Lanka Daily News

  • Home
  • Lanka Daily News

Lanka Daily News Daily updated news at Sri Lanka and around the world

02/10/2026

සියක් වැඩිහිටියන් නමඳිමින් මස්කෙලියෙන් සමාජ සත්කාරයක්.

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව, ජීවිතය පුරා සමාජයට කළ මෙහෙවර අගයමින් වැඩිහිටි මව්පියවරුන් සියදෙනෙකුට උපහාර දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් කුඩා මස්කෙලිය ග්‍රාම සංවර්ධන සමිතිය විසින් කුඩා මස්කෙලිය බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කර තිබිණි.

සර්ව ආගමික වතාවත් හා ධර්ම දේශනයකින් ආරම්භ වූ වැඩසටහනේදී වැඩිහිටියන් සියදෙනා එක්ව ස්වාමීන් වහන්සේ වෙත අටපිරිකර ඇතුළු පිරිකර පූජාවක්ද සිදු කළහ.

මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨතම කාන්තාව වූයේ 99 හැවිරිදි මාතාවකි. අතීතයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට මගපෙන්වන්නියක ලෙස සේවය කළ ඇයගේ සහභාගිත්වය එම අවස්ථාවට එක් කළේ විශේෂ සංවේදීත්වයකි.

අනතුරුව පැවැති සුහද හමුවේදී වැඩිහිටියෝ සිය යොවුන් වියේ මතකයන් බෙදාගත් අතර, ගීත හා නර්තන අංග ඉදිරිපත් කරමින් තම කලා හැකියාවන්ද ප්‍රදර්ශනය කළහ. එම කටයුතු අතරතුරදී දිනුම් ඇදීමක් මගින් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු විය.

නෝර්වුඩ් සහකාර ප්‍රාදේශීය ලේකම් ජී. ජී. ආර්. සඳමාලී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වැඩිහිටියන්ට අවශ්‍ය වන්නේ ත්‍යාග පමණක් නොව, තම ජීවිතය සහ මෙහෙවර අගය කරන සමාජයක උණුසුම බව පෙන්වා දුන් මෙම වැඩසටහන, ඔවුන්ගේ හදවත් තුළ සතුටක් මෙන්ම සොඳුරු මතකයක්ද ඉතිරි කළ මානුෂීය සත්කාරයක් විය.

02/10/2026

අපේ පරපුර පක්ෂයේ සභාපතිට මරණ තර්ජන

ජලභීතිකාව තුරන් කරන්න කලයුතු දේ මොනවාද - HPB සතියේ මාධ්‍ය දැනුවත් කිරීම.https://youtu.be/TdmsPdbByJQ                    ...
02/10/2026

ජලභීතිකාව තුරන් කරන්න කලයුතු දේ මොනවාද - HPB සතියේ මාධ්‍ය දැනුවත් කිරීම.
https://youtu.be/TdmsPdbByJQ

#සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග...🛑ෆේස් බුක්/facebook https://f...

02/10/2026

භීෂණය මැද වැඩකල හැටි කියන ලසන්ත

01/10/2026
01/10/2026

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කර තිබේ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම් දෙකහි, එක් පෙත්සමකින් චෝදනා කර තිබුණේ ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක අන්තර්ගත කරුණු මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි. අනෙක් පෙත්සමෙන් සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කර තිබිණි.

අදාළ පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබූනි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී.

#අධිකරණයටඅපහාස #ශ්‍රේෂ්ඨාධිකරණය #ශානිඅබේසේකර #රවිසෙනවිරත්න #සිරිල්ගාමිණීපියතුමා #අධිකරණතීන්දුව #නීතිය #ශ්‍රීලංකාඅධිකරණය

01/10/2026

රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන නෙළුම් කුළුණේදී ඇරඹේ.
https://www.smn24.lk/?p=10451

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන DTTB (Digitalization of Terrestrial Broadcasting) වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ උත්සවය කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.

#නෙළුම්කුළුණ #ඩිජිටල්රූපවාහිනී #ඩිජිටල්ශ්‍රීලංකාව #තාක්ෂණය #ජනමාධ්‍ය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Daily News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share