Brave World

Brave World please subscribe now👇
https://www.youtube.com/

26/07/2025

⚘🥀❤🍂

25/07/2025

❤🙏

25/07/2025
25/07/2025
25/07/2025
24/07/2025
24/07/2025

Supportive partner කෙනෙක් වෙන්න ඕන කරන කාරණා 5 ක් !

ආදරේ කරන කෙනා වෙනුවෙන් supportive partner කෙනෙක් වෙන්නෙ කොහොමද ?

මේ ගැන quotes share කරල තියනවා දැකලා තිබුනට ඇත්තටම supportive partner කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කතා කරලා තියෙනවා මම දැකලා නෑ.

මම දකින විදියට කොහොමද එහෙම කෙනෙක් වෙන්නෙ කියලා කතා කරන්න හිතුවා.

මුලින්ම කියන්න ඕනේ ඇත්තටම අපිට මෙහෙම කෙනෙක් ජීවිතේට ඕන වෙන්නේ ඇයි කියන දේ.

අපිට ජීවිතේ සමහර තැන්වලදි අමාරු කාල ගෙවන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ජීවිතේ ගොඩදාගන්න බිංදුවේ ඉඳන්ම පටන් ගත්තු මිනිස්සුන්ට එන බාධක එක්ක අපිට සමහර තැන් වලදි අපිව අහගෙන ඉන්න, දුක බෙදාගන්න කෙනෙක් ඉන්නවනම් ඒක මනුස්සයෙක්ට ලොකු හයියක්.

දුක අහන්න විතරක් නෙවෙයි. ජීවිතේ ගන්න සමහර තීරණ වල හරි වැරැද්ද පෙන්නලා දෙන්න, කිසිම අදහසක් නැතුව මොකද්ද කරන්නේ කියලා හිත පැටලිලා ඉන්න වෙලාවකට " අපි මෙහෙම කරමු. ඔයාට පුළුවන්. මේ විදියට කලොත් අපිට හරියාවි " වගේ වචන ටිකක් මනුස්සයෙක්ගෙ කනට ඇහෙන්න ඕනේ.

ඉතින් ජීවිතේ බෙදාගන්න supportive partner කෙනෙක් හිටියොත් තනියෙන් ඇදගන යන ජීවිතේ පහසු කරනවා කියලා තමයි මගෙ අත්දැකීම් වලින් මම ඉගෙන ගත්තේ.

මගෙ අත්දැකීම් වලින් මම කියන්නම් තමන් ආදරේ කරන කෙනාගේ හොඳම හිතවතා ඔයා වෙන්නෙ කොහොමද කියලා.

01. ප්‍රධානම කාරණය තමයි, කවදාවත් එයාව කිසිම තැනකදි පහත් කරලා කතා කරන්න එපා. ජීවිතේ දිනන්න අපි හැමෝම දත කන මිනිස්සු. සමහර දේවල් තියෙනවා සමහරුන්ට කරන්න පුළුවන් වුනත් තවත් සමහරුන්ට ඒ දේවල් කරන්න කාලයක් යනවා. එහෙම නැත්තන් fail වෙනවා. එහෙම තැන්වලදි කවදාවත් එයාට " ඔයාට තමයි කරන්න බැරි " වගේ වචන වලින් ගහන්න එපා.

2. එයාගෙ හොඳ දේවල් අගය කරන්න.
අපි පුංචි කාලේ ඉඳන් හරිම කැමතියි හොඳ දෙයක් කරලා අනිත් අය අපිට අත්පුඩි ගහනවට. ඉතින් මේ දේ පුංචි ළමයෙක් විතරක් නෙවෙයි මම ඇතුලු අපි හැමෝම හිත ඇතුලෙන් හරි ආස කරන දෙයක්. අත්පුඩි නැතත් එක වචනෙකින් " ඔයා නියමයිනේ. ඔහොම තමයි ඉන්න ඕනේ. මරු " ඔය වගේ වචනෙන් දෙකෙන් හරි ඔයාට පුළුවන් එයාට අත්පුඩියක් ගහන්න. මනුස්සයෙක්ට අගය කිරීමක් ලැබෙනවා කියන්නේ හරි වටින දෙයක්. මොකද එයා කාගෙන්වත් කිසිම අගය කිරීමක් ලබලා නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. අද එයාව appreciate කරලා බලන්න. හෙට එයා තව හොඳ දෙයක් කරලා ජයග්‍රහණයක් අරන් ඔයා ළඟට එයි. මොකද ඔයාගෙ අර අගය කිරීමට එයාට එන ගැම්ම නිසා.

03) ඇහුම්කන් දෙන්න.
කවුරුත් කැමතියි තමන් කියන දේ අහගන ඉන්න සූදානම් කෙනෙක් ඉන්නවනම්. එයාගෙ හිතේ තියෙන දේවල් ඔයාට තේරුම්ගන්න නම් එයාට හොඳ සවන්දෙන්නෙක් වෙන්න. එයා කියන දේ අහගන ඉන්න එකම නෙවෙයි, එයා කියන දේවල් වල හරි වැරැද්ද පෙන්වන එක වගේම එයා හිතන විදියට ඔයා ගරු කරනවා කියන දේ එයාට දැනෙන්න දෙන්න. එහෙම කෙනෙක්ට කවදාවත් කිසිම දෙයක් හංගන්න හිතෙන්නෙ නෑ. ඔයාගෙ relationship එක ශක්තිමත් කරගන්න මේ දේ ගොඩක් වැදගත්.

04) විශ්වාසය
සමහර relationships වල නැතිම දේ තමයි මම මේ කරන්න කියන්නේ. දෙන්නෙක් අතර විශ්වාසය කියන දේ හදවතින්ම එන්න ඕන දෙයක් මිස ඒක මවාපෑමක් වෙන්න බෑ. ජීවිතේ සැහැල්ලුවෙන්, සතුටින් ගත කරන්න නම් දෙන්නගෙම හිත් වල කහට තියාගන්න එපා. මොනවමහරි දේකදි openly කතා කරලා ඕනම ප්‍රශ්නයක් විසඳගන ඒක එතනින් ඉවර කරගන්න. විඩෙන් විඩේ පරණ කුණු ඇද ඇද, වදයක් වෙන්න යන්න එපා.ඒකෙන් එයාගෙ හිතේ ඔයා ගැන bad image එකක් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩී. Supportive partner කෙනෙක් වෙන්න නම් ඔයාගෙ ඒ attitude එක හැදෙන්න ඕන.

ඒ වගේම තමයි එයාට පුළුවන් කියන විශ්වාසය ඔයාගෙ ඔලුවෙ තියෙන්න ඕන. ඔයාගෙ හිතේ තියෙන ඒ සිතිවිලි වලට පුළුවන් හැමදේම positive විදියට හැඩගස්සන්න. ඒ වගේම තමයි ඒ විශ්වාසය එයාගෙ හිතෙත් ඇතිකරන්න උත්සාහ කරන්න. දියුණු වෙන්න උත්සාහ කරන මනුස්සයෙක්ට තියෙන්නම ඕන දේ තමයි තමන් ගැන තියෙන විශ්වාසය සහ ධනාත්මක චින්තනය. හැමතිස්සෙම ධනාත්මක සිතිවිලි ඇති වෙන විදියට එයා එක්ක කතා කරන්න. අපි කතාවටත් කියනවනේ " හිත තමයි හැමදේම " කියලා. ඔව් සිතිවිලි වලට පුළුවන් ඕනම දෙයක් වෙනස් කරන්න.

05) ඕනම ප්‍රශ්නෙකදි මග නොහැරීම.

ඕනම ප්‍රශ්නෙකදි එයා ළඟින් ඉන්න. මොන දේ උනත් ඔයා එයා එක්ක ඉන්නවා කියන දේ එයාට පෙන්නන්න. මනුස්සයෙක්ට ප්‍රශ්නයක් උනාම තමන් ළඟින්ම ඉන්න කෙනා මඟ අරිනවා කියන එක මාරම වේදනාවක්. ඔයා supportive partner කෙනෙක් නම් සැපතෙදි වඩා දුකේදි වැඩිපුර එයා එක්ක ඉන්න ❤️

මට මේක ලියන්න හිතුනේ මං ආසයි මිනිස්සු හැමෝම සතුටින් ඉන්නවට. ඉතින් මනුස්සයෙක්ට ලැබෙන්න ඕන ලොකුම සතුට තමන්ට හයියක් වෙන කෙනෙක් ළඟින් ඉන්න එක.

මගෙ අත්දැකීම් එක්ක මං විශ්වාස කරනවා මම එහෙම කෙනෙක් කියලා. මොකද ඒක මට මගෙ කෙනා නිතරම කියනවා. ඒ නිසා තමයි මං දන්න දේ ලියන්න හිතුවේ.

අපිත් බිංදුවේ ඉඳන් පටන් ගත්තු අය. එදා අතේ සතේ නැති කාලෙත් එයාගෙ උත්සාහය නිසා මං එයාව දැක්කේ වීරයෙක් වගේ. දැන් ඕන දේකට අත දිග ඇරලා වියදම් කරන්න සල්ලි තිබුනත් එයාව අදටත් මට වීරයෙක්. ඉතින් තමන්ගෙ කෙනාව වීරයෙක් වගේ දකින කෙනෙක් ඉද්දි එයා කොහොමද වැටෙන්නේ 💪

Block කරගැනිලි, රණ්ඩු, අඬා වැලපීම් නැති ආදර කතාවල සැහැල්ලුව දන්නේ ඒක විඳපු මිනිස්සුම විතරයි 🦋

විඳලා බලන්න ❤️

Good Luck 🤝

✍️...Thilini Ranasinghe

Address

Hanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Brave World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share