A mom's life in Australia

  • Home
  • A mom's life in Australia

A mom's life in Australia Motherhood + Lifestyle + Minimalism

06/07/2025

මගෙන් දරුවන්ගේ විස්තර අහලා මැසේජ් කරලා තිබුණු අයට බොහොම ස්තූතියි. ඒත් ඒවා වලටවත් reply කරන්න නම් බැරි වුණා.

පොඩි 3 දෙනාටම conjunctivitis එක්ක දරුණු RSV infection එකක් ඇවිත් තියෙන්නේ. (හිතන් ඉන්නෙ හැමෝටම ඒක වෙන්න ඇති කියලා. Check කරේ ලොකු දුවගේ විතරයි.මොකද කොයි virus එක වුණත් හැදුනට පස්සේ කරන්න දෙයක් නැහැ නේ)

පොඩි අය දවස් 3 කින් කෑම කාලා නැහැ. යන්තම් සුප්, යෝගට්, බිස්කට්, කිරි , තේ වගේ දේකින් කටක් දෙකක් ගන්නවා විතරයි. සමහර වෙලාවට ඒකත් නැහැ. ඉතින් ඒ නිසා වඩාගෙන තමයි toilet එකටත් ගෙනියන්න වෙලා තියෙන්නේ. මොකද සමහර වෙලාවට පොඩ්ඩක් ඇවිදපු ගමන් හුස්ම ගන්න අමාරු වෙනවා. කැස්ස වැඩි කමට සෙම හිරවෙලා හුස්ම ගන්නත් බැරි වෙනවා. ලොකු දුවට තේරෙන නිසා මට බයයි අම්මේ කියලා අඬනවා.

අපි දෙන්නටත් හැදිලා නිසා මාරුවෙන් මාරුවට අමාරුවෙන් බෙහෙත් දීලා වැඩ ටික ඇදගෙන යනවා.

ඔන්න ඕකයි දැන් තත්වෙ. ඒත් මම ඔයාලට lessons එවනවා. ඒවා කරන්න. Sorry ඒ ඇරෙන්න ඔයාලගේ තියන ප්‍රශ්න වලට reply කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රශ්න අහන්න කලින් ඒකට answer එක මම එවපු resources වල තියනවාද හෝ හදිස්සියෙන්ම අහන්න ඕන එකක් ද කියලා හිතලා බලලා අහන්න හොඳේ.

Edit - lessons එවන්න ඕන නැහැ කියලා කියන අයට 🙏🙏🙏. ඒත් මේක මගේ වගකීමක් නිසා මම තිරණය කරා ඔයාලට Lessons එවන්න. (video එක නැතුව). මම විශ්වාස කරනවා මොන ප්‍රශ්නය තිබුණත් අපේ වගකීම් කියන ඒවා ඉෂ්ට කරන්න ඕන කියලා. එකම දේ මට lessons ඇරෙන්න වෙන අමතර උදවු / ප්‍රශ්න වලට උත්තර නම් කාටවත්ම දෙන්න වෙන්නේ නැහැ. 🙏🙏♥️♥️

අපි දෙයක් අත අරින්න කලින් දහස් වතාවක් හිතනවා.....අපි ඕනම කෙනෙක් relationship එකක් ඇතුලට එන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක. එත...
15/06/2025

අපි දෙයක් අත අරින්න කලින් දහස් වතාවක් හිතනවා.....

අපි ඕනම කෙනෙක් relationship එකක් ඇතුලට එන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක. එතැනදී තමන්ගේ partner ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක එකිනෙකාට සාපේක්ෂයි. සමහරු බලාපොරොත්තු වෙන්නේ අතට පයට වැඩ කරලා දෙන එක, සමහරු සල්ලි, සමහරු intimacy, සමහරු gifts, සමහරු නිදහස......

එතකොට අනිත් ඔක්කොම තිබිලත් මේ වැඩිපුරම බලාපොරොත්තු වෙන දේ ඒ partner ගෙන් ලැබුනේ නැති වුනාම අපි පටන් ගන්නවා ඒක ගැන කතා කරන්න. අහන්න. එතකොට ඔයා ඉන්නේ healthy, ආදරය සහ ගව්රවය තියන relationship එකක් ඇතුලේ නම් ඒ partner හරිම ආදරෙන් ඒක බාර අරගෙන වෙනස්වෙන්න try කරාවි. හැබැයි එහෙම නැති කෙනෙක් නම් ඉන්නේ එක්කෝ එයා තරහ ගනීවි නැත්තම් ඇහුනේ නැහැ වගේ ගණන් නොගෙන ඉඳීවි. නැත්තම් කවදාවත් ඉෂ්ට නොකරන හිස් පොරොන්දු දේවි.

මෙතැනදී අපි ගොඩක් අය හැරෙන්න හිතන්නේ නැහැ. ඒ වෙනුවට අපි ආයේ ආයේ කියනවා.හොදින් කියලා බැරි නම් රණ්ඩු වෙලා හරි hint ගහලා වැඳලා බැගෑපත් වෙලා හරි නිතර නිතර මේක මතක් කරනවා. එතකොට ඔන්න මෙච්චර කල් අන්ධ වෙලා වගේ ඇහෙන්නේ නැහැ වගේ හිටපු කෙනාට එක පාරටම ඔක්කොම ඇහෙන්න පේන්න ගන්නවා. හැබැයි ඒකෙත් එයාලා කියන වචන ඔළුවට ගන්නේ නැහැ. ගන්නේ මෙයාගේ කරච්චලේ ඉවරයක් නැහැ කියන කොටස විතරයි. ඒ තමන්ගේ වාසියට.මොකද එයාට ඕන අනිත් කෙනාගේ කට වහන්න විතරයි ප්‍රශ්නේ විසදගන්න නෙවෙයි .

අන්තිමට මේ විදියට කාලයක් ගෙවිලා යනවා. එතකොට අපිටත් කියන එක තේරුමක් නැහැ කියන එක ටික ටික දැනෙන්න ගන්නවා. මහන්සි දැනෙන්න ගන්නවා. අපි කොයිතරම් try කරත් තනි අතින් අත්පුඩි ගන්න බැරි වෙනවා. එතකොට අපි සද්ද නැතුව ඉන්න පටන් ගන්නවා. ඒ ප්‍රශ්නේ විසදුන නිසා නෙවෙයි. කියල වැඩක් නැහැ කියන කලකිරීම නිසා. එහෙම වෙද්දී අනිත් පාර්ශවය හිතනවා වැඩේ හරි යන්තම් කනක් ඇහිලා ඉන්න පුළුවන් කියලා. මෙතනදීත් අපි හිත යටින් බලාපොරොත්තු වෙනවා අනිත් කෙනා දැන්වත් තේරුම් ගනීවි, වෙනස් වේවි කියලා.

ඒත්.....මොකුත් වෙනස් නොවීම, නිහඬ බව එක්කම ලොකු කුණාටුවක් අපි ඇතුලේ කරකැවෙනවා අපේ ජීවිත වෙනස්කරගෙනම.......

අපේ ජිවිතේ ලොකුම ලොකු කාලයක් ගත වුනාට පස්සේ අපිට දැනෙනවා මෙතන තවත් ඉඳලා තේරුමක් නැති බව.... අපිත් තව පන නැති හුස්ම ගන්න මලමිනියක් බව......

එතැනදී පුළුවන්කමක් තියන අය අත අරිනවා, නොයෙකුත් හේතු නිසා ඒක කරගන්න බැරි අය mentally, physically සහ emotionally වෙන්වෙලා එකම වහල යට ජීවත් වෙනවා. අන්න එදාට ඔයාට හැමදේම පැහැදිලිව පේන්න ගන්නවා....

මේ තරම් කාලයක්
තමන් ආදරේ කරාට තමන්ට ආදරේ ලැබුනේ නැති බව
relationship එක මේ තරම් කාලයක් තිබුනේ තමන්ගේ කැපවීම ඉවසීම නිසා බව
ඒ ඔක්කොම තිබිලත් හැමදාම අනිත් කෙනා අපි වෙනුවෙන්, relationship එක වෙනුවෙන් 1% ක් වත් මහන්සි නොවුන බව
ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේම නාස්ති වෙලා ගිය බව

එතැනදී අපිට ආයේ කවදාවත් නැතිවුන අපිව මුණගැහෙන්නේ නැහැ......අපි වෙනස් වෙලා..... අපිට ඉතුරු වෙන්නේ සදාකාලික හිස්කමක් විතරයි......

මේක තමයි වර්තමානයේ ගොඩක් relationships වල යථාර්තය

මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුර...
12/06/2025

මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"

මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා

"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා

"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ"

මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.

"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා

"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා

"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"

මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා.

"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි "

ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්.

"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.

ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම

"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා

"හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.

"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.

මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.

තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.

ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.

තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි. නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.

කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!

1. බීමතින්,නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න
2. කතාව හදවතට දැනුනා නම් මෙය SHARE කරන්න

උපුටා ගැනීමකි.
අයිතිය - මුල් කර්තෘ (නම නොදනී)

එයා ගිලෙමින් හිටියේ. කවුරුවත් දැක්කේ නැහැ එක කෙනෙක් ඇරෙන්න.......ඒ 2022 ජූනි මාසේ තිබුණු ලෝක ශුරතාවලියේදී වුන දෙයක්. ඇමර...
08/06/2025

එයා ගිලෙමින් හිටියේ. කවුරුවත් දැක්කේ නැහැ එක කෙනෙක් ඇරෙන්න.......

ඒ 2022 ජූනි මාසේ තිබුණු ලෝක ශුරතාවලියේදී වුන දෙයක්. ඇමරිකානු artistic swimmer කෙනෙක් වුනු Anita Álvarez සුපුරුදු විදියටම කිසිම අඩුපාඩුවක් නැතුව එයාගේ ඉදිරිපත්කිරීම කරමින් හිටියා. හැබැයි එයාගේ ඉදිරිපත් කිරීම ඉවර වෙලත් එයා වතුරෙන් උඩට ආවේ නැහැ.

එයාට සිහිය නැතිවෙලා තිබුනා. එයාගේ සිරුර හිමින් ගිලෙන්න පටන් ගත්තා. පතුලටම.

වටේට හිටපු තරඟේ බලන්න ආපු අයට මේක ගානක් වුනේ නැහැ. Judges ලට notice වුනෙත් නැහැ. හැමෝම සතුටින් අත්පොලසන් දෙමින් හිටියා මේ දැන් ඉවර වුන ඉදිරිපත් කිරීම ගැන.

ඒත්......
එයාගේ පුහුණුකාරිය, Andrea Fuentes ට මේ වෙනස තේරුණා. Andrea දැනගෙන හිටියා Anita ව. Anita කොයි තරම් වෙලාවකින් උඩට එන්න ඕනද කියලා. Andrea ට දැනුනා මොකක් හරි ප්‍රශ්නයක් තියන බව.

එතන හිටපු Life Guards ලට පවා මේක ගානක් නොවුනත් Andrea දෙපාරක් නොහිතා වතුරට පැන්නා. බොහොම අමාරුවෙන් Anita ව අල්ලගෙන උඩට අරගෙන ආවා. මේ නිසා Anita ගේ ජීවිතෙ බේරුනා.

මේ කතාවෙන් අපිටත් ගන්න දෙයක් තියනවා.....

ඔයාට ඉන්නවද ඔයා හිනා වෙලා ඉන්න වෙලාවටත් ඔයා ඇත්තටම ඉන්නේ සතුටින් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්? ආයේ උඩට එන්න බැරි තරමට ගිලුණු වෙලාවට දෙපාරක් නොහිතා ඔයා වෙනුවෙන් වතුරට පනින කෙනෙක් ? ආයේ උඩට ගේන්න පුළුවන් කෙනෙක් ?
ගිලෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් තරමට ඔයා එක්ක මනසින් බැඳුනු කෙනෙක්? නැත්තම් ඔයා ළඟම ඉඳලත් ඔයා නොඑන්නම යනකම් කිසිම දෙයක් notice නොකර, ගනන් නොගෙන අත්පුඩි ගහන අයද ඉන්නේ?

මේ ජිවිතේ අපි හැමෝටම ඕන අපිව ඇස් දෙකෙන් විතරක් නොදකින, අපිව ඇත්තටම තේරුම් ගත්ත, අපිව, අපේ වෙනස්කම් notice කරන කෙනෙක්.
අපි ජීවිතේ අත අරින්න ඔන්න මෙන්න කියල ඉන්න වෙලාවෙදී, එයාගේ පුළුවන් උපරිමය දෙන, අපිව ආරක්ෂා කරන, හැම කැපවීමම කරලා අපිව බේරගන්න කෙනෙක්.

අපි වටේට 100 ක් හිටියත් වැඩක් නැහැ ඒ වගේ කෙනෙක් නැතුව.............

✍️පබා ලමාහේවා
A mom's life in Australia

මට wife ව එක පාර එහෙම දකිද්දි මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හිතුණා.. ළමයි හම්බ උනාම ගැහැණු වෙනස් වෙනවා කියලා මම අහලා තිබුණ...
07/06/2025

මට wife ව එක පාර එහෙම දකිද්දි මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හිතුණා..
ළමයි හම්බ උනාම ගැහැණු වෙනස් වෙනවා කියලා මම අහලා තිබුණා දැකලා තිබුණා, නමුත් මගේ පුතා හම්බ උනාට පස්සේ ඇය මේ තරම් විරූපී වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මට ඇය ගැන ඉස්සර ඉදලා තිබුණා හැඟීම් ආකර්ෂණය මොහොතකින් නැති වෙලා ගියා.

ඇයට පුතා හම්බ වෙනකොට මම හිටියේ පදිංචි ප්‍රදේශයෙන් ටිකක් දුර බැහැර. මම ඉක්මනින් ඇයව බලන්න Hospital එකට ආවා. මගේ අම්මා කතා කරලා කිව්ව අපිට හම්බ වෙලා තියෙන්නෙ පුතෙක් බව. Wife ට ටිකක් අමාරු වෙච්ච නිසා දරුවා අරන් තියෙන්නෙ සීසර් කරලා.

මම එනකොට බබයි අම්මවයි දෙන්නම discharge කරලා. මගේ පවුලෙත් ඇයගේ පවුලෙත් අම්මා තාත්තා පවුලේ අය කිහිප දෙනෙක් Hospital එකට ඇවිල්ලා මම එන පෙර මග බලන් හිටියා හැමෝම..

දරුවා වඩන් හිටියේ මගේ අම්මා. Wife රෙද්දයි හැට්ටයයි ඇදගෙන හිටන් හිටියා.

මගේ ඇස් එක පාර ඇයගේ පාදාන්තයේ ඉදලා හිස දක්වා ක්ෂණිකව ඉහල පහල ගියේ මටත් පාලනය කර ගන්න බැරි විදියට.

මගේ තිගැස්ම කලබලය මගේ wife හොදට තේරුම් ගියා..

ඒක මේ ආවාට ගියාට ඇති වෙච්ච එකක් නෙවෙයි කියන එක ඇයට හොදින් තේරුම් ගියා.

මොකද එයාට මගේ පුංචිම උනත් වෙනසක් තේරුම් ගන්න හැකි හොද ඉවක් තිබුණා.

මම ගොඩාක්ම ආසා කරපු ශරීරයක් අංග ලක්ෂණ ටිකක් තමයි ඇයට තිබුණේ මේ ලෝකේ ඇයව තරම් සුන්දරව දැකපු ගැහැණු කෙනෙක් මට මතක නැහැ.

ඇත්තටම එක දෙයක් කියන්නම්.

මම එදා ඉදලා පරිස්සම් කරේ ඇයව නෙවෙයි, ඇගේ රූප සොබාවය. ඇගේ සුන්දරත්වය..

එයා අවුවේ යනවට මම කැමැති උනේ නැහැ.

එයා වැඩිය කනවට මම කැමැති උනේ නැහැ.

මට ඕන උනේ ඒ රූපයම හැමදාම ඇය තුළින් දකින්න.

ඇත්තටම මම ඇයට නෙවෙයි ආදරය කරලා තියෙන්නෙ ඇයගේ රූපයට..

ඒක මට දැන් තේරුම් යනවා..

දරුවෙක්ට මම ඉස්සර ආසා කරත් පස්සෙ දරුවෙක් ගැන ආසාව මම අතෑරලා දැම්මා. මට හිතුණා දරුවෙක් ලැබුණම ඇය අවලස්සන වෙයි කියලා.

ඉතින් දරුවෙක් ඕන කියලා කිව්වම මම ඇයගේ අදහස ප්‍රතික්ෂේප කරලා දැම්මා. ඕවා පස්සේ කරමු. දැන් ඕවා හිතන්න ඕන නැහැ අපිට කර ගන්න වෙන වැඩ තියනවා.

ඇයව ලස්සනට තියන්න ඇයගේ ලස්සන නඩත්තු කරන්න මම ලක්ෂ ගණන් වියදම් කරේ.

ඒක මගේ විනෝදාංශය සතුට කර ගත්තා මම..

ඒ වගේම තමයි මට ඇය ගැන තිබුණ ලිංගික ආශාව කැමැත්ත. අපිට හොද s*x life එකක් තිබුණා අපි ඒක උපරිම enjoy කරා.

මම wife මගේ ජීවිතයට ආවට පස්සෙ ගැහැණු කෙනෙක් දිහා බලලා නැහැ. ඇත්තටම කිව්වොත් වෙන ගැහැණු කෙනෙක් මට දැණුනේ නැහැ wife නිසා.

දරුවා හම්බ වෙලා සති දෙකක් විතර යද්දී අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න ගත්තා.

මොකද එයාට මගේ වෙනස දැණුනා.

මම එයාව මග හරින්න උත්සාහ කරා..

මම ඒකට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරා.

ගෙදර ආපු ගමන් කරන්නෙ දරුවගෙයි එයාගෙයි රෙදි බේසම් පිටින් සෝදන එක.

රෑට එයා ගාව නිදා ගන්න යන්නෙ නැතුව හිටියා. ඔයාටයි බබාටයි ඇදේ ඉඩ මදි මම ආවොත් ඇදට කියලා මම වෙන කාමරයක නිදා ගන්න ගියා.

මම රෑ වෙනකම් Office එකේ වැඩ කරනවා කියලා රෑ වෙනකම් ඉදලා ගෙදර ආවා. අපි දැන් ඉස්සරට වඩා අනාගතය ගැන හිතන්න ඕන අපිට පුතෙක් ඉන්න නිසා.

S*x කරන්න මම ඇය ගාවට ගියේ නැහැ මට ඒක අප්‍රසන්න දෙයක් උන නිසා, මම කිව්වා අපි එහෙම කරොත් පුතා ඇහැරෙයි ඒක නිසා නොකර ඉමු කියලා.

මම හිතන්නෙ ඒ දේවල්, මගේ වෙනස්කම් ඇයට දරා ගන්න බැරි වෙලා මා රුස්සන්නෙ නැති තත්වයට ඇය පත් උනා.

ඇගේ පීඩනය උත්සන්න වෙන්න වෙන්න ඇය මමත් එක්ක රංඩු වෙන්න ගත්⁣තා..
එහෙන් දරවා නිසා ඇති වෙච්ච පීඩනය මෙහෙන් මගේ වෙනස් වීම.

මම දන්නවා මම ටිකක් එයාගේ ඔලුව අතගාලා කතා කරා නම් ඔය තත්වය වෙනස් වෙනවා කියලා. නමුත් මට ඒක කරන්න බැරුව ගියා. මම ඇයි එයා ගැන හැඟීමක් නැතුව බොරුවට එහෙම කරන්නෙ ?

එතකොට මම ආයේ කල්පනා කරනවා එහෙම නම් මේ මම කරන අනිත් දේවලුත් බොරු නේද කියලා.

කොහොම නමුත් දැන් ප්‍රශ්නය ගොඩාක්ම දුර දිග ගිහිල්ලා ඉවරයි.

ඒකයි මම උපදේශනය සදහා ආවේ.

පසු සටහන..

රූපයට ආශාවක් ඇති කර ගැනීම තුළ ඇති වන බැදීම් ඇලීම් රූපය වෙනස් ⁣වීමත් සමඟ නැති වී යයි. වෙනස් නොවේ නම් එයට යම් හේතුවක්ද ඇත

ඇසෙන් දැක ගොඩ නගා ගන්නා ලෝකය තවත් වෙලාවක එම ඇස් වලින්ම වෙනස් ලෙස දකින්නේද, වෙනස් ලෝකයක් ගොඩ නැගෙයි.

ඇස් දෙකෙන් දැකලා පිනවා ගන්න දෙයම තවත් විටෙක එම ඇස් වලින්ම වෙනස් ලෙස දකීද ඒ පිනවීම වෙනස් විය හැකිය.

ප්‍රවීන මනෝ උපදේශක
Kasun Rajapaksha

02/06/2025
අපේ homeschooling වලට English reading practice කරද්දී....මම - ඔක්කොම හරියටම කියෙව්වා.ඒත් stickers දෙන්න විදියක් නැහැ ඉති...
29/05/2025

අපේ homeschooling වලට English reading practice කරද්දී....

මම - ඔක්කොම හරියටම කියෙව්වා.ඒත් stickers දෙන්න විදියක් නැහැ ඉතින්. අලවන්න තැනක් නැහැ නේ...

Shanara දෝණි - stickers ඕනේ.

මම - කොහෙද අලවන්නේ?

Shanara දෝණි - මූණේ...

(කොන්ඩේ පිස්සන් කොටුව වගේ. මොකද මේ දවල් nap එකෙන් නැගිට්ට ගමන්)

දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න කාන්තාවක් එයාගේ සෞඛ්‍ය, රූපය කැප කරනවා. ගොඩක් අය ජීවිත කාලෙටම බලපාන සෞඛ්‍යමය ගැටළු එක්ක ජීවත...
29/05/2025

දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න කාන්තාවක් එයාගේ සෞඛ්‍ය, රූපය කැප කරනවා. ගොඩක් අය ජීවිත කාලෙටම බලපාන සෞඛ්‍යමය ගැටළු එක්ක ජීවත් වෙන්න හිත හදාගන්නවා. බහුතරයකට permanent වෙනස්කම් වෙනවා එයාගේ ඇඟේ. සමහරුන්ට pregnancy එකේදී වෙනස් වුන අස්ථි ආයේ කලින් තිබුණා වගේ හැදෙන්නේ නැහැ. පුංචි pimple එකක් ආවත් ඒ ගැන වද වුන පුංචි කෙල්ලක්, අම්මා කෙනෙක් වුනාට පස්සේ උපේක්ෂාවෙන් හැමදේම විඳ දරාගන්නවා. ඇඟේ බොහොම සංවේදී අවයව කපලා මැහුම් දාන්න ඉඩ දෙනවා. තමන්ගේ quality of life කියන එක කැපකරනවා. මම වුනත් අම්මා කෙනෙක් වෙන්න කලින් කවදාවත් හිතපු නැති දෙයක් තමයි ඒ.

ඒත් ඒ හැමදේම මැද්දෙන් අපි සතුටු වෙනවා අපේ දරුවෝ දිහා බලාගෙන. කාන්තාවක්, අම්මා කෙනෙක් විශේෂ වෙන්නේ ඒ නිසා.

Paba Lamahewa (පබා ලමාහේවා)
A mom's life in Australia

රෙදි රෙදි රෙදි........මේ තියෙන්නේ අද දවසට විතරක් හෝදපු රෙදි කන්ද. ඔයාලට හිතේවි මේ දවස් ගානක රෙදි කියලා. නෑ අනේ...... අපි...
23/05/2025

රෙදි රෙදි රෙදි........

මේ තියෙන්නේ අද දවසට විතරක් හෝදපු රෙදි කන්ද. ඔයාලට හිතේවි මේ දවස් ගානක රෙදි කියලා. නෑ අනේ...... අපි අඩුම දවසට 1 load එකක් හෝදලා තව එකක් වේලනවා. එහෙම වෙලත් රෙදි ගොඩක් එකතු වෙලා තිබුණා. ඉතින් අද දවසෙම රෙදි හෝද හෝද වේලුවා ඉවර කරන්න හිතාගෙන. ඒත්....🥲🥲

මේ ටික ඇරුනම මේ වෙලාවෙත් එක lot එකක් washing machine එකේ. තවත් එකක් dryer එකේ. ඒ ඔක්කොමත් හරි තවත් 2 පාරකට හෝදන්න රෙදි basket එකේ ඉතුරුයි.🥴🥴

දැන් ඉතින් මේවා නවන්නත් එපැයි. ( ඊයේ පෙරේදා හෝදපු රෙදි ටිකත් නවල නැහැ තවම) කරුමෙ කියන්නෙ මට ලෙඩක් තියනවා රෙදි නවන්නේ නැතුව cupboard එකට දාන්න හිත දෙන්නේ නැති.🫩🫩

වෙලාවකට හිතෙනවා මේ ලෝකේ ඇඳුම් තහනම් කරා නම් කියලා..... මොකද අපේ 3 දෙනා ඇඳුම් මාරු කරන්නේ කිසිම හිතක් පපුවක් නැතුව. වතුර ටිකක් ගැවුණත් ඇඳුම ගලවලා අයින් කරනවා. මොකුත් කියන්නත් බැහැ නේ. මේ දවස් වල සීතල නිසා එහෙම තෙත ඇදුම් එක්ක ඉන්න අමාරුයි.

අපේ රෙද්දෙන් කාටවත් වැඩක් නැති බව දන්නවා .හිතේ දුකට ලිව්වේ අනේ..... ඔයාලගේ ගෙවල් වලත් මෙහෙමද?😢😢

ඔයත් නිතරම busy නිසා වැඩ මග ඇරෙන කෙනෙක්ද? මම YouTube, Facebook හරහා නිතර නිතර අනිත් අම්මලා එක්ක කතා කරනවා නේ. ඒ ඇරෙන්න ම...
23/05/2025

ඔයත් නිතරම busy නිසා වැඩ මග ඇරෙන කෙනෙක්ද?

මම YouTube, Facebook හරහා නිතර නිතර අනිත් අම්මලා එක්ක කතා කරනවා නේ. ඒ ඇරෙන්න මේ වෙද්දි homeschooling නිසා අම්මලා 100 ගාණක් මට personally මැසේජ් කරනවා. ඉතින් මේ හැමෝම පොදුවේ කියන දෙයක් තමයි මට වෙලාවක් තිබුනේ නැහැ, X... Y..... Z...... ප්‍රශ්න වුණා ඒ නිසා මම busy වුණා කියන එක.

ඒ කතාව ඇත්තද? අපි ඇත්තටම busy ද?

ඔව් අපි කවුරුත්, මේ ලෝකේ ඉන්න කොයි අම්මා තාත්තාත් ගෙවන්නේ කාර්යබහුල ජීවිත. හැබැයි ඒකේ තේරුම අපිට අපේ වගකීම් පැහැර හරින්න පුළුවන් කියන එක නෙවෙයි.

අපි පොඩි උදාහරණයක් ගමුකෝ. ගොඩක් අම්මලා බබාට homeschooling කරන්න හිතුවට ඒක පිලිවෙලට, වෙලාවක් වෙන් කරගෙන කරන්නේ නැහැ. සමහරු සල්ලි දීලා පොත් පත්, Lessons පවා ගන්නවා. හැබැයි ඒවා පාවිච්ච් කරන්නේ නැහැ. අඩුම තරමින් තමන් සල්ලි දීලා ගත්ත Lessons ටික download කරගන්න හිතන්නේ නැහැ. ඇයි ඒ? Busy නිසාද? ඔයාලට දවසට විනාඩි 5 ක් නැති තරමට busy ද? නැත්තං දරුවා වෙනුවෙන්, එයා එක්ක ඉන්න දවසට පැය බාගයක් වත් නැද්ද?

මම නිතරම husband එක්ක කියන කතාවක් තියෙනවා. මේ කතාව මම නිතර පාවිච්චි කරන්නේ අපි දෙන්නා කොයි තරම් busy වුණත් අපිට අපේ වැඩ කරගන්න පුළුවන් බව අපේ හිත් වලටම මතක් කරලා දෙන්න.

1. අද දවසේ ඔයා Facebook, YouTube, Tiktok හෝ වෙනත් ඕනෑම social media එකක් විනාඩි 5 කට හරි බැලුවද?
2.සිංහල, හින්දි, කොරියන්, English හෝ වෙනත් ඕනෑම භාෂාවකින් තිබුණු Teledrama එකක්, movie එකක් කොයි තරම් වෙලාවක් බැලුවද?
3.සිංදු හරි, news හරි වෙන ඕනම දෙයක් බැලුවේ කවදද? කොයි තරම් වේලාවක්ද?
4.දවසට පැය කීයක් නිදා ගත්තද?
5.යාලුවෙක්, පවුලේ කෙනක් හෝ අඳුරන කෙනෙක් එක්ක ඕපදූප කතා කරන්න කොච්චර වෙලාවක් වැය කරාද? (මම මේ කියන්නේ වැදගත් පණිවිඩ දෙන්න කතා කරන එක නෙවෙයි. ඔහේ කියව කියව ඉන්න එක)
6.මේ මොකුත්ම කරේ නැත්තම් නිකම්ම මොකුත් නොකර ඔහේ වාඩිවෙලා හිටියද?

මේ ටිකට උත්තර ඔයාලම නිකමට හිතලා බලන්න. එතකොට ඔයාලට තේරේවි කොයි තරම් busy busy කිව්වත් අපි මේ දේවල් වලට දවසේ සැලකිය යුතු කාළයක් වෙන් කරලා තියන බව.

එහෙම නම් අපිට පුළුවන් වෙන්න ඕන වගකීමක් තියන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදිහට අපේ priorities මොනවද කියන එක තේරුම් ගන්න.

Job එකක් කරත්, නොකරත්, ඉන්නේ එක ලමයෙක් වුණත්, 5 දෙනෙක් වුණත් අපිට අවශ්‍ය නම් අපි ඒ දේට වෙලාව හදා ගන්නවා. හරියට ඔය උඩ කියපු දේවල් වලට වෙලාව වෙන් කරනවා වගේ.

මම මේක කියන්න හිතුවේ "අනේ මට මෙහෙම අරෙහෙම ප්‍රශ්න වුණා, මම busy වුණා ඒ නිසා මට කරන්න බැරි වුණා" කියලා මගෙන් උදවු ඉල්ලන අයට ඇත්තටම එයාලා දිහා හැරිලා බලන්න උදවු කරන්න.

ඉතින් මේ මම/ අපි කරන වැඩ.

මට අවුරුදු 5 ට අඩු බබාලා 3 දෙනෙක් ඉන්නවා. (අවුරුදු 4, අවුරුදු 3, අවුරුදු 1.5.). ගෙදර ඉන්නේ මමයි husband යි විතරයි. ලංකාවේ ජීවත් වෙන ගොඩක් අයට වගේ අල්ලපු ගෙදර අක්කා, ඉස්සරහ ගෙදර නැන්දා වගේ කියලා උදවු ඉල්ලන්න කෙනෙක් අපිට මෙහේ නැහැ. (මගේ අක්කාගේ පවුල සහ මගේ අම්මා ඉන්නවා. ඒත් එයාලා ඉන්නේ විනාඩි 45 ක‍ විතර දුරකින්. ඉතින් ඒ නිසා මමත් එයාලව දකින්නේ මාස ගානකට වතාවක්. හදිස්සියේ මට ලොකු අසනීපයක් වගේ දෙයක් වුණොත් විතරක් මම අම්මට උදව්වට එන්න කියනවා දවස් කීපයකට. ඒ ඇරෙන්න මගේ අම්මට විශේෂ වැඩක් නැති නිසා මගේ දරුවෝ බලාගන්න ඕන කියන මානසිකත්වය මට නැහැ.) ඒ ඇරුනම husband full time job එකක් කරනවා. Office යන දවසට එයා උදේ 7.30 ට ගෙදරින් ගියාම ආයේ එන්නේ රෑ 7 - 7.30 අතර. ඒ අතරේ එයත් එයාගෙ higher studies පටන් ගත්තා Accounting වලින්. එතකොට ලොකු දරුවෝ දෙන්නා සතියට දවස් 4 ක් (පැය 4 ගානේ) Kinder යනවා. ඒ අතරේ මම එයාලට supplementary homeschooling කරනවා දවසක් ඇර දවසක්. මොකද එයාලට TV දෙන්නේ නැති නිසා එයාලා ආසයි ඉගෙන ගන්න වැඩ කරන්න. මේ Lessons හදන්න දවසකට මට අනිවාර්යයෙන්ම පැය 2 - 4 ත් අතර වෙලාවක් යනවා. එතකොට මම මේ homeschooling වැඩ, ගෙදර වැඩ, බබාලාගේ වැඩ, එයාලා ඉස්කොලේ දාන ගන්න වැඩ වලට අමතරව, part time jobs 2ක් කරනවා. මගේ Laboratory Medicine Masters degree එක කරනවා. ඒ අතරේ social media හරහා මට පුළුවන් වෙලාවට අනිත් අම්මලා එක්ක මගේ දැනුම, අත්දැකීම් share කරගන්නවා. YouTube Videos දානවා. එයාලා මගෙන් අහන එයාලගෙ personal ප්‍රශ්න වලට මට පුළුවන් විදියට උත්තර දෙනවා. කියන්න අමතක වුණා නෙ. මේ ඔක්කොම අස්සේ මාසෙකට අනිවාර්යයෙන්ම වතාවක් හෝ දෙකක් බබාලා ඔක්කොම අසනීප වෙනවා. මොකද එක්කෙනෙක් අසනීප වුන ගමන් මුළු ගෙදරටම බෝ වෙනවා නිතරම එකට ඉන්න නිසා. (පහුගිය මාසෙක සති 2 ක් විතරම මමත් හොඳටම අසනීප වෙලා ඇඳෙන් නැගිට ගන්නත් බැරි වුණා). ඉතින් ගෙදර අයගේ අසනීප වලට බෙහෙත් කරන්න, doctors ලා ගාවට යන්න ඕන. තව අපේ පූස් රාළ බලාගන්න, බෙහෙත් දෙන්න ඕන. (ලංකාවේ වගේ ඔහේ බත් ටිකක් විතරක් දීලා මෙහේ සත්තු හදන්න බැහැ). තව අලුත් ගෙදරකට ආපු නිසා ඒ ගෙදර තාම පිළිවෙල කරන ගමන් ඉන්නේ. ඒ වැඩ තියනවා.

ඉතින් අපි busy. කොච්චර busy ද කිව්වොත් හැමදාම රෑට නිදා ගන්නේ පාන්දර 1 - 2 ත් අතර. ඒත් මම/අපි පුළුවන් උපරිමෙන් මගේ/අපේ වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න බලනවා. මගේ/අපේ priorities මොනවද කියන එක දවස ගානේ මම හිතනවා.

ඉතින් එහෙමනම් දැන් තේරෙනවා ඇති නේ. අපි හැමෝම busy. ඒ නිසා ඔයාලා busy වෙනවා කියන එකේ තේරුම ඔයාලගෙ වගකීම් යුතුකම් මග අරින්න පුළුවන් කියන එක නෙවෙයි. ඒ වගේම ඔයා එහෙම වුණාට පස්සේ අනිත් අයට ඔයාලා වෙනුවෙන් කැපවීම් කරන්න කියලා ඉල්ලන්නත් එපා. (උදාහරණයක් විදිහට ඔයාලා දරුවෝ හදල, ඔයාලා busy නිසා ඔයාගෙ වයසක අම්ම තාත්ත දරුවෝ බලාගන්න ඕන කියලා හිතනවා නම් ඒක වැරදියි නේ. ඒ වගේ තමයි.)

අපි හැමෝටම අපේම කියල ප්‍රශ්න සහ වගකීම් තියනවා. වැදගත් වෙන්නේ අපි කොහොමද ඒවා prioritise කරන්නේ කියන එක.

මම බලාපොරොත්තු වෙනවා මීට පස්සේ ඔයා "busy, මොකුත් කරන්න වුණේ නැහැ" කියලා කාටහරි excuses දෙන්න කලින් අර මම කියපු ලිස්ට් එක ඔයා මතක් කරගනියි කියලා. ❤️❤️❤️

පබා ලමාහේවා
A mom's life in Australia
Bright Start Homeschool - A mom's life in Australia

12/05/2025

අම්ම කෙනෙකුට තමන් ගේ දරුවා කියන්නෙම
මහ මෙරක්
පැටිය හින්දා මුහුදත්
හිස් කරන්නට වෙහෙසුනා නේ
එක ලේන් අම්මෙක්

පෙරලෙනා විට රෝල් වීගෙන
බස් රථය දැනුනත් බියක්
හිතට නැගුනේ කිසිමවිටකදි
දෙන්නෙ නෑ
නුඹට නම් දුකක්

යකඩ තහඩුත් පිටට වැටුනත්
මගේ තුරුළ දෙයි නුඹට රැකවරණයක්
බිය නොවන් පුත හැමදාම අම්මල කියන්නෙම
මහ ලෝකයක්

මව්වරුන් ගේ දිනය යි ලු අද
වෙනවාද අම්මා
එක දවසකට විතරක්
හැමදාම දරුවන් නිසාම යි
උහුලන්නෙ අම්මල
දුක් කන්දරාවක්

මානෙල් දිසානායක

Address


Website

Alerts

Be the first to know and let us send you an email when A mom's life in Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A mom's life in Australia:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share