04/12/2025
What a Joke 🤣
ඩිට්වා කුණාටුවෙන් ලංකාව නැවත ගොඩගන්න මහජන මුදල්, විදේශ ආධාර සහ විවිධ පරිත්‍යාගශීලීන්ගේ මුදල් එකතු යොමු කරල හැදුව ව්‍යවස්ථාපිත Rebuilding SriLanka Fund එකේ කළමනාකරණ කමිටුව තමා ඔය පහළ photoවෙ ඉන්නෙ
නිකන් උඩින් බැලුවම පේන chamber of commerce එකේ මොහාන් පණ්ඩිතගේ (හේලීස් සමූහය), ක්‍රිෂාන් බාලේන්ද්‍ර (ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්), ඉෂාර නානායක්කාර (LOLC හෝල්ඩින්ග්ස්) - සහ විශාල සමූහ ව්‍යාපාරවල අනෙකුත් ඉහළ විධායක නිලධාරීන්.
අනුරට තියන කෝකටත් තෛලය මේක තමයි.
මොවුන් සමඟ මේ දක්වා අනුර කරපු කිසිම ගනුදෙනුවක් රට හමුවේ විවෘත වෙලා නෑ.
අනුරගෙන් නීතියානුකූල නොවන විදිහට ස්කාගාර බලපත්‍රයක් ගත්ත කෙනත් මෙතන ඉන්නවා.
දුෂිත ෆ්ලග් ටොප් ගනුදෙනුව කරන්න හදලා ජනතාවගේ විරෝධය නිසා නැවත ඒක හකුලා ගත් සමාගමේ අයිතිකාරයත් මෙතන ඉන්නවා.
කිසිදු ප්‍රසම්පාදන ක්‍රමයක් අනුගමනය නොකර තමන්ගේ සමාගමට රජයේ කොන්ත්‍රාත් ගත්ත අය මෙතන ඉන්නවා.
දුෂිත කන්ටේනර් 323 ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ලවුන සමාගම්වල අයිතිකාරයෝ මෙතන ඉන්නවා.
මෙතන ඉන්න බහුතරය දූෂිත බිස්නස්කාරයෝ ටිකක්.
මෙතන නැත්තේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පමණයි.
ඒ කියන්නේ පෞද්ගලික අංශයේ ලාභ කාක්කො ටික රාජ්‍ය මුදල්, විදේශ පරිත්‍යාග වියදම් කරන හැටි තීරණය කරමින් සිටිනවා.
සහන දෙනවද, ජනජීවිතය ගොඩනැගීම සඳහා කරන project මොනාද, ප්‍රමුඛත්වය දිය යුත්තේ මොනාටද යන්න තෝරා ගන්නේ මෙයාලලු.
ව්‍යසනයකින් ලාභ ලබන්න බලන් ඉන්න ලාභ කාක්කො (Covid කාලේ micro financing වගේ ඒව මතක ඇති) ආපදා සහන අරමුදල් කළමනාකරණය කිරීමේ වගකීම භාර ගත්තම ලැදියාවන් අතර ගැටුම උපරිමයි.
හේලීස්, ජෝන් කීල්ස්, LOLC වගේ සමාගම් සහන මුදල් වියදම් කරන හැටි තීරණය කරන කමිටුවක ඉද්දි, උන්ට silently තමන්ගේම නිෂ්පාදන, සේවා, ණය, රක්ෂණ ක්‍රම දිහාවට රාජ්‍ය ව්‍යාපෘති යොමු කරන්න පුළුවන්.
විවෘතව දූෂිත නොවුනත්, සහන සැලසීමයි ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරගැනීමයි කියන දෙකම උන් පාලනය කරද්දි, මහජන මුදල් සමාගම් ලාභ රේට්ටු වලට වියදම් කිරීමට තියෙන සම්භාවිතාව වැඩියි.
මේක අළුත් දෙයක් නෙවෙයි: ඒක Naomi Klein එයාගෙ The Shock Doctrine විස්තර කරනව.
මහජනයා සතු, සතු විය යුතු සම්පත් ඉක්මනින් පෞද්ගලික අංශයෙ අතට මාරු කිරීම සඳහා ව්‍යසන භාවිතා කිරීමේ රටාවක් නැත්තං Crisis Capitalism කියන්නෙ හොඳට document වෙලා තියෙන දෙයක්.
2004 සුනාමියෙන් පස්සෙ: ඉඩම් සහ වෙරළබඩ දේපළ නැවත කලාපකරණය කරද්දි, වෙරළ තීරයෙන් වැඩි කොටසක් හෝටල්/සංචාරක සංවර්ධකයින්ට භාර දුන්නලු- ධීවර ප්‍රජාවන්ට ඔවුන්ගේ නිවාස, ජීවනෝපායන් සහ සම්පත් අහිමි වුනාලු. එහෙම ලියල තියෙන්නෙ Naomi Klein
මේක ගැන ප්‍රශ්න නොකළොත්, මේ " Rebuilding Sri Lanka අරමුදලත්" අරකෙම repeat එකක් වෙන්න පුළුවන්.
ඉතින් — මහජන අරමුදල් = මහජන වගකීම්.
Corporate Agenda නෙවෙයි