තීන්දුව

  • Home
  • තීන්දුව

තීන්දුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තීන්දුව, Magazine, .

The "Verdict" page opens the door for a summary of court cases, including the gruesome, violent, and mysterious murders and other crimes in the Sri Lankan Judicial System, to Law Students, Attorney-At-Law and the Public.

තීන්දුව තුලින් බලාපොරොත්තු වන්න. කියවීමට ඇබ්බැහි වූවන් සදහා.... රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය තුල සිදුවූ ඇත්ත සිදුවීම ඇතිස...
22/06/2024

තීන්දුව තුලින් බලාපොරොත්තු වන්න. කියවීමට ඇබ්බැහි වූවන් සදහා.... රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය තුල සිදුවූ ඇත්ත සිදුවීම ඇතිසැටියෙන් ✨

Thanks for being a top engager and making it onto තීන්දුව weekly engagement list!තීන්දුව සමඟ සම්බන්ධ වී මේ සතිය තුල ඉහලි...
19/03/2024

Thanks for being a top engager and making it onto තීන්දුව weekly engagement list!
තීන්දුව සමඟ සම්බන්ධ වී මේ සතිය තුල ඉහලින්ම දායකත්වය දැක්වූ පාඨක ඔබට අපගේ ස්තුතිය! 👏
Rajendra Kumar Pujitha Gunawardhana
Dewmin Ranawaka
Vishwa Manujaya
Sashika Silan Gamage
Sathira Chinthana Rajapaksha

අංක 22💢 T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15[ CA/HCCA/0365/2017 (Decided on 2023.12.15) ]2010 යනු ශ්‍රී ලංකාවේ අවුරු...
15/03/2024

අංක 22

💢 T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15

[ CA/HCCA/0365/2017 (Decided on 2023.12.15) ]

2010 යනු ශ්‍රී ලංකාවේ අවුරුදු 30ක පමන කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමා වී රට යතා තත්වයට පත් වෙමින් තිබූ කාල වකවානුවකි.

2010 දෙසැම්බර් මස 23 වන දින පොලීසියට ලද තොරතුරක් මත මෙම නඩුවේ අභියාචක තැනැත්තා සැකකරුවෙකු ලෙස අත්තඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහු විසින් පොලීසියට කරන ලද ප්‍රකාශයකට අනුව නිත්‍යානුකූල නොවන බලපත්‍ර රහිත ආයුධ “පට්ටකාඩු” ප්‍රදේශයේ සගවා තිබූ ස්ථානයකින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නඩුව, වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව බලපත්‍ර නොමැතිව T-56 වර්ගයේ ස්වංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සන්තකයේ තබා ගැනීම (possession) යන වරදවල් දෙක මත අධිචෝදනා පත්‍රයක් වව්නියාව මහාධීකරණයේ විභාග වී අවසන්ව චූදිතයා හට මරණ දඩුවම ලබා දෙමින් දුන් තීන්දුව අභියෝග කරමින් ඉදිරිපත් වූ අභියාචනාවකි.

පළමු චෝදනාව - (Firearm Ordinance) ගිණි අවි ආඥා පනතේ 22(3) වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතේම 1996 අංක 22 සංශෝධිත පනතේ 22(1) වගන්තිය.

දෙවන චෝදනාව - (Explosive Ordinance) 1956 අංක 21 දරණ පුපුරණත් ද්‍රව්‍ය ආඥා පනතේ 9(2) (1996 අංක 33 හා 2005 අංක 18 මගින් සංශෝධිත) Explosive Acts

දිනය 2010 දෙසැම්බර් 23

2010 දෙසැම්බර් 23 වන දින පොලීසියට ලද තොරතුරක් මත මෙම අභියාචකව සැකකරුවෙකු ලෙස යාපනයේ වාදුකොඩායී ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන ඇති අතර දෙසැම්බර් 24 ඔහුව වව්නියාව පොලිස් ස්ථානයට රැගෙන විත් සාක්ෂි ආඥා පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව සැකකරුගෙන් සටහන් කරගන්නා ප්‍රකශයකට අනුව “පට්ටකාඩු” වල සගවා තිබී T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15 සොයාගත් බව පොලීසිය විසින් ගරු අධිකරණය වෙත කරුණු වාර්ථා කර ඇත. තවද පරීක්ෂණ වලදී හෙලී වී ඇත්තේ මෙම ගිනි අවිය පුදුකුඩුඉරිප්පු හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුගෙන් සොරකම් කෙරූ එකක් බවයි.

මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන හා මංකොල්ල කෑම් සිදු කිරීම් සම්බන්ධව සැකකරුවෙකු ලෙස උවමනා වී සිටින පුද්ගලයෙකු ලෙසත් කරුණු අනාවරණය වී ඇති බවත් කරුණු වාර්තා කර තිබුනි.

මහාධිකරණ තීන්දුව

පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 4 දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවමින් නඩු භාණ්ඩ 6ක් නම් කරමින් පැමිණිල්ලේ නඩුව අවසන් කර ඇති අතර විත්තිකරු සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි (Dock Statement) ලබා දෙමින් විත්තියේ නඩුව අවසන් කර ඇත.

පසුව මහාධිකරණ විනිසුරුතුමන් විසින් පළමු චෝදනාවට මරණ දඩුවමත් දෙවන චෝදනාවට අවුරුදු එකක කාලයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද ලබා දෙමින් තීන්දුව ලබා දෙන ලදී.

අභියාචකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රාකාර “ප්‍රකාශය” සාක්ෂියක් ලෙස යොදා ගැනීමට නොහැකි බවත්, ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් ලබා දී ඇති තීන්දුව කිසිදු සාක්ෂිමය හේතු කරුණු දැක්වීමකින් තොරව නිගමනයකට එලබ ඇති බවත් ය.

අභියාචණාධිකරණ තීන්දුව

ගරු අභියාචණාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් විනිසුරුතුමා විසින් පෙන්වා දී ඇත්තේ, සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අභියාචනාකරුගෙන් ලබා ගත් ප්‍රකාශය මත සොයා ගන්නා ලද ස්වංක්‍රීය ගිණි අවිය සහ උණ්ඩ සම්බන්ධව නඩු විභාගයේදී පැමිණිලි පාර්ශව විසින් ඊට අදාලා ප්‍රකාශය හා සොයා ගත් ගිණි අවිය සහ උණ්ඩ අතර පවතින සම්බන්ධතාවය සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond Reasonable Doubt) ඔප්පු කල යුතු බවත් ය.

අභියාචක විසින් පොලීසියට ලබා දී තිබූ ප්‍රකාශයේ සොයාගත් ආයුධය වලට අදාල කොටස වූයේ..

පරිවර්තනය කරන ලද මහාධිකරණ නඩු ගොනුවේ 39 වන පිටුවේ, නඩුව විභාගයේදී පැමිණිල්ල විසින් p1 ලෙස සලකුණු කර තිබූ කොටස 👇

" එය පට්ටකාඩු වල අගලක් යට සගවලා තියෙනවා. එම ස්ථානය මට පොලීසියට සොයාදෙන්න පුලුහන්"

ගරු අභියාචණාධිකරණය තවදුටත් පෙන්වාදී ඇත්තේ මෙම නඩුවේ තිබෙන එකම සාක්ෂිය මෙය බවත්, මෙහි කිසිදු ස්ථානයක සොයාගත් "T-56 ස්වයංක්‍රීය ගිණි අවිය හා උණ්ඩ" සම්බන්ධව අභියාචක විසින් සදහන් කර නොමැති බවත්, අභියාචක හා මෙම අපරාධය අතර ඇති සම්බන්ධතාවය වෙනත් කිසිදු සාක්ෂියකින් හෝ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත් ය.

තවද උගත් මහාධිකරණ විනිසුරුතුමන්ගේ තීන්දුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 283(1) වගන්තිය ප්‍රකාරව සපුරාලිය යුතු අංග නොමැති බවත් අභියාචණාධිකරණය පෙන්වාදෙන ලදී.

එනම් තීන්දුව ලබා දීමේදී නිශ්චය කළ යුතු වූ කරුණ හෝ කරුණු ද ඒ පිළිබද තීරණය ද ඒ තීරණයට හේතු ද එහි ඇතුලත් විය යුතු බවයි. මේ සම්බන්ධව අභියාචණාධිකරණය තවදුරටත් පහත නඩු තීන්දු හා ලිපිය පෙන්වාදෙමින් විග්‍රහ කර ඇත.

Moses v The State 1993 3 SLR 401
Ibrahim v Inspector of Police Rathnapura 59 NLR 235
Article - “The Art of Writing Judgment” by Justice Sunil Ambwani

ඒ අනුව ගරු අභියාචණාධිකරණය අභියාචනාවට අවසර ලබා දෙමින් ඒකමතිකව තීරණය කර ඇත්තේ ගරු මහාධීකරණය විසින් 1 හා 2 චෝදනාවලට පිළිවෙලින් ලබා දුන් මරණ දණ්ඩනය හා එක අවුරුදු බරපතල වැඩ සහිත සිරදඩුවම ඉවත්කර නිදොස් කොට නිදහස් කරන ලදී.

තවද මෙම නඩුව නැවත නඩු විභාගයක් (Re-Trial) සදහා යොමු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් පෙන්වා දෙන ලදී.

✍️ නීතිඥ තිනෙත් කොරසගල්ල.

අංක 21💢 කමල් අද්දරආරච්චි නිදහස් [ Inoka Gallage V. Kamal Addararachchi & Another  2002 SLR 32 ]මෙම නඩුව ශ්‍රී ලංකාවේ ඉතා...
17/06/2023

අංක 21

💢 කමල් අද්දරආරච්චි නිදහස්

[ Inoka Gallage V. Kamal Addararachchi & Another 2002 SLR 32 ]

මෙම නඩුව ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ හා දක්ෂ නලුවෙකු වන කමල් අද්දරආරච්චිට එරෙහිව ඉනෝකා ගාල්ලගේ නම් තරුණිය පැහැරගැනීම සහ දූෂණය කිරීමේ වරදට ගොනු වූ අපරාධ නඩුවකි.

ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකින් අනතුරුව ගරු නිතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරමින් විභාග කෙරූ මහාධිකරණ නඩුවේදී ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් කමල් අද්දරාච්චි වැරදිකරු ලෙස තීන්දු කෙරූ අතර ගරු අභියාචණාධිකරණය හමුවේ ගොනු කල අභියාචනා පෙත්සමක් මගින් චූදිතයා නිදොස් කොට නිදහස් විය.

දිනය 1993 අගෝස්තු 25

ඉනෝකා ගාල්ලගේ නම් තරුණියගේ සාක්ෂියට අනුව චූදිත කමල් අද්දරආරච්චි විසින් ඇයව පැහැරගෙන ගොස් ඇගේ බලවත් අකමැත්ත සහ ප්‍රතිවිරෝධය මැද ඇයව දූෂණයට ලක් කල බවයි.

වින්දිත තරුණියගේ යෙහෙලියක් වන දේවිකා සුභාෂිණි නම් තරුණියගේ සාක්ෂි මගින් වින්දිත තැනැත්තිය ලබා දී ඇති සාක්ෂිවල පරස්පරතා ඉස්මතු වී ඇත. ඇයගේ සාක්ෂියට අනුව වින්දිත තරුණිය උදෑසන 11.00 ට පමණ ඇගේ නිවසට පැමිණ ඇත. පසුව පවසා ඇත්තේ පෙර දිනයේ චූදිතගේ නිවසට ඇය ගිය බවත් චූදිත එහි නොසිටි බවත් ඔහුගේ නැන්දා පමණක් එහි සිටි බවත් ය.

නැන්දා ඇයට ආගන්තුක සත්කාර සැපයූ බවත් පසුව රාත්‍රි 9.30 ට පමණ චූදිතයා මෙම නිවසට පැමිණි බවත් පසුව තිදෙනාම රාත්‍රි ආහාරය ගෙන සුවපහසු කථාබහක යෙදුනු බවත් ය.

ඒ හැරුණු කොට චූදිත තැනැත්තා විසින් දූෂණය වූ බවක් ඇය විසින් කිසිදු අවස්ථාවක පැවසුවේ නැති බවත් ය. තවද චූදිත විසින් ඉනෝකාට දේවිකාගේ නිවසේ නතර වී පාඩම් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටි බව පැවසූ බවත් ය. නමුත් අනෙකුත් සාක්ෂි වලට අනුව පෙනී ගොස් ඇත්තේ චූදිත විසින් ගෙදර ගොස් පාඩම් කරන ලෙසට වින්දිත තරුණියට පවසා තිබෙන නමුත් ඇය විසින්ම දේවිකාගේ නිවසට ගොස් පාඩම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවකි.

මහේස්ත්‍රාත් අධිකරණයේ දී ලඝු නඩු විභාගයෙන් අනතුරුව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට එරෙහිව තිබූ එකම සාක්ෂිය වූ වින්දිත තැනැත්තියගේ සාක්ෂිය විශ්වාස කල නොහැකි සාක්ෂියක් හේතුවෙන් විත්තිකරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 153 වගන්තිය ප්‍රකාරව නිදහස් (Discharge) කරනු ලැබීය. නමුත් ගරු නිතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන ලදී.

මහාධිකරණ තීන්දුව

චූදිත වන කමල් අද්දරආරච්චි එරෙහිව අධිචෝදනා දෙකක් ගොනු විය.

1. දණ්ඩ නීති සංග්‍රහයේ 357 වගන්තිය යටතේ ඉනෝකා ගාල්ලගේ නම් තරුණියව පැහැරගැනීම.
2. දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තිය යටතේ ඉනෝකා ගාල්ලගේ නම් තරුණිය දූෂණය කිරීම.

ජුරි සභාවක් රහිත නඩු විභාගයකින් පසුව ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් චූදිත ඉහත සදහන් වරදවල් දෙකටම වරදකරු කෙරූ අතර පළමු වරද සදහා බරපතල වැඩ සහිත අවුරුදු 2 ක සිරදඩුවමක් ද, දෙවන වරද සදහා බරපතල වැඩ සහිත අවුරුදු 10 ක සිරදඩුවමක් ද එකී දඩුවම් කාලය සමගාමීව ක්‍රියාත්මක විය යුතු බවටද තීන්දු කලේය.

තවද ලක්ෂ 10ක දඩ මුදලක් නියම කල අතර එය නොගෙවන්නේ නම් තවත් අවුරුදු දෙකක බරපතල වැඩ සහිත සිරදඩුවම් ද එම මුදලින් ලක්ෂ 9 ක මුදලක් වින්දිත තැනැත්තියට වන්දි ලෙස ගෙවිය යුතු බවටත් තීන්දු කෙලේය.

අභියාචණාධිකරණ තීන්දුව

චූදිතයා විසින් ගොනු කරන ලද අභියාචනාව දින 18ක් පමණ විවාදයට ගැනීමෙන් පසුව, 2000 දෙසැම්බර් 15 දින ගරු අභියාචණාධිකරණය විසින් ඒකමතිකව ගරු මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පසෙක තබා චූදිතව නිදොස් කොට නිදහස් (Acquit) කරන ලදී. නමුත් නිතිපතිවරයා නැවත අභියාචනාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කලේ නැත.

පසුව ගරු අභියාචණාධිකරණයේ තීන්දුවට එරෙහිව මෙම අභියාචනාව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලබන්නේ වින්දිත තැනැත්තිය වූ ඉනෝකා ගාල්ලගේ විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව.

මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන් ලා වන ගරු විනිසුරු J.A.N. ද සිල්වා, ගරු විනිසුරු බණ්ඩාරනායක සහ ගරු විනිසුරු සරත් එන් සිල්වා විසින් ඒකමතිකව ලබා දී ඇත.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දුන්නේ ගරු අභියාචණාධිකරණය විසින් වින්දිත තැනැත්තියගේ/අභිචෝදිකාවගේ (Prosecutrix) සහ චූදිත තැනැත්තාගේ පෙර සහ පසු හැසිරීම සලකා බලා ඇති බවත්, දැඩි ප්‍රතිවිරෝධයක් පෙන්වූ බවට කිසිදු තුවාලයක් හෝ සීරීමක් පිළිබදව කිසිදු වෛද්‍ය සාක්ෂියක් නොමැති වීම යන කරුණ සහ කන්‍යාභාවය අහිමිවීමක් පිළිබද කිසිදු වෛද්‍ය සාක්ෂියක් නොමැති බවත් සලකා මෙම පසුබිම තුල කිසියම් ලිංගික ක්‍රියාවක් වුවා නම් වින්දිත තැනැත්තියගේ අනුදැනුම සහ කැමැත්ත ඇතිව සිදු වී ඇති බව අභියාචණාධිකරණය මගින් නිගමනයකට පැමිණ ඇති බවත් ය.

තවදුරටත් ශේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇත්තේ සාක්ෂිවල පවතින පරස්පරතා අනුව වින්දිත තරුණිය තමාගේ වාසියට සිද්ධිමය කරුණු වෙනස් කරන බවත් ඒ අනුව ඇය පිළිගත හැකි හා විශ්වාස කල නොහැකි සාක්ෂිකාරියක් බවත් ය. එසේ හෙයින් ඇගේ සාක්ෂිය සනාථ කිරීමට කිසිදු වෙනත් සාක්ෂියක් ඉදිරිපත් වී නැති මෙවන් තත්වයක් උඩ ඇයගේ එකම සාක්ෂිය මත ක්‍රියා කිරීම අනාරක්ෂිත බවත් ය.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ,

ස්තී දූෂණ නඩුවක වින්දිත තැනැත්තියගේ "කැමැත්ත" (Consent) විත්ති වාචකයක් (Defense) බවත්, කැමැත්ත ප්‍රකාශිත හෝ ව්‍යංගයෙන් හෝ විය හැකි බවත්,

සනාථ කිරීම (Corroboration) ස්ත්‍රී දුෂණ නඩුවක චූදිතයා වරදකරු කිරීමට අවශ්‍ය අංගයක් නොවන බවත් (Sine qua non), එය විචක්ෂණයේ රීතියක් (Rule of Prudence) පමණක් බවත්,

වින්දිත තැනැත්තියගේ සාක්ෂි මූලික දුර්වලතාවයන්ගෙන් පෙළෙන්නේ නැති නම් සහ සම්භාවිතා සාදකයන් මගින් විශ්වාස කල හැකි නම් එම වින්දිත සාක්ෂි වෙනත් සාක්ෂි මගින් සනාථ කිරීම අනවශ්‍ය වීම සාමාන්‍ය රීතිය බවත්,

වින්දිත තැනැත්තියගේ සාක්ෂිය පිළිගත නොහැකි හා විශ්වාස කල නොහැකි සාක්ෂි ලෙස පෙනී යන්නේ නම් එය මත පමණක්ම කටයුතු කිරීම අනාරක්ෂිත බවත්,

ස්ත්‍රී දූෂණ නඩුවක සෑමවිටම එය සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond Reasonable Doubt) ඔප්පු කිරීමේ භාරය (onus) පැමිණිල්ල විසින් තෘප්ත කල යුතු බවත්,

මෙම නඩුවේ අභියාචණාධිකරණය විසින් සලකා ඇති කරුණු අනුව අභිචෝදිකාවගේ (Prosecutrix)/ වින්දිත තැනැත්තියගේ සාක්ෂිය පිළිගත නොහැකි සාක්ෂියක් ලෙස සලකා ඇති බැවින් විත්තියේ සාක්ෂි සලකා බැලීමක් අනවශ්‍ය බවත්, ඒ අනුව කිසිම විටක විත්තියේ දුර්වලතාවයන් මගින් දුර්වල පැමිණිල්ලේ නඩුවක් ශක්තිමත් කල නොහැකි බවත් ය.

ඒ අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව වින්දිත තැනැත්තිය වූ ඉනෝකා ගාල්ලගේ නම් තරුණිය විසින් ගොනු කරන ලද අභියාචනාව (Special Leave to Appeal) නඩු ගාස්තු රහිතව නිශ්ප්‍රභා කෙරූ අතර ගරු අභියාචණාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ස්තීර කරමින් චූදිත කමල් අද්දරආරච්චි මහතාව නිදොස් කොට නිදහස් කරන ලදී.

✍🏽 නීතිඥ තිනෙත් කොරසගල්ල.

**e #ස්ත්‍රී #දූෂණය #තීන්දුව

08/01/2023

👏❤️

08/01/2023

අදුර ඩැහැගත් ලෝකයේ, යුක්තිය පසිදලූ නීතීමය රාමුවේ නිසි දිශානතියේ සත්‍ය පැතිකඩ.

තීන්දුව: නීතිඥ තිනෙත් කොරසගල්ල.

Subscribe Now : https://www.youtube.com/

අංක 20💢 කැළණිය විශ්වවිද්‍යාලයේ ඛේදවාචකය [Premalal V. The Attorney General (2000) 2 SLR 403] නිතිය යනු ඉතාමත් සාධාරණ විෂය...
17/09/2022

අංක 20

💢 කැළණිය විශ්වවිද්‍යාලයේ ඛේදවාචකය

[Premalal V. The Attorney General (2000) 2 SLR 403]

නිතිය යනු ඉතාමත් සාධාරණ විෂයකි. සෑම විටම අධිකරණයක් මගින් සිදුකරන්නේ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිහි බුද්ධිය ඇති සාධාරණ මිනිසෙකුගේ (Prudent Man) ක්‍රියා කලාපයත් සමග සැසදීමයි. මිනිසා යනු ප්‍රධාන පද්ධතීන් 7 කින් සමන්විත හැගීම් දැනීම් ඇති ලේ, ඇට, මස්, නහර වලින් සැකසී ඇති සහ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන දේවල් සමග චිත්ත නැමති ශක්තියත් සමග ඇතිවන සිතුවිලි මෙහයවමින් අතීතයත් වර්ථමානයත් අනාගතයත් සමග ජීවත් වන ව්‍යුහයකි.

කැළණිය විශ්වවිද්‍යාලය 1959 දී පිහිටුවා ඇත. එකල එය "ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය" නම් විය. විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය වන්නේ “පඤ්ඤාය පරිසුජ්ඣති” ය. ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වල මෙන්ම ඉතාමත් අලංකාර නිදහස් පරිසරයකට උරුමකම් කියන විශ්වවිද්‍යාලයකි.

මෙම නඩු තීන්දුවේ ඇති සිද්ධිය පාදක කරගනිමින් කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න රංගනයෙන් දායක වන වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල "සලෙලු වරම" චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කලාවට එක් වී ඇත.

මෙම නඩුවේ චූදිත අභියාචක වන ප්‍රේමලාල් යනු ඉතාමත් දක්ෂ සිසුවෙකු වූ අතර ඔහුගේ අභිප්‍රාය වූයේ කතිකාචාර්‍යවරයෙකු වීම ය. තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටි ඔහුට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ වසරේ කොක්කක් මුණගැසෙයි. ඇය නමින් මදුවන්තී විය. මෙවැනි සම්බන්ධයක් ඇති වූ විට විශ්වවිද්‍යාල භාෂාවට අනුව පිරිමි පාර්ශවයට කියන නම්ක් ඇත. ඒ අනුව ප්‍රේමලාල් "ලැම්බට්" කෙනෙකි. මොවුන් දෙපළ කැළණිය විශ්වවිද්‍යාලයේ ඇති පෙම්වතුන්ගේ ස්ථාන වන 'තල් වැට' 'සයිබේ' 'තරුව' 'අඹසෙවන' හී කල් ගෙවමින් ඉතාමත් ආදරයෙන් ජීවත් වී ඇත. මෙම දෙපළ විශ්වවිද්‍යාලයේ ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් දෙපලක් වීය.

කාලය කෙමෙන් ගෙවී ගියහ.

දිනය 1992 අප්‍රේල් 22

අවුරුදු නිවාඩුව ගෙවී ගොස් දින කිහිපයක් ගත වීය. පුරුදු පරිදි මෙදින ද කුරුලු හඩින් සහ අලුත් වූ පරිසරයෙන් විශ්වවිද්‍යාල භූමිය හැඩවී හිරු රෂිමියෙන් නැහැවී දවස උදාවිය. නමුත් මේ සියලු චමත්කාර පරිසරය එක සැනකින් අදුරෙන් වැසී ගිය දිනයක් බවට පත්වූයේ ඉතාමත් ඛේදජනක සිදුවීමක් සිදුවිමෙනි.

මධුවන්තීට, ප්‍රේමලාල්ට අමතරව ඇයගේ ගමෙත් පෙම්වතෙක් සිටීය. ඔහු නමින් සුසන්ත ය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධය පාසල් යන කාලයේ සිට පැවතගෙන ආ එකකි. මදුවන්ති විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුවත් මෙම සම්බන්ධය තිබී ඇත. නමුත් ප්‍රේමලාල් ඒ බවක් දැන හිද නැත. ඇයගේ පියාද මේ සම්බන්ධව නොදැන සිටි බවක් සාක්ෂි ලබා දීමේදී පැවසීය.

පුරුදු පරිදි මධුවන්තී ලක ලෑස්තිවී තම මිතුරිය පැට්‍රික් සමග ලෙක්චර්ස් යාමට පිටත් වීය. ඇගේ මිතුරිය නමින් සීලීන් පැට්‍රික් වන අතර ඇය මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරියකි. ඇගේ සාක්ෂියට අනුව මදුවන්තී හා ප්‍රේමලාල් අතර ආදර සම්බන්ධයක් නොතිබූ බවත් මියගිය මදුවන්තී හුදෙක් එක් මිතුරියක් පමණක් බවත් ඒත්තුගැනිවීමට උත්සහ කර ඇත. නමුත් ඇගේ සාක්ෂිය මගින් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගෙන් අනාවරණය වූ ප්‍රධාන කරුණු දෙකක් ඇත. කෙසේහෝ ඇයගේ සාක්ෂිය විශ්වාස කිරීමට අපහසු සාක්ෂියක් බවට අභියාචකගේ නීතිඥවරුන් පෙන්වා දී ඇත.

නමුත් විත්තියේ සාක්ෂිකරුවෙකු වූ ප්‍රේමලාල්ගේ හොදම මිතුරා හෙවත් රූමා වන කුලතිලක බණ්ඩාර විසින් තම සාක්ෂියේ පෙන්වාදී ඇත්තේ මදුවන්ති සහ ප්‍රේමලාල් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් යුවලක් වූ බවත්, මොවුන් දෙපළ නිතර "Kelaniya Inn” නම් හෝටලයේ හමුවූ බවත්, මොවුන් අතර ලියුම් හුවමාරු වූ බවත් පෙන්වා දී ඇත. තවදුරටත් ඔහුගේ සාක්ෂියෙන් මතු වූ ප්‍රධානම කරුණක් වන්නේ, අවසාන වසරේ අවසන් විභාගය පැවැත්වීමට ප්‍රථමයෙන් ඉහත කී හෝටලය වෙත දෙදෙනාම ගිය බවත්, පසුව ප්‍රේමලාල්ගේ හැසිරීම වෙනස් වූ බවත්, නිතර නිතර අඹසෙවනේ කල් ගෙවමින් මදුවිත පානය කිරීමටත් බීගෙන විත් මදුවන්තී සම්බන්ධයෙන් දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමටත් පටන් ගත් බවයි.

"මදුවන්ති තමයි ටිකක් මට සැනසීමක් තිබෙන්නේ. ඒකත් නැතිවෙනවා."

ප්‍රේමලාල්ට මේ මොහොත වන විට මදුවන්තීගේ සහ ඇයගේ ගමේ ප්‍රේමවන්තයාගේ හොර රහසේ සිදු වී තිබූ කසාදය පිළිබදව ආරංචි වී තිබුණි. එකී කසාදයේ විවාහ සහතිකයද මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ගොනු වී ඇත. ඇයගේ පියා පවා මෙම සම්බන්ධය ගැන නොදැන සිටි අතර ඇයගේ මරණයෙන් පසුව දැනගෙන ඇත.මෙම අවාසනාවන්ත ආරංචිය ප්‍රේමලාල්ට දරාගත නොහැකි විය. නඩුවේදී ඉදිරිපත් වූ මියගිය කාන්තාව විසින් එවා තිබූ පෙම් හසුන්වල තිබූ ඉතාමත් වැදගත් පේලි කිහිපයක් පහත දක්වා ඇත.

"මම බැදපු ගෑනියක් නිසා ඔයාට හැකි නම් මිනිස්කමේ නාමයෙන් ඔයාත් ජීවත් වෙලා මටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න"

"ඔයා ඉතාමත් හොද මිනිස්කම් වලින් පෙලුනු අවංක කෙනෙක්. මම හිතා මතා වැරදි කරලා නැහැ ලාල්. මට සමාවෙන්න් ලාල් හැම දේකටම. ඔයාගේ ජීවිතයට මෙතරම් වේදනා එකතු වුනේ මම නිසා බව මම දන්නවා."

මේ ආරංචියත් සමග ඔහුට සිදු වූ ලැජ්ජාව, අවමානය සේම හිතේ තිබූ ආදරය, දුක, කෝපය හේතුවෙන් හිත පාලනයකින් තොරව ගිලිහී ගියා විය හැකිය. පසුව මෙදින ඔහු උමතුවෙන් පිහියක් සහ වස කුප්පියක් ද අතැතිව බෝඩිමෙන් එලියට බැස්සේය.

ඔහු, ලෙක්චර්ස් ‍යමින් සිටි මදුවන්තිගේ පිටුපසින් පැමිණ ඇයට නවතින ලෙස අණ කර පිහි පාරවල් දෙකක් ඇන ඒ සැනින් දිව ගොස් ඔහුද වහ කුප්පියක් පානය කලේය. ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවීය. නමුත් ප්‍රේමලාල් ආදරය කල ඔහුගේ පෙම්වන්තිය රෝහල් ගත කරන විටත් මිය ගොස් ඇත. එලෙස ඔවුන්ගේ ජීවිත වෙන වෙනම නොසිතූ ලෙස ලියවිනි.

ප්‍රේමලාල් මධුවන්තීට පිහියෙන් ඇන්න බවත් පසුව දිව ගොස් වස කුප්පියක් සාක්කුවෙන් ඇද පානය කල බවත් යන ප්‍රධාන කරුණු දෙකම ඉහත කී පරිදි මිතුරිය වූ පැට්‍රික් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගේ සාක්ෂි වලින් අනාවරණය වී ඇත.

මදුවන්තිගේ ඝාතනයට ප්‍රේමලාල්ව අත්අඩංගුවට පත් වූ අතර මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව මිනීමැරුමට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.

පසුව මෙම චූදිතයා නීතිඥ Dr. රංජිත් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ ගයාන් පෙරේරා මහතා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ගොනු කලේය. එහිදී නීතිඥවරුන් මගින් පෙන්වා දී ඇත්තේ මෙම මර්ණය සිදු කිරීමට ප්‍රධානම හේතුව ප්‍රේමලාල් තුල ඇති වූ බලවත් වූත් හදිසි ප්‍රකෝපය “Grave and Sudden Provocation” බවයි. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ ව්‍යතිරේක අවස්ථාවක් (01 ව්‍යතිරේකය) ලෙස දක්වා ඇති සහ මිනිමැරුම් චෝදනාවකට විරුද්ධව විත්තිවාචකයක් ලෙස යොදාගත හැකි බරපතළ වූත්, හදිසි වූත්, ප්‍රකෝප කිරීමක් නිසා ආත්ම දමනය කිරීමට බලය නොමැති වීම නිසා තවත් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමට සිදු වීම යන්නයි.

ඒ අනුව ඉහත සදහන් නඩුවේ කරුණු සහ බණ්ඩාරගේ සාක්ෂිය සලකා බලා පහත පරිදි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කුලතිලක විනිසුරුවරයා විසින් පෙන්වාදී ඇත.

“හදිසි ප්‍රකෝපනය” යන වාක්‍ය ඛණ්ඩය අර්ථකථනය කරමින් පෙන්වා දී ඇත්තේ ප්‍රකෝප කිරීම ඝාතනයට පෙර සිදු වූ තනි ක්‍රියාවකින් සමන්විත විය යුතු බවත්, එවිට කෝපය නිවීයාමට කාලයක් නොමැති බවත්, එම ක්‍රියාව චූදිතයා කළ ආකාරයටම ප්‍රතිචාර දැක්වීමට සාධාරණ මිනිසෙකුට හැකියාව තිබිය යුතු බවත් ය.

නමුත් මෙම සිද්ධියට අනුව තම පෙම්වන්තිය හොර රහසේම වෙනත් පුද්ගලයෙකුව විවාහ කරගත් පසු චූදිතයාගේ සියලු බලාපොරොත්තු සුන්වීමත්, කතිකාචාර්‍යවරයෙකු වීමේ සිහිනය අහිමිවීමත්, එකම සහනය වූ පෙම්වතිය අහිමිවීමත්, විශ්වවිද්‍යාලයේනෙකුත් සිසුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වීමත්, යන කරුණු සියල්ල එකට එක්ව කැටිව මරණය සිදුකරන වෙලාවේදී ඉක්මන් ප්‍රකෝපය ඇති වී ඇති බව පෙන්වා දුන්හ.

තවද බණ්ඩාරගේ සාක්ෂියට අනුව ඝාතනය සිදු කිරීමට දින කිහිපයක සිට චූදිතයාගේ හැසිරීමේ තිබූ වෙනස්කම් මගින් ඔහුට ඇති වී තිබූ චිත්ත සන්තාපය (Mental Agony) හා ආත්ම දමනය (Self Control) ගිලිහී තිබීම මනාව පිළිඹිබු වන බවත් තම පෙම්වන්තිය ඝාතනය කර දිව ගොස් වස කුප්පියක් පානය කිරීම මගින් තව දුරටත් එය සනාථ වන බවත් පෙන්වා දුන්හ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ ඒකමතික තීන්දුවකට අනුව චූදිත අභියාචකට මිනීමැරුමේ චෝදනාවට අච්චු වී තිබූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල් වන පරිදි හදිසි ප්‍රකෝපය යන විත්තිවාචකය මත මිනීමැරුම් චෝදනාව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් (Culpable Homicide Not Amounting To Murder) ලෙස නියම කර දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය ප්‍රකාරව අවුරුදු 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට අඩු කලහ.

✍🏼 නීතිඥ තිනෙත් කොරසගල්ල.

Case Report:https://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/039-SLLR-SLLR-2000-V-2-PREMLAL-v.-ATTORNEY-GENERAL.pdf

#තීන්දුව

උණුසුම් සුබපැතුම් නීතිඥතුමණි. අපගේ "තීන්දුව" ෆේස්බුක් පිටුවේ පල වන ලිපිවල කර්තෘවරයා වන නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා 2022.0...
28/08/2022

උණුසුම් සුබපැතුම් නීතිඥතුමණි.

අපගේ "තීන්දුව" ෆේස්බුක් පිටුවේ පල වන ලිපිවල කර්තෘවරයා වන නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා 2022.08.08 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් වගයි.

අංක 19❌ ඩෆ් හවුස් මිනීමැරුම් නඩුව ( ක්ලෝරෝෆෝම් භාවිතා කර සිදුකරනු ලැබූ මිනීමැරුමක් ද? සියදිවි නසාගැනීමක්ද?)[ King V. Sen...
16/07/2022

අංක 19

❌ ඩෆ් හවුස් මිනීමැරුම් නඩුව ( ක්ලෝරෝෆෝම් භාවිතා කර සිදුකරනු ලැබූ මිනීමැරුමක් ද? සියදිවි නසාගැනීමක්ද?)

[ King V. Senevirathne 38 NLR 221]

මිනීමැරුම් චෝදනාවක් යම් පුද්ගලයෙකුට ගොනු වූ විට ප්‍රථමයෙන් එය මිනීමැරුමක් ද? නැති නම් සියදිවි නසා ගැනීමක්ද? නැතහොත් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ද? යන ප්‍රශ්න තුන පැනනගී. නමුත් පශ්චාත් මර්ණ පරීක්ෂණයෙන් පසු බොහෝවිට නිසැකවම එයට පිළිතුරක් ලබා ගැනීමට තරම් වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත. ඊට අමතරව පොලිසියේ SOCO නිළධාරීන් විසින් අපරාධය වූ ස්ථානයේදී ලබා ගන්නා DNA, ඇගිලි සලකුණු හා අනෙකුත් අංශු මාත්‍රික සාක්ෂි මගින්ද හෝඩුවාවන් සොයා ගැනීමට හැකිය. තවද අනෙකුත් පර්වේශන සාක්ෂි හා ඇසින් දුටු සාක්ෂි යන සාක්ෂි සියල්ලම සමග මරණය සිදු වූ ආකාරය, මරණය සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න හා දායක වී ඇත්තේ කවුද යන ආකාරයේ නොයෙකුත් ප්‍රශ්න රාශියකට පිළිතුරු ගරු අධිකරණයක් ඉදිරියේ සොයාගැනීමට හැකියාව පවතී.

නමුත් සාක්ෂි නොමැතිකම මත අදටත් අභිරහසක් වී සැගවුනු අපරාධ ඇති අතර ඇතැම් අපරාධකරුවන්ද නිතියේ රැහැනින් මිදී ජීවත් වේ. තීන්දු වර්ග තුනක් මේ ලෝක ධර්මතාවය තුල දැකිය හැක. ඒවා නම්,

1. සමාජයෙන් ලබා දෙන තීන්දුව,
2. අධිකරණයක් විසින් සාධාරණ නඩු විභාගයකින් අනතුරුව ලබා දෙන තීන්දුව
3. ස්වභාවධර්මය විසින් ලබා දෙන්නා තීන්දුව

අනෙකුත් දෙකෙන්ම ගැලවීමට හැකි වුවත් ස්වභාවධර්මය විසින් ලබා දෙන තීන්දුවෙන් ගැලවී යාමට කිසිම කෙනෙකු මෙලොව සමත් වී නැත.

කෙසේ හෝ, ඩෆ් හවුස් අපරාධ නඩුවද ක්ලෝරෝෆෝම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් සිදු කල මිනීමැරුමක්ද? නැති නම් සියදිවි නසා ගැනීමක්ද? යන උභතෝකොටික ප්‍රශ්නය මතු වූ අවස්ථාවකට උදාහරණයකි. එයට හේතුව මෙම නඩුව ලංකාව (Ceylon) බ්‍රිතාන්‍ය කිරීටයක්ව පැවති සමයේ උපරිමාධිකරණයේ ඉංග්‍රීසි කතාකරන ජූරි සභාවක් විසින් දවස් 21 කට ආසන්න කාලයක් නඩුව විභාග කිරීමෙන් අනතුරුව 1934 ජූනී 14 දින ලබා දුන් නඩු තීන්දුවක් නිසා වෙනි. එනම් 1933 - 1934 කාල වකවානුවේදී අද මෙන් තාක්ෂණය අතින් දියුණු නැති අතර වෛද්‍ය විද්‍යාව ද අද මෙන් දියුණු මට්ටමක නොපැවතීමයි.

අවසානයේදී ලංකාවේ උපරිමාධිකරණයේ දී ජුරියේ 5/2 තීන්දුව වූයේ විත්තිකරු වරදකරු බවයි. මරණ දඩුවම ලබා නොදී අභය දානය ලබා දෙමින් බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරන ලෙස ජූරියේ බහුතරය වන පස්දෙනාගෙන් එක් අයෙකුගේ ඉල්ලීම මත එය එසේ තීන්දු විය. පසුව චූදිත තැනැත්තා විසින් මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සලය (Privy Council) වෙත අභියාචනයක් ගොනු කලේය.

දිනය 1933 ඔක්තෝබර් 15

චූදිත: ස්ටීවන් සෙනවිරත්න

ස්ටීවන් සෙනවිරත්න හා ඔහුගේ බිරිද වූ ලිලියන් රොස්ලින් සෙනවිරත්න 1923 වර්ශයේදී විවාහ දිවියට පිවිසී ඇත. ස්ටීවන් සෙනවිරත්න යනු ධනවත් පවුලකින් පැවතගෙන එන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු වූ ලංකාවේ නිතිඥයවරයෙක් ය. මොවුන් දෙපළ නෑනා මස්සිනාලා වූ අතර දෙදෙනාම ලංකාවේ ප්‍රබල දේශපාලකයෙකු වූ SWRD බණ්ඩාරනායක මහතාගේ ලගම ඥාති වූහ. විවාහයෙන් පසු මොවුන් දෙපළ කොළඹ 7 වෝඩ් පෙදෙසේ පිහිටි “white house” හී පදිංචි වී ඇත. මොවුන්ට අවුරුදු 9ක පමණ ටෙරන්ස් සෙනවිරත්න නමින් කුඩා දරුවෙකු විය. තවද එක් ළමයෙකු ඉපදී වහාම මිය ගොස් ඇත.

කාලයත් සමග මොවුන් දෙපළ අතර අඩදඹර ඇතිවීමට තුඩු දෙන හේතු ඇති වී ඇත. ස්ටීවන් විසින් තමාට උරුම වූ white house නිවස විකුණා දමා ඇති අතර දෑවැද්දට ලැබුනු වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක්ද විකුණා දමා නාවල ප්‍රදේශයෙන් වගා භූමියක් මිලදීගෙන ඇත. එයට හේතුව වන්නේ මොහු වගා කිරීමට හා සත්තුන් ඇති කිරීමට ඇල්මක් දැක්වූ අයෙකි. white house එක විකිණීමත් සමග රණ්ඩු සරුවල් වැඩි විය. බිරිද වූ සෙනවිරත්න මහත්මියගේ අකමැත්ත උඩ එය විකිණීම ඊට හේතුවයි. පසුව කුලී නිවසක කෙටි කාලයක් ජීවත් වී 1933 දී බගතලේ පාරේ පිගිටි Duff House යන නිවසෙහි පදිංචි විය.

ඩෆ් හවුස් බංගලාව තනි තට්ටුවේ නිවසක් වූ අතර එහි ඉදිරිපස, පිටුපස හා නැගෙනහිර පැත්තේ වැරන්ඩා ඇත. මෙම නිවසේ ජීවත් වූයේ සෙනවිරත්න මහත්මිය, ටෙරන්ස් දරුවා, ස්ටීවන් සෙනවිරත්න සහ ඔවුන්ගේ සේවකයන් පිරිස වේ. සෙනවිරත්න මහත්මිය වෙනම කාමරයක ඇයගේ සේවිකාව වූ ඇල්පිනා සමගත් ටෙරන්ස් දරුවා මවගේ කාමරයට යාබදම කාමරයේ ඔහුගේ සේවිකාව/හෙදිය වූ මාබෙල් ජෝසප් සමග නිදාගන්නා අතර මෙම කාමර දෙකටම එකම නානකාමරයක් තිබී ඇත. කාමර දෙකම එකිනෙකට විවෘතය. ස්ටීවන් මහතා බංගලාවේ පිටුපස කාමරයක තනිව ජීවත් වී ඇත.

බිරිද රණ්ඩු ඇති කිරීමට තවත් එක් හේතුවක් වූයේ ස්ටීවන් විසින් ගෙදර වැඩට සිටි ජෙසී නැමති කාන්තාව සමග ඇති කරගෙන තිබූවායැයි කියනු ලබන අනියම් සම්බන්ධයක් පිළිබදවය. පසුව සෙනෙවිරත්න මහත්මිය විසින් මෙම කාන්තාව පන්නා දමා ඇති නමුත් ස්ටීවන් විසින් ඇයව නැවත නාවල පිහිටි වත්තේ සේවයේ යොදවා ඇත.

තවත් එක හේතුවක් වූයේ ස්ටීවන් විසින් සෙනවිරත්න මහත්මිය ගනන් නොගෙන සිටීමත් හා ඇය සමග පිළිසදරක් නොමැතිව වෙන්ව ඉදීමට නිතරම උත්සහ කිරීමයි. මෙම සියලු කරුණු කාරණා නඩු විභාගයේදී ඉදිරිපත් වූ සෙනවිරත්න මහත්මිය විසින් ස්ටීවන්ට ලියා තිබූ ලිපි මගින් තහවුරු වේ. ඇය පුරුද්දක් වශයෙන් තම ස්වාමියාට ඇති අකමැත්ත ලියුම් මගින් ලියා ඔහුට දීම පුරුද්දක් වී තිබී ඇත. එම ලිපි වල ඇය බොහෝවිට සියදිවි නසාගන්නා බවට කියමින් තර්ජනය කර ඇත.

නමුත් ස්ටීවන් විසින් තම බිරිද වූ සෙනෙවිරත්න මහත්මියට වද හිංසාවකට හෝ පහරදීම් හෝ තර්ජනාත්මක බැන වැදීම් හෝ සිදුකර ඇති බවට කිසිදු සාක්ෂියක් මෙම නඩුවේදී අනාවරණය වී නැත.

ටෙරන්ස් දරුවා ඔහුගේ තාත්තාට සමීප වූ අයෙකි. එයට හේතුව සෙනවිරත්න මහත්මිය නිතරම ඔහුට ගුටි තැලීමයි. ඇය කෙසේහෝ තම පවුල් ජීවිතයේ තිබූ ප්‍රශ්න හේතුවෙන් දැඩි පීඩනයකින් කල් ගෙවා ඇති බව පෙනී යයි. එම පීඩනය ටෙරන්ස් පිටින් පිටකර දැමීමටද ඇය කටයුතු කර ඇත. තවද ස්ටීවන් සහ ටෙරන්ස්, ස්ටීවන්ගේ නැගණියක් වූ ෆ්‍රැන්සිස් සෙනවිරත්න බැහැදැකීමට වේයන්ගොඩට යාම ගැනද සෙනවිරත්න මහත්මිය අමනාපයෙන් පසු විය. ඇය පුරුද්දක් වශයෙන් තම ස්වාමියා සමග රණ්ඩු වූ විට කාමරයට ගොස් දොර වසාගෙන නොකා නොබී සිටීමට තරම් හිතුවක්කාර වූ තැනැත්තියකි.

මරණය සිදුවීමට මාස දෙක හමාරකට පමන පෙර ස්ටීවන් විසින් හලාවත ඔහුට අයිති වත්තේ සිටින හරකෙකුගේ කකුලක ශල්‍යකර්මයක් කිරීම සදහා ක්ලෝරෝෆෝම් බෝතලයක් මිලදී ගෙන ඇති නමුත් ඒ සදහා එය පාවිච්චි කර නැත. පසුව එය බංගලාවට ගෙනවිත් තම බිරිද වූ සෙනවිරත්න මහත්මියට ලබා දී ඇත.

මරණයට සති හයකට පමණ පෙර චාල්ස් සෙනෙවිරත්න නම් නැදෑ තැනැත්තියක් සමග ඇය පවසා ඇත්තේ තමාට ක්ලොරෝෆෝම් භාවිතා කර සිය දිවි නසා ගැනීමට සිතෙන බවයි.

සෙනෙවිරත්න මහත්මිය මිය යාමට පෙර දින රාත්‍රියේ ද සෙරම් මහතා සහ මහත්මිය නිවසට පැමිණ කතා බහක යෙදී සිටියහ. එදින රාත්‍රියේ ස්ටීවන් මහතා ටෙරන්ස් දරුවත් රැගෙන ඔහුගේ නැගණියක් වූ ෆ්‍රැන්සින් සෙනවිරත්නගේ ගෙදර ගොස් සිටි අතර ඒ හේතුවෙන් සෙනවිරත්න මහත්මිය තම සැමියා සමග කෝපයෙන් පසු වී හිද ඇත.

කෙසේ හෝ මෙදින රාත්‍රියේ ඇය ඇගේ සේවක ඇල්පිනා සමග නින්දා ගැනීමට ගියාය. එදින රාත්‍රියේ වැසිබර කාලගුණයක් පැවති නිසා එක්වරක් අවදි වී ජනෙල් පියන් වසන ලෙස ඇල්පිනාට කීය. තවත් වරක් අවදි වී වතුර බී නැවත නිදාගත් බවත් පසුව ඇල්පිනා පාන්දර 6.00ට පමණ අවදි වී නානකාමරයට ගොස් නැවත කාමරයට පැමිණිවිට සෙනෙවිරත්න මහත්මිය අනෙක් පස හැරී නිදාගෙන සිටි බවත් පසුව කාමරයේ දොර මදක් විවරව තමා උදෑසන ආහාරය පිසීම සදහා කුස්සිය වෙත පිටත්ව ගිය බවත් ඇයගේ සාක්ෂියේදී ඇය පවසා ඇත.

විනාඩි 15 කට 20 කට පසුව අවුරුදු 15ක් වයස ඇති සීලාස් නැමති සේවකයා සහ රියදුරු පෙරේරා පැමිණ ඇල්පිනාට පවසා ඇත්තේ සෙනෙවිරත්න මහත්මිය ඇයව සොයන බවයි. පසුව ඇය කාමරයට ගොස් බලන විට සෙනෙවිරත්න මහත්මිය හිස බිත්තියට වන සේත් කකුල් දෙක ඇදෙන් පහලට වැටන සේත් ඇදේ හරහට සිහිසුන් ව වැටී සිටිනු දැකක් අතර ඇද මත යමක් තැවරී තිබූ ලේන්සුවක් ද දැක්කා ය. තවද ඇය කාමරයට එන විට ස්ටීවන් හෙවත් මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ටෙරන්ස්ගේ කාමරයේ සිට එන බව දැක්කා ය. මේ අවස්ථාවේදී ඇල්පිනාට විෂ ද්‍රව්‍යයක හෝ තෙල් වැනි ද්‍රව්‍යයක ගදක් වහනය වූ බව ඇය තව දුරටත් සාක්ෂි ලබා දෙමින් පවසා ඇත.

පසුව ස්ටීවන් සහ මැය විසින් පොතකින් පවන් ගසමින්, බ්‍රැන්ඩි සහ උණු වතුර පෙවීමට උත්සහ කරමින් සහ කෘතීම ස්වසනය ලබා දෙමින් සෙනෙවිරත්න මහත්මිය අවදි කිරීමට උත්සහ දරා ඇති නමුත් එයින් ඵලක් වී නැත. ස්ටීවන් මහතාගේ අණ පරිදි සයිමන් නැමති සේවකයා රියදුරු පෙරේරා සමග ගොස් බණ්ඩාරනායක මහත්මිය සහ වෛද්‍ය පෝල් කැදවාගෙන ඒම ට පිටත්වූ අතර 7.30ට පමණ සියලු දෙනා පැමිණ ඇත.

ටෙරන්ස් සමග නිදාගෙන සිටි ඔහුගේ හෙදිය වූ මාබෙල් ජෝසප් නැමති කාන්තාවද ඇයගේ සාක්ෂියේදී පවසා ඇත්තේ ඇය පාන්දර 6.00 පමණ අවදි වූ බවත් එවිට සෙනෙවිරත්න මහත්මිය ඇගේ දෑත් හිස ලග තබාගෙන ඇදේ නිදාගෙන සිටි බවත් පසුව 6.30ට පමණ ඇය පල්ලියට යාමට පිටව ගිය බවත් ය.

සීලාස් ගේ සාක්ෂියට අනුව ඔහු පවසා ඇත්තේ ඔහු 6.00ට පමණ අවදි වූ බවත් ස්ටීවන් මහතා සහ සේවක මාටීන් කුරුල්ලන්ට කෑම දමමින් බංගලාව පිටිපස වැරැන්ඩා පෙදෙසට වී සිටි බවයි. තවදුරටත් මොහු කියා ඇත්තේ ස්ටීවන් මහතාට සෙනවිරත්න මහත්මියගේ කාමරයට යනවා ඔහු දැක්කේ නැති බවත් ඔහුගේ ඇසට නොගැටී කාමරයට යාමට අවකාශයක් නොතිබූ බවත් ය. මාටීන් මෙය තහවුරු කර ඇත.

ස්ටීවන් සෙනෙවිරත්න පවසා ඇත්තේ ටෙරන්ස්ගේ කාමරය දෙසින් ශබ්දය ඇසෙන බව දැනී පළමුව ඔහුගේ කාමරයට ඇතුල් වී පසුව බිරිදගේ කාමරයට ඇතුල් වූ බවයි.

වෛද්‍ය පෝල්ගේ සාක්ෂියට අනුව ඔහු උදෑසන 7.30ට පමණ සිදුවීම සිදු වූ ස්ථානයට පැමිණි අතර ස්ටීවන් එම මොහොතේ කාමරයෙන් පිටවී ගොස් ඇත. එහිදී ඔහු විසින් සෙනවිරත්න මහත්මිය මිය ගොස් ඇති බවත් මරණය 6.30ට පමණ සිදූ වී ඇති බවත් මරණයට හේතුව අධික මාත්‍රයකින් යුතු ඇස්පිරීන් පෙති පානය කර ඇති බවත් නිගමනය කර ඇත. එයට හේතුව වන්නේ මේ මොහොතේ ඇයගේ මේසය මත ඇස්පිරීන් බොතලයක් තිබී සොයාගැනීමෙන් අනතුරුවය. මොහු ස්ටීවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පෙර දින රාත්‍රියේ මැයට හිසේ කැක්කුමක් ඇති බව පැවසූ නිසා ඔහු විසින් ඇස්ප්‍රින් බෝතලයක් ගෙන දුන් බවත් ය. එම බෝතලයේ ඇස්ප්‍රින් 25ක් පමණ තිබිය යුතුව තිබුණද එම මොහොතේ ඇස්ප්‍රින් 9ක් පමණ තිබූ බවත් වෛද්‍යවරයා තවදුරටත් නිරීක්ෂණය කර ඇත. මුහුණේ යම් තැලුම් ලකුණු තිබී ඇති බවත් එම ලකුණු භාවිතා කල බ්‍රැන්ඩි සහ උණුවතුර හේතුවෙන් මතුවී ඇති බව තවදුරටත් නිගමනය කල බව වෛද්‍යවරයාගේ සාක්ෂියේ දී තවදුරටත් පවසා ඇත.

වෛද්‍ය පෝල්ගේ පුතා වන වෛද්‍ය මිල්රෝයී පෝල් විසින් එදින දවල් කාලයෙන් පසුව මියගිය සෙනෙවිරත්න මහත්මියගේ මෘත දේහය කුණුවීමෙන් ආරක්ෂා කර ගැනීමට ෆෝමලීන් එන්නත් කර පසු දින එනම් 16 වන දින දේහය මිහිදන් කර අවසන් ගෞරව කටයුතු සිදු කර ඇත.

නමුත් මැයගේ සහෝදරයෙකු වූ ද අල්විස් හට මෙම මරණය සැක බවත් මරණයට වගකිව යුත්තේ ඇයගේ ස්වාමිපුරුෂයා බවත් පැමිණිලි කර ඇති අතර ඒ අනුව නොවෙම්බර් 7 වන දින මෘත ශරීරය නැවත ගොඩ ගෙන මරණ පරීක්ෂණ ආරම්භ කලහ. මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ ෆෝමලීන් එන්නත් කල මෘත දේහය දින 24ක පමන කාලයක් පොළොව යට වල දමා තිබුවායින් පසුව වේ. මේ නඩුවේදී වෛද්‍යවරැන් කිහිප දෙනෙකු මේ සම්බන්ධව අදහස් දක්වා ඇති නමුත් බොහෝ දෙනාගේ අදහස වූයේ මෙම මරණය ස්වසනයට O2 අඩු වීම හේතුවෙන් හටගන්නා Asphyxia තත්වය නිසා හෝ Syncope හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවත්, එය ක්ලෝරෝෆෝම් නිසා ඇති වූ තත්වයක් විය හැකි බවත්, මුහුණේ සහ අතේ යම් ප්‍රදේශ වල තිබූ තැලුම් හෝ පිලිස්සුණු ලකුණු ක්ලෝරෝෆෝම් දියරය නිසා විය හැකි බවත්. ඒ සදහා ලේන්සුව බලෙන් තද කිරීමෙන් බලයක් සම මත යෙදීමක් නොමැට්බිව වුවද ක්ලෝරෝෆෝම් වලට පිලිස්සීමට හැකියාවක් පවට්බින බවත් ය.

නමුත් කිසිදු වෛද්‍ය සාක්ෂියක් මගින් මෙය සියදිවි නසා ගැනීමක්ද නැති නම් ස්ටීවන් හෝ වෙනත් තැනැත්තෙකු විසින් ක්ලෝරෝෆෝම් භාවිතා කර සිදුකරන ලද ඝාතනයක් ද යන්න අනාවරණය වී නැත.

කෙසේ හෝ ප්‍රිවි කවුන්සලය මගින් මෙහි ඇති සියලුම සාක්ෂි සලකා බලා පෙන්වාදී ඇත්තේ මෙහිදී පුද්ගලයන් ලබා දුන් සාක්ෂිවල (බොහෝ සේවකයන්) නිරවද්‍යතාවය පිළිබදව ගැටලුවක් පැන නැගී ඇති බවත් මෙහි ඇතැම් ප්‍රබල සාක්ෂි “Hearsay Evidence” යටතට වැටෙන අතර එවැනි සාක්ෂි ඔප්පු කිරීමක් නොමැතිව පිළිගත හැකි නොවන බවත් ය. Hearsay Evidence යන තවකෙනෙකු විසින් තම පංච ඉන්ද්‍රියන්ට ඝෝචර වන යමක් ඔහුගෙන් අසාගෙන ඇවිත් හෝ ඇසී හෝ ගරු අධිකරණයක් හමුවේ ප්‍රකාශ කිරීමයි. එවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නේ නම් එය ඝෝචර වූ තැනැත්තා සාක්ෂි ල් ස කැදවා එහි නිරවද්‍යතාවය තහවුරු කල යුතුය. නැතහොත් එවැනි සාක්ෂි පිළිගත නොහැකි සාක්ෂි යටතට වැටේ. (Inadmissible Evidence)

“LORD ROCHE states that,

Evidence of former statements by a witness cannot be given without previous cross-examination of the witness as to such statements. The prosecution is not bound to call witnesses irrespective of considerations of number and of reliability.”

“When any fact is especially within the knowledge of any person the burden of proving that fact is upon him.”

තවද වෛද්‍ය සාක්ෂි වලද එකිනෙක් පරස්පර අදහස් දැක්වීම් ඇති අතර ඒ හේතුවෙන් මරණය සිදු වූ ආකාරය පිළිබද හා මුහුණේ ඇති වී තිබූ පිලිස්සුම් තුවාල ඝාතනයට තැත් කිරීමකදී වූ ඒවාද නැතහොත් ඇය විසින්ම ලේන්සුවෙන් ක්ලෝරෝෆෝම් ආඝ්‍රාණය කලාද නැද්ද යන්න පිලිබද පැහැදිලි සාක්ෂියක් නොමැති බවත් තවදුරටත් පෙන්වාදී ඇත.

තවද පහළ අධිකරණයේ ගරු විනිසුරුවරයා විසින් ජූරියට මෙම කරුණු පහදා දීමට අපොහොසත් වීම මත මෙම තීන්දුව ජූරිය විසින් ලබා දී ඇති බැවින් ස්ටීවන් හෙවත් මෙම අභියාචනාණයේ චූදිත අභියාචකව ප්‍රිවි කවුන්සලය මගින් ඒකමතිකව සියලු දණ්ඩනයන්ගෙන් නිදොස් කොට නිදහස් කලහ.

මෙසේ සාක්ෂි මදිකම සහ පරස්පර විරෝධී වීම හේතුවෙන් හරි හැටි හෙළිදරව් නොවූ අභිරහස් මරණ විශාල ප්‍රමාණයක් ලංකාවේ අධිකරණය පද්ධතිය තුල දැක ගත හැකිය.

✍️... නිතිවේදී තිනෙත් කොරසගල්ල.

Case Report link:https://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/040-NLR-NLR-V-38-THE-KING-v.-SENEVIRATNE.pdf

***de

Address


Website

Alerts

Be the first to know and let us send you an email when තීන්දුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share