකක් ඒ කාලේ ජනප්‍රිය කටකතාවක් වෙනවා..

සමහර විට ඇත්ත කියලා හිතෙන්නේ ඒ චිත්‍රපට වල ඒ දර්ශන වල සිගරට් එක සහ දර්ශනයේ නොගැලපීම් දැක්කාම තමයි. පස්සේ ඔය සිගරට් සීන් එක වීරත්වයට සහ සරාගීත්වය පෙන්නන්න සිනමාකරුවන් තෝරාගන්නවා. නළුවාට නොමැති පෞරුෂයක් මතින් පුරුෂ ශක්තිය පෙන්නන්න සිගරට් බොන සීන් පවා අපේ සිනමාවේ දකින්න පුළුවන්.

මම නම් හිතන්නෑ මේ නූතන සමාජයට රූප මාධ්‍ය වලින් සිගරට් බොන සීන් පෙන්නලා අමුතු වෙලඳ ප්‍රචාරනයක් සිගරට් වලට දෙන්න ඕන කියලා.. හරියට ගල් අරකු බෝතලේට ඇඩ් ගහන්න ඕන නෑ වගේම සිගරට් එකටත් ලංකාවේ ඇඩ් ගගලා විකුනන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නෑ..

ඒ වගේම එදා සිට අද වෙනකන් අපේ සමාජයේ සිගරට් බොන ගැහැණුන් දෙස බලන්නේ වපර ඇසකින්.. මෙන්න මේ නිසා තමා අපේ නාට්ටි සහ සිනමාකරුවො ගණිකාවන්ට සහ චරිතේ හොඳනැති ගැහැණු චරිත වලට අරක්කු බීම සහ සිගරට් පොව්වන්නේ..

ITN එකේ යන " take care" නාට්ටියේත් වෙන්නේ ඕක ඒ නාට්ටියේ දිනක්ෂිගේ චරිතය තරමක් නිශේධාත්මක චරිතයක්. ඉතින් ඒ චරිතයේ භාවයන් වැඩියෙන් ඉස්මතු කරන්න නාට්ටියේ රචකයා දිනක්ෂිට සාම්ප්‍රධායිකව අපේ මනසේ පැලපදියන් වී තිබෙන සිගරට් බොන ගැහැණිය වල් එකියක්ය කියන දේ වැඩියෙන් ඉස්මතුවෙන්න රචකයා සහ අධ්‍යක්‍ෂකවරයා එය අපූරුවට භාවිතා කර තිබෙනව..

භාචි සුසාන්ගේ සහ ශානිකා මධුමාලිගේ "බඹර නාදේ" සිංදුවේ විෂුවල් එකේ බියර් බොන්න ඕන සීන් එකක් තියෙනවා.. නමුත් ඒකේ බියර් වෙනුවට තුන්දෙනා බොන්නේ කිරිවි දුරුවක් 🤣 කිරි බීලා මත් වෙලා තමා එතකොට කොල්ලා කෙල්ලව මරන්නේ වගේ හැගීමක් අපට ඒකේ එන්නේ..ඒ වගේ බියර් බොන සීන් එකකට කිරි දාලා හරියන්නෑ වගේ මේ වගේ චරිත සහ සීන් වලට බහුභූත දේවල් කරලා හරියන්නැති වෙලාවලුත් තියෙනවා ඉතින්..

පහතින් තියෙන්නේ දිනක්ෂිට වඩා ප්‍රවීන නිළියන් 4 දෙනෙක් සිගර්ට් බීපු අවස්තා සහිත චිත්‍රපට .. ඇත්තටම මේ චිත්‍රපට බලපු අයෙක්ට මේ සිගර්ට් බොන සීන් එකෙන් ඒ චරිතයේ භාවයන් නැති උනාද කියනනම් දන්නේ නෑ..

සැලී චිත්‍රපටියේ මාලිනී සිගරට් බොන සීන් එක එන්නේ මාලිනී මහත්‍තයා දාලා ගියාම ගණිකාවක් ලෙස වල්මත් ජීවිතයක් ගත කිරීමත් සමගයි.. ඒ වගේම මට මතක විදිහට මාලිනී සොල්දාදු උන්නැහේ චිත්‍රපටියේ යසට බීඩි උරනවා පෙන්නනවා..

මාරුතය චිත්‍රපටියේ පෝස්ටරේම සංගීතා සිගරට් බොන සීන් එක ඇතුලත් කරලා තිබුනා.. මේකේ සංගීතාගේ නංගී වෙන්නේ යශෝධා.. යශෝධා කියන්නේ අහිංසක චරිත වලින් ඒ කාලේ නමක් දිනා සිටි නිළියක්. නමුත් ඇයත් ඇගේ චරිතය වෙනුවෙ මෙහි සිගර්ට් බොනවා.. ඒ අක්කා නගෝ දෙන්නම ගණිකාවන්..

කිණිහිරියා මල් චිත්‍රපටියේ වගේම මට මතක විදිහට දඩයම චිත්‍රපටියේත් ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ සිගරට් බොන දසුන් ඇතුලත් උනා ඒ චිත්‍රපට දෙකේම අයිරාංගනී ගණිකා නිවාස හිමිකාරිණියක් ලෙසයි රඟපෑවේ .

මේ මට මතක චරිත විතරයි.. සිඟරට් බොන එක කිසිසේත්ම ශරීරයට හොඳ නෑ.. එය අපි පිළිගත යුතුම සත්‍යයක්..ඒත් නිර්මාණයකට එය නිර්මාණාත්මකව ඇතුලත් කිරීමේ කිසිසු වරදක් නැහැ.

විශේෂයෙන් කාන්තාවන් සිගරට් බොන දසුන් ඇතුලත් බොහෝ නාට්ටි සහ චිත්‍රපට වැඩිහිටියන්ට පමණයි ලේබලයේ එන නිර්මාණ. ඒවා කිසිසේත්ම දරුවන්ට නොපෙන්වා සිටීම වැඩිහිටියන්ගේ වගකීමක්.. ළමයාට හරි වැරදි දේ තේරුම් ගත හැකි මනසක් සහිත පරිසරයක් ගොඩනැගීම වැඩිහිටියන්ගේ වගකීමක්.

මීට වඩා සිරාවටම අර බොරුවට තොදොල්වෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්න , පිස්සෝ වගේ දගල දගල ස්කෝලේ කාලේ ලව් වලට ගහ මරාගන්න ඒවා පෙන්නන නාට්ටි තමා තහනම් කරන්න ඕන. ඒවාට කිසි හෙනයක් නෑ යස අගේට ජනප්‍රිය සම්මානත් ගන්නවා 🤣..

Mmp Ranaweera

23/09/2023
23/09/2023

Released Now
(YouTube )

Be Free - Dance Cover (Pallivaalu Bhadravattakam)
Vidya Vox | AK Twins

Cinematography - Dilan Vijaya wickramakeerthi
Choreography - AK Twins
Production - Studio EVE

Special Thanks
Akash Rathnayaka
Dinusha Priyamal Dissanayake
Anuja Eranda Wickramakeerthi
Kusal Ranganath Nanayakkara

Address


Website

Alerts

Be the first to know and let us send you an email when U Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share